උප පාරමී

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🙏
    🩸
    ලේ දන් දීමේ අනුසස්
    🩸
    🙏

    මාගේ ලේ
    🩸
    දන් දීමේ වාර ගණන 20 කි
    පාරමිතා පුරන මහා බෝධි සත්වයන් වහන්සේලා දස පාරමිතාවන් ආකාර තුනකට සම්පුර්ණය කරන සේක.
    එනම් දාන පාරමී, දාන උපපාරමී සහ දාන පරමත්ථ පාරමී ලෙසයි.
    පාරමී නම් තමා සතු භාණ්ඩ, මිල මුදල් වැනි බාහිර වස්තුව බුදු, පසේ බුදු, මහරහත් බව පතාම පරිත්‍යාග කිරීමයි.
    උප පාරමී නම් තමාගේ අත්, පා, ඇස්, කන්, නාසා දී ශරීර අවයවයන් ගැන අපේක්ෂාවක් නැතිව, ඒවා විනාශ වී ගියත්,ලොව්තුරා බුදු, පසේ බුදු බව පතා පාරමිතා සම්පූර්ණ කිරීම යි.
    පරමත්ථ පාරමී නම් තමාගේ ජීවිතය විනාශ වී ගියත්, එය දෙවෙනි කොට සලකා ලොව්තුරා බුදු බව ම පතා, දස පාරමිතා සම්පූර්ණ කිරීම යි.
    මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි.
    මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් අද කෘතිමව නිෂ්පාදනය කෙරේ.
    විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය.
    අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ.
    එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.
    වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී.
    රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි.
    එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.
    ඒවා දන්දීමට අපහසුය.
    තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය.
    මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.
    මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්‍යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය. මෙවැනි සුභ මොහොතක් සසරේ දුර්ලභය.
    මිනිසත් බවක් ලැබීමත් දුර්ලභය. සද්ධර්ම ශ්‍රවනය ද සසර ගමනේ ඉතා දුර්ලභය. මෙසේ යහපත් ආකල්පවලින් යුතුව ලේ දන්දීමේ ආනිසංස
    🩸
    නීරෝගී ජීවිත ලැබීම
    🩸
    දීර්ඝායුෂ ලැබීම
    🩸
    ශරීර ශක්තිය ලැබීම
    🩸
    සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    mama blood donate karanwa,

    eka wacchanyen wisthara karanna bari feeling ekak,

    eweleta thama man hithanne mage mind eka 100% purify wela thiyenne,

    e welawata mata loke kisima deyak one na, adala na kisima kenek gana thrahawak na,
    just pure void+ self satisfation feel ekak enne

    mata kawada hari marenwa nam marenna oneth e wage state ekaka idan,

    oluwa clear karan,
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    එකපාරටම දැක්කේ උක පාරමී වගේ.

    මගේ තියෙන පවුකාරකමද මන්දා.
    mama dakke usa parami kiyala. mama a kale gahanna try ekak dunna paramita.