ආණ්ඩුවට ඕනේ නම් තග දාල උන්ඩියල් කරන අය ටික කාලෙකට නවත්තන්න පුළුවන්, එත් ඩොලර් එකට හරි ගානක් ලැබෙන්නේ නැත්නම් මිනිස්සු ආපහු සෙල්ලම පටන් ගන්නවා. මත්ද්‍රව්‍ය වෙළඳාම වගේ තමයි. ඉල්ලුමක් තියෙනවා නම් වෙළෙඳපොළක් හැදෙනවා. ආණ්ඩුවට ලේසිම දෙය මිනිස්සු දැනුවත් කරන එක. විධිමත් ක්‍රම වල වාසිය ගැන කියන එක, උන්ඩියල් සල්ලි වලින් ජාවාරම්කාරයෝ සමාජයට කරන හානිය ගැන කියන එක. ඒ වගේම සල්ලි එවන මිනිස්සුන්ට හොඳ සාධාරණ මුදලක් ගෙවන එක. එවන සල්ලි ප්‍රමාණයට මොකක් පොයින්ට්ස් ගානක් දීල යම් අයෙකුට තියෙන පොයින්ට්ස් ගාන අනුව වාහන බදු පහසුකමක් වගේ දෙනවා නම් මිනිස්සු උන්ඩියල් පස්සේ යන්නේ නෑ. තව විදිහක් නම්, සෑම පුරවැසියෙක්ම බදු ගෙවීම කලයුතුයි කියල නීතියක් ගෙනැල්ල, හැම එකාම ආදායම් බදු ලේඛනයක දානවා නම් උන්ඩියල් කරන එක අමාරු වෙනවා. මොකද මේ මේ මුදල් ආවේ කොහෙන්ද කියල කියන එක. ලොකුවට මුදල් හුවමාරුව කරන එකෙක්ට හැංගිලා ඉන්න අමාරුයි.