උපාලි විජේවර්ධන ගැන කරුණු 9ක්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    උපාලි විජේවර්ධන ගැන කරුණු 9ක්


    ලංකාවෙන් බිහිවුණු සුවිශිෂ්ට ව්‍යාපාරිකයෙකු වුනු උපාලි විජේවර්ධන ගැන මේ කරුණු 9 ඔබ දන්නවාද?

    [FONT=&quot]
    උපාලි විජේවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකය වෙනස් කරන්න සම්පූර්ණයෙන්ම වෙනස් විදියට හිතපු, කවුරුවත් යන්න නොහිතපු දුරක් ගියපු, ව්‍යාපාරික ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් ඇතිකරපු මනුස්සයෙක් කියලා කිව්වොත් හරි. ඩෙල්ටා ටොෆී හදන ව්‍යාපාරයකින් තමන්ගේ ගමන පටන් ගත්තු උපාලි ඉන් පස්සේ යුනික් කියන බ්‍රෑන්ඩ් එක ආරම්භ කරන්නේ ලංකාවේ ටීවී, ඔරලෝසු සහ රේඩියෝ එකලස් කරන ව්‍යාපාරයක් පටන් ගැනීමත් එක්ක. ඒ විතරක් නෙවෙයි, 69 වගේ කාලෙක මැස්ඩා කාර් ලංකාවේ එකලස් කරන්න පවා උපාලි අත ගහනවා. මේවා සාර්ථක නොවීම වෙනම කාරණයක්. මේවාට අමතරව මුල්ම දේශීය ගුවන් හා හෙලිකොප්ටර් සේවා සමාගම, කැන්ඩොස් චොකලට් වගේ ව්‍යාපාර එක්ක උපාලි විජේවර්ධන නම අමරණීය වෙනවා. කොහොමහරි අන්තිමට උපාලි විජේවර්ධන අබිරහස් අන්දමට අතුරුදන් වෙනවා. මෙතනට එනකල් කතාව සෑහෙන්න දෙනෙක් දන්නවනේ. අපි කතා කරමු උපාලි විජේවර්ධන ගැන ගොඩක් දෙනෙක් නොදන්න, ටික දෙනෙක් දන්න තවත් කාරණා හතක්!

    [/FONT]
    1. පළවෙනි බිස්නස් එක

    [FONT=&quot]
    Lesser-Known-aniwa-01.jpg


    [/FONT]
    [FONT=&quot]“අපේ තාත්තට මඩකළපුවේ සීනිබෝල හදන මැෂිමක් තියෙනවා. මේ දවස්වල බිස්නස් සවුත්තුයි කියලා තාත්තා වැඩේ අල්ලලා දාන්නයි ඉන්නෙ. අපි ඒක ගෙනත් මෙහෙ සීනිබෝල හදන්න පටන් ගනිමු“උපාලි විජේවර්ධනට මෙහෙම කියන්නේ උපාලිගේ ගජ මිත්‍රයෙක් වුණු රාජාරාම්. ඒ විදේශිකයෙක් එක්ක වුණු මතභේදයකට පස්සේ උපාලි ලිවර් බ්‍රදර්ස් සමාගමෙන් අයින් වුනාට පස්සේ. මේක අහපු උපාලි මඩකළපුවට ගිහින් සීනි බෝල මැෂින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ. පස්සේ පස්සේ මෝටර් යොදාගෙන හදන තරමට වැඩේ දියුණු වෙනවා. හරියටම කියනවා නං මේක තමයි උපාලි විජේවර්ධන කියන විශිෂ්ට ව්‍යවසායකයා ව්‍යාපාරික ලෝකයට තබපු පළමු පියවර කියලා කියන්න පුලුවන් වෙන්නේ.[/FONT]

    2. කැන්ඩොස් මාමා!

