උබලගේ ජිවිතේ හා බැදිච්ච සිංදු මොනාද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113



    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
    බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
    පෙලයි මා....මුදා සුව දැහැනින් ......

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
    බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
    පෙලයි මා....මුදා සුව දැහැනින් ......

    සයුරැ ඉම රත් සිතිජ රේඛාවේ ....
    මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා....අද තනිවෙනා මොහොතින් ..

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
    බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
    පෙලයි මා....මුදා සුව දැහැනින් ......

    උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්....
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර
    යදින්නම්...ඔබ මැකී යනු මතකින්.....

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් .....
    බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින්
    පෙලයි මා....මුදා සුව දැහැනින් ......
     
    • Love
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113



    කුමරියක පා සළඔ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සම වැදී උන් දැහැන් බිඳුනා

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවෙන තුසිතය
    සුරන් නැලවු සුයාමය

    නිසල ජීවන තපෝ වන මැද
    හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නැලවු සුයාමය
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...


    මේ සිංදුව එලකිරි එකේ කොල්ලෙක්ගේ (RuZza). මේක ආව කාලේ තමයි මගේ “වෙන්න wife” ව හම්බුනේ. මම එයාව දැකලා සෑහෙන කාලයක් උනාට එයා මාව දැකලාවත් තිබුනේ නෑ. එයා එතකොට A/L, මුලින්ම එයා හොරෙන් බලන කාලේ, ලැජ්ජාවෙන් කතා කරන කාලේ තමයි මේ සිංදුව සෙට් උනේ. ඒ කාලේ මේක පිස්සුවෙන් වගේ ඇහුවේ. අදටත් මේ සිංදුව අහන හැම සැරේම ඒ ඔක්කොම එක පේලියට මතක් වෙනවා.

    https://elakiri.com/threads/මගෙ-පලවෙනි-එක.1742290/
     
    • Like
    Reactions: nicjosh83 and NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113



    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ
    මේ සැදෑවේ කෝ කොහේදෝ
    මා සොයන්නී.
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.
    සඳ ඔබ මගේ...
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.