උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි

    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි - වෛද්‍යවරුන්ගේ සටනත් සාධාරණයි

    උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

    ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද (23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

    මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වැරදි එකක්.

    මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප‍්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප‍්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප‍්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක් ඕන නැහැ.

    මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරනවා. සයිටම් වැහුවොත් ඒකට බාධා වෙන නිසා ආණ්ඩුව මාරාන්තිකව මේ ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ බහුතරක් දෙනා මේ ආයතනයට විරුද්ධ වෙනකොට ආණ්ඩුව එක ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැතිනම් අපිට සිදුවෙනවා ආණ්ඩුව ගෙදර යවන තැනකට සටන වර්ධනය කරන්න. ඒක මර්දනයෙන් වළක්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා.

    මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

    වෛද්‍යවරුන් ආණ්ඩුවට බලපෑම් කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. වෛද්‍යවරුන්ගේ සටන සාධාරණයි. ඔවුන් වගකීම් විරහිත නැහැ. මේ වෛද්‍ය වර්ජනයක්. කලින් සැලසුම් කරල තිබුණ එකක් නෙවෙයි. ශිෂ්‍යයන්ට පහර දුන් එකට විරෝධය පළ කරලා තමයි වර්ජනය ආරම්භ වුණේ. මේකෙන් රෝගීන්ට පාඩුවක් වෙනවා. නමුත් වෛද්‍යවරුන් කියලා තිබෙනවා ඩෙංගු රෝගීන්ට සහ අත්‍යාවශ්‍ය සේවාවලින් වළකින්නේ නැහැ කියලා. මෙහි වගකීම බාර ගත යුත්තේ ආණ්ඩුවයි. මොකද, වර්ජනය කැඳවා ගත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා. ඒ වගේම වර්ජන ක්‍රියාමාර්ග වැඩි කරගන්නෙත් ආණ්ඩුවයි. වෛද්‍ය වර්ජනය අසාර්ථකයි කියලා එම ක්‍රියාමාර්ගය විහිළුවකට ගන්න ආණ්ඩුව හදනවා නම්, අසාර්ථකයි කියනවා නම් වෛද්‍යවරුන්ට සිදුවෙනවා, ක්‍රියාමාර්ග වැඩි කරන්න.

    වර්ජනයක් ඇතුළේ වුවත් අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන එක ගැන අපි වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡ ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්. අගමැතිට, සෞඛ්‍ය ඇමතිට, අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න සිංගප්පූරුවේ, ඇමරිකාවේ රෝහල් තිබෙනවා. ජනාධිපති අරමුදලේ සල්ලි තියෙනවා. අහිංසක දුප්පත් ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර නැතිවෙන එක ඔවුන්ට ගාණක් නැහැ. ඒ නිසා මේ පොඩි වර්ජනය ලොකු වර්ජනයක් කර ගන්න ආණ්ඩුව හදනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන් මේකට වගකිව යුතුයි.

    සිසුන් පැය 3ක් විතර අමාත්‍යාංශ භූමියේ හිටියා කිසිදු අලාභයක් සිදුවුණ බවට ඒවෙලාවේ රූප රාමු නැහැ. නමුත් පොලීසියයි, විශේෂ කාර්ය බලකායයි යොදවලා ශිෂ්‍යයන්ට පහර දෙන්න ගනිද්දී තමයි දේපළවලට අලාභහානි සිදුවුණේ. ඒ නිසා මේ භෞතික අලාභය සිදුකරගත්තේ ආණ්ඩුව විසින්. දැන් ඒකට අත්අඩංගුවට ගන්නේ ළමයි. ඔළු පලපු, අතපය කඩපු අය එළියේ ඉද්දී ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවකට වටින්නේ මිනිස්සුද, භෞතික දේවල්ද? ශිෂ්‍යයන්ගේ ඔළුවද, වාහනයේ වීදුරුවද කියලා අපි අහනවා?

    උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නෙවෙයි. සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළනවා. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක. පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා දුන්නා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ට ගහන්න ගත්තොත් මේ අරගල තවත් වැඩි වෙයි. මේ සටන එවැනි තත්ත්වයකට යන එක වළක්වාගත යුත්තේ ආණ්ඩුවයි. මේ සටන ඉතාම සාධාරණ සටනක්. ඒ සටනින් ඉදිරියෙන්ම අපි ඉන්නවා. අපි ඒක හංගන්නේ නැහැ.

    ආණ්ඩුව උත්සාහ කරනවා මේක අධිකරණයට බාර දීලා ගැලවෙන්න. නමුත් ආණ්ඩුව අධිකරණය හසුරුවන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනව. මහින්ද අමරවීරලා විපක්‍ෂයේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විවිධ දේවල් කළා. පාරවල් වැහුවා. පොලීසිය සමඟ ගැටුණා. දැන් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හරි සදාචාරසම්පන්නයි, අහිංසකයි කියලා පෙන්වන්න හදනවා. මෙවැනි දෙබිඩි ප‍්‍රකාශ කරන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ආණ්ඩුවක් ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් සටන් ඇතිවෙනවා. ලෝකයේ කොයි රටෙත් එහෙමයි. ව්‍යවස්ථාවේ අයිතියක් තිබෙනවා, අදහස් ප‍්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ. ඒ අයිතිය නිසා තමයි ආණ්ඩුව උසාවියට යන්නේ වාරණ ගන්න. ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැත්නම් උසාවියට යන්න ඕන නැහැ. ආණ්ඩුව මේ වගේ ප‍්‍රකාශ කරලා මේ ප‍්‍රශ්නය යට ගහන්න බැහැ. මොකද, මේ රටේ වෛද්‍ය සභාව පවා සයිටම් ආයතනය වහලා දාන්න කියලා වසර ගණනක් තිස්සේ කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා. ඒ නිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ වෙන වුවමනාවක්. ජනාධිපති මෛත්‍රීපාලට ඡන්දය දුන්නේ සයිටම් මුදලාලි නෙවෙයි. මේ රටේ ලක්‍ෂ හැට දෙකක් ජනතාව. ඒ නිසා ඔහු තීරණය කළ යුතුයි ජනතා හඬට කන් දෙනවාද නැද්ද කියලා.

    අපි මේ සටන කරන්නේ හැමෝම වෙනුවෙන්. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ටත් සාධාරණයක් විය යුතුයි. ඒ ශිෂ්‍යයන්ගෙන් ලක්‍ෂ 100ක් 125ක් අරගෙන ඔවුන් අනාථ කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සියලූ දෙනාගේ සටනක් කියලා. මේ රටේ සියලූම ළමයි අපිට එක වගේ. මේ රටේ දුවා දරුවන් කිසිදු වෙනසක් නැතිව අපේ දරුවන්. ඒ සියලූම දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙන්න ඕන.

    source
     
    • Like
    Reactions: NedStaRk

    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    තෝ මැරියං ටිල්ලිං සීයෙ.. විජේවීර වගේ පුච්චන්න ඕන පණපිටින්... තොපේ ළමයි පිටරටවලනෙ? ඒ නිසා සාධාරණයි නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත්...."

    "ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත්..."

    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවේ ලු, හැබැයි උද්ගෝෂණ මර්දනය සීල ව්‍යාපාර වගේ වෙන්න ඕනේ ලු :eek:
    අපිට දුන්නේ නැත්තන් ගහනවලු, හැබැයි අනේ අපිට ගහන්න එපා ලු. :baffled:
     
    • Like
    Reactions: dmsupun

    :rofl::rofl::rofl::rofl:

    ජබුක්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    "උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත්...."

    "ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත්..."

    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවේ ලු, හැබැයි උද්ගෝෂණ මර්දනය සීල ව්‍යාපාර වගේ වෙන්න ඕනේ ලු :eek:
    අපිට දුන්නේ නැත්තන් ගහනවලු, හැබැයි අනේ අපිට ගහන්න එපා ලු. :baffled:

    You go pass 8 and come. WTF :P
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    "උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත්...."