    [FONT=&quot]
    Lesser-Known-aniwa-02.gif

    [/FONT]
    [FONT=&quot]ආසම චොකලට් ජාතිය මොනවද කියල ඇහුවහම ලොකු ලොකු බ්‍රෑන්ඩ් නේම්ස් කියන අය්යලාට අක්කලාට වුනත් පොඩි කාලේ ඉඳන් හුරුපුරුදු කැන්ඩොස් රහ අමතක කරන්න බැහැනේ. ඉතින් කැන්ඩොස් මාමා කියලා හඳුන්වපු උපාලි විජේවර්ධන මහතා චොකලට් වෙළෙඳනාමයක් විදියට වැඩිදියුණු කරන්නේ තමන්ගේ මාමා කෙනෙක් වුණු සෙනේට් සාමාජික සරත් විජේසිංහ මහතාගෙන් තමන්ට උරුම වුණු චොකලට් කර්මාන්ත ශාලාව තමයි. උපාලි විජේවර්ධන තමයි මේ සම්පූර්ණ ව්‍යාපාරයම නවීකරණය කරලා, කෙටි කාලයකින්ම ‘කැන්ඩොස්’ කියන්නේ ලංකාවේ ජනප්‍රියතම චොකලට් බ්‍රෑන්ඩ් එක බවට පත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, වෙන රටවලුත් කැන්ඩොස් නාමය අඳුනගන්න පටන් ගන්නවා උපාලි විජේවර්ධන නිසා.[/FONT]

    3. උපාලි සමූහ ව්‍යාපාරේ නිල ලාංඡනේ හැදුණේ මෙහෙමයි

    [FONT=&quot]
    Lesser-Known-aniwa-03.jpg


    [/FONT]
    [FONT=&quot]“ඒ කාලේ ලිවර් බ්‍රදර්ස් ආයතනයේ ගණකාධිකාරි කළමනාකරු හැටියට සේවය කළ උපාලි විජේවර්ධනව මම හඳුනාගෙන හිටියා. ඔහු උපාලි ගෲප් නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න කටයුතු පිළියෙල කරමින් හිටියේ. ඔහු ස්ටාර් ටොෆි කොම්පැනිය මිලට ගත්තා. ඒ කාලේ තමයි ඔවුන් සැදු ඩෙල්ටා ටොෆියට මම චුට්ටයි චුට්ටිවයි ඇන්දේ. අදටත් ඒ චුට්ටයි චුට්ටියි ඩෙල්ටා ටොෆි කොළයේ ඉන්නවා.” මෙහෙම කියන්නේ ඩෙල්ටා ටො‍ෆියේ නිල වෙළෙඳ ලාංඡනය නිර්මාණය කරපු ගුණසිරි කොළඹගේ කියන නිර්මාණකරුවා.[/FONT]
    [FONT=&quot]ඒ විතරක් නෙවෙයි, උපාලි සමූහ ව්‍යාපාරේ ලෝගෝ එක අඳින්නෙත් ගුණසිරි කොළඹගේ මහත්තයා. ඇත්තටම උපාලි විජේවර්ධනයන්ගේ ගෙදර තිබුණු පරම්පරාගත මුද්දේ සලකුණ මේ ලෝගෝ එකට ගත්තා කියල තමයි අහන්න ලැබෙන්නේ.[/FONT]
    [FONT=&quot]මේ ඇරෙන්න උපාලි විජේවර්ධනගේ ව්‍යාපාරයන් තුළ තවත් බොහෝ දේවලට මේ ගුණසිරි කොළඹගේ කියන නිර්මාණකරුවාගේ දායකත්වය ලැබිලා තියෙනවා. උදාහරණ විදියට දක්වනවා නම් යූනික් රේඩියෝ ව්‍යාපාරය පටන් ගන්නකොට යුනික් කියන නම යෝජනා කරන්නේ, උපාලි සමූහ ව්‍යාපාරයෙන් නිෂ්පාදනය කරපු ක්‍රිස්ටල් සබන් කැටය මුලින්ම ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් නිර්මාණය කරන්නේ පවා මේ කෘතහස්ත නිර්මාණකරුවා විසින්.[/FONT]
    අනිවා Modern Lifestyles එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි


    4. ලංකාවේ එකලස් කළ මැස්ඩා සහ ‍ෆියට් කාර්


    [FONT=&quot]
    Lesser-Known-aniwa-04.jpg


    [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාව තුළ ‍ෆියට් සහ මැස්ඩා මෝටර් රථ එකලස් කරලා අලෙවි කරන්න උපාලි විජේවර්ධන පටන් ගත්තේ ලංකාවේම වාහන නිපදවීමේ සිහිනයක් තියාගෙන වෙන්න ඇති. කොහොම වුනත් හෝමාගම පැත්තේ මැස්ඩා කාර් එකලස් කරන්න අලුතින් ගොඩනඟපු කර්මාන්තශාලා සංකීර්ණයට වැය කරලා තියෙන්නේ මැස්ඩා වාහන වලට දීපු අත්තිකාරම් මුදල් කියලා කියනවා. ඇඩ්වාන්ස් එකෙන් ෆැක්ටරියක් අරින්න පුලුවන් කම තිබ්බ නං ව්‍යාපාරේ කොහොම සාර්ථක වෙන්න තිබ්බද? කොහොම වුනත් පස්සෙ කාලෙක ‍ෆියට් කාර් එකලස් කරන්නත් පටන් ගත්තත් ව්‍යාපාරය බිඳ වැටෙන්න පටන් ගත්තේ ඒ වෙනකොට අඩු මිල ජපන් කාර් ලංකාවට ගෙන්නන්න පටන් ගත්තු නිසා තමයි.[/FONT]

