උප සන්ස්කෘතිය

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
bdsm.jpg

රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.
දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්‍ෂ (ජේවීපී සහ පෙරටුගාමී) තමාගේ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදාගත හැකි ඔළුගෙඩි ගාන වැඩි කර ගැනීම. උදාහරණයකට කොළඹ තියෙන උද්ඝෝෂනයකට සහභාගී කරවිය හැකි සිසුන් ගාන වැඩි කර ගැනීම.
රැග් එකේ තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි "බැච් ෆිට් එක" බැච් ෆිට් එක කියන්නෙ බැච් එකම එක මතයක ඉන්න ඕනෙ කියන එක. මතුපිටින් බැලුවම මේක හරි ෂෝක් දෙයක්. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙන තැනුත් තියෙනව. නමුත් වැදගත් ප්‍රශ්නය තමයි බැච් එකම එකඟ වෙන "එක මතය" කාගෙ මතයද කියන එක. මේක බැච් එකේ බහුතරයකගේ මතය නෙවෙයි. බැච් එකේ දේශපාලනික පොරවල් ගෙ, මතය. ඔවුන් ගේ මතය අනෙක් අය වෙත ආරෝපණය කිරීමත්, ඊට අනුගත නොවෙන අය "අලයන්" ලෙස හංවඩු ගැසීමත් සිද්ධ වෙනවා.
උදාහරණයකට ලිප්ටන් වටරවුමේ තියෙන X නම් දේශපාලන කරුණ වෙනුවෙන් තියෙන උද්ඝෝෂනයකට සහභාගී වෙන හැමෝම X ගැන උනන්දුවක් තියෙන අය වෙන්නම ඕනෙ නෑ. නමුත් අලයෙක් ලෙස හංවඩු ගැසීමෙන් බේරෙන්න ඔවුන්ට ඒකට යන්න වෙනව.
ලංකාවෙ කැම්පස් වල ඉන්න බහුතරය ගම් වලින් හෝ අර්ධ නාගරික ප්‍රදේශ වලින් එන දුප්පත් හෝ පහළ මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ළමයි. ඒ අතර නාගරික ධනවත් ළමයිනුත් එනවා. නමුත් ඔවුන් සුළුතරයක්.
දැන් අර ඉහත කියපු ගම්බද සහ/හෝ දුප්පත් ළමයි තමාගෙ ජීවිත කාලය පුරාම විවිධ ආකාරයෙන් පසුව කියපු නාගරික සහ/හෝ ධනවත් සමාජය විසින් මාජිනලයිස් වුන අය. ඔවුන්ට ඒ සමාජය ගැන බියක් සහ වෛරයක් තියෙනවා.
ඒ වගේම සමහර පීඨ වල කෝස් එක කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඉතින් ඉංග්‍රීසි දැනුම අඩු ළමයින්ට කෝස් එක කර ගැනීම පිළිබඳ බියක් තියෙනවා.
මේ ප්‍රධාන කාරනා දෙක තමයි රැග් එක විසින් තම පැවැත්ම සඳහා භාවිතා කරන්නෙ.
රැග් සීසන් එකේදි නවකයන්ට දෙන තෙල් වලදි මේ කරුණු දෙක භාවිතා කරනවා ඔවුන් රැග් එක කෙරෙහි ආකර්‍ෂනය කර ගන්න.
නවකයන්ට ඔවුන් ගෙ සමාජ පසුබිම අමතක කරල "සරසවි උප සංස්කෘතියට" අනුගත වෙන්න කියනවා. රැග් සීසන් එකේදි තමාගෙ පාසැල මොකද්ද කියල ඇහුවොත් ඒකෙ නමින් කියන්න බෑ. ඒ වෙනුවට ඒ සඳහා සම්මත කරගත්ත අපහාසාත්මක යෙදුමක් පාවිච්චි කරන්න ඕනෙ. "අහවල් තැන අන්ඩර කඩේ". දෙමාපියන් ගෙ රැකියාවත් එහෙමයි. ඒ වගේම හැමෝම "යුනිෆෝම්" එකක් අඳින්න ඕනෙ. ඩෙනිම් බෑ. කෙල්ලො නම් චීත්ත ගවුම් විතරයි. සපත්තු බෑ. රබර් සෙරෙප්පු විතරයි.
මේකෙ මුඛ්‍යය අරමුන තමයි හැමෝම සමාන තැනකට ගේන එක. නමුත් සැබෑ අරමුන තමයි අර කිව්ව ගැමි/දුප්පත් ළමයින් ගෙ නාගරික/ධනවත් සමාජය ගැන තියෙන බිය, සැකය සහ වෛරය එක්ස්ප්ලොයිට් කිරීම. "බලපල්ල අරුන් පොෂ් අලයො. උංගෙ සල්ලි බලය සහ සමාජ බලය ප්‍රදර්ශනය කරනවා. හැමදාම කරා වගේ උං මෙතනදිත් උඹලව මාජිනලයිස් කරයි. ඒක නොවෙන්න නම් උඹල එකතු වෙලා උන්ට ඒක ප්‍රදර්ශනය කරන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනෙ. බලපල්ලා උඹලගෙ සීනියර් ල උඹල වෙනුවෙන් පෙනී සිටිනවා. උඹලව ආරක්‍ෂා කරනවා". ඕක තමයි යටින් යන තීම් එක.