    "ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත්..."

    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවේ ලු, හැබැයි උද්ගෝෂණ මර්දනය සීල ව්‍යාපාර වගේ වෙන්න ඕනේ ලු :eek:
    අපිට දුන්නේ නැත්තන් ගහනවලු, හැබැයි අනේ අපිට ගහන්න එපා ලු. :baffled:

    එහෙම තමයි යකෝ අට පාස් උබට ඕවා තේරෙන් නෑ.:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තෝ මැරියං ටිල්ලිං සීයෙ.. විජේවීර වගේ පුච්චන්න ඕන පණපිටින්... තොපේ ළමයි පිටරටවලනෙ? ඒ නිසා සාධාරණයි නේද?

    ඌ මොකෙක් උනත් කමෙන්ට් එකෙන්ම උබ කවුද කියන එක නම් තේරුණා මචන්
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    ඌ මොකෙක් උනත් කමෙන්ට් එකෙන්ම උබ කවුද කියන එක නම් තේරුණා මචන්

    පොන්නයන් පුච්චන්න ඕන තමා බං! උගේ කතා අහල දුප්පත් කොල්ලො කෙල්ලො මැස්සො වගේ දුක් විඳල මැරෙද්දි ගෑණියි ළමයි එක්ක බංගලාවක හැංගිල ලක්සිරි ජීවති ගතකරපු පොන්නයො පුච්චලත් මදි බං!!!

    චේ ගුවේරා වීරයෙක්... ප්‍රභාකරන් පොන්නයෙක් නෙවයි... විජේවීර අමු ම අමු පොන්නයා.. පොන්නයන්ටත් අපහාසයක් ඒක
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    "උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත්...."

    "ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත්..."

    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවේ ලු, හැබැයි උද්ගෝෂණ මර්දනය සීල ව්‍යාපාර වගේ වෙන්න ඕනේ ලු :eek:
    අපිට දුන්නේ නැත්තන් ගහනවලු, හැබැයි අනේ අපිට ගහන්න එපා ලු. :baffled:

    Hikz
     
    • Like
    Reactions: LazyLizard
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අඩු කුලේ දොස්තරලගෙන් ඔයිට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මිනිහෝ :P ... ඩිසපෝයින්ටඩ් අබෝඋට් ලොව් කාස්ට් පීපල් :rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    Meka jvp karayek kiwama tama kattiyatama athal eka... habei oka nil kola dial ekak kiwanam hure danne...
    Uma oyatath une okama thama... den wela thiyana de penawanne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළන බවත්...."

    "ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත්..."

    උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවේ ලු, හැබැයි උද්ගෝෂණ මර්දනය සීල ව්‍යාපාර වගේ වෙන්න ඕනේ ලු :eek:
    අපිට දුන්නේ නැත්තන් ගහනවලු, හැබැයි අනේ අපිට ගහන්න එපා ලු. :baffled:
    ටිල්වියා දෑක්කනම් පුක කපන් මෑරෙනව. ඈත්තටම මේ හෑම එකාම මහ අන්ත්වාදී ඩයල්. තමන්ගේ වාසියට ඕන දෙයක් කරන් එවුන්. අපරාදේ STF එවුන් නිකන් බෑනුම් අහනව. උන් නෑත්නම් සල්ලි කාරයෝ සේරම පාතාලයන්ට කප්පන් ගෙවලම හිගන්නු වෙලා. දොස්තරල ඈතුලුව. උන් වෙන වෙන හිගන යක්කු වගේ තමන්ගේ වාසියට වෑඩ කරන එවුන් නෙමේ. තමන්ට් පෑවරුන වෑඩේ තිතටම කරනව. එහෙම කලා කියල උන්ට ලෑබෙන දෙයක් නෑ. ඒත් උන් ඒක කරනව. මේ දවස් වල හුගක් පෑති වල කුණු අදින කට්ටිය තමන්ගේ වෑඩේ කරන්නේ නෑ. පේනවනේ වෙලා තියෙන දේ. පලාතේ යන්නේ නෑ. කොහොමද උනුත් ටික දවසක් ස්ට්‍රයික් කලොත්. යුද්ද කාලේ ආමි කොල්ලො එක දවසක් ස්ට්‍රයික් කලා නම් කොහොමද? අද එහෙනම් ප්‍රබා රටේ ලොක්කා