    5. රේ විජේවර්ධන සහ උපාලි විජේවර්ධන

    [FONT=&quot]
    Lesser-Known-aniwa-05.jpg


    [/FONT]
    [FONT=&quot]උපාලි විජේවර්ධන ‍ෆියට් 128 කාර් ලංකාවේ එකලස් කරලා විකුණන්න පටන් ගත්තහම මේ කාර්මික තාක්ෂණික ක්‍රියාවලියට උදවු කරන්න උපාලිගේ ඥාතියෙක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි රේ විජේවර්ධන. ලෝකේ ප්‍රථම අත්ට්‍රැක්ටරය නිර්මාණය කරපු සුවිශිෂ්ට ශ්‍රී ලාංකික නවනිපැයුම්කරුවෙකු වුණු රේ විජේවර්ධන හෙවත් දේශමාන්‍ය විද්‍යාජෝති ආචාර්ය පිලිප් රේවත විජේවර්ධනගෙන් වුනත් ශ්‍රී ලංකාව හැබෑ ප්‍රයෝජනයක් ගත්තෙ නෑ කියන්න පුලුවන්.[/FONT]

    6. ගුවන් යානා ආසාව

    [FONT=&quot]
    Lesser-Known-aniwa-06.jpg


    [/FONT]
    [FONT=&quot]උපාලි විජේවර්ධන ගුවන් සේවාවක ගමන් කරනකොට වුනත් අතිශයින්ම සුඛෝපභෝගී විදියට පළමු පංතියේ යන්න එන්න පුරුදු වෙලා හිටි කෙනෙක් කියලා ගොඩක් දෙනා කියනවා. ඒකට පුදුමයකුත් නෑ, ඒ කාලේ හිටපු ධනවත්ම ශ්‍රී ලාංකිකයෙක් විදියට උපාලිට තිබුණු ප්‍රසිද්ධියත් නිසා. කොහොම වුනත් උපාලි තමන්ගේ වාහන එකලස් කරන ව්‍යාපාරය කරගෙන ගියපු කාලෙදීම තමයි “උපාලි ඒවියේෂන්” සමාගමත් පටන් ගන්නේ. ඇත්තටම මේක තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම. මේ සමාගම වෙනුවෙන්ම පුද්ගලික ජෙට් යානා සහ හෙලිකොප්ටර් කීපයක් එහෙමත් ඔහු මිලදී ගෙන තිබුණා.[/FONT]
    [FONT=&quot]කොහොම නමුත් උපාලි විජේවර්ධන තුළ මේ ගුවන් යානාවන්ට තිබුණු ආශාව නිසාම වියදම් අධික වෙලා උපාලි සමූහ ව්‍යාපාරය ඉහළ නඟිමින් තිබුණු ගමන අඩාල වුනා කියලත් සමහරු කියනවා.[/FONT]

    7. ඉ‍ටු නොවුණු අපේක්ෂාවන්

    [FONT=&quot]
    Lesser-Known-aniwa-07.jpg


    [/FONT]
    [FONT=&quot]උපාලි විජේවර්ධන කියන්නේ ලංකාවෙන් ජාත්‍යන්තර තලයට නැගපු, ෆෝර්චූන් සඟරාවේ පවා නම ලියවුණු විශිෂ්ටතම ව්‍යවසායකයෙක් කියන එක අහන්න දෙයක් නැහැනේ. ලංකාවේ සමහරු උපාලි විජේවර්ධන ගැන ආඩම්බර වුනේ ජාත්‍යන්තර තලයට ගිය බෞද්ධ ව්‍යාපාරිකයෙක් කියලා තමයි. උපාලි විජේවර්ධන භක්තිමත් බෞද්ධයෙක්ද නැද්ද කියන්න අපි දන්නෙ නැති වුනත් ලංකාව වටේම මුහුදු තීරයේ හැම සැතපුම් හයක් පාසාම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනංවන්නට, ඒවායේ බුදුදහමේ ප්‍රවීණත්වය වගේම දෙස්විදෙස් භාෂා ප්‍රවීණත්වයත් අත්පත් කරගත්තු භික්ෂූන් වහන්සේලා නතර කරවන්නත් උපාලි විජේවර්ධන මහතාගේ බලාපොරොත්තුවක් තිබුණාය කියලා අහන්න ලැබෙනවා. මේක රටේ ආගමික අභිවෘද්ධියට වගේම සංචාරයක ව්‍යාපාරයටත් ප්‍රයෝජනවත් කියලලු උපාලි විජේවර්ධනගේ හිතේ තිබුණේ.[/FONT]

