උන්ගේ ගොවිකම් සහ බුදුන්ගේ ගොවිකම්

hpalpola

Well-known member
  • උන්ගේ ගොවිකම් සහ බුදුන්ගේ ගොවිකම්

    සමහර විට ඔබ දැක ඇති ගොවිකම් උගන්වන චීවරධාරියෙක්ව. ගොවිකම් පමණක් නොවේ විවිධ ආකාරයේ කර්මාන්ත ගිහියන්ට පුරුදු පුහුණු කරනවා මේ චීවරධාරියා. ඉතින් බුදුරජාණන්වහන්සේ ගොවිකම් කරන්න උගන්වපු හැටියි මේ චීවරධාරියා උගන්වන ගොවිකමුයි සමානද බලන්න හිතුනා.

    මේ වෙනුවෙන් මන් තෝරා ගත්තෙ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයෙ තියෙන කසී සූත්‍රය. මේක කෙටි නමුත් ලස්සන සූත්‍රයක්.

    මේ සූත්‍රයෙ හැටියට කසීභාරද්වාජ බමුණා ගොවියෙක්. දවසක් බුදුරජාණන්වහන්සේ මේ බමුණා ගොවිතැනේ යෙදෙන ස්ථානයට වැඩම කරනවා. ඒ වෙලාවෙදි බමුණා කෑම ගනිමින් ඉන්නෙ. ඉතින් බුදුරජාණන්වහන්සේ එතැනට වැඩම කරනවා. බුදුරජාණන්වහන්සේව දකින බමුණා මෙහෙම කියනවා.

    “ශ්‍රමණය, මම් වනාහි (සී) සෑමද කරමි. වැපිරීමද කරමි. (සී) සෑම කොටද, වැපිරීම කොටද වළඳමි. ශ්‍රමණය, නුඹත් සෑමද කරව, වැපිරීමද කරව. සෑමද කොට වැපිරීමද කොට වළඳව”

    මේකට බුදුරජාණන්වහන්සේ දෙනවා මේ වගේ පිළිතුරක්.

    “බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි”

    ගොවිකම් කරන්න ගන්න කිසි දෙයක් බුදුරජාණන්වහන්සේ ලඟ පේන්න නැති නිසා බමුණා අහනවා මෙහෙම.

    “'ගොවියෙක්මි’ යි ඔබ ප්‍රතිඥා කරන්නෙහිය. ඔබගේ (සී) සෑමක් නොදක්නෙමි. අප විසින් විචාරන ලද ඔබ ගොවියෙක් දැයි කියව, ඔබගේ සීය කෙසේ දැන ගන්නෙමුද?"

    මෙන්න මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ දෙන පිළිතුර තමයි වැදගත්. ඒක මෙහෙමයි.

    "ශ්‍රද්‍ධාව මගේ බීජය වෙයි. තපස වැස්සය, ප්‍රඥාව මගේ සීයට වියගහ හා නගුලය. ලජ්ජාව (හා භය) ද මාගේ නගුල් කඳය. සමාධිය රැහැන් හෙවත් ලණුය. මාගේ සිහිය සීවැල හා කෙවිටය.

    “කාය සුචරිතයෙන්, වාක් සුචරිතයෙන් රක්නා ලද්දේ වෙයි. ආහාරයෙහි ගන්නා ලද සංවර නමැති ගවයා වූයෙම්, උදරයෙහි සංවර වූයෙම් සත්‍යයෙන් නෙලීම කෙරෙමි. අර්හත් ඵල විමුක්තිය මාගේ (සීසෑමෙන්) මිදීමයි.

    “බර ඉසිලීමට සමර්‍ථවූ මාගේ වීර්‍ය්‍යය නිර්‍වාණයට අභිමුඛව ගමන්කරමින් යම් තැනකට පැමිණ ශෝක නොකරන්නේද, එතැනට නොනවතිමින් යෙයි.”

    “මෙසේ මේ සීය සාන ලදී. ඒ සීය අමෘත ඵල ඇතිවේ. මේ සීය සා, සකල සංසාර දුඃඛයෙන් මිදේ.”

    සූත්‍රය ඉතින් තවදුරටත් යනවා. නමුත් අපේ කතාවට මේ ටික ඇති. මේ අනුව ඔබට පේනවා ඇති බුදුරජාණන්වහන්සේ ගොවිකම් කරන ආකාරය. වැඩේ තියෙන්නෙ බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනින් පසුව වර්තමානයේ පහල වුන චීවරධාරියෙක් ගොවිකම් විදියට උගන්වන්නේ කසීභාරද්වාජ බමුණා කරන ගොවිකම් වීම. ඉතින් හිතාගතෑකිනෙ ඒ චීවරධාරියාගේ පස්සෙන් යන උපාසික උපාසිකාවන්ට වෙන දේ. අනේ කාලේ වනේ වාසේ.



     
    • Like
    Reactions: Cypress and lankalk