උදවු ඉල්ලන අයට උපදෙස් ටිකක්

උදවු ඉල්ලන අයට උපදෙස් ටිකක්

එළකිරි හෙල්ප් එකේ උදවු ඉල්ලන සමහර අය හිතන්නේ හැමෝම ලොග් වෙලා ඉන්නේ එයාගේ පෝස්ට් එක බලන්න කියලා. නමුත් අපි උදව්වක් ඉල්ලනවානම් ටිකක් හිතන්න ඕන කොහොමද අනිත් යටත් කරදරයක් නොවී තමන්ටත් වැඩිපුර අදහස් ටිකක් ගන්නේ කියල.

ගොඩක් අය තමන්ට අවශ්‍ය උදව්ව ගැන පොඩි ඉඟියක් ටොපික් එකේ දානවා. උදාහරණ විදියට

Activate Dialog Old Sim
http://www.elakiri.com/forum/showthread.php?t=1319821

WEB CAM eken VIDEO
http://www.elakiri.com/forum/showthread.php?t=1319907

ගන්න හොඳ පොඩි car එකක් කියන්නකෝ යාලුවනේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1319315


එහෙම දැම්මහම ඒ ගැන දන්නා අයට පුළුවන් ත්‍රෙඩ් එකට ගිහින් උදවු කරන්න.

නමුත් සමහර අය දාන්නේ මේ වගේ ටොපික්ස්. මම උදාහරණ දාන්නේ මගේ ඒවා. කාගේවත් අඩුපාඩු විශේෂයෙන් ඉස්මතු කරන්න අකමැති නිසා.

මේක කරන්න පුලුවන්ද?
උදව්වක් ඕන
පොඩ්ඩක් මෙහාට එන්න
මේක ගන්න පුළුවන් කොහෙන්ද?

මෙහෙම ඒවා දැම්මහම එක්කෝ කර්සර් එක තියාගෙන බලන් ඉන්න ඕන. නැත්නම් ත්‍රෙඩ් එක ට යන්න ඕන. ගිහින් බැලුවහම තමන්ට අදාළ ම නැති දෙයක්. අපරාදේ වෙලාව.
සමහරු මෙහෙම දාන්නේ වැඩිපුර කට්ටිය ගෙන්න ගන්න වෙන්න ඇති. හැබැයි ඒක මෝඩ වැඩක් විතරක් නෙවෙයි කරදරයක්. මොකද උදවු කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක් උදවු කරනවාමයි. බලෙන් ත්‍රෙඩ් ඒක බැලෙව්වා කියලා දන්නා අය වැඩි වෙන්න නෑ.

කැමති අය මේ ගැනත් හිතන්න. උදවු ගන්නවා වගේ ම අපි ඒක ශිෂ්ට සම්පන්න විදියට යි කරන්න ඕන.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒක ඇත්ත, මම නම් help section එකේ ත්‍රෙඩ් තිබ්බොත් බලනව cursor එක තියල මුලින්ම පුළුවන් දෙයක්ද කියල. අපි එළකිරි එකෙන් උදව් ගන්න නිසා අපිත් අනිත් අයට පුළු පුළුවන් විදියට උදව් කරන්න ඕනනේ.

    තවත් දෙයක් තමයි සමහරු උදව්වක් වත් ඉල්ලන්න දන්නෙ නැහැ. හරියට නිකන් උන්ට බයේ අපි කරල දෙන්න ඕන වගේ ඉල්ලන්නෙ :frown:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    11.gif