~~~~~ උදේ පාන්දරම හිනා වෙන්න ~~~~~

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ~~~~~ උදේ පාන්දරම හිනා වෙන්න ~~~~~

    මේ වතාවේ පිස්සන් කොටුවේ පාලනය භාරගත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තරමක් දැඩි ගතිපැවතුම් ඇත්තෙක්. ඒ නිසාම සෙසු කාර්යමණ්ඩලය විතරක් නෙමෙයි වෙනදාට නිදහසේ එහෙ මෙහේ කරක්ගහපු, තරමක් සුවයලබා සිටි පිස්සන් කැලටත් තමන්ගේ සුපුරුදු නිදහස යම්තාක්දුරකට අහිමිවෙලයි තිබු‍‍ණේ. කොහොම වුනත් මේ හේතුවෙන් ඉහත කී දෙගොල්ලන්ම තමන් කෙරෙහි නොකැමැත්තෙන් පසුවන වග ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාටද රහසක් වුනේ නැහැ.

    දවසක් රාජකාරි නිමා කොට තම පෞද්ගලික මෝටර් රථය වෙත පැමිණි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තම දුරස්ථ පාලකයෙන් එහි දොර‘ගුල් හැරියා පමණි, පිහියක් අතින්ගත් පිස්සෙක් දොර අවුරා නැගීසිටියේය. තත්වයෙහි බරපතල බව තේරුම්ගත් වෛද්‍යවරයා වහා තම දෙපා වලට දිරි දෙමින් ඉවතට දිවයන්නට විය. පිස්සාද නොනැවතී ඔහු පසුපසින් පන්නන්නට විය. උදව් ඉල්ලා කෑගැසුවද වෙනදාට එහෙ මෙහේ රස්තියාදුවන සුළුසේවකයන් එකකුවත් පෙනෙන්නට හිටියේද නැත. ( ලොක්කාම දමපු නීති නොවැ). වෛද්‍යවරයාට තම විසල් උදරය සහ තරබාරු සිරුර ඔසවාගෙන වේගයෙන් දිවයන්නටද නොහැකිය. අභාග්‍යයක තරම. පය පැටලී වෛද්‍යවරයා බිමපතිත වීම නිසා ධාවන තරගය සුළුවේලාවකින්ම අවසන්විය.

    පිහිය අමෝරාගත් පිස්සා මහ හඩින් සිනාසී පියවරෙන් පියවර බර අඩිතබමින් වෛද්‍යවරයා වෙත ලංවිය. තැතිගත් වෛද්‍යවරයා දෑස් තදින් වසා ගනිමින් මීලගට එලඹෙන අමිහිරි අත්දැකීම විදදරාගැනීමට සිය හදවත සූදානම් කරගත්තේය. ඊලග මොහොතේදී මෙතෙක් මිට මොලවාගෙන සිටි සිය වම් අත දිගහරිමින් එහි වූ කුඩා උණ අඹයකින් පෙත්තක් කපා වෛද්‍යවරයා වෙත දිගුකල පිස්සා මෙසේ කියාසිටියේය.

    "අය්යෝ...... සර්ලට අඹකෑල්ලක් දෙන්න තියෙන අමාරුව.???????."
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

    තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
    මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

    "මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

    අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
    "කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඥානවන්ත හක‍රැල්ලා...



    සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්‍ය සතෙක් ඇත්නම් මිලදී ගැනීමට තමන් කැමති බව පැවසීය.

    ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.


    ඌ ඥානවන්ත හක‍රැල්ලෙක්.


    ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.


    මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.


    මිනිසා ඥානවන්ත හක‍රැල්ල මිලටගෙන ගෙදර ගියේය.


    හක‍රැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව ඉ‍ටුකලේය.


    අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ මනාව ඉ‍ටුකලේය.


    එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස හක‍රැල්ලාට

    පැවසීය.

    හක‍රැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.


    ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හක‍රැල්ලා දොර පඩියේ වාඩිවී සිටිනු දු‍ටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.


    කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.


    හක‍රැල්ලා පිලිතුරු දිය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සා කවුද ?

