උපත් පාලන ක්‍රමFamily Planning
ප්‍රථමයෙන් කියන්න ඕනා මෙය උපුටා ගැනීමකි..... වැදගත් කියලා හිතුනනමි සලකලා යන්න...
නැත්නමි bump ඵකක්වත් දෙන්න....
ස්තුතියි....
• උපත් පාලන ක්‍රම විවිධ වන අතර එක් එක් පුද්ගලයාට සෑම උපත් පාලන ක්‍රමයක්ම නොගැලපෙන අතර එම පුද්ගලයා තුළද විවිධ අවස්ථාවලදී භාවිතා කළ යුතු උපත් පාලන ක්‍රම ඇත.
• උපත් පාලන ක්රමයන් සාර්ථක ලෙස හැඳින්වීමට එය ඉතා කාර්යක්ෂම විය යුතු අතර අතුරු ඵල නොතිබිය යුතු වේ. එම ක්‍රමය ලාබදායි විය යුතු අතර එය පහසුවෙන් ලබාගත හැකි එකක් විය යුතුය. ඊට අමතරව එය විවිධ සංස්කෘතින්ට හා ආගම්වලට ගැලපිමක් සිදු විය යුතුවේ. එමෙන්ම දරුවකු පිළිසිඳ ගැනිමට අවශ්‍ය විට උපත් පාලන ක්‍රමය නතර කළ පසු එය බාධාවක් නොවිය යුතුය.
• මෙම උපත් පාලන ක්‍රම පැරණි හා නූතන ක්‍රම ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක. පැරණි ක්‍රම එතරම් සාර්ථක නොවන බැවින් නූතන ක්‍රම භාවිතය සඳහා උනන්දු කළ යුතු වේ.
• පැරණි ක්‍රමවලට උදාහරණ ලෙස කැලැන්ඩර් ක්‍රමය, මූලික දේහ උෂ්ණත්ව ක්‍රමය, ගැබ්ගෙල ස්‍රාව වෙනස්කම් උපයෝගි කර ගනිමින් යොදා ගත් ක්‍රම දැක්විය හැකිය.
• නූතන ක්‍රම හෝමෝනමය උපත් පාලන ක්‍රම හා බාධක ක්‍රම ලෙස නැවත වර්ග දෙකකට බෙදා දැක්විය හැක.
• හෝමෝනමය ක්‍රම ලෙස නික්ෂේපන ක්‍රම (ඩිපෝප්රෙවේරා), හෝමෝන මුදා හැරින ලූප දැක්විය හැක.
• බාධක ක්‍රම ලෙස උපත් පාලන කොපු (කාන්තා හා පුරුෂ), ශුක්‍රණු නාශක ඩයෆ්රමය දැක්විය හැක.
• එමෙන්ම ස්ත්‍රී හා පුරුෂ වන්ද්‍යකරණය නූතන වෛද්යක්රමවලට අනුව සිදු වන අතර එය බොහෝවිට සදාකාලීන වේ.
• වන්ද්‍යකරණය හැරුණු විට භාවිත වන ක්‍රම අතරින් වඩා කාර්යක්ෂම වන්නේ හෝමෝන නිකුත් කරන ලූප අතර, ඩිපෝ ප්‍රොවේරා, උපත් පාලන පෙතිද කාර්යක්ෂම ලෙස ගැනේ. උපත් පාලන කොපු හා ශුක්‍රාණු නාශක එතරම් කාර්යක්ෂම නොවන අතර 2.5% ක් අතර පිරිසකට ගැබ්ගැන්මක් සිදු විය හැක.
• ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන නූතන උපත්පාලන ක්‍රමය වනුයේ ඩිපෝ ප්‍රොවේරා වේ. ඉන්පසු වැඩි පිරිසක් භාවිත කරනුයේ උපත් පාලන පෙති වන අතර ලූප භාවිතා කරන සැලකිය යුතු පිරිසක් ද ඇත.
උපත් පාලනය සඳහා භාවිත කරන පැරණි ස්වාභාවික ක්‍රම 1
∎ පැරණි ස්වාභාවික උපත් පාලන ක්රමවලදී ආර්තව චක්‍රයේ සරු හා නිසරු කාලයේ පෙන්වන ලක්ෂණ උපයෝගි කර ගනී.
ඒ අතුරින් කැලැන්ඩර් ක්‍රමය, මූලික දේහ උෂ්ණත්ව ක්‍රමය වඩා වැදගත් වේ.
