උපාලි_විජයවර්ධන

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උපාලි_විජයවර්ධන

    තාක්‌ෂණයේ අනාගතය මුලින්ම දුටු ශ්‍රී ලාංකිකයා උපාලි විජයවර්ධන


    upali.jpg



    උපාලි විජයවර්ධන මහතා මා දැන හැඳින ගත්තේ ව්‍යාපාරිකයකු වශයෙන් ඔහු ප්‍රසිද්ධ වන්නට වූ වකවානුවට ඈත කාලයේදීය. එවකට දැන්වීම් ප්‍රචාරක ආයතනයක අධ්‍යක්‍ෂවරයකු වශයෙන් මම කොළඹ කොටුවේ කාර්යාලයක කටයුතු කරමින් සිටියෙමි.

    දිනක්‌ ප්‍රාංශු දේහධාරී තරුණයකු මා ඉදිරිපිටට පැමිණියේය. ඔහු තමා ම හඳුන්වා ගනිමින් "මම උපාලි විජයවර්ධන, අපි අලුතින් ටොපි ව්‍යාපාරයක්‌ ඇරඹුවා. මා අත එතරම් මිල මුදලකුත් ඇත්තෙ නෑ. ව්‍යාපාරයත් එතරම් සාර්ථක නෑ. මට උදව් කරන්න පුළුවන්ද?" ඔහු මගෙන් ඇසීය.

    මම ඔහුගේ ව්‍යාපාරයේ ස්‌වභාවය පිළිබඳවත් ව්‍යාපාරිකයකු වශයෙන් මේ වන විට ලබා ඇති අත්දැකීම් පිළිබඳවත් දිගු කතාබහක යෙදුනෙමි.

    යං මාත් එක්‌ක පොඩි රවුමක්‌. ඔහු සමග මම කොල්ලුපිටියට පැමිණ වෙළෙඳ සලකට ඇතුළු වුනෙමි.

    "මුදලාලි ඩෙල්ටා ටොෆි තියෙනවාද?"

    ඔහු කඩේ කොලුවාට කතා කළේය. "ඩෙල්ටා ටොෆි වර්ගයක්‌ මේ මහත්තුරු ඉල්ලනවා. තියෙනව නම් හොයාගෙන වරෙන්."

    භාජන කිහිපයකට අත දමමින් පරීක්‍ෂා කළ කොලුවා ඩෙල්ටා ටොෆි කිහිපයක්‌

    රැගෙන ආවේය.

    එයත් රැගෙන අපි නැවතත් කොළඹ කොටුවට පැමිණියෙමු. මම උපාලිට කරුණු වටහා දුන්නෙමි. "කඩේ මුදලාලිවත් ඩෙල්ටා ටොෆි ගැන අහල නැත්නම් කොහොමද කෙනෙක්‌ ඉල්ලුවම එකපාරට විකුණන්නෙ? ඩෙල්ටා ටොෆි වෙනම බෝතල්වල අහුරන්න ඕනෑ. ලේබලයක්‌ ගහල තියෙන්න ඕනෑ." උපාලි එය සත්‍ය කරුණක්‌ බව අවබෝධ කරගත්තේය.

    ඉන් අනතුරුව මම කොළඹ කොටුවේ පටු මාවතකට ඔහු

    රැගෙන ගියෙමි. දේශපාලන

    රැස්‌වීම්වලට සහභාගිවී සිටි නිසා හැම පටු මඟක්‌ ගැනම මගේ අවබෝධයක්‌ විය. පටු මාවත කෙළවර වන්නේ විශාල පිට්‌ටනියකිනි. එහි විශාල කොලු පිරිසක්‌ සෙල්ලම් කරමින් සිටියහ. "ටොෆි විකුණන්න ඕන මේ වයසෙ දරුවන්ට. ඩෙල්ටා කියල ටොෆි ජාතියක්‌ තියෙන බව මේ අය දැනගෙන තියෙන්න ඕන. එතකොට තමයි දෙමවුපියන්ට කියල ගෙන්න ගන්නෙ. මේ ළමයි පත්තර බලන්නෙ නෑ. දැන්වීම් බලන්නෙ නෑ. උදේ ඉඳල රෑ වෙනකම්ම අහන්නෙ රේඩියෝ එක. ඒ නිසා රේඩියෝ එකේ දැන්වීම් කීපයක්‌ ප්‍රචාරය කරමු.

    දැන් බිස්‌නස්‌ එක හොඳටම සරුයි. කොළඹින් බැහැර පිට පළාත්වලත් දැන් වැඩියෙන්ම විකිණෙන්නෙ ඩෙල්ටා. නිතර නිතර මා හමුවන්නට පැමිණි උපාලි විජයවර්ධන මහතා කියයි. මේ වන විට අපි දෙදෙනා දැඩි මිත්‍රත්වයක්‌ ඇති කරගෙන සිටියෙමු.

    උපාලි විජයවර්ධන මහතා තරම් තියුණු ව්‍යාපාරික ඥනයක්‌ තිබූ තරුණ ව්‍යාපාරිකයකු මට හමු වී නැත.

    "මම කාර් සීයක්‌ ගෙන්නල විකුණන්න කල්පනා කළා."

    දිනක්‌ මා සමග උපාලි කීවේය.

    "ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැතිතුමා කාර් ගෙන්වීම තහනම් කරපු බව දන්නෙ නැද්ද?"

    "ඒ තහනම් කරල තියෙන්නේ කාර් ගෙන්වන එකයි. මම කාර් සියයකට කොටස්‌ ගෙන්වනවා. මෙහිදි සවි කරනව.

    කාර් සියයකට කොටස්‌ ගෙන්වන්න කොච්චර මුදලක්‌ යාවිද?"

    මම යාළුවන්ට දැනුම් දීල මුදලෙන් භාගයක්‌ දැනටම අරගෙන ඉවරයි. මාසයක්‌ ගෙවෙන්න මත්තෙන් කාර් දෙන බවට පොරොන්දු වෙලයි ඒ සල්ලි ගත්තෙ. අද මම පැක්‌ටේරියක්‌ ගහන්න තැනක්‌ බලන්න යනවා. මාත් එක්‌ක හවසට එහේ යන්න එනවද?

    උපාලි විජයවර්ධන මහතාත් සමග එදින සවස මම හෝමාගමට ගියෙමි. නගරාසන්නයක තිබූ එම ඉඩම පොල්වත්තක්‌ විය. "මම මේ ඉඩම සල්ලිවලට ගත්ත. අයිතිකාරයා හෙට්‌ටු කරනව. මම ඇහුව ගණන කීයද කියල. මේ පැත්තෙ ඉඩම්වල වටිනාකම අක්‌කරයක්‌ රුපියල් දෙදාස්‌ පන්සීයයි. මම රුපියල් පන්දාහ ගණනෙ අක්‌කර පහළොවක්‌ ගත්ත. කන්ද කපල මට්‌ටම් කරවන්න කල් ගියොත් තමයි වැඩේ පරක්‌කු. දෙගුණයක්‌ වියදම් දෙන්න පොරොන්දුවෙලා පැය විසිහතරකින් වැඩේ භාර දුන්න. කර්මාන්තශාලාව තුඩාවෙට භාර දුන්න. මම ලබන මාසෙ අන්තිමට කලින් මැස්‌ඩා කාර් විකුණනව" උපාලි කතාබහ කළේ දැඩි සතුටකිනි.

    "මෙච්චර මුදලක්‌ යට කරන්නෙ කොහොමද?

    උපාලි මහ හඬින් සිනාසුණේය. කාර්වලට ගත්ත අත්තිකාරම් මුදලින් තමයි මේ ඔක්‌කොම කරන්නෙ. මගේ සල්ලි නොවෙයි. අනුන්ගේ සල්ලි

    උපාලිගේ තියුණු ව්‍යාපාරික ඥනය පිළිබඳව මා අවබෝධයක්‌ ලැබුවේ එදිනය.

    මෝටර් රථ හදාගෙන යද්දි දිනක්‌ උපාලි කණස්‌සල්ලෙන් සිටියේය.

    "නොහිතපු වියදමක්‌ දරන්න වෙලා. තීන්ත ගාන්න බර ගණනක්‌ යාවි.

    මේ රටේ කවදාවත් කවුරුවත් කාර් එකක්‌ විසිකරනව දැකල තියෙනවද?" කම්බිවලින් රෙදි පටි කෑලිවලින් බැඳගෙන දුවන කාර් දැකල නැද්ද? අවුරුදු විසිපහක්‌ ගියත් කාර් එකක තීන්ත ගානව දැකල තියෙනවද? පිටරට වැඩ කරන්න යන්න ඕන නෑ. මිනිස්‌සු ටිකක්‌ දාල අතින් ගාවන්න." මා කියූ දේ අසා සිටි උපාලි "ඒකත් ඇත්ත තමයි" කීය. "එවන් පුද්ගලයකු අපට අහිමිවීම අප ජාතියේම අවාසනාවකි. මේ රට දියුණු කිරීමට පිටරටවලින් ඉහළම මට්‌ටමේ ව්‍යාපාරිකයන්ගේ සහාය ලබාගැනීමට ඔහුට ශක්‌තියක්‌ විය. ඒ ශක්‌තිය අවබෝධ කරගත් ජයවර්ධන ජනාධිපතිතුමා ඔහු මහ කොළඹ ආර්ථික කොමිසමෙහි ප්‍රධානියා බවට පත් කළේය.

    උපාලිගේ දක්‍ෂකමට බලපෑ කරුණු කිහිපයක්‌ විය. ඉන් එකක්‌ ඔහුගේ උගත්කමය.ඔහු කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව උපාධිය උසස්‌ ලෙස දිනාගත් පුද්ගලයෙකි. ඔහු වැදගත් පවුලක උපන් නිසා මිනිස්‌සු ඔහු ගැන භක්‌තියකින් බැලීමට පුරුදුව සිටියහ. තුන්වැනිව ඔහු ලීවර් සමාගමට බැඳී පරිපාලන කටයුතු පිළිබඳව ප්‍රගුණත්වයකට පත්විය. එංගලන්තයෙන් සුද්දන් ගෙන්වා එහි සේවකයන් බවට පත්කිරීම ගැන ඔහු විරුද්ධ විය. පිටරටින් පැමිණි කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු සමග බහින්බස්‌ වී ඔහු එතැනින් එළියට බැස්‌සේය. "මම යම් දවසක උඹලා එක්‌ක තරග කරනවා" ඔහු එළියට එමින් කීවේය.

    කඹුරුපිටියට ගොස්‌ සංගීත සංදර්ශන පවත්වා මහා සෙනග ගෙන්වා ගෙන සතුටුවීම තුළින් ඔහු අහිංසක ආශ්වාදයක්‌ වින්දේය. වරෙක මාද එහි කැටුව ගියේය. තරුණ පිරිස පන්සියයක්‌ පමණ දෙනා එය සංවිධානය කොට තිබිණි. මට දේශපාලන කතාවක්‌ කරන ලෙස ඔහු කීය. සෙනග කිසිවකුවත් මා කියන දෙයට කන් දෙන්නේ නැත. "උපාලි කියපු ගමන් කෑගසා අත්පොළසන් දෙති. "ජයවේවා" කියති. ඔවුන්ට අහන්නට අවශ්‍ය වූයේ උපාලි, උපාලි, උපාලි යන වදන් පමණි. විජයවර්ධන මහතා වේදිකාවේ සිට මා දෙස බලා සිනාසෙයි.

    මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් උපාලි මෙරටට කළ සේවය ගැන දන්නේ කිහිප දෙනකු පමණකැයි මම විශ්වාස කරමි. ඒ වන විට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමේ භාරදූර වගකීම ඔහු සතුවී තිබිණි.

    එම යුගයේ රූපවාහිනී සේවයක්‌ නොතිබූ හෙයින් විදේශ ආයෝජකයන්ට මෙරට ශ්‍රම බළකායේ විශිෂ්ටත්වය පෙන්වීම උදෙසා හෙතෙම විශාල මෙහෙයක්‌ ඉටු කළේය. මෙරට තරුණ පිරිස සතු ශ්‍රම ශක්‌තිය පෙන්වීම උදෙසා වීඩියෝගත කරන ලද ඔවුන්ගේ මෙහෙය එම රටවල ව්‍යාපාරිකයන් ඉදිරියේ ප්‍රදර්ශනය කරවීය. මේ දුටු විදේශිකයෝ මෙරටට ඒමට කැමැත්තක්‌ දැක්‌වූහ.

    මෙහිදී සිදුවූ තවත් එක්‌ කරුණක්‌ මම දනිමි. මෙම ආයෝජන කලාපය තුළ පිහිටුවන කර්මාන්තශාලා සඳහා පැනවිය යුතු නීති රීති ඔහු නිර්දේශ කළේය. මෙරට පවතින නිවාඩු ක්‍රමය එම කලාපය තුළ ක්‍රියාත්මක නොකළ යුතු බව ඔහු යෝජනා කළේය. අවුරුද්දක්‌ තුළ ඇති නිවාඩු දින ගණන අනුව වැඩ කරන දින ගණනට සමානව නිවාඩු දින ගණන ද ක්‍රියාත්මක වන බව හෙතෙම ගණන් හිලව් ඇතිව පෙන්වා දුන්නේය.