    සාම සාකච්චා කාලේ අපි ජෑෆ්නා ගියා ඔෆිස් වෑඩකට. ආපහු එනකොට 5 ට ආමි ගේට් එක වහනව ඊට කලින් එන්න කිව්වා. අපි එනකොට 5.05 යි. ආමි එකේ එතන ලොක්කා කිව්වා අයේ කොටින්ගේ පෑත්තට යන්න ගේට්ටුව ඈරල ගන්න බෑ කියල. අපි කිව්වා විනාඩි පහනේ යන්න දෙන්න කියල. සර් මගේ අම්මා තාත්තා ඈවිල්ලා යන්න දෙන්න කිව්වත් මම යන්න දෙන්නේ නෑ. නීතිය කාටත් එකයි කිව්වා. අන්න එහෙමයි උන්ගේ වෑඩ. වෙන පාහරයෝ වගේ ජරාව කාලා තමන්ගේ වාසියටම ඕන ජරා වෑඩක් කරන් එවුන් නෙමේ.

    එහෙම මිනිස්සුන්ට වැඳපල්ලා... ඔය කුණුහරුප කියන ගහගන්න හොර සිවුරු කාරයන්ට වඳිනවට වඩා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලමයි එක්ක මොන සාකච්ජාද?
    උන් එක්ක සාකච්ජා කරන්න දෙයක් නෑ උන්ට තියෙන්නේ නිකං උගන්නන ටික ඉගනගෙන එලිඋඅට ගිහිං රස්සාවක් කරං ජීවත් වෙන්න..
    උන් මොක්කුද උන් කියන දේ අහන්න..
    උන්ට සාකච්ජා දෙන්න අවශ්‍ය නෑ උන් කියන දේවල් වලින් මහ උන්ට ඇති වැඩක් තියෙනවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිල්වියා දෑක්කනම් පුක කපන් මෑරෙනව. ඈත්තටම මේ හෑම එකාම මහ අන්ත්වාදී ඩයල්. තමන්ගේ වාසියට ඕන දෙයක් කරන් එවුන්. අපරාදේ STF එවුන් නිකන් බෑනුම් අහනව. උන් නෑත්නම් සල්ලි කාරයෝ සේරම පාතාලයන්ට කප්පන් ගෙවලම හිගන්නු වෙලා. දොස්තරල ඈතුලුව. උන් වෙන වෙන හිගන යක්කු වගේ තමන්ගේ වාසියට වෑඩ කරන එවුන් නෙමේ. තමන්ට් පෑවරුන වෑඩේ තිතටම කරනව. එහෙම කලා කියල උන්ට ලෑබෙන දෙයක් නෑ. ඒත් උන් ඒක කරනව. මේ දවස් වල හුගක් පෑති වල කුණු අදින කට්ටිය තමන්ගේ වෑඩේ කරන්නේ නෑ. පේනවනේ වෙලා තියෙන දේ. පලාතේ යන්නේ නෑ. කොහොමද උනුත් ටික දවසක් ස්ට්‍රයික් කලොත්. යුද්ද කාලේ ආමි කොල්ලො එක දවසක් ස්ට්‍රයික් කලා නම් කොහොමද? අද එහෙනම් ප්‍රබා රටේ ලොක්කා