මවු කිරි පමණක් ලබා දීම
ගැබ් ගෙල ස්රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම
කැලැන්ඩර් ක්‍රමය
∎ කැලැන්ඩර් ක්‍රමය අනුගමනයට පෙර කාන්තාව විසින් අවම වශයෙන් චක්‍ර හයකවත් චක්‍රයකට අයත් දින ගණන ගණනය කළ යුතුවේ.
∎ මාසික ශුද්ධිය පටන් ගන්නා දවස පළමු දිනය ලෙස ගනු ලැබේ.
සරු කාලය ගණනය කිරිම
• ප්‍රථමයෙන් එම කාන්තාවගේ කෙටිම ආර්තව චක්‍රයෙන් දින දහඅටක් අඩු කළ යුතු අතර දිගම ආර්තව චක්‍රයෙන් දින දහයක් අඩු කළ යුතුය.
• එවිට ලැබෙන මූල් අගය සරු කාලයේ පළමු දවස අතර දෙවන අගය සරු කාලයේ අවසාන දිනය වේ.
• මෙම කාලය තුළ සංසර්ගයෙන් වැළකි සිටීම කළ යුතුවේ.
• කැලැන්ඩර ක්‍රමයේදී පහත දෑ උපකල්පනය කෙරේ.
1 අණ්ඩයට සංසේචනය විය හැක්කේ ඩිම්බහරණය සිදු වී පැය 24 ක් තුළය යන වග
2 ශුක්‍රාණුවලට පැය 48ක පමණ කාලයක් පමණ සංසේචනය වී යුක්තාණුවක් ඇති කිරීමේ හැකියාව
ඇති බව
3 ඩිම්බහරණය දින 12-16 ත්අතර සිදු වන බව
සාර්ථක අසාර්ථක භාවය
සාමාන්‍යයෙන් 25%ක පමණ අසාර්ථක වේ.
උපත් පාලනය සඳහා භාවිත කරන පැරණි ස්වාභාවික ක්‍රම 11
දේහ උෂ්ණත්ව ක්‍රමය
∎ අනිත් ස්වාභාවික උපත් පාලන ක්‍රමය වනුයේ දේහ උෂ්ණත්ව ක්‍රමයයි.
∎ එහිදි ඒ සඳහා විශේෂිත වූ උෂ්ණත්වමාන භාවිතා කරනු ලැබේ.
∎ මෙහිදී උෂ්ණත්වමානය ඇඳ අසලම තිබිය යුතු අතර රාත්‍රීයේ නින්දට යාමට පෙර එය ගසා එහි උෂ්ණත්වය 35°c ට වඩා අඩු අගයක තිබිය යුතු වේ.
∎ උදේ අවදිවීමෙන් පසු ඇඳෙන් බැසිමට පෙර උෂ්ණතවය මැනිය යුතු වේ. උෂ්ණත්වමානය මුඛයේ තබා උෂ්ණත්වය මැනීම ප්‍රමාණවත් වේ.
∎ සෑම විටම එකම උෂ්ණත්වමානය භාවිතා කළ යුතු අතර උෂ්ණත්මානය බිඳී ගිය හොත් භාවිතයට අතිරේක උෂ්ණත්වමානයක් තිබිය යුතුවේ.
∎ එලෙස මැනගන්නා ලද උෂ්ණත්වය ප්‍රස්ථාරයක සටහන් කළ යුතු වේ.
∎ උෂ්ණත්වය සිරස් අක්ෂයටත් දින ගණන තිරස් අක්ෂයටත් ගෙන ප්‍රස්ථාරය අඳින අතර මාසික ශුද්ධිය පටන් ගන්නා දිනය පළමු දිනය ලෙස යොදා ගනී.
∎ එම මැනගන්නා උෂ්ණත්ව රෙඛාවකින් යා කළ යුතු අතර අලුත් ආර්තව චක්‍රයක් සඳහා අලුත් ප්‍රස්ථාරයක් ඇඳිය යුතුවේ.
∎ ඩිම්බ හරණයෙන් පසු උෂ්ණත්වය 0.2°c කින් පමණ වැඩිවන අතර එම වැඩිවීම අනිත් ආර්තව චක්‍රය පටන් ගන්නා තුරුම පවතී.
∎ ඩිම්බ හරණය වී ඇති ලෙස ගනු ලබන්නේ එක දිගට දින තුනක උෂ්ණත්ව ඊට පෙර ඇති දින හයක උෂ්ණත්ව වලට වඩා වැඩි අගයන් පෙන්වුවහොත් පමණි.