    220px-Upali1w.png

    upali air logo
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    z_p05-Remembering.jpg


    සෙනසුරාදා ඉරිදා වැඩ කරන්නේ නැත. ඉරිදට පෝය වැටුණොත් සඳුදා නිවාඩු දිනයකි. ආගම් තුනකටම අයත් නිවාඩු ගණන අප්‍රමාණය. මේ නිවාඩු ක්‍රමය පැවතුණොත් කිසිදු ආයෝජනයකට විදේශිකයන් කැමැති නොවන බව හෙතෙම පෙන්වා දුනි. එම කරුණු ජනාධිපති ජයවර්ධන මහතා පිළිගෙන ඒ අනුව කටයුතු කළේය. උපාලි ඇති කළ ඒ අත්තිවාරම මත පසුවට ආ අය ගොඩනැඟිලි පිහිටුවා ගත්හ.

    උපාලි විජයවර්ධන මහතා පුවත්පත් ආයතනයක්‌ පිහිටුවන බවට ලද ආරංචියක්‌ අනුව මේ කරන්නට යන්නේ කුමක්‌දැයි මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු මහ හඬින් සිනාසුණි.

    "ඇයි මේ හිනාවෙන්නේ? මේක විහිළුවක්‌ද?"

    ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා මගේ කිට්‌ටු නෑ කෙනෙක්‌. එතුමා පත්තර පටන් අරන් බොහොම අමාරුවෙන් දුක්‌ විඳල ධෛර්යවන්තව පත්තර කරගෙන ගියා.

    "ඒ කාලෙ පත්තරවල වැඩ කරන්න මිනිස්‌සු හිටියෙ නෑ. පත්‍ර කලාවට අවශ්‍ය දක්‌ෂ මිනිසුන් බිහි කරන්න එතුමා කොච්චර මහන්සි ගත්තද? දැන් තෝරල ගන්න පුළුවන් හොඳ පත්තරකාරයො ඉන්නව. මම ඒ මිනිස්‌සු කවුදැයි කියල අඳුනනව. ඒ අය ළංකර ගත්තොත් මට රට හොල්ලන පත්තරයක්‌ පටන් ගන්න පුළුවන්."

    "ආනන්ද දන්නවද තව වැඩක්‌. මම පත්තරේ ගහන්නෙ කොළඹ නොවෙයි. හෝමාගම."

    ඒක යකාගෙ වැඩක්‌ නේ. පත්තරේ කොළඹ සම්පාදනේ කරනව. හෝමාගම අච්චිචුගහනව.

    "ආනන්ද කලකින් පිටරටකට එහෙම ගිහින් නැහැනේ. මොකක්‌ද හෝමාගම කියන්නේ හැතැක්‌ම දහයනේ. විනාඩි විස්‌සකින් ප්ලේට්‌ ටික එහාට යවන්න පුළුවන්. දවල් වරුවෙ තමයි යන්න වෙලා යන්නෙ. මම පත්තරේ ගහන්නේ රෑට නේ. මොකටද කොළඹ වටින බිල්ඩින් මේ වෙනුවෙන් නාස්‌ති කරන්නෙ. ලන්ඩන්, නිව්යෝර්ක්‌වල හැතැක්‌ම දහස්‌ ගණන් දුර පත්තර කරන්නෙ. මේක තාක්‍ෂණ යුගයක්‌. ඒක අවබෝධ කරගන්න ඕන. ටයිම් සඟරාව නිව්යෝර්ක්‌ නගරයෙ සම්පාදනය වුණාට ඒ මොහොතෙම නගර තුනක මුද්‍රණය කරනවා."

    ඉදිරියේ එන තාක්‍ෂණ යුග කල්තියා දුටු ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස මම උපාලි විජයවර්ධන මහතා ගැන සිතන්නේ එනිසාය. සාමාන්‍ය ලාංකිකයන්ට වඩා ඉතා ඈත තිබෙන තාක්‍ෂණය පිළිබඳ නුවණක්‌ ඔහු සතුවිය.

    ලංකාවට මුල්වරට රූපවාහිනිය ගෙන ඒමට උපාලි විජයවර්ධන මහතා කටයුතු කළේය. එවිට මම කථානායකවරයාය. ජනාධිපතිවරයාත් සමග උපාලි සහ ජපන් නියෝජිත පිරිසක්‌ අතර සාකච්ඡාවක්‌ පැවැත්වෙන බවත් එදින උපාලිගේ පිරිසට සංග්‍රහයක්‌ කර ඒ අය රඳවා ගන්නා ලෙසත් මට පණිවුඩයක්‌ ලැබිණි. ඒ අය මා සමග කතා කරමින් සිට ආපසු ගියහ. ඉන්පසු සිදු වූ දේ ගැන මම නොදනිමි. එය ප්‍රමාදවූයේ මොන සිදුවීමකින් දැයි මම නොදනිමි. ඊට පසුව ආණ්‌ඩුවට ත්‍යාගයක්‌ වශයෙන් නොමිලේ රූපවාහිනි සේවයක්‌ ලබා දෙන බව දැනගන්නට ලැබිණි. ඒ සිදුවීම වූයේ එම අන්දමටය. එසේ නොවී නම් මේ රටේ රූපවාහිනි සේවය ආරම්භ කරනුයේත් උපාලි විජයවර්ධනය.




    1994 වසරේදී උපාලි විජයවර්ධන මහතා පිළිබඳව එවක අමාත්‍යවරයකු වූ දිවංගත ආචාර්ය ආනන්ද තිස්‌සද අල්විස්‌ මහතා ලියූ මෙම ලිපිය එම වසරේ "දිවයින" පත්‍රයේ පළවිය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    niyama prak ban..me mansussaya nathi une apema karumeta.aththatama upalita mokada une?athurudahan una kiyala nam ahala thiyenawa.eth kawuda e wade kare?danna ekek kiyapallako.
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    niyama prak ban..me mansussaya nathi une apema karumeta.aththatama upalita mokada une?athurudahan una kiyala nam ahala thiyenawa.eth kawuda e wade kare?danna ekek kiyapallako.
    ada thawa wenakan danne nehe mokadda sidda une kiyala :yes: Internet eke nam kiyala thiyenawa mid-air explosion ekak una kiyala Learjet eke yanakota namuth issara interpol ekenuth hewwa flight route eka anuwa mudhe yata hema thenama... plane eke flight eke kisima thorathurak labune nehe :( Ada thawa wenakan mystery ekak :oo:...

    Suba Dhavasak :)
    Jaya Wewa
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ada thawa wenakan danne nehe mokadda sidda une kiyala :yes: Internet eke nam kiyala thiyenawa mid-air explosion ekak una kiyala Learjet eke yanakota namuth issara interpol ekenuth hewwa flight route eka anuwa mudhe yata hema thenama... plane eke flight eke kisima thorathurak labune nehe :( Ada thawa wenakan mystery ekak :oo:...

    Suba Dhavasak :)
    Jaya Wewa


    :)thanks machan.mekanam marama abi rahasak.+++
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මෙතුමාට කුමක් සිදු වුනාද කියා තමත් අභිරහසකි
    ලංකාවේ අවසනාවකට මෙතුමා අපට අහිමි විය.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ada thawa wenakan danne nehe mokadda sidda une kiyala :yes: Internet eke nam kiyala thiyenawa mid-air explosion ekak una kiyala Learjet eke yanakota namuth issara interpol ekenuth hewwa flight route eka anuwa mudhe yata hema thenama... plane eke flight eke kisima thorathurak labune nehe :( Ada thawa wenakan mystery ekak :oo:...

    Suba Dhavasak :)
    Jaya Wewa

    ඇත්ත මල්ලියා..
    තාමත් කවුරුවත් දන්නේ නෑ උපාලි විජේවර්ධන මහත්තයාට මොකද උනේ කියලා..
    :sorry::sorry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ එදා මෙදා තුර බිහිවෙච්ච දක්ශතම ව්‍යාපාරිකයා තමයි එතුමා. අද වෙනකන් කවුරුත් ඒකට අභියෝග කරන්න ආවේ නෑ. නූතන ආර්ථික ප්‍රවනතා ගැන නිසි අවබෝධයෙන් වැඩකරපු අනාගතය ගැන සැලසුම් කරපු එතුමා වගේ ව්‍යාපාරිකයෝ අදත් ලංකාවට නෑ
     
    • Like
    Reactions: SLBlackKnight