    සාම සාකච්චා කාලේ අපි ජෑෆ්නා ගියා ඔෆිස් වෑඩකට. ආපහු එනකොට 5 ට ආමි ගේට් එක වහනව ඊට කලින් එන්න කිව්වා. අපි එනකොට 5.05 යි. ආමි එකේ එතන ලොක්කා කිව්වා අයේ කොටින්ගේ පෑත්තට යන්න ගේට්ටුව ඈරල ගන්න බෑ කියල. අපි කිව්වා විනාඩි පහනේ යන්න දෙන්න කියල. සර් මගේ අම්මා තාත්තා ඈවිල්ලා යන්න දෙන්න කිව්වත් මම යන්න දෙන්නේ නෑ. නීතිය කාටත් එකයි කිව්වා. අන්න එහෙමයි උන්ගේ වෑඩ. වෙන පාහරයෝ වගේ ජරාව කාලා තමන්ගේ වාසියටම ඕන ජරා වෑඩක් කරන් එවුන් නෙමේ.

    :yes: STF එක කලේ උන්ගේ රාජකාරිය, ත්‍රස්තවාදියෝ ටිකක් බිල්ඩින් එකක් බලෙන් අල්ලගත්තත් ඔච්චර නෙ කීවට යන්නේ නැත්තන් ගහන්නෙ නැතුව මක් කරන්නද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලමයි එක්ක මොන සාකච්ජාද?
    උන් එක්ක සාකච්ජා කරන්න දෙයක් නෑ උන්ට තියෙන්නේ නිකං උගන්නන ටික ඉගනගෙන එලිඋඅට ගිහිං රස්සාවක් කරං ජීවත් වෙන්න..
    උන් මොක්කුද උන් කියන දේ අහන්න..
    උන්ට සාකච්ජා දෙන්න අවශ්‍ය නෑ උන් කියන දේවල් වලින් මහ උන්ට ඇති වැඩක් තියෙනවද?
    අඩුගානේ කැම්පස් එකේ උපාධියවත් සම්පුර්ණ කරලා නෑ, එහෙව් අය එනව රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන හැටි ගැන උපදෙස් දෙන්න.
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    :yes: STF එක කලේ උන්ගේ රාජකාරිය, ත්‍රස්තවාදියෝ ටිකක් බිල්ඩින් එකක් බලෙන් අල්ලගත්තත් ඔච්චර නෙ කීවට යන්නේ නැත්තන් ගහන්නෙ නැතුව මක් කරන්නද.

    ඉස්සරහට තව දරුණුවට කළොත් රබර් උණ්ඩ වලින් හරි රිදෙන්න තියන්න ඕන
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes: STF එක කලේ උන්ගේ රාජකාරිය, ත්‍රස්තවාදියෝ ටිකක් බිල්ඩින් එකක් බලෙන් අල්ලගත්තත් ඔච්චර නෙ කීවට යන්නේ නැත්තන් ගහන්නෙ නැතුව මක් කරන්නද.

    අපිත් කෑම්පස් යන කාලේ ඔහොම තමා. සමාජ අසාධාරනේ පෙන්නන්න බෑ. ඒත් රස්සාවට ගිහින් පලවෙනි පඩිය එනකොට ඒවා සේරම අමතකයි. වියදම් කරන්න ඔනේ තරම් සල්ලි තියෙනව. දෙන් හූ කෙයාර්ස් වට් ලෝකයා සේයිස් තමා.

    වෑරෑද්ද ඔය ලමයි පොලබවන එවුන්ගේ. උන්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ.

    ඉගෙන ගෙන ඉවර වෙලා වරෙල්ලකෝ. කොහෙද එකෙක් එන්නේ නෑ.

    මහින්ද මහත්තයගේ කාලේ කෑම්පස් කොල්ලෝ දෙන්නේක්ගේ ඔලු පොඩි කලා මතකද? කෝ කවුරුවත් ස්ට්‍රයික් කලාද නෑ. හෑමදේම තමන්ගේ වාසියට.

    ගුටි කන්නේ කොල්ලො, මෑරෙන්නේ කොල්ලො, පාඩුව උන්ගේ පවුල් වල එවුන්ට