උබලත් දුක්ගන්නාරාලලා වෙනව ද?

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    යාලුවෝ කියන උන් 100ක් 200ක් ඉන්න ඕන කියල හිතන් ඉන්න එපා බං..හොඳම යාලුවො එකෙක් හිටිය නම් ඇති..මටත් මගෙ ජීවිතේටම හම්බුනේ එහෙම යාලුවො තුන්දෙනයි..එතනිනුත් එකෙක් මගෙ පණ ලෙවල් එකේ ඉන්නවා..මගෙ ජීවිත කාලෙන් බාගයක්ම මායි ඌයි යාලුවෝ..අන්න එහෙම එකෙක් හොයා ගනින්..හොයාගන්නත් බෑ ඉතින් උඹට හම්බෙයි..ඔය කීවට සමහර විට උඹෙත් මොන මොනව හරි අඩුපාඩු ඇති..හිතල බලල හදාගනින් ඒව..තව දෙයක්..මම යාලුවො මනින මිම්මක් තියෙනවා..ඒකත් උඹට කියන්නම් මට කවදාවත් වැරදිලා නැති නිසා..මං උඹට අරම කරා මෙහෙම කරා කියල කරපු දේවල් මතක් කර කර වැලලෙන්න හදන එකෙක්ට කවදාවත් හොඳ යාලුවෙක් වෙන්න බෑ..මොකද යාලුකමත් ඌට ගණුදෙණුවක්.ේ නිසා එහෙම උං එක්ක ලොකුවට යාලුකම් පවත්වන්න එපා..අනිත් එක තමා ලඟ ලඟ උදව් දෙක තුනක් ඉල්ලුවම කේන්ති යන,මග අරින එකෙක්ටත් හොඳ යාලුවෙක් කියන්න බෑ..කරන්න බැරි වෙලාවල් එනව හැබැයි ඌට ඒ අවුල තියෙන්න ඕන..අවුලක් වෙනුවට ඌට තියෙන්නෙ තරහක් නම් උඹ මහ වදකාරයෙක් නං වගේ ටෝන් එකක් නම් ඌත් හොඳ යාලුවෙක් නෙවෙයි..ඒ වගේම මතක තියාගනින් මේ කාරණා දෙක උඹ ගාව තියෙනව නම් උඹත් හොඳ යාලුවෙක් කරගන්න සුදුසු එකෙක් නෙවෙයි..ඒ ඔක්කොම හිතල බලල කාලයට ඉඩ දීල ඉඳහන්..දවසක උඹේ බොක්ක හම්බෙයි..

    :confused:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම..
    ...එදා ඉඳන් දැන් අවරුදු 10කට කිට්ටු වෙන්න එනවා...තාමත් හොඳම යාලුවෝ විදියට එදා වගේම ඉන්නවා....හිතහන්කෝ මට ඔෆිස් එකේ වැඩ හිර වෙලා සති 2,3 කින් call එකක් දෙන්න බැරි උනා කියලා උන්ට..උන්ගේන් එකෙක් හරි අනිවා මට call කරලා කොහොමද මචන් මොකෝ වෙන්නේ කියලා අහනවා..මන් කොහෙහරි යමු කිව්වොත් විශේෂ වැඩක් තිබ්බොත් ඇරෙන්න එකෙක් හරි දෙන්නෙක් හරි එනවා...උන්ගේ වැඩ වලටත් එහෙමයි..සමහර මගේ වැඩ පාඩු කරන් ගිහින් තියෙනවා...අනිවා අව්රුද්දට ට්‍රිප් එකක් දෙකක් යනවා...මල ගෙවල් දානේ ගෙවල් වලදී හැමෝම එකතු වෙනවා...උඹල විශ්වාස කරයිද දන්නේ නෑ, සමහර දවස් තිබ්බා අපි හවස බොන්න සෙට් වෙලා පහු වෙනිදා පාන්දර වෙනකන් බීල නිදාගන්න කියලා ඇඳවල් වල වැටිලා එතනත් නිදාගන්නේ නැතුව පැය ගණන් කතා කර කර ඉඳපු....එකෙක්ටවත් නිදාගන්න හිතෙන්නේ නැති තරම් කතාව interest.. හිටපු ගමන් පොඩි පොඩි අවුල් වෙන්නේ නැත්තෙමත් නෙමෙයි...හැබැයි ඒවා දුර ඇදිල යන්නේ නෑ...දවසෙන් දෙකෙන් clear වෙනවා..ඔක්කොටොම වැඩිය උන් හැමෝම පොලවේ පය ගහල ජීවත් වෙන, ලොකු සීන් නැති, ආගමක් දහමක් අදහගෙන ජීවත් වෙන කොල්ලෝ ටිකක්..
    යාලුවෝ නම් ඒමට ඉන්නවා මෙහම උන් එකෙක් හරි මටත් හිටියනම් කියලා පුදුම දුකක් එන්නේ, ගත්ත අත්දැකීම් එක්ක මිනිස්සුන්ට ලං වෙන්නේ 100 පාරක් විතර හිතලා , එක නිසා හැමෝම තියාගන්නේ අතේ දුරින් , එක නිසා වෙන්න ඇති මටත් ඔහොම උන් නැත්තේ ...
    ජිවිතේ මගේ ඒ පැත්තෙන් නම් ලොකුම අඩුවක් තියෙනවා, මගේ ලොකු සින් එකත් එකට හේතුවක් වෙන්න ඇති
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අද්දැකීමෙන් කියන්නේ ..! උඹ උන්ට වඩා සුතුටින්, කාර්යබහුල ලෙස, වගකීම් ඇති පුද්ගලයෙකු ලෙස ඉඳපන්. එතකොට ගොඩක් උන් උඹ ගැන හිතනවා. කැපෙන්නේ නැ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මචන් ඉස්කෝලේ කලේ ඒ ලෙවල් කලේ ඉඳල කසාද බඳිනකම්ම හිටිට බොක්කෙම යාලුව්වෝ දෙන්නෙක් එකට ෆිල්ම් බලන්න යන්නේ කන්නේ බොන්නේ ගෙවල් වල යනවා එනවා. බැහැයි එකකේ කසාද කරගත්තට පස්සේ උට ලොකු සින් ගැහුවා. එක බත් එක කපු එවුන්ට ක්ලාස් එක මදි වෙන්න ගත්ත යාලු කම් වලදී ඌ කරේ අපිව ශේප් එකේ යුස් කරන්න ට්‍රයි කරපු එක.

    කියන්න තියෙන්නේ කල්‍යාණ මිත්‍රයෝ කියන්නේ පෙර පිනකට වගේ සෙට් වෙන්නේ බන්. දැන් නම් එකම පොරයි ඉන්නේ. උගෙන් දුක සැප අහන්න ඕනේ නෑ හැබැයි අදාළ වෙලාවට උදව්වක් ඉල්ලුවහම කරලා දෙනවා. මමත් එහෙමයි ඒ ක දවල්ද රෑද කියල බලන්නේ නෑ.