    නගරයේ නගරාධිපතිවරයාට එම නගරයේ පිහිටා තිබූ පිස්සන් කොටුවේ තත්ත්වය දැක බලා ගැනීමට අවශ්‍ය විය. මානසික ලෙඩුන්ට සැලකීම හා එම ආයතනය මඟින් හරිහැටි සේවාවක් සිදුවේද යන්න දැක බලා ගැනීම නගරාධිපතිවරයාගේ අරමුණ විය.

    ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා සමඟ මානසික රෝගීන් සිටින කාමර ගැන සෝදිසි කරමින් යද්දී එක කාමරයක සිටි ලෙඩෙක් ඔහුට අත වනා අඬ ගැසුවේ ය.


    "තමුසේ කවුද?"


    මඳක් අදිමදි කළ නගරාධිපතිවරයා තමා මේ නගරයේ නගරාධිපති බව කීවේ ය.


    එවිට උස් හඬින් පිළිතුරු දුන් රෝගියා "මමත් මෙහාට එනකොට හිතුවේ ඔය විදියටමයි. මාත් හිතුවා මෙහේ නගරාධිපති මමයි කියල. ඒත් කල් යනකොට එහෙම නෙවෙයි බව තේරුණා. ඔහේටත් ටික කලක් මෙහේ ඉන්නකොට තේරේවි තමුසේ නගරාධිපති නොවෙන බව" කියමින් සිය කාමරය වෙත පිය නැඟුවේ ය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ට්‍රින්කො...



    මානසික රෝහලේ සිටි එක් රෝගියෙකු නිතරම කුඩා දරුවෙකු මෙන් කාර් පදී. කොහේ ගියත් දෑත ඉදිරියට දමාගෙන . ඈම් ඈ......ම් කියමින් හේ ගමන් ගනී. මානසික රෝගීන්ට ඉතා කරුණාවෙන් සලකන හෙදියන් ඔවුන්ගෙන් සුවදුක් විමසයි.

    සුදත් ද මානසික රෝගියෙකි. ඔහුගේ නිවස ලෙස ඔහු පවසන්නේ හෙදියන්ගේ වැසිකිලියටයි. දිනක් වැසිකිලයට යන හෙදියක් ඒ අසලින් ගිය සුදත් ගෙන් මෙසේ ඇසීය ..


    "අද කොහෙද සුදත් යන්නේ..... ඈතකද ?"


    වාහනය හෙදිය අසල නැවතූ සුදත්, "ඔව් මම අද ‍ට්‍රින්කො යනවා"


    හෙදිය යටි හිතින් සිනාසෙමින් වැසිකිලියට ගියාය. ඇය වැසිකිලියෙන් එලියට දොර අරිනවාත් සමගම රෝහලට අළුතින් ආ මානසික රෝගියා ඇඹරෙමින් වැසිකිලියේ දොර ලඟ සිටී.


    හෙදිය - "ආ..... ඔයා මොකද මෙතන කරන්නේ......"


    රෝගියා - "සුදත් අද ට්‍රිංකො ගියා....... ගෑණි තනියම හින්ද මට ගේ බලාගන්න කියලයි ගියේ...... ගෙදරත් කවුරුවත් නැති හින්ද ඇතුලට යමුකො සුදෝ......."
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉක්මනින් වේලීම...



    සිරිපාල සහ ගුණපාල මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් සිරිපාල රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ගුණපාල තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා සිරිපාලව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, සිරිපාල නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.

    සිරිපාලගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ගුණපාලව කාර්යාලයට කැඳවා "ගුණපාල, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්‍යක්ෂවරයා ඇමතූ

    ගුණපාල - "ඔව් මට දැන් සනීප තමයි.හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි"
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සන් කොටුවෙන් පැනයාම...පාර්ට් 1...



    ඔන්න පිස්සන් කොටුවක පිස්සො 3 දෙනෙක් උන්නා.මේ තුන්දෙනා හරිම යාළුවෝ!පිස්සු හැදුනෙත් එකටමයි! පිස්සු ජීවිතේ එකටමයි හිටියෙත්.මුන් තුන්දෙනාටම තිබ්බේ අමු බයිසිකල් පිස්සුවක්!