∎ එවිට නිසරු කාලය ලෙස ගනු ලබන්නේ එම උෂ්ණත්ව වැඩි වී දින තුනකට පසු සිට ඊළග ආර්තව චක්‍රය පටන්ගන්නා දින දක්වාය.
]මෙම ක්රමයේ ඇති වාසි
∎ හෝමෝන හාවිතය නිසා සිදුවන අතුරු ආබාධ නොමැති වීම
∎ ආගමික හේතුන් මත හාවිත කළ හැකි එකම ක්‍රමය මෙය වීම.
∎ මෙම ක්‍රමයෙන් ඉවත් වීමත් සමග ඉක්මනින්ම දරුවන් ලැබීමේ හැකියාව සාමාන්‍ය තත්ත්වයට පත් වීම.
මෙම ක්රමයේ අවසිදායක තත්ව
∎ මෙය හාවිත කළ හැක්කේ ක්‍රමවත් ඔසප් චක්‍ර පවතින කාන්තවන්ට පමණි.
∎ සමාජ රෝගවලීන් ආරක්ෂාව නොලැබේ.
මවු කිරි පමණක් ලබා දීම මගින් උපත් පාලනය හා ගැබ් ගෙල ස්රාවය මගින් සරු කාලය නිර්ණය කිරීම
මවු කිරි පමණක් ලබා දීම
• මව් කිරි ලබා දීමේදී ප්‍රොලැක්ටින් ස්රාවය වැඩිවන අතර එමගින් ඩිම්බ මෝචනය සිදු වීම වැළකීමත් සිදු වේ. ඩිම්බ මෝචනය සිදු නොවන කාලය එක් එක් පුද්ගලයාට වෙනස් වන අතර එය මව් කිරි දෙන වාර හා කාල මත රදා පවතී මෙම ක්‍රමය මවට මාස ශුද්ධිය ඇතිවන තෙක් බොහෝ දු රට සාර්ථක වන අතර ඉන්පසු ඇය විසින් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතු වේ.
• මෙම ක්‍රමය නිවැරදි ව භාවිත කරන්නේ නම් පළමු මාස හය තුලදී නැවත ගර්භණි තත්වයට පත්වුයේ 0.5% ක් වැනි සුලු පිරිසකටය. නමුත් මව් කිරි දීම සාර්ථක නොවීම හේතුවෙන් එය බොහෝ දුරට 2% දක්වා වැඩිවේ.
මෙම ක්රමයේ ඇති වාසි
∎ මෙම ක්‍රමය දරුවා බිහි වූ පසු සිටම ආරක්ෂාව සැපයීම සිදු කරයි.
∎ ප්‍රසූතියෙන් පසු මවගේ බර අඩු වීමටද උපකාර වේ.
මෙම ක්රමයේ අවසාදායක තත්ව
∎ නැවත සරු බවට පත් වන කාලය නිශ්ච්තව දැන ගත නොහැකි වීම.
∎ මව එච්.අයි.වී ආසාදිතයකු නම් මෙම ක්‍රමය භාවිතා කිරීමට නොහැකි වීම.

• ආර්තව චක්‍රයේ මුල් කාලයේ ඊස්ට්‍රජන් වල බලපෑම හේතුවෙන් ගැබ්ගෙල ස්රාවය වීම වැඩිවන අතර එය එය ඇදෙන සුලු ස්වභාවයකට පත්වේ.
• ඩිම්බ හරණයෙන් පසු සිදු වන ප්‍රොජෙස්ටරෝන් වැඩි වීම හේතුවෙන් ගෑබ්ගෙල ස්රාවය අඩුවන අතර එය වියළි ස්වභාවයක් පෙන්වයි. මෙම තත්වය මාසික ශුද්ධිය වන තුරුම පවතී.
• ගැබ්ගෙල ස්රාවය අධික හා ඉතාමත් ඇදෙන සුලු තත්වයට පත් වී දවස් හතරකට පසු හා අනිත් ආර්තව චක්‍ර මාස ශූද්ධිය වන කාලය ආරක්ෂිත කාලය ලෙස දැක්විය හැක.
සංයුක්ත උපත් පාලන පෙති
∎ උපත් පාලන පෙතිවල අන්තර්ගත හෝමෝන ලෙස ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටජන් දැක්විය හැක.
∎ උපත් පාලන පෙති භාවිතය පහසු අතර එය ඉතා කාර්යක්ෂම වන අතර එමගින් වාසිදායක ප්‍රතිඵලද ලබාගත හැකි වේ.
