~ උපයන ලාභයෙන් 70% ක් ම සාමාජිකයන්ට බෙදන 'අම්මට සිරිම' බැංකුවක්...!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වාර්ෂිකව උපයන ලාභයෙන් 70% ක් සේවක සුබසාධනය සඳහා බෙදන ලංකාවේ එකම එක බැංකුව තිබෙන්නේ කොළඹ වරායේ ය. එය වරාය සමුපකාර බැංකුවයි. වර්තමාන ලෝකයේ එවැනි බැංකුවක් ගැන සොයා ගැනීමට "ගූගල්" පීරා බැලුවත් එකක් හෝ සොයා ගැනීමට නොහැකි විය.

    සමුපකාර ව්‍යාපාරය පිළිබඳ මා කරන අධ්‍යයනය පදනම් කරගෙන රචනා කරන නිබන්ධනයට අමතරව ඔබ දැනුම්වත් කිරීමට ලියන ලිපි මාලාවේ සිව් වැනි ලිපිය මෙයයි. මෙම අධ්‍යනයේදී පෙනී ගිය විශේෂ කරුණු අතර සමුපකාර ව්‍යාපාරය ග්‍රාමීය ණයගැතිභාවය තුරන් කිරීම සහ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඉතා හොඳින් යොදා ගත හැකි බව පෙනී ගිය අතර සමුපකාරය නව ලිබරල්වාදී ආර්ථික මොඩලයට අභියෝගයක් වන සමාජ සහයෝගිතා ආර්ථික මොඩලයේ (Social Solidarity Economy ) ප්‍රධානම අංගයක් හැටියට ගොඩනැගිය හැකි බව ඉඳුරාම කිව යුතුය.

    ආදර්ශමත් අධ්‍යක්ෂකවරු නිතරඟයෙන්...​

    වරාය සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල බලය ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ ජාතික ජනබලවේගය (NPP) ලබා ගන්නේ 2006 දීය. ඉන් පසු 2010 සිට මේ දක්වා වරාය සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්වන්නේ නිතරඟයෙන් බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. මන්ද වරාය පසුගිය දශක කිහිපයක සිට එජාපයේ සහ පොහොට්ටුවේ බලකොටුවක් ලෙස පවතින නිසාය. එසේනම් වරායේ හයිකාරයන් වූ ඔවුන් සේවකයින්ගෙන් ප්‍රතික්ෂේප වන්නේ ඇයි? පිළිතුර ඉතා සරලය. ජාතික ජනබලවේගය අධ්‍යක්ෂ මණ්ඩලය සමුපකාරයේ හොරකම, දූෂණය , වංචාව 100% ක් නතර කිරීමට සමත් වීමයි. ඔවුන්ට සාමාජික විශ්වාසය දිනා ගැනීමට හැකි වීමයි. ඔවුන් ගජමිතුරන්ට හෝ තම පාක්ෂිකයන්ට විශේෂ සැලකිලි නොදැක් වීමයි. හුදෙක්ම අධ්‍යක්ෂකවරුන් ආදර්ශමත් සරල පුද්ගල චරිත වීමයි.

    වෙනදාට වඩා අද අපිට එවැනි පිරිස් වැඩි වැඩියෙන් අවශ්‍ය ය. ඒ රට කරවීම සඳහා ය. එවැනි පිරිස් කවුදැයි රටේ ජනයා මේ වන විටත් හඳුනාගෙන සිටින බව පේන්නට තිබීම ප්‍රබෝධජනකය. ඒ අනුව ලංකාවේ අනාගතය යහපත් වනු ඇත.

    8000 කින් 7500 ක්ම වරාය සමුපකාර සමිතියේ සාමාජිකයන්...​

    සේවකයින් 8000 පමණ සිටින කොළඹ වරායේ ස්ථිර සේවකයින් 7500 ක්ම වරාය සමුපකාර සමිතියේ සාමාජිකයන් වී සිටී. ඔවුන් පක්ෂ භේදයකින් තොරව සෑම නිළවරණයකින්ම ජාතික ජනබලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ නියෝජිතයන් සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල සභිකයන් ලෙස නිතරඟයෙන් පත් කර ගනී. සමිතියේ සභාපති හැටියට කටයුතු කරන්නේ නිරෝෂන් ගොරකාන මහතාය.

    සමුපකාරය එහි සැබෑ අරමුණු වෙනුවෙන් මෙහෙයවන්නේ නම් සාමාජික සුබ සාධනය සහ ප්‍රජාව සවිබල ගැන්වීම ඉතා හොඳින් කල හැකි බව මාගේ අධ්‍යනයේදී පැහැදිලි විය. නවලිබරල් වාදී ආර්ථික මොඩලය විසින් අපව ආර්ථික වශයෙන් හිඟන්නන් (Economic Beggars) කිරීමට අමතරව අපගේ හර පද්ධතීන්ද (Value System) විනාශ කොට ඇත. සමුපකාර ව්‍යාපාරය හරහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (Social Democracy) සහභාගිත්ව ගුණය (Solidarity ) සහ පුද්ගල විනය (Personal Discipline) වැඩි දියුණු කළ හැකි බව මාගේ අධ්‍යයනයේදී පෙනී ගිය තවත් කරුණු කිහිපයකි.

    රුපියල් බිලියන 6 ක මූල්‍ය වත්කම්..​

    වරය සමුපකාරය සතු මූල්‍ය වත්කම 2022 වසර අවසන් වන විට රුපියල් බිලියන 6 කට ආසන්නය. සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය බලය ලබා ගත් 2006 වසරේ සිට මේ දක්වා ඔවුන්ට හිමි කිසිදු දීමනාවක් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් ලබා ගෙන නැත. ඒ සියළු දීමනා එකතු වන අරමුදලක් ගොඩනගා ඇත. එමගින්, වරාය සමුපකාර සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් වන දරුවන් සඳහා මුළු පාසැල් අධ්‍යාපන කාලය පුරාවට ශිෂ්‍යත්වයක් හැටියට දීමනාවක් ලබා දීමට යොදවා ඇත.

    මෙම ශිෂ්‍යත්ව අරමුදල 2008 දී තවත් පුළුල් කොට බැංකුව ලබන ලාභයෙන්ද කොටසක් යොදවා වසරකට සිසුන් 500 කට ශිෂ්‍යත්ව ලබා දෙයි. වසරකට රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක් මේ සඳහා වැය කරයි. 14 වන වතාවට මේ වසරේද එය ක්‍රියාත්මක කොට ඇත. ඊට අමතරව රුපියල් 15,000 වටිනා පාසැල් බෑග් මිල දී ගැනීම සඳහා වවුචර් පතක්ද ලබා දෙයි.


    සාමාජිකයන්ගේ විශ්වවිද්‍යාල වරම් ලබන සියළු දරුවන් සඳහා ශිෂ්‍යත්වයක්..​

    සාමාජිකයන්ගේ විශ්වවිද්‍යාල වරම් ලබන සියළු දරුවන් සඳහා 2012 සිට ශිෂ්‍යත්වයක් ලබා දී ඇත. පළමු වසරේ රුපියල් 25,000/- ක්ද ඉන්පසු අධ්‍යාපනය අවසන් වන තුරු රුපියල් 10,000/- බැගින් මුදලක් ලබා දෙයි. මේ සඳහා රුපියල් මිලියන 8-10ත් අතර මුදලක් ලබා දෙයි. වසරකට ළමුන් 400ක් සඳහා මෙම ශිෂ්‍යත්ව වරම් හිමිවෙයි.

    දුප්පත් ප්‍රදේශ දෙකකට අංග සම්පුර්ණ පාසැල් පුස්තකාල දෙකක්..​

    ළමුන් සඳහා පාසැල් බෑග් මිල දී ගැනීමට ලබා දෙන වවුචර් මිල දී ගැනීමේදී සහ සේවකයකුට කුඩ දෙක බැගින් ලබා දීමට වගේම පසුගිය දා ඇති වූ කොවිඩ් සමයේ රුපියල් 5000/- වටිනා වියලි ආහාර මල්ලක් ලබා දීම යනාදිය සඳහා තොග වශයෙන් මිල දී ගැනීමේදී විශාල වට්ටම් මුදලක් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබී ඇත. ඒ අනුව පසුගිය වසර තුනක එවැනි ලැබුණු වට්ටම් එකතුව රුපියල් ලක්ෂ 1,000 ක් බැංකුවට ඉතුරු කර දීමට අධ්‍යක්ෂ මණ්ඩලය සමත් වී ඇත. එම මුදලින් කොටසක් යොදවා දුප්පත් ප්‍රදේශ දෙකක අංග සම්පුර්ණ පාසැල් පුස්තකාල දෙකක් දරුවන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.

    විනාඩි 5 කින් ඇපකරුවන් නැතිව රුපියල් ලක්ෂ 5 ක ණයක්..​


    සමුපකාර සමිතියේ බලය ලබා ගත් වසර වන විට ක්ෂණික ණය වශයෙන් සාමාජිකයකුට ලබා ගත හැකිව තිබී ඇත්තේ රුපියල් 15,000ක උපරිමයක් ය. ජාතික ජනබලවේගය එවකට ජවිපෙ අධ්‍යක්ෂ මණ්ඩලය එය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කොට ඇත. විනාඩ් 05 ක් වැනි කෙටි කාලයක් තුල ඇපකරුවන් රහිතව මෙම මුදල ඕනෑම වේලාවක ලබා ගත හැක. ඊට අමතරව මෙම අධ්‍යක්ෂ මණ්ඩලය තවත් කෙටිකාලීන ණය ක්‍රමයක් හඳුන්වා දී ඇත. ආපදා අවස්ථාවක ඕනෑම සාමාජිකයකුට ඇපකරුවන් දෙදෙනකු සහිතව රුපියල් ලක්ෂ 10 ක් ලබා ගත හැක. මෙම ණය පොලිය ලංකාවේ ඕනෑම බැංකුවක තිබෙන අඩුම ණය පොලී ප්‍රතිශතය වීමද විශේෂය.

    ලෝකයේ කොහේවත් නැති සහනශීලී ක්‍රමවේදයක්..​

    කිසියම් ණය හිමියෙක් කුමණ හෝ හේතුවක් නිසා මියගිය හොත් සම්පූර්ණ ණය මුදල කපා හැරීමට අමතරව සියළු ඇපකරුවන් වගකීමෙන් නිදහස් කිරීමට ද කටයුතු කරන බව සභාපති නිරෝෂන් ගොරකාන මහතා ප්‍රකාශ කළෙ ය. තවත් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන බැංකුවක් ලෝකයේ සොයාගැනීමට හැකියාවක් නැත.

    ඔක්කොම කරන්නේ 14 දෙනෙකුගෙන්..​

    මෙම සියළු කටයුතු මෙහෙයවන්නේ 14 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකි. ලංකාවේ පෞද්ගලික බැංකුවකට වඩා විධිමත් , ආකර්ශනීය බැංකුවක් ලෙස වරාය සමුපකාර බැංකුව හඳුන්වා දිය හැක. ලංකාවේ සමුපකාර දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම සමුපකාර බැංකුව හැටියට ආදර්ශයට ගන්නේ වරාය සමුපකාර බැංකුවයි. කිහිප අවස්ථා වල හොඳම බැංකුව ලෙස වරාය බැංකුව ඇගැයීමට ලක් වී සහතික ලබා ඇත.