ඒ එක්කම කියනවා "ලෙචාල ඉන්නෙ උඹලව අන්නන්න බලාගෙන. ඉංග්‍රීසියෙන් ලෙකචර්ස් ගිහිල්ල උඹලට කෝස් එක ගොඩ දාන්න බෑ. ගොඩ යන්න නං කුප්පි ක්ලාස් යන්න ඕනෙ". කෝස් එක කම්ප්ලීට් කර ගන්න බැරි වෙයි කියන බය එක්ස්ප්ලොයිට් කරලා "අපි නැත්තං තොපි ෆේල්" කියල තීම් එක යවනව යටින්.
මේ ෆියර්මොංගරින් උපක්‍රම වලින් අලුත් බැච් එකක අති බහුතරය "කැමැත්තෙන්" රැග් වෙන මට්ටමට ගේනවා (මේ ඇති කරන බය සහමුලින්ම අසත්‍යය නොවන බවත් ඒවට යම්කිසි පදනමක් තියෙන බවත් කියන්න ඕනෙ).
ඊට පස්සෙ ඕන වෙනව සිස්ටම් එකට මුර බල්ලො. එතනදි තමයි අර මානසික රෝගී පකයල ටික එළියට එන්නෙ. උන් තමයි සිස්ටම් එක කඩන එවුන් ව හපා කන්න පාවිච්චි කරන්නෙ. කුණුහරුපෙන් බැනීමේ සිට බැච් එකේ කොන් කිරීම හරහා ඉතාමත් අශික්‍ෂිත උපක්‍රම දක්වා සියලු දේ පාවිච්චි කරනවා සිස්ටම් එකෙන් පනින එවුන් ආපහු ඇතුළට දාගන්න. මේ මුර බල්ලන් ගෙන් සෑහෙන පිරිසක් නවකයන් බවත් කියන්න ඕනෙ. මේ නවක මුර බල්ලො තමයි බැච් එකේ පොරවල් වෙන්නෙ. ඒ ප්‍රිවිලේජ් එක වෙනුවෙන් මේ මුර බල්ලො සිස්ටම් එක කඩන එවුන් ගැන ජේෂ්ඨයන්ට ඔත්තු සපයනවා. සිස්ටම් එක කඩන තමාගේ බැචාලට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරිනවා.
ඊ ළඟට ඉන්නව මේක ආරක්‍ෂා කරන එවුන් ටික. උන් තමයි "රැග් එක හරි ෆන් මෙයාලා - කැම්පස් කාලෙ ඒවයෙන් මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ රැග් වෙච්ච ඒව තමයි. මේ ගොල්ලො කියනව වගේ මරාගෙන කන්නෙ නෑ අනේ. ඔය පොඩි පොඩි ගොංපාට් ටිකක් තමයි දෙන්නෙ. හරි ෂෝයි" වගේ කතා කියන්නෙ.
මේ තමයි මීහරක් රැළ. උන් තාම දන්නෙ නෑ උන්ට ඇරිය කියල. මේ පිරිස අර ඉහත කියපු භීතිකාවට අහුවෙලා රැග් වෙලා එක එකාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සහ මානසික රෝගී පකයල ගෙ මානසික රෝග වෙනුවෙන් වධ බන්ධනයන්ට ලක් වුන අය. හැබැයි උන් ඒක දන්නෙ නෑ. සිස්ටම් එක කඩන්න ලොකුවට ට්‍රයි කරේ නැති නිසා "මරාගෙන කන රැග් එකකට" ලක් වෙලා නෑ. හැබැයි උන් දන්නෙ නෑ හැමෝමටම ඒවගේ මල් රැග් ලැබෙන්නෙ නෑ කියල.
සිස්ටම් කඩන්න කැරලි කාර පුකේ උණක් තිබීම නිසා හෝ සිස්ටම් එකට අනුගත වෙන්න තරම් මානසිකත්වය ශක්තිමත් නොවීම නිසා හරියට අනුගත නොවෙන එවුන්ට අමානුෂික රැග් එකක් ලැබෙනවා. සමහර එවුන් මානසික රෝගී වෙනවා. දිවි නසා ගන්නව. කෝස් එක දාල යනවා. අර උඩ කියපු මල් රැග් කාපු මල් පොන්නයොන් ගෙ කතා වලින් ඒක වහනවා.
අනිතිමට කියන්න තියෙන්නෙ යමෙක් ගෙ කැම්පස් ජීවිතයේ මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ දේශපාලන පක්ස වලට කඩේ යාම සහ මානසික රෝගීන් ගේ විකෘති ආශාවන් සන්තර්පනය කිරීම පමණයි නම්, ඒ කැම්පස් ජීවිතේ හීනියට රෝල් කරල පුකේ ගහගන්න කියල තමයි.​

