මෙලෝ දෙයක් මුන්ට නවත්තන්න බෑ.. දෑන් ආන්ඩුවට සෙල්ලම් දාන්න ජනතාවගේ සහය නෑ. විරෝධය පමණයි තියෙන්නේ. ඉතින් කොහොමද සෙල්ලම් දාන්නේ
විදියට උන්ඩියල් කරන අයගෙ ලංකාවෙ පාට්නර්ගෙ එකවුන්ට් ටික හොයාගෙන බ්ලොක් කරොත් නම් හරිඔය කිවුවට ඕක කොහේ නතර කරන්නද
කරන්න පුලුවන් එකම විදිය සල්ලි ආපු විදිය ඔප්පු කරන්න බැරි නම් රාජසන්තක කරන එක, ඒකට ඉතින් රට ඉන්න අය සල්ලි එවපු හැම එකවුන්ට් එකක්ම චෙක් කරලා ලංකාවෙ එකවුන්ට් එකකින් සල්ලි ඇවිත් තියනවද කියලා බලලා කරන්න ඉතින් FCID එකට කැපෑසිටි එකක් නැහැනේ
අනික ඔහොම දාන සල්ලි ගොඩක් වෙලාවට black money නේ, ඔය දේශපාලකයින්ගෙම සල්ලි වෙන්න ඇති ගොඩක් වෙලාවට ඔහොම හෝදගන්නනෙ, එතකොට ඕක හරියට නතර කරොත් උන්ටම පාඩු වෙන නිසා ඕක කරන එකක් නැහැ
හැබැයි ඔය විදියට උන්ඩියල් කරන අයගෙ ලංකාවෙ පාට්නර්ගෙ එකවුන්ට් ටික හොයාගෙන බ්ලොක් කරොත් නම් හරි෴
දෙන ගාන අරන් හරි මිනිස්සු ලංකාවට සල්ලි එවනවා. එහෙම එවන්නත් දැන් ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. මේ ටිකේ පුකේ ඇරියා වගේ ඩොලර් හොයන්නේ කට්ටියට v8 ටික ගේන්න වෙන්න ඇති.
U deserve a cookie. Thought like a real trickster. This is better than Sir's gon plan and will work for some extentLimit එකක් තියල, මාසෙකට ඊට වඩා සල්ලි එවන අයගෙ families වලට card එකක් දෙනව.
ඒකෙන් discount, offers දෙනව private sector එකත් එක්ක එකතු වෙලා. Credit card offers දෙනව වගේ.
තව ඕනි නම් උන්ඩියල් කියල සල්ලි අරන්, ලංකාවෙ සල්ලි දුන්නෙ නෑ කිය්ල බොරු සිද්ධි ටිකක් FB වගේ platform වල viral කරල මිනිස්සු බය කරන්න පුලුවන්. උන්ඩියල් කාරයො හොරු කියන එක මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න ඕනි.
මේ දෙක කරා නම් මාසෙකින් ප්‍රශ්නෙ ඉවරයි
Earlier they use to give Tax benefits to import vehicles... Something to get the big fishesU deserve a cookie. Thought like a real trickster. This is better than Sir's gon plan and will work for some extent
@riduna pm ගේ ජොබ් එකටත් කෙලින්න නේද උඹ හදන්නෙ?ගොඩක් අය උන්ඩියල් කියන එක ගැන දන්නවා. අපි බලමු ටිකක් නොදන්න අයටත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරලා. ඊට පස්සේ උඩ ප්‍රශ්නයට උත්තර හොයමු.
