මෙය හැබෑවක් දැයි සංස්කරණය කරන ලද්දක් දැයි මා නොදනිමි.
එය හැබෑවක් නම් ඔවුන්ට මා ආචාර කරමි. එය සංස්කරණය කරන ලද්දක් නම් ඒත් මා ඔවුන්ට ආචාර කරමි. එහෙත් එය බෙදා හැරීම ගැන මා ඔබෙන් සමාව අයැදිමි.
රටේ ඇති විනාශය අවසන් කරන විසඳුම අරගලයයි. එමගින් රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පුළුවන් වේවි. රට අරාජික වීමෙන් වළක්වා ගැනීමට හැකි වේවි. රට සතුරු විදෙස් කුමන්ත්‍රණ වලට හසු වීමෙන් බේරා ගැනීමට හැකි වේවි.
රට තිබෙන්නේ අරගලය සම්පූර්ණ කොට ජයග්‍රහණය කල යුතුම අවධියක ය. ඒ වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ට මා ආචාර කරමි.
රට විනාශ වූවත් අන්තර්ජාතිකයට මේ පණිවිඩය ගෙන යෑමට ඇති මේ අවස්ථාව භාවිතා නොකර සීටිමේ ක්රියාවේ තේරුමක් මා නොදනිමි. ලෝකය සිතන්නේ රටේ අර්බුදය එහි පුරවැසියන්ට ගණනක් වත් නොමැති බවකි. ඔවුන් කා බී ප්‍රීතියෙන් සිටින බවකි.
රටේ මිනිස්සු අවදි කර ගැනීමට වෙර දරණ උත්සහයන් අහක දමා, එවන් අවදි වීමක් වළක්වා ගැනීමට වෙහෙසෙන මිනිසුන් දැක මා පුදුම වෙමි.
රටේ අනාගතය වෙනුවෙන් එය අප කල යුතු කැප කිරීමකි.
පිට්ටනිය වටේ ගෑස් ටැංකි පෙල ගැස්වූ මිනිසුන්ට ඉක්මනින් ගෑස් ලබා දී ඔවුන් පිටත් කර හැරියේ ද ඒ පාලකයෝ මය. ඒ මේ තොරතුරු ලෝකයට හෙළි වීම වළක්වා ලීමට ය.
ඔබලා ජනතාව ලෙස සිට ගන්නේ තවමත් රට විනාශ කල පාලකයා සමග නම්, ඔබලාට විනාශය මිස සෞභාග්‍යය උදා නොවන බව මතක් කරමි.
මෙවන් බැනරයක් එල්ලා නොමැති නම්, එය හැබහින්ම එල්ලීමට ගාල්ලේ කොල්ලන්ට හැකි වේවා.
අරගලය දිනමු.