FB
 
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මානසික ලෙඩ්ඩුන්ට, ස්ත්‍රී දුෂකයින්ට, BDSM කාරයින්ට කැම්පස් එකේ රැග් එක දෙනවා කියන්නේ දිව්‍ය ලෝකේ වගේ. ඒක උන්ට උප සංස්කෘතියක්.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    oka nam aththa machan. addakimen dannawa. math ekka inna campus ayage kate thiyenne deshapalanaya gana. Api mokakhari kathawak patan gaththoth mun eka iwara karanne deshapalanayen.
    Aparade mun hodata wada karanna puluwan aya. nikarune nasthi wenawa.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ


    අනිතිමට කියන්න තියෙන්නෙ යමෙක් ගෙ කැම්පස් ජීවිතයේ මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ දේශපාලන පක්ස වලට කඩේ යාම සහ මානසික රෝගීන් ගේ විකෘති ආශාවන් සන්තර්පනය කිරීම පමණයි නම්, ඒ කැම්පස් ජීවිතේ හීනියට රෝල් කරල පුකේ ගහගන්න කියල තමයි.

    FB

    එකෙන්ම
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මානසික ලෙඩ්ඩුන්ට, ස්ත්‍රී දුෂකයින්ට, BDSM කාරයින්ට කැම්පස් එකේ රැග් එක දෙනවා කියන්නේ දිව්‍ය ලෝකේ වගේ. ඒක උන්ට උප සංස්කෘතියක්.

    :yes::yes::yes:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    99% ක් ම ඇත්ත. නමුත් පොඩි මිත්‍යාවක් තියනවා ලංකාවේ හැම කැම්පස් එකකම ඕව වෙනවා කියල. ඕව ඇත්තටම වෙන්නේ ෆැකල්ටි කිහිපයක පමණයි. අනිත් එක තමයි උප සංස්කෘතිය කියන එක රැග් එක කියල වරදවා වටහා ගැනීම. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා වෙනවා වගේ මේක කැම්පස් සංස්කෘතිය කිය කියා රැග් කරන්න ඕනමයි කියන එව්වෝ කියනවා. නමුත් 100% රැග් එක රහිත කැම්පස් වල පවා උප සංස්කෘතියක් තිබෙනවා. කොට කලිසම් ඇඳගෙන කැම්පස් භූමියට ඇතුළු නොවීම, ඉමිඩියට් සිනියර්සලා ෆ්රෙෂර්ස් ල ට කුප්පි දැමීම වගේ ඒවා ඒ සංස්කෘතියට අදාලයි. නමුත් රැග් එකට අදාලත්වයක් නැහැ. තමන්ගේ සහෝදර සහෝදරියන්ව දනගස්වල, බඩගාවල කරන්නේ පහත් මානසික ආශාවන් සංසිඳුව ගන්න එක. ඒවා සංස්කෘතිය කියල වහල දැම්මම ඔක්කොම හරි කියල හිතන්නේ. REP+
     
    උබේ කතාව ගොඩක් දුරට හරි මචන්. මෙහෙමයි මචන් මුලින් කියන්න ඕනේ, දේශපාලනීකරණය නොවුන ෆැකල්ටි තියෙනවා. උන් දේශපාලනික අරමුණු වලට, දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැහැ. උන් ඔය දේවල් කරන්නේ ඔකේ යටි අරමුණ හිතේ තියාගෙන නෙමෙයි. කරන දේවලුත් මානසික, ශාරීරික හිංසා වලින් තොරයි ගොඩක් වෙලාවට. (මානසික ලෙඩ්ඩු එකෙක් දෙන්නෙක් නැත්තෙමත් නැහැ) එහෙම කරන එවුන්, කරපු එවුන් අද දේශපාලනය කරන්නේ නැහැ. උන් එක්කෝ වෙන රටවල් වල, නැත්නම් ලොකු ලොකු කම්පැනි වල වැඩ. හැබැයි පක්ෂ දේශපාලනය කරන එවුන්ගේ agenda එක ඕක තමයි. :no:
    රේප් +
    ජය වේවා!!!!!

    99% ක් ම ඇත්ත. නමුත් පොඩි මිත්‍යාවක් තියනවා ලංකාවේ හැම කැම්පස් එකකම ඕව වෙනවා කියල. ඕව ඇත්තටම වෙන්නේ ෆැකල්ටි කිහිපයක පමණයි. අනිත් එක තමයි උප සංස්කෘතිය කියන එක රැග් එක කියල වරදවා වටහා ගැනීම. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා වෙනවා වගේ මේක කැම්පස් සංස්කෘතිය කිය කියා රැග් කරන්න ඕනමයි කියන එව්වෝ කියනවා. නමුත් 100% රැග් එක රහිත කැම්පස් වල පවා උප සංස්කෘතියක් තිබෙනවා. කොට කලිසම් ඇඳගෙන කැම්පස් භූමියට ඇතුළු නොවීම, ඉමිඩියට් සිනියර්සලා ෆ්රෙෂර්ස් ල ට කුප්පි දැමීම වගේ ඒවා ඒ සංස්කෘතියට අදාලයි. නමුත් රැග් එකට අදාලත්වයක් නැහැ. තමන්ගේ සහෝදර සහෝදරියන්ව දනගස්වල, බඩගාවල කරන්නේ පහත් මානසික ආශාවන් සංසිඳුව ගන්න එක. ඒවා සංස්කෘතිය කියල වහල දැම්මම ඔක්කොම හරි කියල හිතන්නේ. REP+

    :yes::yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෑප්ටන් Jack Sparrow;20110230 said:
    උබේ කතාව ගොඩක් දුරට හරි මචන්. මෙහෙමයි මචන් මුලින් කියන්න ඕනේ, දේශපාලනීකරණය නොවුන ෆැකල්ටි තියෙනවා. උන් දේශපාලනික අරමුණු වලට, දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැහැ. උන් ඔය දේවල් කරන්නේ ඔකේ යටි අරමුණ හිතේ තියාගෙන නෙමෙයි. කරන දේවලුත් මානසික, ශාරීරික හිංසා වලින් තොරයි ගොඩක් වෙලාවට. (මානසික ලෙඩ්ඩු එකෙක් දෙන්නෙක් නැත්තෙමත් නැහැ) එහෙම කරන එවුන්, කරපු එවුන් අද දේශපාලනය කරන්නේ නැහැ. උන් එක්කෝ වෙන රටවල් වල, නැත්නම් ලොකු ලොකු කම්පැනි වල වැඩ. හැබැයි පක්ෂ දේශපාලනය කරන එවුන්ගේ agenda එක ඕක තමයි. :no:
    රේප් +
    ජය වේවා!!!!!




    :yes::yes::yes::yes::yes:
    මේක තමයි හොදම විහිලුව මානසික රොගීන් වෙන්කරල වෙනත් රටවල් වලින් බාර ගැනීම
    සහ දේශපාලනය,රොගීන්ගෙන් තොරව ගෙන යාම
     
    මේක තමයි හොදම විහිලුව මානසික රොගීන් වෙන්කරල වෙනත් රටවල් වලින් බාර ගැනීම
    සහ දේශපාලනය,රොගීන්ගෙන් තොරව ගෙන යාම

    ඔබතුමා මම කියපු දේ තේරුම් අරන් තියෙන්නේ වැරදියට. වරහන් ඇතුලේ තියෙන දේ ඊට පස්සේ ලියල තියෙන එකට අදාළ නැහැ.
    එහෙම කරපු එවුන් කිව්වේ මානසික ලෙඩ්ඩු වගේ නැතුව වැඩ කරපු අයට. :P
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    සහතික ඇත්ත!! ඔය මගුල් තියෙනකම් ලංකාවේ කැම්පස් වලට හරි යන්නේ නෑ. ඕකුන්ව ඔකුන්ගේ දේශපාලනයත් එක්කම අතුගාලා දාන්න ඕන.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මට එක අම්ම කෙනෙක් මාතර කතාවක් කියනවා ඇහුනා කැලණි කෙස් එකේ....මන් දකිනවා මාතර හම්බන්තොට පැති වල අය තමා ගොඩක් රැග් වලට සම්බන්ද...පේරාදෙණියේ නං පොලොන්නරුව අනුරාදපුර...මේ පැති වල ඔක්කොම රැග් කරන් නැ..හැබය් හොයල බලුවොත් rag කරන එකෙක් මින් එක පැත්තක වෙන්න ඉඩ වැඩිය් ...