උපාධි ප්‍රදානෝත්සවය ගැන නොදත් කරුණු

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    උපාධි ප්‍රදානෝත්සවය ගැන නොදත් කරුණු

    ක්‍රිස්තියානි ආගමික කොටහළු මඟුලෙන් පැවතෙන උපාධි ප්‍රදානෝත්සවය

    Oxford-Graduation-Ceremony1-393x500.jpg


    උපාධි තොප්පිය හා ලෝගුව ගැන ඉතිහාසයේ බොහෝ දෙනෙක් නොදන්නා කාරණා ඇත…(ඒත් ඒ තොප්පිය සහ ලෝගුව එක් වතාවක් නොව, කිහිප වතාවක්ම දා ගත් අය සිටිති…). 10 වැනි සියවසේ එංගලන්තය ආශ්‍රිතව පැවති පූර්ව – මධ්‍ය කාළීන කිතුණු සමාජයේ මිනිසෙකු එක් ජීවිතයකින් තවත් ජීවිතයකට “සංක්‍රාන්තියක්”, නැතහොත් “අන්තර්-රූපණයක්” සිදු කරන විට පොදු චාරිත්‍ර තුනක් අනුගමනය කොට ඇත…
    1. චාරිත්‍රයන් සහ වතාවත් සිදුකිරීම.
    2. සෙසු සමාජයෙන් වෙන්කර තැබීම සහ ස්වරූපාන්තරණය.
    3. නව මිනිසා සමාජයට එක් කිරීම….

    අදටත් බටහිරින් දායාද වූ විවාහ චරිත්‍ර නිසා ලොව පුරා විවාහ මංගල්‍යයන් වලද මේ “තෙපියවර” දක්නට ඇත…
    1. “වෙඩිං එක”.
    2. “හනිමූන්” හෙවත් සෙසු සමාජයෙන් වෙන්කොට තබා සිදු කරන ලිංගික රූපාන්තරණය.
    3. ඊනියා “හෝම් කමිං” එක හෙවත් යළි නව ස්වරූපයෙන් සමාජ ගත කිරීම.
    පියවර තුනෙන් අර්ථ වත් කෙරෙන්නේ කිතුණු ත්‍රිත්වයයි…(පියා – චාරිත්‍රය, පුත්‍රයා – රූපාන්තරණය, ශුද්ධාත්මය – නව ආරම්භය හෝ නව හඳුන්වා දීම)

    1415 වසරේ පැවැත්වුණු බටහිර ලෝකයේ පළමුවැනි “උපාධි ප්‍රදානෝත්සවය” වන ඔක්ස්ෆර්ඩ් දේවස්ථානයේ (අද ඔක්ස්ෆර්ඩ් සරසවිය) කිතුණු දර්ශණ උපාධි ප්‍රදානෝත්සවය මේ චාරිත්‍ර ත්‍රිත්වය එළෙසින්ම අනුගමනය කරන ලදී… මුලින්ම උපාධිදාරීන්ව, චාරිත්‍රයකින් පසුව, (එවකට “වර දාරීන්” ලෙස හැඳින්වූ) දින තුනක් දෙමාපියන්ගෙන් සහ සමාජයෙන් වෙන් කර තබන ලදී… ඒ කාළය තුල ඒ අයව කාමර වල සිර කර තබන ලද අතර, එළිමහනට එනවා නම් හිසේ සිට දෙපතුල් තෙක් වැසෙන කළු ලෝගුවක් පොරවා, අන් අයගෙන් වසන් කර ගෙන යාම සිරිත විය…

    993663_graduation_cap1.jpg

    ඔය ඔළුවේ පළන්දන හරි හතරැස් තොප්පිය දා ගත් අය ඕකේ හරි හතරැස් කොටුවට යට තියෙන හිසට සවිකරන කෑල්ල දෙස හොඳින් බලන්න… ඒ යුගයේ ඕකටම අල්ලා මුළු මුහුණම වැසී යන සේ, නාසය සහ දෑස් පමණක් විවර වන (මුස්ලිම් තරුණියන් අඳින හිජාබ් වස්ත්‍ර කොටස බඳු ) මුව වැස්මක් තිබී ඇත… ඒවා පිටින්ම දින තුන අවසානයේ උපාධිය දෙන තැනට ගෙන එන උගතුන්ගේ මුහුණු එතැනදී නිරාවරණය කොට, අලුත් පුද්ගලයෙකු හෙවත් සෙසු සමාජයට ඉහළින් සිටින “උගතෙකු” ලෙස සමාජ ගත කරයි…

