දවසක් ඇමරිකාවේ එක්තරා බැංකු ශාඛාවකට මහලු කාන්තාවක් ගොඩවෙනවා...
බැංකුවේ පෝලිමේ ටික වෙලාවක් ඉදීමෙන් පස්සේ ඇගේ වාරය පැමිණෙනවා... ඇය තම බැංකු දත්ත කාඩ්පත කවුළුවේ සිටින නිළධාරිනියට දීලා...
"කරුණාකරලා මට මගේ ගිණුමෙන් ඩොලර් 10 ක් ලබාදෙන්න..."
කියලා ඇයගෙන් ඉල්ලා සිටිනවා...
අර නිළධාරිනිය වැඩිය මේ වයසක කාන්තාව ගණන් ගන්නේ නැතුව සමච්චල් හිනාවක් පාලා,
"සමාවෙන්න නෝනා ඩොලර් 100 ට අඩු මුදලක් ආපසු ගන්නවානම්, කරුණාකරලා එළියේ තියෙන ATM යන්ත්‍රය භාවිතා කරන්න..."
කියලා කියනවා...
"මට ATM කාඩ් එකක් නෑ... මට දැනගන්න පුළුවන්ද ඇයි මට ඕන කරන මුදල මේ බැංකුවේ, මේ කවුළුවෙන් ගන්න බැරි කියලා..."
මේක ඇහුවම නිළධාරිනියට පොඩ්ඩක් කේන්ති යනවා... මහළු කාන්තාවගේ බැංකු දත්ත කාඩ්පත ආපසු ඇයට ලබාදෙන ගමන්...
"මේක අපේ බැංකුවේ තියෙන නීතියක්... ATM කාඩ් එකක් නැත්නම් කරුණාකරලා එකක් ලබාගන්න... ඊට පස්සේ ATM යන්ත්‍රය භාවිතා කරලා සල්ලි ගන්න... වෙන මොනවා හරි ප්‍රශ්ණයක් ඔබට මගෙන් අහන්න තියෙනවද... නෝනගේ පිටිපස්සෙන් තව ගණුදෙණුකරුවන් ගොඩක් බලාගෙන ඉන්නවා..."
මහළු කාන්තාව තත්පර කිහිපයක් නිශ්ශබ්දව ඉඳලා ආයෙත් තම දත්ත කාඩ්පත අර නිළධාරිනියට දෙනවා...
“කරුණාකරලා මට මගේ ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල් ගාන කියන්න පුළුවන්ද...?"
නිළධාරිනිය කාඩ්පත අරගෙන පරික්ෂාකර බලනවා... ඇයගේ ඇස් උඩ යනවා... පසුව ඇයගේ කේන්තිය නැතිවෙලා, පහත් ස්වරයෙන් ගෞරවාන්විතව...
“ඔබේ ගිණුමේ ඩොලර් 30,000,000ක් තියෙනවා මැඩම්..."
"හරි... එහෙනම් ඔය තියෙන සියළුම මුදල් ආපසු ගන්න ඔබට මට උදව් කරන්න පුළුවන්ද...?”
මහළු කාන්තාව නිළධාරිනියගෙන් අහනවා...
"සමාවෙන්න මැඩම් අද දවසේ මේ වෙන ගණුදෙණුත් එක්ක බලනකොට ඒ වගේ ගාණක් එකපාරටම ඔබතුමියට ලබාදෙන්න මේ ශාඛාවේ දැනට එතරම් මුදලක් නැතුව ඇති... ඔබව මම අපේ කළමණාකරු හමුවීමට යවන්නම්...
ඔහු සමඟ සාකච්ඡා කරලා හෙට එන්න... අපි මුදල් ලෑස්ති කරලා තියන්නම්..."
මොහොතක් කල්පනා කරන මහලු කාන්තාව...
"මට දැන් මේ කවුළුවෙන් කොපමණ මුදලක් ලබාගන්න පුළුවන්ද...?"
"දැනට ඩොලර් 3000 ක් වෙනකම් ඕනෑම මුදල් ප්‍රමාණයක් දෙන්නම් මැඩම්..."
"හොඳයි කරුණාකර මට දැන් ඩොලර් 3000 ක් ලබා දෙන්න."
නිළධාරිනිය සියළු කටයුතු සිදුකිරීමෙන් පසුව කාරුණිකව ඩොලර් 3000ක් ඉතා මිත්‍රශීලීව හා සිනහවකින් මහළු කාන්තාව වෙත ලබාදෙනවා...
මහලු කාන්තාව ඇගේ මුදල් පසුම්බිය අරගෙන එයට අර මුදල් වලින් ඩොලර් 10 ක් දමාගෙන ඉතිරි ඩොලර් 2990ව නැවත නිළධාරිනිය වෙත ලබාදී මෙහෙම කියනවා...
"මේ ඩොලර් 2990 ආපහු මගේ ගිණුමේ තැන්පත් කරන්න පුළුවන්ද...?
නිළධාරිනිය අර ඩොලර් 2990 නැවත ඇගේ ගිණුමට තැන්පත් කරනවා...
මේ කතාවෙන් ඔබට ඉගෙන ගත හැකි පාඩම මොකක්ද...?
නීතීරීති සහ තාක්ෂණික ගැටළු නිසා මහළු අය අපහසුවට පත් කිරීමටවත්, ඒ ගැන ඒ අය සමඟ වාද කිරීමටවත් කිසිම වෙලාවකවත් උත්සාහ නොකරන්න...
මොකද ජීවත්වීම සඳහා ජීවන කුසලතා ඉගෙන ගන්නට මහළු අය ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරලා තියෙන නිසා ඒ වගේ ගැටළු විසඳා ගන්න එක එයාලට සුළු දෙයක්...
ඔබේ අදහස කමෙන්ට් කරන්න ....
ශෙයා කරන්නත් අඩවිය - Adaviya
Copied from Facebook
niyama kathawak