ඕව නං කියලා වැඩක් නැහැ
මම සාමාන්‍යෙන් හැම තැනටම වගේ යන්නෙ ස්ලිපර්ස් දෙකක් දාගෙන අතට අහු උනු ඩෙනිමකුයි ටී ශර්ට් කෑල්ලකුයි ගහගෙන, ඕවයෙ ඉන්න උන් හිතන්නෙ කොහෙන් හරි ආපු මෝඩයෙක් කියලා
මම නිතරම යන හාඩ්වෙයා එකක් තියනවා, එතනට හැමදාම යන්නෙ වැඩ කරන ගමන් පිස්සෙක් වගේ මජං ගාගෙන මඩ ගාගෙන, ඌ හිතං ඉන්න ඇත්තෙ ගැරිජ් එකක ගෝලයෙක් කියලා. ලඟදි දවසක සුද්දෙක් ඇවිත් එතනට එකා කියන දේවල් තේරෙන්නෙ නැතුව මම ඒකට කඩ්ඩෙන් කතා කරලා ඌට ඕන බඩු ටික අරගන්න උදවු කරා. එදා ඉඳං හාඩ්වෙයා එකේ එකා මට මහත්තයා කියලා කියන්නෙ, කලින් කතා කරේ මල්ලි කියලා එහම නැත්තං ඒකවත් නැතුව.