    ඔන්න දවසක මේ යාලු පිස්සෝ තුන්දෙනාට හිතුනලු පිස්සන්කොටුවෙන් පැනලා ගිහින් අලුත් බයිසිකලයක් පදින්න!මොකද ඉතින් පිස්සන් කොටුව ඇතුලේ බයිසිකල් තිබුණට එකම බයිසිකලයක්නේ තියෙන්නේ!පිස්සන්කොටු එන්න කලින් පැදපු බයිසිකලේම තමයි පිස්සන්කොටු ඇවිල්ල තාමත් පදින්නේ!අනික ඔය බයිසිකලේ ඉතින් අපිට වගේ සාපේක්ෂව පිස්සුව අඩු අයට පේන්නේ නැති බයිසිකලයක්!


    ඔන්න ඉතින් ඔය තීරණය ගත්තට පස්සේ මේ තුන්දෙනා හැමදාම හවස් වරුවේ , පිස්සන්ට සෙල්ලන් කරන්න දෙන වෙලාවෙදි පිස්සන්කොටුවේ පහල කෙරෝලේ කාටවත් පේන්නේ නැති තැනක තාප්පේ ගාවට සෙට් වෙනවලු.


    සෙට් වෙලා මොකද දන්නවද කරන්නේ?


    තාප්පෙන් පනින්න ප්‍රැක්ටිස් කරනවලු! එකා උඩ එකා නැඟලා තාප්පෙන් එහාට ( ඒ කිව්වේ පිස්සන් කොටුවෙන් එලියට!! ) පනිනවලු මෙහාට පනිනවලු!ඇයි ඉතින් ප්‍රැක්ටිස් නැතුව පනින්න ගිහින් අතක් පයක් කඩාගත්තොත්!මොන දෙයියන්ට කියන්නද?!


    ඔන්න මාසයක් විතර ප්‍රැක්ටිස් කලාම තුන්දෙනාට හොඳටම ප්‍රැක්ටිස් වුනාලු වැඩේ! ඔන්න ඊලඟට ආවේ පැනලා යන්න දිනයක් දාගන්න එක.ඒකට ඒකමතිකවම දාගත්තලු පෝය දවසේ රෑ!ඇයි ඉතින් හොඳටම පාර පේන්න එපැයි පැනලා යන්න! ටෝච් එකක් ගෙනිච්චොත් එහෙම අහුවෙනවනේ සිකුරිටිලට!


    ඔන්න යාළුවෝ තුන්දෙනා කතාවෙච්ච විදියටම ඊලඟ පෝය දවසේ ඔන්න හොරෙන් හොරෙන් යනවලු අර ප්‍රැක්ටිස් කරපු තැන තාප්පෙන් පනින්න.එදා දවල් ඉඳලම මහා වැස්සක්ලු තිබ්බේ!


    අනේ අනිච්චං!


    අපෙ පිස්සු ෆ්‍රෙන්ඩ්ස්ලා ගිහින් බලනකොට , එයාල ප්‍රැක්ටිස් කරපු තැන තාප්පේ නෑලු!මහ වැස්සට කඩාගෙන වැටිලා!


    දැන් ඉතින් පනින්නේ මොකෙන්ද!හරිම වැඩේ,වෙන තැනකින් පනින්නත් බෑ , ප්‍රැක්ටිස් කලේ මෙතනින් පනින්න විතරයිනේ!


    ඉතින් තුන්දෙනාගෙම එකඟත්වයෙන් පැනලා යන එක ඊලඟ පෝයට කල් දාගත්තලු!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සන් කොටුවෙන් පැනයාම...පාර්ට් 2...


    ඔන්න ඉතින් අර පිස්සො තුන්දෙනා ආපහු තාප්පේ හදලා ඉවරවෙනකන්ම ඉඳලා,ඊලඟට ආපු පෝය දවසේ මහ රෑ පිස්සන් කොටුවෙන් සාර්ථකව පැනගත්තලු.( ඇයි ඉතින් මාස ගානක ප්‍රැක්ටිස් එකකුත් තිබුණනේ )

    ඔන්න දැන් තුන්දෙනා පයින්ම යනවලු පාර දිගේ.ඔහොම යනකොට කඩයක් අයිනේ නවත්තලා තියෙනවලු අලුත්ම කිරිකිරි බයිසිකලයක්.


