උපගුප්ත සහ වාසවදත්තා

hpalpola

Well-known member
  • උපගුප්ත සහ වාසවදත්තා.

    අශෝක රජතුමා ගැන අසා ඇති ශ්‍රී ලාංකිකයෝ නොවන බොහෝ දෙනා උපගුප්ත භික්ෂුව පිළිබඳව දනී. බුද්ධ චරිතයට අදාළ වැදගත් ස්ථාන අශෝකට පෙන්වා දුන් බව සැලකෙන්නේ උපගුප්ත භික්ෂුව විසිනි. ශ්‍රී ලංකාවේ ඉතිහාස ග්‍රන්ථවල අශෝක ගැන සඳහන් කළත් උපගුප්ත ගැන සඳහන් කරන්නේ නැත. එසේම ශ්‍රී ලංකාවේ ඉතිහාස ග්‍රන්ථ අශෝක, බුද්ධ චරිතයට අදාළ ස්ථානවලට වන්දනාවේ ගිය බව සඳහන් කළත් ඒ සඳහා මග පෙන්වූයේ කව්ද යන්න කියන්නේ නැත. නමුත් ඉන්දියානු ග්‍රන්ථවලදී එකී මගගෙන්වීම සිදු කලේ උපගුප්ත භික්ෂුව විසින් බව සඳහන් කරයි. ලංකාවේ උපගුප්ත පිළිබඳව සඳහන් නොවීමේ ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ උන්වහන්සේ සර්වස්ත්‍රවාදී කුලයට අයත් වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ උපගුප්ත භික්ෂුවට සම්බන්ධ සිදුවීමක් මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් කාව්‍යයට නගා ඇත. එහි මාතෘකාව දැක්වෙන්නේ ‘අභිසාර්‘ ලෙසිනි. අන්තර්ජාලයෙන් ඔබට එකී කාව්‍යය කියැවීමේ හැකියාව පවතී. එය මෙසේ යි.

    Sanyasi Upagupta

    Was asleep under the shade of

    The city ramparts of Mathura —

    A breeze had blown off the lamps and flares.

    The palace doors were shut.

    The stars of the night

    Had disappeared behind clouds.



    Whose foot adorned with anklets

    Suddenly rang on his chest?

    Startled, the sanyasi woke up.

    His dreams fled.

    A dim light shone

    on his forgiving eyes.



    The court dancer was going for a tryst with her lover,

    Intoxicated with her own vernal bloom.

    Dressed in a deep blue saree,

    Her ornaments tinkled —

    As her foot fell on the monk,

    Basabdatta halted.



    With her lantern, she examined

    his young radiant form —

    A calm enduring tender face,

    A glance gleaming with compassion,

    A white moon-like forehead

    aglow with gracious peace.



    The woman spoke in a gentle voice,

    Her eyes drooping with embarrassment,

    “Pardon me, O youthful one,

    I will be grateful if you come to my home.

    The ground here is hard and rough.

    This is not the right place to sleep.”



    The sanyasi responded with kind words,

    “It is not yet time for me

    To visit O graceful one,

    Please go your way in prosperity.

    When the time is right, I will myself

    Come to your bower.”



    Eventually, a fiery spark thundered,

    Opened a monstrous mouth.

    The young woman shivered with alarm.

    As a terrifying destructive wind howled,

    A lightning ripped a cruel smile

    Across the sky.



    *



    The year was not out.

    It was an evening in Chaitra.

    The breeze fluttered with restlessness

    The trees along the path were laden with buds.

    The King’s garden was flush with blooms of bakul,

    Parul and rajanigandha.



    From afar, wafting with the draft

    Was the mesmerising timbre of a flute.

    The city was empty as everyone had left for

    The festival of flowers in the honeyed woods.

    The full moon smiled at the town

    Emptied of people and protectors.



    On the lonely moonlit path,

    The sanyasi walked alone

    Under leafy branches, from where

    Cuckoos cooed repeatedly —

    After so many days, was it time for him

    To fulfil his tryst with the beloved?



