මචන්ලා
බබා හම්බුනට පස්සේ කාසල් එකෙන් දුන්න උප්පැන්නේ එක මාස 3ක් ද කොහෙද වලංගු වෙන්නේ කතාවක් කිව්වා, ඔරිජිනල් එක
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගන්න ඕනි කිව්වා මොකද්ද බන් ඒ සීන් එක.
අහන ප්‍රශ්නෙට උත්තරේ නම් දන්නෙ නෑ මචං .
අමතර දෙයක් කියන්නම්.
හොස්පිටල් එකෙන් දෙන සර්ටිෆිකේට් එක මොන හේතුවකටවත් නැති කරගන්න එපා රජෝ, ඒක ආයෙ ගන්න බෑ.
රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන්නෙ මචං උන්ගෙ ඩේටාබේස් හරි ඔරිජිනල් එකේ උන්ලග තියෙන කොපියෙන් ගන්න ෆොටෝකොපි එකක රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකේ සීල් එක ගහල ( නීතියෙන් කිසිම වෙනසක් නෑ මේ දෙකේ.) හැබැයි ඒක හෙන කැතයි.
කොහේට හරි (ඉස්කෝලෙකට දාන්න ගියාම වගේ) ඔරිජිනල් උප්පැන්නෙ ගේන්න කියල කියනවනම්, රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් සහතික කරගත්තු එක දෙන්න. හොස්පිටල් එකෙන් දෙන ඔරිජිනල් එකනම් මැරුවත් දෙන්න එපා.
උන් හොස්පිටල් එකෙන් දෙන ඔරිජිනල් එක නැතිකරත් උඹට සොරි තමා.
රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන එක නැති වුනත් අවුලක් නෑ 300ක්ද කොහෙද දීල ආයෙ ගන්න පුලුවන්.
ඒක නිසා හොස්පිටල් එකෙන් දෙන ඔරිජිනල් එක තියාගෙන, රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් එහෙන් දෙන ඔරිජිනල් සර්ටිෆිකේට් කීපයක් ගනින්, මොනාහරි හේතුවකට ඔරිජිනල් උප්පැන්නෙ ගේන්න කිව්වොත් රෙජිස්ට්‍රාර් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්තු ඒවයින් එකක් දීපන්, හොස්පිටල් එකෙන් දෙන එක ගෙයින් එලියට ගෙනියන්න එපා.