උද්ධමනය හෙවත් inflation

nipund

Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    අද වනවිට ලෝකයම භාණ්ඩ හා සේවා වල මිල අධික ලෙස ඉහලයාමකට මුහුණදෙනවා . ඇත්තටම තම පටන් ගත්තා විතරයි. එහෙම වෙද්දී වැඩිම බයිට් එක සෙට් වෙන්නේ දුප්පත්ම කට්ටියට හැබැයි වැඩිපුරම රිදෙන්නේ අඩන්නේ මධ්‍යම පන්තියට . අධි පරිබෝජන රටාව එකට එක හේතුවක් වෙන්න පුළුවන්. දුප්පත්ම අයට හඩක් වත් නෑ දුක කියන්න .

    මගේ තුට්ටු දෙක නම් මේවගේ දෙකින් තනියෙන් ගැලවීමක් නෑ. එක කොටසකට කෙලවෙනවා කියන්නේ අනික් අයටත් කෙලවෙනවා . තම තමන් නිර්ලොභිවීම තමා ගැලවීම විදිහට මම දකින්නේ . ටිකක් අමාරු දෙයක් මොකද තමන්ටත් අමාරු කාලයක් නිසා. තමන්ට වඩා අමාරුවෙන් ඉන්න කාට හරි උදව් කරන්න පුළුවන් නම් ඒක රටට තමන්ට හෙටට උදව්වක් වේවි. අනුන් කරන කම් නම් බල බලා ඉන්න එපා.

    ප.ළි

    චක්‍රවර්ති සුත්‍රයට අනුව දුප්පත්(අවශ්‍යතා ඇති ) අයට නොදීම තම සමාජ පිරිහීමේ පටන් ගැනීම විදිහට පෙන්නලා තියෙන්නේ .

    මම කරන channel එකෙන්

     

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    අපි (ඔක්කොම ) හිටපු විදිහටම ඉන්න හදනවා ,සාමාන්‍ය consumer මානසිකත්වයකින්,කලින් තිබ්බ විදිහටම සල්ලි , වාහන. කෑම ගෙවල් තියාගන්න හදනවා ඒ maintenance cost පට්ට විදිහට වැඩිවෙනවා. ඒක අපි අපේ පඩියෙන්. Service charge එකෙන් අල්ලනවා, වැඩිකරන්න හදනව.අපි වැඩි කරන හින්දම අනික් අය වැඩි කරනවා. අනික් අය වැඩි කරන හින්දම අපි වැඩි කරනවා .ඕක තමයි hyperinflation එකෙ තියරි එක.

    එක vicious cycle එකක්

    ඕක පටන් ගත්තම නවත්තන්න බෑ, මොකද අපි හැමොම තමන්ගෙ ගොඩ අඩුවෙනවට කැමති නෑ

    Cycle එක break කරන්න නම්. ඇත්තටම කවුරු හරි inflation එක absorb කරන්න ඕන. තමන්ගෙ ගොඩ අඩුවෙන්න අරින්න ඕන.

    කාටවත් නොතෙරනදේ තමා තමන්ගේ ගොඩ අඩුවෙන්න දෙන එක වාසි උද්ධමනය වෙන්න දෙනවට වඩා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවා හරියන වැඩ නෙවෙයි බන්. අපි සෙට් එකක් එකතු වෙලා අමාරු කාලෙ ඔහොම දීල ඒක පුරුද්දකට ගිහින් තාමත් මාසෙ දවස ලංවෙනකොට අපේ ගෙවල්වලට ඇවිල්ල කරදර කරනව. සමහරු පඩි ගන්න ආව වගේ හැසිරෙන්නෙ
     

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    ඕවා හරියන වැඩ නෙවෙයි බන්. අපි සෙට් එකක් එකතු වෙලා අමාරු කාලෙ ඔහොම දීල ඒක පුරුද්දකට ගිහින් තාමත් මාසෙ දවස ලංවෙනකොට අපේ ගෙවල්වලට ඇවිල්ල කරදර කරනව. සමහරු පඩි ගන්න ආව වගේ හැසිරෙන්නෙ
    කෙනෙක්ට වලක් හාරන්න සල්ලි දෙන්න අනික් කෙනාට වල වහන්න සල්ලි දෙන්න(නිකන් නෙමේ ) කියලා තමා තියරි එකේ තියෙන්නේ හැබැයි ඒ ආර්ථික අවපාතයකට.
    හැබැයි මිනිස්සු කොමත් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නවා ,හොරකම් කරලා හරි කරගන්නවා .ඔය දෙන එකෙන් එක හොරකමක් හරි අඩු වෙනවා. දෙන එකේ වාසිය පෙන්නන අමාරුයි , දෙන හින්ද තමා නරක ප්‍රතිපල නැවතිලා තියෙන්නේ
     
    Last edited: