උපසම්පදා විනය කර්මය
බුද්ධ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලද පළමු ශ්‍රාවකයෝ වනාහි පස්වග තවුසෝ ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව බරණැස ඉසිපතනයේ දී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි, යන තවුසන්ට දහම් දෙසීමෙන් අනතුරුව පළමුව ධර්මය අවබෝධ කොට ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසා ය. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද සහ උපසම්පදාව ඉල්ලා සිටි හෙයින් ‘එව මහණ’ (ඒහි භික්ඛු) යනුවෙන් කරන ලද ප්රකාශයෙන්ම ඔහුගේ පැවිද්ද සහ උපසම්පදාව විය.
අනතුරුව අනෙකුත් තවුසෝ ද බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද සහ උපසම්පදාව ඉල්ලා සිටි හෙයින් ‘එව මහණෙනි’ (ඒහි භක්ඛවේ) යන කැඳවීමෙන්ම ඔවුන්ගේ පැවිද්ද සහ උපසම්පදා විය. ශ්‍රමණ ජීවිත ගත කරමින් සිටි මෙම තවුසන් පස් දෙනා බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් බවට මෙසේ පත් වූයේ මඟ ඵල ලැබීමෙන් අනතුරුවය. සම්බුදු සසුනෙහි පැවිදි උපසපන් බව ලද භික්ෂුව වන්නේ කොණ්ඩඤ්ඤ තවුසා ය.
නොබෝ දිනකින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි යස කුළ පුත් ප්‍රධාන ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාද සමඟින් ලොව පළමුව සම්බුද්ධ ශාසනයට එක් වූ රහතන් වහන්සේලා හැට එක් නමකි. උන් වහන්සේලා සඳහා ද පැවිද්ද සහ උපසම්පදාව ලබා දෙන ලද්දේ එහි භික්ඛු උපසම්පදාවෙනි. මෙම එහි භික්ඛු උපසම්පදාව ලබා දීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ක්රමයකි. මුල් කාලයේ දී ඈත. දුර බැහැර ප්‍රදේශවල සිට පැවිදි උපසම්පදාව ලබනු කැමැති බොහෝ පිරිස් බුදුරජාණන් වහන්සේ වෙත යොමුකරවීමට සිදු විය.
බුදු සසුනෙහි පැහැදුනවුන් පැවිදි උපසම්පදා කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන ඒම බොහෝ දුෂ්කර කටයුත්තක් විය. සසුනට ඇතුළුවන පිරිස ශීඝ්‍රයෙන් වැඩි වන විට බුදු රජාණන් වහන්සේ ඒ ඒ දිසාවලදී ඒ ඒ ජනපදවලදී පැවිදි උපසම්පදාව ලබා දෙන ලෙසට භික්ෂුන් වහන්සේට අනුදැන වදාළහ. එතෙක් බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වී තිබූ පැවිදි උපසම්පදා කිරීමේ බලය විමධ්‍යගත කොට භික්ෂුන් වහන්සේට එම බලය පැවැරීමෙන් අනතුරුව බිහිවන උපසම්පදා ක්‍රමය සරණාගමන උපසම්පදා යනුවෙන් හඳුන්වන ලදී. එනම් තිසරණ ගැන්වීමෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා දීමයි.
ශාසනයේ ආරම්භයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වූ ක්‍රම 08ක් පිළිබඳව සඳහන් වේ.
01. එහි භික්ඛු උපසම්පදා
මෙය බුදු කෙනෙකුගෙන් පමණක් ලැබිය හැකි උපසම්පදාවකි. එසේම මාර්ග ඵල ලැබීමේ වාසනා ශක්තිය ඇත්තන්ට පමණක් හිමි වන උපසම්පදාවකි. පැවිදි උපසම්පදාව ලැබීමේ හා කෙලෙස් ප්‍රහීන කිරීමේ හේතු සම්පත් ඇති අයකු උපසම්පදාව ඉල්ලු විට බුදුරජාණන් වහන්සේ ඔහුට එව මහණ (ඒහි භික්ඛු) ධර්මය මැනවින් දේශනා කර ඇත.
මනාසේ දුක් කෙළවර කිරීම සඳහා බඹසර හැසිරෙවි. යනුවෙන් දේශනාකරති. එයම ඔහුට උපසම්පදාව වේ. ශාසනයේ ආරම්භක අවධියේ ම උපසම්පදාව ලැබීම බුදු කෙනෙකුගෙන්ම උපසම්පදාව ලැබී මුල්ම ශ්‍රාවකයන් වහන්සේලා අතරට ඇතුළත් වීම යන කරුණු නිසා එහි භික්ඛු උපසම්පදාවේ විශිෂ්ටත්වයක් ඇත.
02. සරණාගමන උපසම්පදාව
පැවිදි වීම සඳහා නොයෙක් දිශාවන්ගෙන් ඇදී එන පිරිස් වැඩි වූ විට එතෙක් බුදුරජාණන් වහන්සේට පමණක් තිබූ උපසම්පදා කිරීමේ බලය විමධ්‍යගත කොට භික්ෂුන් වහන්සේටද එම බලය පවරන ලදී. තීරණ ගැන්වීමෙන් එය සිදු කිරීමට අනු දැන වදාළ හෙයින් එය සරණාගමන උපසම්පදාව යනුවෙන් හඳුන්වන ලදී.
03. ඔවාද පටිග්ගහණ උපසම්පදා
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට බුදු රජාණන් වහන්සේ විසින් දෙන ලද අවවාද පිළිගැනීම ම උන්වහන්සේට උපසම්පදාව විය. එනිසා එය ඔවාද පටිග්ගහණ උපසම්පදා නම් විය.
04. පඤ්හ ඛ්යාකරණ උපසම්පදා
සත් හැවිරිදි සෝපාක සාමණේරයන්ගෙන් බුදුරදුන් විසින් විමසන ලද ප්‍රශ්නයක් විසඳීම නිසා පිරිනමන ලද උපසම්පදාවයි.
05. ගරු ධම්ම පටිග්ගහණ උපසම්පදා
මහා ප්‍රජාපතී ගෝතමියට අෂ්ට ගරු ධර්ම පිළිගැනීම නිසා උපසම්පදාව අනුදක්නා ලදී. එය ගරු ධම්ම පටිග්ගහණ උපසම්පදාව නම් වේ.
06. දුතෙන උපසම්පදා
පැවිදි උපසම්පදාව ලබනු කැමැත්තෙන් බුදුරදුන් වෙත යමින් සිටි අඩිඩකාසි ගණිකාව මාර්ගය උවදුරු සහිත වීම නිසා දූතයෙකු මගින් ඒ බව බුදු රදුනට දැන් වූ විට ඇයට අනභිමුඛයේ සිට පිරිනමන ලද උපසම්පදාව දුතේන උපසම්පදාව නම් වේ.
07. අට්ඨවාචික උපසම්පදා
මෙය භික්ෂුණීන් වහන්සේලාට වෙන් වූ උපසම්පදා ක්‍රමයයි. පළමුව භික්ෂූණී සංඝයා වෙතින් ද දෙවනුව භික්ෂූ සංඝයා වෙතන් ද ඤත්ති චතුර්ථ කර්මයෙන් කරනු ලබන උපසම්පදාව අට්ඨවාචික උපසම්පදා නම් වේ.
08. ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාවය
මෙය අද දක්වාම ක්‍රියාත්මක වන උපසම්දා ක්‍රමය වේ. ඤත්තිය සතරවැනි කොට ඇති (ඤති චතුත්ථ) යනු එහි අදහසයි. ඤත්තිය එක් වරක් හා අනුසාවනය තුන්වරක්ද කියනු ලබන හෙයින් ඤත්තිචතුත්ථක යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ.
උපසම්පදාවේ අක්යොප්ය භාවය
උපසම්පදාව නිසි පරිදි අකොප්‍යව පිහිටීම සඳහා කරුණු 05ක් සම්පූර්ණ විය යුතුය.
01. වත්ථ සම්පත්ති.
02. ඤත්ති සම්පත්ති.
03. අනුසාවක සම්පත්ති.
04. සීම සම්පත්ති.
05. පරිස සම්පත්ති.
මින් එකක් හෝ දුර්වල උවහොත් උපසම්පදාව සිද්ධ නොවේ.
