උබලගේ ජිවිතේ හා බැදිච්ච සිංදු මොනාද ?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    සුබ ප්‍රාර්ථනා කියමන්

    සුබ ප්‍රාර්ථනා කියමන්
    මා වටකර සතර දෙසින්
    ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන්
    මට නැත අගනේ
    සුබ ප්‍රාර්ථනා කියමන්

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා....

    මා ඈ කර මාල බඳින්නේ

    ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
    මා ඈ ගත සළු පළඳන්නේ
    ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
    ගිගුම් හඬින් මගුල් සිලෝ..
    පෝරුව දෙදරයි

    සුබ ප්‍රාර්ථනා කියමන්

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා

    මධුසමයට මගට බහින්නේ

    ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ළඳක් කියා
    ඇයි මට කීවේ

    සුබ ප්‍රාර්ථනා කියමන්

    සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා...

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force


    Loneliness is always looking for a friend
    It found me once and it has been around since then
    Loneliness is never waiting by the door
    It sweeps right through and it will never be ignored

    Why, why was I chosen?
    Why am I left without?

    The Love of my life, the love that I need
    The love that they say is in life for free
    The love of my dreams, the love that I want

    Loneliness knows me by name
    Loneliness knows everything I keep inside
    My endless thoughts in the silence of the night

    Loneliness, is the one who made me see
    Ain't nobody else who can make a change but me (no, oh)
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත. මේ සින්දුව ඔක්කොම හරි ඔබ නොදනී මුළු ලොවම දනි අනිත් පැත්ත හැරෙන්න ඕනි. අනියම් පෙමක් නිසා දැනුන සිංදුවක්.

    තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
    හිතට හිතක් ලන් වීලා කල්පයක් වගෙ
    රට ඉන්න කොට මට වඩා අවුරුදු 10ක් බාල කෙල්ලෙක් සෙට් වුනා ලංකාවෙ. ඒ කාලෙ ඇහුවෙ ඕක.

    ඔබ නැතුව ඉන්න බැරි තරමට. ඩයලොග් my5 තියෙන කාලෙ ලව් එකක් කරද්දිි අහපු සිංදුව. SMS ගහන තරමක් අම්බො
    mata nan oya song eka yanakota matak wennema sakya ekata kohuwala awidan yana heti
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    සයුරෙ ජිවිත නැව පෙරලි
    මුතු සොයනා අය කවුදො
    පන නල පාගා

    රොබින්සන් අන්දරය

    අය්යො අපෙ ලමා කාලය කොච්චර ලස්සනද
     
    • Like
    • Love
    Reactions: NRTG and narihashan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්-මේක අහද්දි මමම යාලු වෙලා මමම අත ඇරලා ආයෙත් මමම පස්සෙන් ගියපු කෙල්ලෙක් මතක් වෙනවා.මේක මම ඒ කෙල්ලට අහන්න දුන්නා.ආයෙ දාගත්තා හැබැයි.මේ සින්දුව අහද්දි ඒක මතක් වෙනවා.

    සිත හඬයි මා තනිවී-මම අතඇරපු කෙල්ලෙක් අපේ ගෙදර ලෑන්ඩ් ලයින් එකට කෝල් කරලා මේ සින්දුව දාල තියනවා මට ඇහෙන්න.ලෑන්ඩ් ලයින් එකට නිසා අම්මලත් ගන්නවා.ඒත් ඒකි කට් කරන්නෙ නෑ.ඒ කාලෙ ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් එද්දි මට හීන් දාඩිය දානවා.ෆෝන් එකක් එහෙම නැති පොඩි කාලෙ සීන් මේවා. මම ඒ ලෙවල් පටන් ගත්ත මුල් කාලේ.මේ සින්දුව දැන් ඇහෙද්දි ඒක මතක් වෙනවා.

    ඇයි කලේ-මේ සින්දුව මම ඒ ලෙවල් ඉවර වෙන අන්තිම දවසෙ ස්ටේජ් එකට නැගලා කිව්වා.

    Memories-මේ සින්දුව අහද්දි මං ගාව ඉඳලා අකාලෙ මැරුන පූස් පැටව් හතර දෙනා මතක් වෙනවා.

    තව තියෙනවා දැන් මතක් වෙන්නෙ ඔය ටික තමා
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔබ නැති දුක තුරුළු කරන්
    මි‍යැදෙන්නෙමි මම තනියෙන්
    ඉන්න ඔබ සතුටින්
    නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ

    නොලැබෙන ඔබ ගැනම සිතා
    අසරණ හිත බොළද වෙලා
    කදුළු තියා මට කොහෙද ඔයා අද
    නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ

    නොපෙනෙන ලෙස දුරට වෙලා
    සිටියත් මගේ දෙසම බලා
    අහිමි වුනත් මට තවම ඔබෙයි මම
    නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ

    එපා වෙනකන් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්...
     
    • Like
    Reactions: NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,954
    113
    51317917674_2fca3b2fbc_o~2.png


    41192840922_272601f9a9_o~2.png

    මේ පේලි ටික
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    රනිඳුගෙ ගලා හැලෙන නිල් නදිය ඔබයි, අනන්තයට යන පාර දිගේ, රන් කුරහන් මල - b n s අහද්දි මුල්ම ක්‍රෂ් එකයි පස්සෙ කාලෙකදි හම්බෙලා මට ඕනකමක් නැති හින්ද වෙන එකෙක් එක්ක ගිය කෙල්ලව මතක් වෙනව.(ඒ ෆීලිං දෙක ඉස්සර වගේම අදටත් මතක් වෙනව ) අද ඇහුවෙ නැතත් අජිත් මුතුකුමාරණ ගෙ සින්දු ඇහෙද්දි a/l කාලෙට යනව.
    ඇඩ් වලින්- හෙට දවසේ වීරයෝ අපි තමයි ඇඩ් එක යද්දි පොඩි කාලෙට නිකන්ම යනව.ඉස්සර ජාතික එකේ කතාවක් ගියා පුංචි වීරයෝ කියල. චන්න පෙරේරා ගෙ. ඒ කතාවත් මතක් වෙනව. ඔබමයි මා හදවතේ කැන්ඩොස් ඇඩ් එක, සුබ පැතුම් ආසිරි වදන්- සෙලාන් ඇඩ් එක, පරණම කොහොඹ සබන් ඇඩ් එක- කොහොඹ රුක් සෙවනැල්ල ad එක. ඉන්ෆාස් සින්දුවකුත් කලා ඒකෙ බීට් එකට (ඒ කොහොඹ ඇඩ් එකේ කෙල්ල හරි ලස්සනයි)
    මේව අහද්දි නිකන්ම පොඩි කාලෙට යනව....😍😍
     
    • Love
    • Like
    Reactions: reddeckuka and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    වෙරළ කොනක හිඳ
    Shape of my heart
    ඔබ මා හමු උන
    නෙතු දැහැන් බිඳී
    Already gone
    What do you want from me
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,107
    19,677
    113
    Miami
    චූටි කාලේ. අපේ තාත්තා ඒ කාලෙ මර්වින් පෙරේරගෙ කැසට් අහනවා

    oba_dedunna_akasaye.png


    ඕලෙවල් කාලේ. ඉංග්‍රීසි සිංදුම තමා ඇහුවේ. මේකට මාර ආසයි

    ed74f143552c5c9abb2f0f1fdf3926a1.jpg


    ඒලෙවල් කාලේ

    8841.jpg


    ඒලෙවල් ඉවර උනාම

    dineka_mathuda_daiwayogen.png



    කැම්පස් ගිහින් ටික දවසකින්

    piyamanne.png


    ඊට පස්සෙ එහෙම සිංදු නෑ වැඩිය
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැතී..
    සිතිවිලි සයුරටාත් අඩු මිස වැඩිත් නැති..

    -සේනක බටගොඩ-
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    රොබරෝසියන් - තරිඳු දම්සර

    මේක මටම හදපු සිංදුවක් වගේ බං. මං කැමැත්තෙන් හිටපු කෙල්ලට මං කැමතියි කියලා කවදාවත් කිව්වෙ නෑ. මගේ හොඳම යාළුවෙක් දැං ඒ කෙල්ලව යාළු කරගෙන ඉන්නේ. මං ඒ කෙල්ලට කැමැත්තෙන් හිටියා කියලා ඒ කෙල්ල දන්නෙවත් නෑ. ඉස්සර class යද්දි මං නුවර වැව රවුම පහු කරගෙන යන්නේ. දැං වැව රවුමේ රොබරෝසියා ගස් දැක්කහම මට ඒ කෙල්ලව මතක් වෙනව.

    නුඹේ ලෙන්ගතුකමට
    හිතින් මා පෙම් කල තරම්...
    නොකිව්වට මම කියයි නුඹ හට
    වැව රවුමේ රොබරෝසියන්...