∎ මෙම පෙතිවල ඇති හෝමෝන පිටියුටරි ග්‍රන්ථයේ හෝමෝන නිෂ්පාදනය වළකන බැවින් ඩිම්බකෝෂ මගින් ඩිම්බ මෝචනය වීම වළක්වයි. එම නිසා සංසේවනයට අවශ්‍ය වන ඩිම්බ නොමැති වීමෙන් ගැබ් ගැනීම වැළකේ.
∎ මෙම උපත් පාලන ක්‍රම භාවිත කළ නොහැකි අවස්ථාද ඇත.
ඉස්කිමියාව
පාලනය කළ නොහැකි අධික රුධිර පිඩනය
ආඝතය
ලේ කැටි ගැසිමේ රෝග
දැඩි ලෙස පවතින අක්මා රෝග
පියයුරු පිළිකා ආදිය දැක්විය හැක.
උපත් පාලන පෙති භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ
වමනය
ඔක්කාරය
බර වැඩිවීම
හිසරදය
මානසික අවපීඩනය
පියයුරුවල වේදනා
කෙණ්ඩ පෙරලීම දැක්විය හැක.
උපත් පාලන ක්‍රම භාවිතයෙන් ලැබෙන වාසිදායක ප්‍රතිඵල
∎ මාසික ශුද්ධිය ක්‍රමවත්ව හා වේදනා රහිතව වීම වඩා වැදගත් වේ.
∎ එසේම දීර්ඝ කාලීනව ඩිම්බ කෝෂ හා ගර්භාෂයේ පිළිකා වලින් ආරක්ෂාවද ලැබේ.
∎ කුරුලෑ සුවකිරීම් ඖෂධයක් ලෙසද භාවිතා කළ හැක.
උපත් පාලන පෙති භාවිත කළ යුතු අයුරු
∎ උපත් පාලන පෙති ආරම්භ කළ යුත්තේ මාසික ශුද්ධියේ පළමු දිනයේදීය.
∎ එය උදෑසන හෝ රාත්‍රී ආහාරය සමග ගත යුතු වේ.
∎ එය සෑම දිනකම එක වේලාවක ගැනීම වැදගත්වේ.
∎ උපත් පාලන පෙති කාඩ්පතක අන්තර්ගත වන අතර එක් ආර්තව චක්රයක ආරම්භයේ සිට, ඊළග ආර්තව චක්‍රය දක්වා දිනපතා පාවිච්චි කිරීමට සෑහේ.
∎ සාමාන්‍යයෙන් මෙම කාඩ්පතේ පාරදෘශ්‍ය ප්ලාස්ටික් ආවරණයෙන් වැසුණු ගිලින පෙති එක් පැත්තකත්, ඊතල ලකුණු කර ඇති අනෙක් පැත්තක් ඇති අතර එහි දිශාව, පෙති පාවිච්චියට ගත යුතු දිශාව පෙන්නුම් කරයි.
∎ සෑමදිනකම එක පෙත්ත බැගින් ගත යුතු අතර පෙති සියල්ල භාවිත කර අවසාන වූ විට පසුදා සිටම අලුත් පැකට්ටුවක් ආරම්භ කළ යුතුවේ.
∎ මෙම පැකට්ටුවේ මුල් පෙති විසිඑක හෝමෝන පෙති (සක්‍රීය පෙති ) වන අතර ඉතිරි පෙති හතක යකඩ අඩංගු පෙති වේ.
∎ අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් උපත් පාලන පෙතිවල මාත්‍රා වැඩි කළ යුතු බැවින් වෛද්‍යවරයකු හමු වීම වැදගත් වේ. ඇතැම් ප්‍රතිජීවක උපත් පාලන පෙති අවශෝෂණය වීම වළකන බැවින් එම ප්‍රතිජීවක ගන්නා කාලය තුළ හා ඊට පසු සතියක් පමණ උපත් පාලන පෙතිවලට අමතරව වෙනත් ක්‍රමයක් ( උදා : උපත් පාලන කොපු ) භාවිතා කළ යුතු වේ.