    මෙම උත්සවයට “බැකලෝරියෙට්” උළෙල යැයි කියති… බැකිලොරියෙට් ඉංග්‍රීසියට පැමිණ ඇත්තේ “බෑකල්” (කන්‍යාවිය) + “ආරිටෝ” (හීබෘ භින්නයක් ලෙස ලතින් භාෂාවට එක්වූ ආරිටෝ යන්නෙහි තේරුම “මල් වර වෙනවා” හෙවත් වැඩිවිය පැමිණෙනවා යන්නය) + “එයිටස්” (උළෙල) යන අරුත් මුහුවෙනි… (ඉංග්‍රීසීන් වචන දෙක තුනක් වුවද එක වචනයක් අස්සට ඔබා ගන්නට රුසියෝය…) ..එවිට “කන්‍යාවිය වැඩිවිය පැමිණි උළෙල” හෙවත් කොටින්ම කිව්වොත් එය එක්තරා විදිහක “කොටහළු මංගල්‍යයයකි…” .. දැනුමින් මුහුකුරා වැඩිවිය පැමිණීමේ උළෙල එය වේ…(ලතින් මුහුව, මහාචාර්ය තෝමස් රෙයින්ස්ෆර්ඩ් විසින් රචිත “History of the English Language” ග්‍රන්ථයෙන් උපුටා ගතිමි…).. එවිට විවාහ නොවී සිටින තනි පුද්ගලයාට හෙවත් “කන්‍යා” තත්වයේ සිටින තැනැත්තාට හෝ තැනැත්තියට යොදන “බැචිලර්” ආමන්ත්‍රණය, මූලික උපාධි සඳහා හෙවත් “බැචිලර්ස් ඩිග්‍රීස්” සඳහා ලැබී ඇත්තේ ඇයිදැයි ඔබට වටහා ගත හැක….

    උපාධි ප්‍රධානෝත්සවයටත් මූලාරම්භය පැහැදිළි කළේ කාටවත් මේවාට විරුද්ධව ඊනියා “අරගල” කරගනිමින් පාරවල් වල වාහන ගමනාගමනය අඩාල කිරීමට හෝ එතනින් නොනැවතී ”විරු සිසුවෙකු” වීමට නොවේ., විශ්ව විද්‍යාල පද්ධතිය සහ එහි පවතින මතවාදී ආධිපත්‍යය කාගේද, මොන වගේද කියන එක ගැන සිතා බලන හුදී ජනයාගේ අවබෝධය පිණිසමැයි…
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝ එහෙනම් උපාධිය ගන්නෙ නැතුව හිටපිය.
    useless thread
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    අපිට නම් අපේ ප්‍රොපා (දැන් මියගොස්) කිව්වේ උපාධි ප්‍රදානෝත්සවයේදී අඳින ලෝගුවෙන් සනිටුහන් වෙන්නේ ආදී කාල වලදී අධ්‍යාපනය වෙනුවෙන් කැපවුන තපසුන් (monks) හැඳි වස්ත්‍රය බවයි. එතුලින් ඒ තපසුන්ගේ තිබූ නිහැඬියාව, අධ්‍යාත්මික පිරිසිදුභාවය සහ තමුන්ගේ දිවිය ලොවේ අන් අයගේ යහපත උදෙසා කැප කිරීම මතක් කර දීමටලු
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අපිට නම් අපේ ප්‍රොපා (දැන් මියගොස්) කිව්වේ උපාධි ප්‍රදානෝත්සවයේදී අඳින ලෝගුවෙන් සනිටුහන් වෙන්නේ ආදී කාල වලදී අධ්‍යාපනය වෙනුවෙන් කැපවුන තපසුන් (monks) හැඳි වස්ත්‍රය බවයි. එතුලින් ඒ තපසුන්ගේ තිබූ නිහැඬියාව, අධ්‍යාත්මික පිරිසිදුභාවය සහ තමුන්ගේ දිවිය ලොවේ අන් අයගේ යහපත උදෙසා කැප කිරීම මතක් කර දීමටලු

    එංගලන්තෙ කොහෙද තපස්සු හිටියේ :lol::lol::lol::lol::lol:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    දැන් උබ කියන්නේ උපාදිය ගද්දි කොස් කොළ ඔටුන්නක් දාගන්න කියලද :lol::lol::lol::lol: