උපුල් තරංගට කොරෝනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

    හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ප්‍රවීණයින්ගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම අතර 20-20 ක්‍රිකට් තරගයක් 04 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උපුල් තරංගද ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නම්කර තිබුණි.

    ප්‍රවීනයන්ගේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පසුගිය දිනවල පුහුණු සැසි කිහිපයකටද සහභාගි වී තිබූ අතර උපුල් තරංග සමග පුහුනුවේ නිරතවූ අයමේ වනවිට නිරෝදායනය වන බවද පැවසේ.

    මෙම තත්වය මත අදාල තරගය තාවකාලිකව අත්හිටුවීම‍ෙ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    https://www.truenews.lk/upul-tharanga-positive-with-corona19/
     
    • Like
    Reactions: hodakolla