මම සිංගප්පූරුවේ ඉන්නකොට ලංකාවට සල්ලි යවන්න තිබුනේ බැංකුව හරහා. බැංකුවට online bank transfer එකක් දැම්මාම, බැංකුවෙන් ඩොලර් 25ක ගාස්තුවක් ගත්තා.ඊට පස්සේ ලංකාවෙ මහ බැංකුවේ rate එකට ඩොලර් මාරු කරලා රුපියල් වලින් අපේ ලංකාවේ ගිණුමට රුපියල් වැටුනා. ඒකට දවස් 3ක් විතර යනවා. වාඓ කීපයක් තිබුනා. එකක් විශ්වාසය. සල්ලි ටික අනිවාර්යයෙන් බැංකුවට යනවා කියලා දන්නවා. අනික නීත්‍යානුකූල භාවය. හිතට වරදකාරි හැඟීමක් දැනෙන්නේ නෑ. ඒ වගේම මම අපේ රටට විදේශ විනිමය යැව්වා කියලා දැනෙන තෘප්තිය. ඔය කියන කාරණා හින්දා දිගටම යැව්වේ බැංකුවෙන්.
ඒත් සමහරු කියනවා වෙන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේට යැව්වොත්, රුපියලක් වැඩිපුර ගන්න පුළුවන් කියලා. ඒකෙදි කරන්නේ අපි ඉන්න රටේම ඉන්න කෙනෙකුගේ ගිණුමට අපි ඩොලර් ටික යවනවා. එයා ඒ ගාණට හරියන්න බැංකුවෙන් දෙන ගාණට වඩා රුපියලක් වැඩිපුර දෙන්න පොරොන්දු වෙනවා. එයාට අපි දෙනවා ලංකාවේ ගිණුම් අංකය. එයාගේ කෙනෙක් ලංකාවේ ඉන්නවා. දවස් කීපයක් ඇතුලත අපේ ලංකාවේ ගිණුමට රුපියල් දානවා. ඕක තමයි උන්ඩියල් එකේ සරළම ක්‍රමය. ඔය ක්‍රමයට පිට පැනපු වෙන වෙන ක්‍රම හැදිලා තියෙනවා. ඒකටත් උදාහරණ කීපයක් කියන්නම්.
ඒ දවස් වල සිංගප්පූරුවේ ආව ගිය එමිරේට්ස් flight එකේ උදේ හවා සිංගප්පූරුවේ යන එන කණ්ඩායමක් හිටියා. ඒ අය යන්නේ සිංගප්පූරුවේන් බඩු අරගෙන ඇවිත් ලංකාවේ විකුණන්න. ඒ අය ගේන්නේ වාහනවල කෑලි, ප්‍රින්ටර්, ඒවායේ තීන්ත, පරිඝණක, ෆෝන් ආදිය. ඒවා සිංගප්පූරුවේන් අරගෙන ප්ලේන් එකෙව් පටවගෙන එනවා. ඒ අයට නිතර යන හින්දා platinum membership තියෙනවා. ඒකට කිලෝ 60ක් ගේන්න පුළුවන්. කන්න බොන්න හොඳට ලැබෙනවා. ඒ වගේම duty free එකෙන් හොඳ විස්කි බෝතල් ලාබෙට ගන්නවා. එක්කෙනෙකුට දෙකයි, ඒත් තව මගියෙක් දෙන්නෙක් යාළු කමින් සෙට් කරගෙන වැඩිපුර ගේනවා. මේ අයට සිංගප්පූරුවේ බඩු ගන්න වියදම් කකරන්න ඩොලර් දෙන්නේ අර උන්ඩියල් විදියට එහෙන් එකතු කර ගත්ත ඒවා. මේ අය ලංකාවේ තමන්ගේ සල්ලි ඒ ඩොලර් දීපු අයගේ ගිණුම් වලට දානවා.
මේ විදියට උන්ඩියල් ක්‍රමයට සල්ලි එවද්දි ලොකුම ගැටලුව විශ්වාසය. ඒ කියන්නේ කොච්චර කලත් සල්ලි ටික ලංකාවේ ගිණුමට වැටෙනව කම් වැඩේ සුවර් නෑ. අනික අර අපි හම්බ කරන මුදල් අපේ රටට යැව්වා කියලා එන තෘප්තිය නෑ. හැබැයි අර බැංකුවට වඩා මුදලක් අතට ලැබෙනවා. ඒ වගේම අර බැංකුව අය කරන fee එක ගෙවන්න වෙන්නේ නෑ.
මේ ක්‍රමය ප්‍රචලිත වෙන්න ලෝකයේ හේතු වෙච්චි ලොකුම කාරණය තමයි සන්නිවේදනයේ ඇති වෙලා තියෙන දියුණුව. දැන් එක එක මිනිස්සු ඉන්න චැට් ගෲප් වල, social media වල එකිනෙකා network වලින් බැඳිලා. ඒ නිසා ඩොලර් ලංකාවට යවන්න ඕන මිනිහාවත් ඩොලර් තමන්ගේ අතට ගෙන්න ගන්න ඕන මිනිහාවත් සම්බන්ධ වෙන්න ලේසියෙන් link වෙන්න පුළුවන්. ඒ දෙන්නා අතර විශ්වාසය ගොඩ නැගුනොත් වැඩේ දිගටම එහෙම වෙනවා. මේ අලුත් ගනුදෙනුවට අත්‍යාවශ්‍යම දේ තමයි විශ්වාසය. ඒක ගොඩ නැගෙන්නේ ටික ටික. ඒක වෙන්නේ මුලින්ම ටික ටික. මුලින්ම ඩොලර් 100ක් 200ක් යවලා බලනවා වැඩේ වෙනවද කියලා. ඒක වැටුනොත් ආයේත් 500ක් යවනවා. ඒකත් වැටුනොත් 1000ක් යවනවා. ඒ විදියට ගියාම තමයි ටිකටික විශ්වාසය ගොඩ නැගෙන්නෙ. මේ ආකාරයට කවදාවත් නොදන්න දෙන්නෙක් මේ ගනුදෙනුවට විශ්වාසය ඇති කර ගන්නවා. ඒ විදියට ඩොලර් යවපු කෙනෙක් මේ ක්‍රමය ගැන එයාගේ යාළුවන්ට කියනවා. එතනින් අලුත් පාරිභෝගිකයන් මේකට සම්බන්ධ වෙනවා. වෙළඳාම සරු වෙනවා.
ඒ වගේම තමයි අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් හා විකිණීම් කරන්න හැකි වෙලා තියෙනවා. ලෝකයේ ලොකුම සමාගම් වල කොටස් වල සිට පොඩි පොඩි ඇණ මුරුච්චි වෙනකං අන්තර්ජාලයෙන් ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ credit card එකක්. ලෝකයේ කොහේ හරි රටක කොහේ හරි බැංකුවක credit card එකක් ඇති වැඩේට. ඉතිං ලංකාවේ අයට ඩොලර් වලින් ගෙවීම් කරන්න පිටරට කෙනෙකුගේ credit card එකක් පාවිච්චි කරන්න පුළුවන්. කරලා ඒ මුදල රුපියල් වලින් ලංකාවෙ ගිණුමට දානවා. ඒ වගේම පිටරට ඉගෙන ගන්න දරුවන්ට සල්ලි යවන්න ඕන දෙමාපියෝ. ඒකත් ලංකාවට ඩොලර් එවන්න ඉන්න කෙනෙකු ඔය සමාජ මාධ්‍ය ජාලා හරහා යාළු මිත්‍රාදීන් හරහා හොයා ගන්නවා. එවන්න තියෙන ඩොලර් ඒ අය යවන්න කියන තැනකට යවනවා. ඒ අයගේ රුපියල් ලංකාවේ ගිණුමට දානවා. ඒ වගේම පිටරට රස්සාවට යන අයත් ඒකම කරනවා. තමන්ට රට ඇතුලේ ඩොලර් නැති නිසා ඒකත් ඔය විදියට හොයා ගන්නවා.