    8. උපාලිගේ සුඛෝපභෝගී ජීවිතය

    [FONT=&quot]
    Lesser-Known-aniwa-08.jpg


    [/FONT]
    [FONT=&quot]උපාලි විජේවර්ධන කියන්නේ ව්‍යාපාරිකයෙක් වගේම හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවපු කෙනෙක්. ස්ටයිල් එකට ජීවත්වුණු මහත්මයෙක්. උපාලි විජේවර්ධනගේ ආසාවන් බොහොම පුළුල් පරාසයක විහිදිලා තිබිලා තියෙනවා. රේස් අස්සයෝ, හොඳ පෙඩිග්‍රි තිබුණු බල්ලෝ සහ කාර් රේස් ඒ අතරින් සමහරක්. උපාලි විජේවර්ධනගේ රේස් අස්සයෝ ඇස්ටන් සහ ඩර්බි තුරඟ තරඟ ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට හොඳ පෙඩිග්‍රි තිබුණු ලැබ්‍රඩෝ සහ රිට්‍රීවර් බල්ලෝ තරග වලින් විශිෂ්ටතම බල්ලෝ විදියට ජයලබාගෙන තියෙනවා.[/FONT]
    [FONT=&quot]විජේවර්ධන මහතා මුලින්ම මිට්සුබිෂි ලාන්සර් එකක් අරගෙන තියෙන්නේ කාර් රේස් සඳහා. එතකොට විජේවර්ධන මහතා මැලේසියාවෙන් ගෙන්නපු සුඛෝපභෝගී S-Class Mercedes Benz 126 කාර් එක ලංකාවේ තිබුණු ඒ වර්ගයේ එකම කාර් එක කියලත් අහන්න ලැබෙනවා.[/FONT]

    9. සුචච කීකරු සේවකයා

    [FONT=&quot]
    Lesser-Known-aniwa-09.jpg


    [/FONT]
    [FONT=&quot]අද ඉන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැති කාරණයක් තමයි උපාලි සමූහ ව්‍යාපාර කොහොමද විජේවර්ධන කෙනෙක් නොවෙන නිමල් වෙල්ගමගේ හිමිකාරිත්වයට ගියේ කියන එක. නිමල් වෙල්ගම කියන්නේ උපාලි විජේවර්ධනගේ සුචච කීකරු සේවකයෙක්. විශේෂයෙන්ම උපාලි විදෙස් සංචාර වලට එහෙම යනකොට ලංකාවේ ව්‍යාපාර බලාගන්න එක පවරලා යන්න තරමටම නිමල් වෙල්ගමව විශ්වාස කරනවා. කොහොමහරි 1983 පෙබරවාරි 13 වෙනිදා උපාලි විජේවර්ධන තමන්ගේ කාර්යමණ්ඩලයේ හයදෙනෙකුත් එක්කම තමන්ගේ පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ ඉඳලා ලංකාව බලා එනකොට අබිරහස් විදියට අතුරුදන් වෙනවා. කොහොම වුනත් මේ සිද්ධියෙන් ටික කාලෙකට පස්සේ නිමල් වෙල්ගම සහ උපාලි විජේවර්ධනගේ බිරිඳ ලක්මිණී විජේවර්ධන අතර විවාහය සිදුවෙනවා. ඈ ලක්මිණී වෙල්ගම වෙනවා.[/FONT]
    [FONT=&quot]
    Source:aniwa

    [/FONT]
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ආයේ ඔය වගේ ව්‍යාපාරිකයෙක් බිහි උනොත් හොදයි ලංකාවේ.
    දැනට කව්රුවත් නැ ලංකාවේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai


    9. සුචච කීකරු සේවකයා

    [/SIZE]
    [FONT=&quot]
    Lesser-Known-aniwa-09.jpg


    [/FONT]
    [FONT=&quot]අද ඉන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැති කාරණයක් තමයි උපාලි සමූහ ව්‍යාපාර කොහොමද විජේවර්ධන කෙනෙක් නොවෙන නිමල් වෙල්ගමගේ හිමිකාරිත්වයට ගියේ කියන එක. නිමල් වෙල්ගම කියන්නේ උපාලි විජේවර්ධනගේ සුචච කීකරු සේවකයෙක්. විශේෂයෙන්ම උපාලි විදෙස් සංචාර වලට එහෙම යනකොට ලංකාවේ ව්‍යාපාර බලාගන්න එක පවරලා යන්න තරමටම නිමල් වෙල්ගමව විශ්වාස කරනවා. කොහොමහරි 1983 පෙබරවාරි 13 වෙනිදා උපාලි විජේවර්ධන තමන්ගේ කාර්යමණ්ඩලයේ හයදෙනෙකුත් එක්කම තමන්ගේ පුද්ගලික ලියර් ජෙට් යානයෙන් මැලේසියාවේ ඉඳලා ලංකාව බලා එනකොට අබිරහස් විදියට අතුරුදන් වෙනවා. කොහොම වුනත් මේ සිද්ධියෙන් ටික කාලෙකට පස්සේ නිමල් වෙල්ගම සහ උපාලි විජේවර්ධනගේ බිරිඳ ලක්මිණී විජේවර්ධන අතර විවාහය සිදුවෙනවා. ඈ ලක්මිණී වෙල්ගම වෙනවා.[/FONT]
    [FONT=&quot]
    Source:aniwa

    [/FONT]

    උපාලි විජේවර්ධන අතුරුදන්වීමයි මේ දෙන්නගේ විවාහයයි අතර සම්භන්ධයක් තියෙන්න බැරිද? මට හිතුන දෙයක් ඒ
    :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා මේ රටේ ජනාධිපති වුනා නම් (ඒ බලාපොරොත්තුව මත ජේ.ආර්. ජයවර්ධන ඔහු බුලත්සිංහල එජාප සංවිධායක කිරීමට තීරණය කිරීම ඔහු ගේ මරණයට හේතුව වුනා කියල තමා කියන්නේ), මේ ලංකාව මීට වඩා බොහෝ වෙනස් තැනක්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය මනුස්සයා මේ රටේ ජනාධිපති වුනා නම් (ඒ බලාපොරොත්තුව මත ජේ.ආර්. ජයවර්ධන ඔහු බුලත්සිංහල එජාප සංවිධායක කිරීමට තීරණය කිරීම ඔහු ගේ මරණයට හේතුව වුනා කියල තමා කියන්නේ), මේ ලංකාව මීට වඩා බොහෝ වෙනස් තැනක්.......

    :oo::oo: මෙතුමා තවම ජීවතුන් අතර කියන කතාව ඇත්තද....?? අර ඩ්‍රග් ඩීල් සීන් ඇත්ත වෙන්න පුලුවන්ද...?? :rolleyes::rolleyes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :oo::oo: මෙතුමා තවම ජීවතුන් අතර කියන කතාව ඇත්තද....?? අර ඩ්‍රග් ඩීල් සීන් ඇත්ත වෙන්න පුලුවන්ද...?? :rolleyes::rolleyes:


    drug katha boru.anthimata thiyena welgama kathwath boru.
    welgama upali eke manager kenek witharai
    upali nathi wenna kalekata kalin welgama askarala thiyenawa
    upali nathi unama group eka handle karanne wena kenek
    lakmini welgama bandama ara kenawa ain karanawa
    ita passe upali group eke kadanwatima patangannawa
    adatath upali eka rakila thiyenne upalige moleta pinsidda wenna
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    උපාලි විජේවර්ධන අතුරුදන්වීමයි මේ දෙන්නගේ විවාහයයි අතර සම්භන්ධයක් තියෙන්න බැරිද? මට හිතුන දෙයක් ඒ
    :nerd:

    වෙල්ගම අයියල මල්ලිලා කොහොමත් ගැණු පෙරේතයෝ තමයි
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    upali wijewardana katha nam godak ahala tiyenawa..
    hiru fm eketh kathawak giya me manussayage nan gam daala

    kandos chocolate eka gena nam dannawa a dawas wala.pattamama rasai...:yes: