උපේක්ෂා ස්වර්ණමාලි.......!!!!!!!!!!!!!!
meka mage 200 weni post 1a.....mama hugak kamati ...hamadama kiyawana amuthu widiyata liyana blog 1n tamai meka gathe.....annunge deyak unath mata hituna meka elakiriyans 1ala share karaganna.....elakiri 1a ayatath puluwan a blog 1ta goda wenna.....
“කවුද බං පබා කියන්නෙ?”
මේ පැනය මතුකළේ ලේඛකයාගේ යහළුවෙකි.
මැතිවරණයට පසුදින නිවාඩුවෙන් උපරිම අස්වැන්න නෙළා ගැනීමට සිතා ඇති කොට ගත් මිතුරු හවුලේදී ඊතයිල් මධ්‍යසාරය මුසු දියරයක් මිලිලීටර් අනූවක් ඒ වන විටත් ශරීර ගත කොට ගෙන නොසිටියේ නම් ඔහු මේ මෝඩ ප්රශ්නය නොනඟන්නට තිබුණේය. මත්ව සිටි ලේඛකයාගේ මිතුරෝ ඔහු නොදැන “මේකා ලංකාවෙද ඉන්නෙ?” ඇසූහ. දෙහි යුෂ පමණක් පානය කරමින් සිටි ලේඛකයා ඔහු සමරිසියකු බවට එතෙක් ඇතිකරගෙන තිබූ සංශය තහවුරු කොට ගත්තේය.
මේ ප්රශ්නය උපේක්ෂා ස්වර්ණමාලියගේ (පබාගේ) දේශපාලනය පිළිබඳව දෙන ලද අපූරු සහතිකයකි. විශේෂ උනන්දුවක් නැතද, දේශපාලනයට නොබිහිරි වූ ලේඛකයාගේ සමරිසි මිතුරා ඇය නොදත්තේය; නොදැක්කේය. අසූ දහසකට අධික ගම්පහ දිස්ත්‍රික් ඡන්දදායකයින් මනමත් කළ, ඇසිපිය නොහෙන පමණින්ම දෙවඟනක් නොවූ ඇයගේ අසිරි නාරි රූපය සමරිසි ඔහුට අවිෂය වූයේය. එබැවින් ඇයද, ඇයගේ දේශපාලනයද ඔහුට වෙනත් චක්රාවටයක වෙනත් විශ්වයක ඇති දෙයක් විය.
මේ නිරීක්ෂණය අවශ්‍ය නම් පහත සමීකරණයට ලඝු කළ හැකිය.
පබාගේ දේශපාලනය = පබාගේ කාමාසක්ත ශරීරය
අප එතැනින් නැවත, ගම්පහ යූ ඇන් පී කාරයින් යනු මනබඳින කාන්තා ශරීරයක් දුටු විට මද කිපී ටෙන්ට් ගහගෙන සියල්ල අමතක කොට ඒ පසුපස කාමාන්ධයෙන් දිවයන මෝඩයන් රොත්තක් සේ හංවඩු ගැසිය යුත්තේද?
නැත යන්න ලේඛකයාගේ අදහසයි. මේ උභතකෝටිකය තෝරාගැනීමට පිරික්සා බැලිය යුත්තේය, ගම්පහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුව.
මෙන්න උපේක්ෂා ස්වර්ණමාලිය හා තරග කළ අනෙක් අපේක්ෂකයෝ:
රුවන් විජේවර්ධන – යටත් විජිත යුගයේදී රේන්ද (අරක්කු), මාධ්‍ය හා මිනිරන් කරුමාන්තවලින් ධනවත් වූ වලව් පරම්පරා දෙකක අවසාන පුරුක නියෝජනය කරන “රුවන් හාමු” තවමත් ඒ වලව්කාරකමින් හිස් උදුම්මා ගත් වැඩවසම් ප්‍රභූ ගැටයෙකි. අදහස් වලින් පමණක් නොව නන්දිමිත්රයාගේ බඳු ශරීර ප්රමණයෙන්ද, ඇඳුමින් පැළඳුමින්ද නෂ්ටාවශේෂ වෙමින් පවතින, සාමාන්‍ය ජනතාවගෙන් ඉතා එපිටින් වූ කල්තරයකට අයත් වූවෙකි. ඔහුගේ අධිමිළ Van Heusen කමිස උන්මාදය ලේඛකයාට හෙළිකළේ ලංකාදීපයේ හිතවතෙකි. තම ඥාති සොහොයුරා වන රනිල් වික්‍රමසිංහගේ බන්ධූත්වයෙන් හා පියාගේ මාධ්‍ය අධිරාජ්‍යය ඔස්සේ නොමිළයේ ලබා ගන්නා ප්රචාරයෙන් රැකෙන විජේවර්ධන පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසිදු මෙහෙවරක් ඉටු නොකළ එජාප සංවිධායකවරයෙකි.