ඒ වගේම ලෝකයේ භාණ්ඩ ප්‍රවහනය හා මිනිස්සුන්ගේ ප්‍රවහනය දියුණු වෙලා තියෙන නිසා ලෝකයම එකම වෙළඳපොළක් බවට පත් වෙලා. කවුරුත් බඩුවක් ගන්නේ කොහෙන්ද කියන එක පරණ පොත් වලින් පාලනය කරන්න බෑ. ඉදිරියට මේ බැංකු කරන කටයුත්ත කරන්නේ අන්තර්ජාල සමාගම්. මිනිස්සු එකිනේකට අන්තර්ජාළය හරහා සම්බන්ධීකරණය උනාම, එතන විශ්වාසය ගොඩ නගා ගත්ත දාට බැංකු හරහා සල්ලි එවන වැඩේ ඉවරයි. එදාට අපි වගේ රට වලට මහ බැංකු වලට ඔය එක එක පොඩි නීති දාලා මේ ක්‍රම නවත්තන්න බෑ.
හිතන්න මහ බැංකුවෙන් ඩොලර් එකට රුපියල් 200ක් නොලැබෙන කොට උන්ඩියල් ක්‍රමයට එහි නියම වටිනාකම ලැබෙනවා නම්, ඒක රුපියල් 240ක් 250ක් නම්, ආයෙ කවුරුත් බැංකුව හරහා එවන්නේ නෑ. ඒක නිසා ඩොලර් යන්නෙම බැංකු හරහා නෙවෙයි. ඒක විදේශීය ශ්‍රමිකයන්ගේ ඩොලර් ලංකාවට නොලැබෙන්න ලොකුම හේතුව.
මේකේ ගැටලුව තමයි මහ බැංකුව ඩොලරයේ අගය කළු කඩේ ඉහළ මිලට ගෙනාවත් මේ කැපිච්ච් අලුත් පාරවල් වහ ගන්න බැරි වීම. මේ කළු කඩ ක්‍රම වල තිබුන බාදාව තමයි ගනුදෙනුව කරන දෙන්නා අතර විශ්වාසය ගොඩ නැගීම. දැන් මේ විදියට විශ්වාසය ගොඩ නැගිලා ඉවරයි. මිනිස්සු පුරුදු වෙලා , හිතවත් කම් හැදිලා ඉවරයි. දැන් මේක නවත්තන්න නම්, බැංකුවට සිදු වෙනවා කළු කඩේටත් වඩා වැඩිපුර ගාණක් ඩොලර් වෙනුවෙන් දෙන්න. ඒක වෙන්නේ නැති නිසා, උන්ඩියල් නවත්තන්න අමාරුයි.
උන්ඩියල් වලට සල්ලි දාන ලංකාවේ ගිණුම් තහනම් කලොත් මොකද වෙන්නේ? සිම්පල්, ගිණුම් වලින් නැතුව සල්ලි දාන්න ක්‍රම හැදෙනවා. ඒවා ලංකාවේ අමාරු වැඩ නෙවෙයි. ලෝකය වෙනස් වෙන අපිට අතින් අල්ලලා නවත්තන්න බෑ. ඒ වෙනස් කම් එක්ක අපි නිවැරදි ක්‍රම හදා ගත්තොත් විතරයි පැවැත්මක් තියෙන්නේ.
පැතුම් කර්නර්
Mekapatta idea eka ekakLimit එකක් තියල, මාසෙකට ඊට වඩා සල්ලි එවන අයගෙ families වලට card එකක් දෙනව.
ඒකෙන් discount, offers දෙනව private sector එකත් එක්ක එකතු වෙලා. Credit card offers දෙනව වගේ.
තව ඕනි නම් උන්ඩියල් කියල සල්ලි අරන්, ලංකාවෙ සල්ලි දුන්නෙ නෑ කිය්ල බොරු සිද්ධි ටිකක් FB වගේ platform වල viral කරල මිනිස්සු බය කරන්න පුලුවන්. උන්ඩියල් කාරයො හොරු කියන එක මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න ඕනි.
මේ දෙක කරා නම් මාසෙකින් ප්‍රශ්නෙ ඉවරයි