පෙති භාවිත කිරිමේදී වෛද්‍යවරයකු හමු වීය යුතු අවස්ථා
∎ කිසියම් ප්‍රශ්නයක් මතු වීම
∎ තද හිසරදයක් ඇති වීම
∎ පෙනිමේ අපැහැදිලිගතියක් ඇති වීම
∎ කකුලේ මස් පිඬුවල වේදනාවක් ඇති වීම
∎ පපුවේ තද වේදනාවක් ඇති වීම
∎ අක්රමිකව මාස් ශුද්ධිය ඇතිවීම
∎ අවුරුද්දකට වරක් බර, රුධිර පීඩනය හා පියයුරු පරික්ෂා කිරීමට
ප්‍රොඡෙස්ට්‍රරෝන් පමණක් අඩංගු උපත් පාලන පෙති I
∎ සංයුක්ත උපත් පාලන පෙති වල අඩංගු ප්රොඡෙස්ටින් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙි. එබැවින් මෙවා කුඩා පෙති (mini pills) ලෙසද හදුන්වනු ලැබේ.
∎ වටිටෝරු 02 ක් භාවිතයේ පවති.
1. නෝඡෙස්ට්රල් මයික්‍රො ග්රූමි 75 ක් අන්තර්ගත පෙති.
2. නෝතින්ඩ්රෝන් මයික්‍රො ග්රූමි 350 ක් අන්තර්ගත පෙති.
උපත් පාලනය සිදුවන්නේ කෙසේද?
ක්‍රියාදාමය සංයුක්ත උපත් පාලන පෙති වලට සමාන නමුත් ඊට වඩා කාර්යක්ෂමතාවය අඩු වේ.
1. ඩිමිබහරණයට බාධා පැමිණවිම
මෙම පෙතිවල ඇති හෝමෝන පිටියුටරි ග්‍රන්ථයේ හෝමෝන නිෂ්පාදනය වළකන බැවින් ඩිම්බකෝෂ මගින් ඩිම්බ මෝචනය වීම වළක්වයි. එම නිසා සංසේවනයට අවශ්‍ය වන ඩිම්බ නොමැති වීමෙන් ගැබ් ගැනීම වැළකේ.
2. එල්. එචි හා එෆ්.එස්.එචි හෝමෝන ස්රාවය වැළැක්විම
3. ගැබි ගෙල ස්රාවයේ ඝනකම වැඩි කිරිම
4. ගර්භාෂයේ ඇතුලු බිත්තිය අධිරෝපණයට නුසුදුසු තත්වයට පත් කිරිම
5. පැලෝපිය නාලවල ක්‍රියාකාරිත්වය අඩු කිරිම
කාර්යක්ෂමතාවය
• කාර්යක්ෂමතාවය වැඩි වනුයේ මෙය දිනපතා ගැනිම මතයි.
• මෙය නිසි අයුරින් භාවිත කරන කාන්තාවන්ගේ 07% ක් පමණ පලමු අවුරුද්ද තුලදි ගැබි ගනු ලැබේ.
ප්‍රොඡෙස්ට්‍රරෝන් පමණක් අඩංගු උපත් පාලන පෙති II
මෙම ක්රමයේ ඇති වාසි
1. ඊස්ට්‍රඡන් අන්තර්ත නොවන බැවින් ඉන් සිදුවිය හැකි සංකූලතා සිදු විම අවම වේ.
( රුධිර කැටි ශිරාවල ඇති විම වැනි )
2. ඔසප් විම වේදනා රහිතව සිදුවිම
3. ඔසප් විමේදි අඩු රුධිර ප්‍රමාණයක් පිට විම.
4. මෙම පෙති නැවතිමත් සමග ඉක්මනින් දරුවන් ලැබිමේ හැකියාව ලැබේ.
මෙම ක්රමයේ ඇති අවාසි
1. වඩා වැදගත්ම අවාසිය වන්නේ මෙය දිනපතා භාවිත කිරිමට සිදු විමයි.
2. එක පෙත්තක් භාවිතයට නොගතහොත් හෝ එය පමාවුවහොත් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කිරිමට අවශ්‍ය විම.
∎ බෙහෙත් පෙත්ත සාමාන්‍යයෙන් භාවිත කළ යුතු වෙලාවට වඩා පැය 03 ක් ගොස් ඇත්නමි එය පමාවිමක් ලෙස සලකනු ලැබෙි.
∎ බෙහෙත් පෙත්ත ගැනිමට අමතක වු විට එය මතක් වු සැනින් ගැනමත් අනිත් පෙත්ත නියමිත වෙලාවට ගැනිමත් කළයුතුය. ඊට අමතරව වෙනත් උපත් පාලන ක්‍රමයක් ඊලග දින 02 ක සදහා යොදාගත යුතු වේ.
3. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් ලෙස රුධිරය වහනය විම.
4. ඔසප් විම නැවතිම
5. පියයුරු වේදනා සහගත විම
6. ඔක්කාරය
7. හිසරදය