    Crossing the town, the wise one

    Went beyond the city walls.

    He stood beside the moat —

    In the shade of the mango grove,

    Who was that young woman

    Lying near his foot?



    Her body was blistered with sores

    From a deadly disease —

    As she darkened with the blight,

    The citizens threw her out

    Beyond the city moat, fearing the

    Poison within her.



    The sanyasi sat down by her.

    And put her stiff head on his lap —

    He poured water into her chapped lips,

    He chanted a mantra on her head,

    Covered her body with a soothing

    Cool sandal paste.



    Bakul blooms were falling, the cuckoos were calling,

    The night was filled with moonlight.

    “Who are you, o compassionate soul?”

    The woman asked. The sanyasi replied,

    “Tonight is that time. O Basabdatta,

    I have come for our tryst.”

    උපගුප්ත භික්ෂුවක් වීමට පෙර පියාගේ සඳුන් වෙළඳාමට සම්බන්ධ වී සිටියේ ය. ඔහු පිළිබඳව සේවිකාවකගෙන් අසා දැනගත් වාසවදත්තා නම් වෛශ්‍යාවට ඔහු සමඟ කාලය ගත කිරීමේ අවශ්‍යතාවක් ඇති විනි. මෙනිසා ඇය ඔහුට ඒ සඳහා ආරාධනාව කරනු ලැබුවා ය. ඒ ආරාධනාව උපගුප්ත විසින් ‘මේ එයට කාලය නොවේ‘ ය කියා ප්‍රතික්ෂේප කරන ලද්දේ අවස්ථාවක් ලද විට පැමිණෙන බවට පොරොන්දුවක් ද දෙමිනි. පසුකලකදී වාසවදත්තා තමුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුට තවත් කෙනෙකුගේ මෙහෙයවීම නිසා වස ලබා දීම නිසා දඬුවමට ලක් විය. එකී දඬුවම අනුව ඇගේ පාද කපා දමන ලදි. ඇය මෙයින් දුකට පත් විය. එසේම නියෝගය අනුව ඇයගේ කඳ නගරයේ කොණකට විසි කර දමා තිබිණි. උපගුප්ත ඇයව හමුවීමට ගියේ ඒ අවස්ථාවේදී ය. ඔහුව දුටුවිට ඇයට බොහෝ දුක සිතිණි. ඒ ඇගේ ස්වභාවයත්, ඇයට එතෙක් උපගුප්ත සමඟ එක්වීමට නොහැකි වීමත් නිසා ය. උපගුප්තව දුටු පසු ඇය විමසන්නේ ‘ඔබට මා දැකීමට සුදුසු වෙලාව පැමිණියේ දැන් ද‘ යන ප්‍රශ්නයයි. උපගුප්ත ඇයට පංචස්කන්ධයේ නිසරුබව පිළිබඳව ධර්මය කියා දීමට ඒ අවස්ථාව කර ගත්තේ ය. ඇය ද ඒ අවස්ථාවේ දී ධර්මය පිළිසරණ කරගන්නා ලදි.

    මෙකී කථාව පිළිබඳව මුල්වරට සඳහන් වන්නේ 11 වන සියවසේ ක්ෂෙමේන්ද්‍රගේ කෘතියකදී ය. තාගෝර්තුමාගේ කාව්‍ය තුළදී වාසවදත්තා සහ උපගුප්ත විස්තර කරන්නේ 20 වන සියවසේ දී ය. සියවස් ගණනක් අතර තුර සමාජය පරිවර්තනය වීමේ දී එකම සිදුවීමක් ගැන මිනිසුන් විවිධ දෘෂ්ඨිකෝණයන්ගෙන් බැලීමේ ස්වභාවය මෙහිදී අවබෝධ කර ගත හැක.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    **Poem Generated by ChatGPT

    ETXb-KMs-X0-AEUe-X2.jpg