    ඒ වෙලාවේ බයිසිකලේ අයිතිකාරය කඩේ ඇතුලේ කෑම බීමවලින් සප්පායන් වෙනවා මගේ හිතේ.( එහෙම නොවුණත් එහෙමයි කියලා හිතාගමු,නැත්තන් කතාව ලියන්න බෑනේ )


    දැන් ඉතින් තුන්දෙනාටම "පිස්සු" වගේලු!දුවගෙන ගියාලු , නැග්ගලු බයිසිකලේට.


    එකෙක් බයිසිකලේ එලවන සීට් එක උඩලු,අනිත් දෙන්නා බයිසිකලේ හැන්ඩ්ල් එක උඩලු!ඒ කියන්නේ බයිසිකලේ එලවන එකාට පාර පේන්නේ නෑ , ඉතින් එලවන පිස්සට පාර කියන්නේ අර හැන්ඩ්ල් එක උඩ ඉන්න දෙන්නා.ඔන්න දැන් තුන්දෙනා චූන් එකේ යනවලු බයිසිකලේ නැඟලා.


    ( දැන් අහන්න එපා බයිසිකලේ ස්ටාට් කලේ කොහොමද , දෙන්නෙක් කොහොමද හැන්ඩ්ල් එක උඩ යන්නේ ! වගේ දේවල්. හින්දි ෆිල්ම්වල වෙන දේවල්වල හැටියට මේව මොනවද අනේ! )


    [අනික බොස් අයියා මොකට පිස්සෝ තුන්දෙනෙක්ව පිස්සන්කොටුවෙන් පැන්නුවද මන්දා.මෙච්චරකල් එයාගේ කතාවල පැන්නේ පිස්සෝ දෙන්නයි.මේ පාර අලුත් අයිඩියා පාරක් ඇති බොස් අයියගේ.මිනිහා මොලකාරයනේ ඉතින්.]



    මේ පිස්සෝ තුන්දෙනා දන්නේ බයිසිකල් ගැන විතරයි.ඒ කියන්නේ පිස්සු හැදුනට පස්සේ වෙන වාහන ගැන අමතකවෙලා.


    ඉතින් ඔන්න තුන්දෙනා යනවලු දැන් හැටට හැටේ!යන්නෙත් රෝන්ග් සයිඩ් එකෙන්.ඒ කිව්වේ පාරේ වම්පැත්තෙන් නෙවෙයි,දකුනු පැත්තෙන්ලු.


    ඔහොම යනකොට ඔන්න ඈතෙන් එනව පේනවලු ලයිට් එකක්. දැන් ඉතින් මේ පිස්සු අයියන්ඩිලා දන්නේ බයිසිකල් ගැන විතරයිනෙ අනික තනි ලයිට් තියෙන්නේ බයිසිකල් වලනේ,ඔන්න හැන්ඩ්ල් එක උඩ ඉන්න දෙන්නා,බයිසිකලේ එලවන පොරට කිව්වලු


    "මචෝ ඈතින් බයිසිකලයක් එනවා.මිනිහා රෝන්ග් සයිඩ් එන්නේ,වම්පැත්තට දාගෙන යමු , නැත්තන් මේ පිස්සා අපිවත් හප්පයි" කියලා.


    ඉතින් අපේ ඩ්‍රයිවර පිස්සා බයිසිකලේ සාර්ථකව වම් පැත්තට ගත්තලු.මොහොතකින් අර ඈතින් ආපු බයිසිකලේ සිං... ගාල පහු කරන් ගියාලු මේ තුන්දෙනා යන බයිසිකලේ.


    "බලපන් බං ඌටනං අමු පිස්සු.රෝන්ග් සයිඩ් දාගෙන තව හැටට හැටෙත් යනවා!වැඩි දුරක් යන්න කලින් මිනිහ හොඳ පාඩමක් ඉගෙන ගනියි"


    කිය කියා හැන්ඩ්ල් එක උඩ ඉන්න උන් දෙන්නා අර ගිය බයිසිකල් කාරයට බනිනවලු.