කරු ජයසූරිය - කිසිම ප්‍රතිපත්තියක් නැති අක්‍රිය, බෙලහීන, උපාසක බළල් ව්රතයක් රකින දේශපාලන දෙපිටකාට්ටුවෙකි. නෝට්ටු මිටි කිහිපයකට ඉතාම ලෙහෙසියෙන් ඒ පැත්තේ සිට මේ පැත්තටත්, මේ පැත්තේ සිට ඒ පැත්තටත් පියෑඹවිය හැකි, ගොළු බිහිරි වවුලෙකි.
ජයලත් ජයවර්ධන, සරත්චන්ද්‍ර රාජකරුණා හා ජෝන් අමරතුංග – කරු ජයසූරියට සාපේක්ෂව අවංක මිනිසුන් වෙතත් එක අතකින් වයස නිසා හා අනෙක් අතින් නිද්‍රාශීලී මන්දෝත්සාහී ස්වභාවය නිසා වැඩියමක් බලාපොරොත්තු විය නොහැකි ‘හාන්සිපුටු’ තුනකි.
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ ලේඛකයා දන්නා තරමින් උගත්, තරුණ හා ක්‍රියාශීලී ලෙස සඳහන් කළ හැකි අපේක්ෂකයින් සිටියේ දෙදෙනකු පමණකි. පළමුවැන්නා ගම්පහ හිටපු නගරාධිපති ඉංජිනේරු උපාධිධරයකු වූ අජිත් මාන්නප්පෙරුමය. අනෙකා සාර්ථක ව්‍යාපාරිකයකු වූ කිත්සිරි මංචනායකය. තමන්ට තර්ජනයක් විය හැකි නායකයින් ඉහළට නොගැනීමේ රනිල් වික්‍රමසිංහගේ ‘ඇඟ බේරා ගැනීමේ’ ප්‍රතිපත්තිය මත මේ දෙදෙනාම කොන් කරනු ලැබ සිටිති.
ලේඛකයා ගම්පහ එක්සත් ජාතික පාක්ෂිකයකු වී නම් අවසානයට සඳහන් කළ දෙදෙනාට අමතරව මනාපයක් සටහන් කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලියටය. ඒ ඇගේ රූ සපුවෙන් අන්ධවූ නිසා නොවේ. (ඇයට ඇත්තේද අපේ රටේ අනෙක් බොහෝ ගැහැනුන්ට ඇතිවාක් මෙන් සාමාන්‍ය රූ සපුවකි. එකම වෙනස අනෙක් ගැහැනුන් ඒ රුව අපෙන් සඟවද්දී ඇය තම ශරීරය පැකිළීමකින් තොරව අපට නිරාවරණය කිරීමයි.) හේතු දෙකක් නිසාය.
1. ඔවුන්ගේ අවියත්කම නිසා හෝ දුප්පත්කම නිසා විදග්ධ කලාවන්ගෙන් තෘප්ත වීමේ වරම් නොලැබූ අපේ රටේ පුංචි මිනිසුන්ට දෛනික වින්දනයක් ගෙන එන්නේ පුංචි තිරය ඔස්සේ ඔවුන් වෙත එන මෙගා ටෙලි නාට්‍යය. උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා මේ සුරංගනා ලෝකයේ දෙවඟනකි. ඔවුන්ගේ දවසක කය මනස විඩාව දියකර හරිනුයේ ඇය විසිනි.
2. කාන්තා දේශපාලනය වෙනුවට වැන්දඹු දේශපාලනය ආදේශ වූ අප සමාජයේ උපේක්ෂා ස්වර්ණමාලිය ස්වශක්තියෙන් නැඟී සිටීමට වෙර දරණ කාන්තා දේශපාලන චරිතයකි. විමල් වීරවංශ තම දේශපාලන පැවැත්ම උදෙසා හැකර කට උපයෝගීකොට ගන්නේ නම් ඇය ඒ සඳහා ම තම රුව උපයෝගී කර ගැනීමේ කවර වරදද? ඒ හැරුණු විට කාන්තාවකට දේශපාලන නායකත්වයක් ලබා ගැනීමේ වෙනත් මඟක් අපේ සිංහල බෞද්ධ ගොවිගම මහළු පිරිමි රැළ විසින් ලබාදී තිබේද?
එසේ හෙයින් උපේක්ෂා ස්වර්ණමාලියට මනාපය ප්‍රකාශ කිරීම තුළින් ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයින් පළ කළේ තමන්ගේ ගොන්කම වත් වල්කමවත් නොවේ. මේ ඔවුන් ඇය ලවා රනිල් වික්‍රමසිංහගේ ජංගිය ගැලවීමකි. (සැබවින්ම එය අවශ්‍ය නොවන්නේ රනිල් වික්‍රමසිංහ දැන් කාලයක සිට කොහොමටත් ඇවිදින්නේ හෙලුවෙන් නිසාය.) මේ දිවයිනේ දෙවන විශාලතම දිස්ත්රික්කයටවත් හරිහමන් අපේක්ෂකයින් ලැයිස්තුවක් දමා ගන්නට නොහැකි එක්සත් ජාතික පක්ෂ නායකයාට (දැනේ නම්) පාක්ෂිකයින් විසින් රිදෙන්නට අත දිග හැර දුන් කම්මුල් පාරකි.
මේ ප්‍රහසනය එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමාවූවක් නොවේ. මාතරදී දේශපාලනයේ හෝඩිපොතවත් නොදන්නා, පාට්-ටයිම් ජොබ් එකක් හැටියට දේශපාලනය කළ සනත් ජයසූරිය මනාප පොරයේ ඉහළටම පත් කොට ගැනීම තුළින් පොදු පෙරමුණු අපේක්ෂකයින් රාජපක්ෂට දෙන්නේද එවන් පණිවිඩයකි. ගාල්ලෙන් නිශාන්ත මුතුහෙට්ටිගම පළමු තැනට තේරීමද එවැන්නක් විය හැකිය. මේ කතා දෙක නැවත් කීමට අවශ්‍යතාවයක් නැත්තේ ඉහත සටහනේ නම් ගම් කිහිපයක් ආදේශ කර ගැනීම ප්‍රමාණවත් නිසාය.
ප්‍රධාන පක්ෂ තුනේම නායකයෝ දෙවන හෝ තෙවන පෙළ නායකයින් බිහි කිරීම මුළුමනින්ම අතහැරදමා සිටිති. ඒ තමන්ට (හෝ තම පවුලට) තර්ජනයක් විය හැකි නිසාය. වික්‍රමසිංහ, රන්ජන් රාමනායක, රෝසි සේනානායක බඳු පියරු බබුන් දේශපාලනයට ගෙනෙන්නේද, රාජපක්ෂ තවදුරටත් රත්නසිරි වික්‍රමනායක නම් මහළු වෘෂභයාම කරත්තයට බඳින්නට සිතන්නේද, සෝමවංශ අමරසිංහ සරත් ෆොන්සේකා කර තියාගෙන යන්නේද එහෙයිනි. මේ බෙර පදයන්ට නටනවා හැරෙන්නට ඔවුන්ගේ පාක්ෂියකට අන් කවරක් නම් කළ හැක්කේද?
source = http://taboosubjects.wordpress.com/2010/04/10/140/