උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම..
...එදා ඉඳන් දැන් අවරුදු 10කට කිට්ටු වෙන්න එනවා...තාමත් හොඳම යාලුවෝ විදියට එදා වගේම ඉන්නවා....හිතහන්කෝ මට ඔෆිස් එකේ වැඩ හිර වෙලා සති 2,3 කින් call එකක් දෙන්න බැරි උනා කියලා උන්ට..උන්ගේන් එකෙක් හරි අනිවා මට call කරලා කොහොමද මචන් මොකෝ වෙන්නේ කියලා අහනවා..මන් කොහෙහරි යමු කිව්වොත් විශේෂ වැඩක් තිබ්බොත් ඇරෙන්න එකෙක් හරි දෙන්නෙක් හරි එනවා...උන්ගේ වැඩ වලටත් එහෙමයි..සමහර මගේ වැඩ පාඩු කරන් ගිහින් තියෙනවා...අනිවා අව්රුද්දට ට්‍රිප් එකක් දෙකක් යනවා...මල ගෙවල් දානේ ගෙවල් වලදී හැමෝම එකතු වෙනවා...උඹල විශ්වාස කරයිද දන්නේ නෑ, සමහර දවස් තිබ්බා අපි හවස බොන්න සෙට් වෙලා පහු වෙනිදා පාන්දර වෙනකන් බීල නිදාගන්න කියලා ඇඳවල් වල වැටිලා එතනත් නිදාගන්නේ නැතුව පැය ගණන් කතා කර කර ඉඳපු....එකෙක්ටවත් නිදාගන්න හිතෙන්නේ නැති තරම් කතාව interest.. හිටපු ගමන් පොඩි පොඩි අවුල් වෙන්නේ නැත්තෙමත් නෙමෙයි...හැබැයි ඒවා දුර ඇදිල යන්නේ නෑ...දවසෙන් දෙකෙන් clear වෙනවා..ඔක්කොටොම වැඩිය උන් හැමෝම පොලවේ පය ගහල ජීවත් වෙන, ලොකු සීන් නැති, ආගමක් දහමක් අදහගෙන ජීවත් වෙන කොල්ලෝ ටිකක්..