    රටටම ආදර්ශයක්..​

    වරාය සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය රටට ආදර්ශයක් ලබා දී ඇත. සමුපකාරය හොර ගුහාවක් යැයි බොහෝ අය කියන්නේ එය හොරුන්ගේ පාලනයට ලක් වී තිබීම නිසාය. රටට වී තිබෙන්නේ ද එයයි . කම්බා හොරුන් පිරිසක් අවුරුදු 75 ක් මේ රට පාලනය කොට මේ වන විට හපයක් කර ඇත . මෙය මුල සිට ගොඩනැගිය යුතුය. ඒ සඳහා අවංක පිරිසක් අතට රටේ ආයතන සේම රටද පත්විය යුතු ය. එවැනි පිරිසක් රට කරවීමට තෝරා ගැනීම පුරවැසියන් වන අපිට පැවරුණු අත් නොහැරිය හැකි වගකීමකි. මෙවර අප එය ඉටු කරමු. ඒ සඳහා අදිටන් කරගනිමු.

    ශාන්ත ජයරත්න​

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,716
    1
    2,093
    113
    jathika janabalawegaye labbak nisa duyunu wechcha magulak newe oka. oka liyapu eka kohoma unath jathika janabalawege ekek wenna athi. ithin oi oya inna un ekka waraya diyunu karanna kiyapnko. ai waraya diyunu wenne naththe??? 😂😂😂

    thawath kade palayan 225ta. maruma athal ratak meka. 😂😂😂
     
    Last edited:

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,716
    1
    2,093
    113
    කාබනික වගාව හැබැයි ඩ්‍රෝන් වලින් පෝර දාන්නෙ.

    අපි වවලයි අපි කන්නේ හැබැයි දානෙට ආධාර කරන්න. :lol: :lol: :lol: :lol:

    මට කාබනිකද රසයනිකද අදාල නැහැ. හැබැයි ඉතින් කබනිකත් දියර පොහොර තියෙනවා නේ. කාබනික කියලා drone වලින් පොහොර දාන්න බැහැ කියල එකක් නැහැ නේද? 😂😂😂

    කොහොම උනත් මලිමවට බනින කොට උඹටත් නිකන් භුමි තෙල් ගැහුව සර්පයෙක්ට වගේ දැවිල්ලයි නේ 😂😂😂

    තව කාලකන්නි පක්ෂ වලට කඩේ පලයන්. අනේ සාදු. system එක හොඳට change වෙයි. 😂😂😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    jathika janabalawegaye labbak nisa duyunu wechcha magulak newe oka. oka liyapu eka kohoma unath jathika janabalawege ekek wenna athi. ithin oi oya inna un ekka waraya diyunu karanna kiyapnko. ai waraya diyunu wenne naththe??? 😂😂😂

    thawath kade palayan 225ta. maruma athal ratak meka. 😂😂😂

    තැරි මූසල බයියෝ තීරණ ගන්න බලයක් තියෙන්න ඕන හදන්න. තැරි බයියන්ට ඕන උනා කියලා උබලගෙ හොරු ටික උඩ තැන්වල තියාගෙන කරන්න පුලුවන් නං මොනව කරන්න බැරිද බයියෝ 😹😹
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,716
    1
    2,093
    113
    තැරි මූසල බයියෝ තීරණ ගන්න බලයක් තියෙන්න ඕන හදන්න. තැරි බයියන්ට ඕන උනා කියලා උබලගෙ හොරු ටික උඩ තැන්වල තියාගෙන කරන්න පුලුවන් නං මොනව කරන්න බැරිද බයියෝ 😹😹
    එල තේරුනා. 😂😂😂
    අපි මාලිමාවට. system change එකක් කරමු. 😂😂😂
    පලයන් හුයියෝ යන්න. තෝ දන්න මාලිමාව. 😂😂😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉතින් ගහපන්කො අපිටත් යන්න පුලුවන් බැන්කුවක්

    ඕක කරන්න ආණ්ඩු බලය ඕනයැ
     
    • Love
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තැරි මූසල බයියෝ තීරණ ගන්න බලයක් තියෙන්න ඕන හදන්න. තැරි බයියන්ට ඕන උනා කියලා උබලගෙ හොරු ටික උඩ තැන්වල තියාගෙන කරන්න පුලුවන් නං මොනව කරන්න බැරිද බයියෝ 😹😹
    හායි. තාමත් අනුරගේ පුක ලෙව කනවද පැට්ටෝ 😂😂😂