ඤත්ති චතුත්ථ කම් උපසම්පදාවේදී උපසම්පදා අපේක්ෂකයා පළමු කොට සංඝයාගෙන් උපසම්පදාව ඉල්විය යුතු ය. උපසම්පදාව ලබා දීම සඳහා උපාධ්‍යා වරයෙක් අවශ්‍යය. දශ වර්ගික සංඝයා වැඩ සිටිය යුතුය. මෙම සංඛ්‍යාව පසුව භාරතයේ මධ්‍ය දේශයෙන් ප්‍රත්‍යන්ත දේශ සඳහා උපාධ්‍යායන් වහන්සේ ඇතුළු පස් නමක් සිටීම ප්‍රමාණවත් වන සේ සංශෝධනය කරන ලදී.
මෙම ක්රමයේ දී උපසම්පදා අපේක්ෂකයාගේ යෝග්‍යතාවයද සලකා බලන ලදී. එහි දී උපසම්පදාවට නුසුදුසු පුද්ගලයන් 15 දෙනකු පිළිබඳව දක්වා ඇත. එනම් පණ්ඩක ථෙය්‍ය සංවාසක, තිත්ථියපක්ඛන්තක, තිරවිඡාන ගත, මාතුඝාතක, පීතුඝාතක, අරහන්ත ඝාතක, උභතෝභ්යඤ්ජනක යන පුද්ගලයන් අට දෙනා ද උපාධ්යායවරයෙක් නැති, පාත්‍රයක් නැති, සිව්රක් නැති, පාත්‍රය හා සිව්ර නැති, ණයට ගත් පාත්‍රය ඇති, ණයට ගත් සිව්ර ඇති, ණයට ගත් සිව්ර හා පාත්‍රය ඇති, යන පුද්ගලයන් 07 දෙනා ද ඊට අයත් වෙති.
අනතුරුව අන්තරායකර ධර්ම 13ක් පිළිබඳව ද නැවත විමසා බලනු ලැබේ. පළමුව කුෂ්ඨ, ගෙඩි, වන, ඇදුම හා අපස්මාරය යන ආබාධ පස තිබේ දැයි විමසා බලයි. අනතුරුව තමා මනුෂ්‍යයෙක් ද පුරුෂයෙක් ද දාස නොවන්නෙක් ද ණය නැත්තෙක් ද මාපියන්ගෙන් අවසර ලැබූවෙක් ද විසිවස් සම්පූර්ණ ද පාත්‍ර සිව්රු සම්පූර්ණ ද යන කරුණු සත විමසා බැලේ. උපසම්පදාව ලබා දෙනුයේ ඉන් අනතුරුවය.
උපසම්පදා පච්චක්ඛානය
කෝටි සංඛ්‍යාත ශීක්ෂාපද සමුහයක් දරමින් උපසම්පදා ශීලය ආරක්ෂා කිරීම දුෂ්කර යැයි හැෙඟන භික්ෂුන් වහන්සේ නමකට උපසම්පදාවෙන් නිදහස් වී නැවත සාමණේර භික්ෂුවක් සේ කටයුතු කිරීමටද නිදහස ඇත. එය උපසම්පදා පච්චක්ඛානය නම් වේ.
අනුශාසනය
උපසම්පදාවෙන් පසු උපසම්පදා ලාභී නවක භික්ෂුවකට සීමා මාලකයේ දී ම ප්‍රතිඵල සම්පන්න මහ තෙර කෙනෙකු විසින් අනුශාසනාවක් පැවැත්වීම උපසම්පදා විනය කර්මයේ අනිවාර්ය අංගයකි. එහි දී භික්ෂු ජීවිතය අදාළ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව උපසම්පන්න නවක භික්ෂුවගේ අවධානය යොමු කරවනු ලැබේ.
01. උපසපන් වූ වේලාව
නවක භික්ෂුව උපසපන්වූ සෘතුව දවස හා වේලාව මෙහි දී දක්වනු ලැබේ. තමන් පත් වූ උත්තම තත්ත්වය හා තමන්වෙත පැවැරුන වගකීම් සම්භාරය පිළිබඳව නවක භික්ෂුවගේ අවධානය මෙමගින් යොමු වේ.
02. නිස සතර (චත්තාරෝ නිස්සයා)
බුද්ධ ශාසනයේ පැවිදි අතිශයින් සරළ සැහැල්ලු දිවි පෙවතකි. මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන ඇඳුම් පැළඳුම් නිවාස බෙහෙත් යන අවශ්‍යතා අවම ප්‍රමණයෙන් පරිභෝජනය කරමින් පැවිදි දිවිය පවත්වා ගෙන යාමට නිස සතර මගින් උපදෙස් දෙනු ලැබේ.
අකරණීය සතර
මෛථුන, අදින්නාදාන, මනුස්ස විග්ගහ, උත්තරී මනුස්ස ධම්ම යන පරාජිකා 04 මෙනමින් හඳුන්වනු ලබයි. පරාජිකා යනු පරාජයට පත් වීමයි. පරාජිකාවට පත් වු භික්ෂුවගේ උපසම්පදාව අහෝසි වනවා පමණක් නොව එම ආත්ම භවයේ දී නැවත උපසම්පදාව ලැබීමද කළ නොහැක්කේ ය. එහෙයින් දිවි ඇති තෙක් පරාජිකාවකට පත් නොවන සේ අනුශාසනාවෙන් අවධාරණය කරනු ලැබේ. මෙම අනුශාසනාවත් සමඟ උපසම්පදා විනය කර්මයේ කටයුතු අවසානයට පත් වේ.
සර්වඥ ශාසනයේ ඇති උපසම්පදා ශීලය නම් කුල පුත්‍රයන්ට ලෞකික ලෝකෝත්තර සියලු සම්පත් ළඟා කර දීමට සමත් වු වටිනාකම ප්‍රමාණ කළ නොහැකි අතිශය දුර්ලභ වූ වස්තුවකි. උපසම්පදා ශීලයන් අතුරින් අග්රතම සීලය වේ. එම නිසා එයට අධි ශීල යයි කියනු ලැබේ. එහි ආනිශංසය නොඅඩුව ලැබීමට නම් එය නොනැසෙන පරිදි සිදුරු නොවන පරිදි ආරක්ෂා කළ යුතුය. සුපේෂල භික්ෂාකාමී විනය පිළිබඳ මහා අවබෝධය ඇති උපසම්පදා භික්ෂුන් වහන්සේලා සංඝ සමාජයට එක් වීම තුළින් බුදු සසුනේ චිරස්ථිතිය තහවුරු කරලිය හැක.

- ආහාරපාන - පිණඩියා ලෝප භෝජන
- ඇඳුම් - පාංශුකූල චීවර
- නිවාස - රුක්ඛමූල සේනාසන
- බෙහෙත් - ප්රතිමුතත හේසජ්ජ
අකරණීය සතර
මෛථුන, අදින්නාදාන, මනුස්ස විග්ගහ, උත්තරී මනුස්ස ධම්ම යන පරාජිකා 04 මෙනමින් හඳුන්වනු ලබයි. පරාජිකා යනු පරාජයට පත් වීමයි. පරාජිකාවට පත් වු භික්ෂුවගේ උපසම්පදාව අහෝසි වනවා පමණක් නොව එම ආත්ම භවයේ දී නැවත උපසම්පදාව ලැබීමද කළ නොහැක්කේ ය. එහෙයින් දිවි ඇති තෙක් පරාජිකාවකට පත් නොවන සේ අනුශාසනාවෙන් අවධාරණය කරනු ලැබේ. මෙම අනුශාසනාවත් සමඟ උපසම්පදා විනය කර්මයේ කටයුතු අවසානයට පත් වේ.
සර්වඥ ශාසනයේ ඇති උපසම්පදා ශීලය නම් කුල පුත්‍රයන්ට ලෞකික ලෝකෝත්තර සියලු සම්පත් ළඟා කර දීමට සමත් වු වටිනාකම ප්‍රමාණ කළ නොහැකි අතිශය දුර්ලභ වූ වස්තුවකි. උපසම්පදා ශීලයන් අතුරින් අග්රතම සීලය වේ. එම නිසා එයට අධි ශීල යයි කියනු ලැබේ. එහි ආනිශංසය නොඅඩුව ලැබීමට නම් එය නොනැසෙන පරිදි සිදුරු නොවන පරිදි ආරක්ෂා කළ යුතුය. සුපේෂල භික්ෂාකාමී විනය පිළිබඳ මහා අවබෝධය ඇති උපසම්පදා භික්ෂුන් වහන්සේලා සංඝ සමාජයට එක් වීම තුළින් බුදු සසුනේ චිරස්ථිතිය තහවුරු කරලිය හැක.
කළුතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක
කළුතර මිහිකත ශ්‍රී සම්බෝධි විහාරාධිපති
රෙමුණේ කුසලඥාන හිමි
කළුතර මිහිකත ශ්‍රී සම්බෝධි විහාරාධිපති
රෙමුණේ කුසලඥාන හිමි
Last edited: