උපන් රටේ බෝඩිං කාරයෝ

උපන් රටේ බෝඩිං කාරයෝ

ලංකාවෙ මිනිස්සුන්ට උපන්බිමේම බෝඩිංකාරයෝවත් වීමට බැරි වෙන දිනය වැඩි ඈතක නොවේ
=========================================================
මෙවර අයවයෙන් පසුගිය රජය විදෙශිකයින්ට 4 වන මහලින් පහල දේපල මිලදී ගත නොහැකියැයි දමා තිබුන සීමා ඉවත් කොට ඇත. මෙම සීමාවෙන් එදා අදහස් වුයේ විදෙශිකයෙකුට තනි තට්ටුවේ, තට්ටු දෙකේ, තට්ටු තුනේ හෝ තට්ටු 4 නිවසක් වත් සින්නක්කර අයිතියට මිලදී ගත නොහැකි බවයි. කොටින්ම කියනවානම් ලංකාවේ ඉඩම් සඳහා ස්වදේශිකයින්ට ඇති අයිතිය ඉන් තහවුරු කොට තිබුනි.
2002-2003 කාලයේ මේ ආකාරයට විදෙශිකයින්ට දෙපල මිලදී ගැනීමට ඇති සීම ලිහිල් කිරීමේ ප්‍රථිපලයක් ලෙස ගාලු කොටුපවුර තුල විශාල නිවාස ප්‍රමාණයක් විදෙශිකයින් විසින් මිලදී ගන්නා ලදී. එසේම ලංකාවේ මුහුදු තීරයේ සුන්දර ඉඩම් රාශියක් විදෙශිකයින් අතට යන්නට පටන් ගත්තේය. මෙම ප්‍රවණතාව නතරවුයේ යුද්ධයෙන් පසු රජය හඳුන්වා දුන් ඉහතකී සීමාව නිසායි. නමුත් එය ඉවත් කිරීමෙන් යලිත් ඉතුරු සුන්දර දේපලද ශ්‍රී ලාංකිකයින්ට අහිමි වීම ආරම්ඹ වනු ඇත. විදේශිකයින් හා තරඟ කිරීමට වන නිසා යලිත් දේපල මිල අධික ලෙස ඉහල යනු ඇත.​
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
avatar267406_325.gif