    ඔන්න තව ටිකක් දුර යනකොට තව ලයිට් එකක් එනවලු වම් පැත්තේ ඉස්සරාහින්.

    දැන් උඩ ඉන්න දෙන්නා කියනවලු ;

    "අනේ බන්!උඹ රෝන්ග් සයිඩ්නේ බන් යන්නේ.ඔන්න තව බයිසිකලයක් එනවා ඉස්සරාහින්,දකුණු පැත්තට ගනින්" කියලා.


    ඔන්න ඩ්‍රයිවර් අයියා බයිසිකලේ දකුනට ගත්තලු.අර බයිසිකලෙත් මේ පිස්සු සෙට් එක පහු කරගෙන ගියාලු.


    ඔන්න ඊලඟට තමයි සිද්ධිය වෙන්නේ!


    දැන් ඔන්න ඈතින් එනවලු ලයිට් දෙකක්!ඔන්න දැන් හැන්ඩ්ල් එකේ ඉන්න දෙන්න කිව්වලු ඩ්‍රයිවරයට ;


    "ඔන්න මචෝ බයිසිකල් දෙකක් එනවා ඈතින්.වමට කපන්නත් එපා , දකුණට කපන්නත් එපා.උන් දෙන්නා එකටමයි එන්නේ , ඒ නිසා පාර මැද්දට වෙන්න අල්ලපන්" කියලා!


    අපේ ඩ්‍රයිවර පිස්සාත් අර දෙන්න කියපු විදියට පාර මැද්දට වෙන්න බයිසිකලේ අල්ලලා ගියාලු!


    දඩා...ස්!!!!! ගාලා සද්දයක් ආවලු.


    අනේ අපේ කතා නායකයෝ තුන්දෙනා උඩී..න් ගිහිල්ලා වැටුනලු පාර අයිනේ තිබුණු කානුවකට.( වෙලාවට තුන්දෙනාටම මුකුත් වුණේ නෑ ඔන්න )


    හැප්පෙන්න හේතුව?


    ඇවිත් තිබුණේ බයිසිකල් දෙකක් නෙවෙයි , ලොකු බස් එකක්!ඒකේ ඉතින් ලයිට් තියෙන්නේ ඈතින්නෙ!ඒත් ඉතින් මේ පිස්සු අයියන්ඩිලා දන්නේ බයිසිකල් ගැන විතරයිනේ.


    ඔන්න දැන් බයිසිකලේ එලෝපු එකා අනිත් උන් දෙන්නට බනිනවලු හෝ ගාලා!


    "මොකක්ද බන්!උඹලට හරියට පාරවත් බලල කියන්න බෑනේ!" කිය කියා.


    එතකොට අනිත් දෙන්නගෙන් එකෙක් කියනවලු


    "නෑ බන්!අපේ වරදක් නෙවෙයි.දෙපැත්තෙන් ආපු බයිසිකල් කාරයෝ දෙන්නා මැද්දෙන් ලයිට් නැතුව තව බයිසිකල් කාරයෙක් ඇවිත් බන්!" කියලා.

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "තමුසෙට හිතා ගන්ඩ පුළුවන් ද දෙවියන් වහන්සෙ 'ඒව' මවන්ඩ කලින් 'ආදම්' ව මැව්වේ ඇයි කියල." සාලිය සෙනසුරාදා උදේ තම මිතුරු දයානන්ද ගේ නිවෙසට ගොස් කතා බහ කරමින් සිටියදී ඇසීය.

    "මොකෝ බැරි? ආදම්ට ටික දවසක් හරි නිදහසේ යමක් කියන්ඩ, කරන්ඩ ඉඩක් දෙන්න ඕන හින්දනෙ" දයානන්ද කීවේ කුස්සිය පැත්ත දෙස හොරැහින් බලමිනි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

    "ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.


    "ඒ කොහොමද?"


    "මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."


    "ඊට පස්‌සෙ මොකද වුණේ?"


    "මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."


    "ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"


    "ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."

    ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.