මේ ටික අරහෙන් මෙහෙන් ගත්ති එවා. උස්සලා මතු ප්රයොජනයට මෙතන ඇලෙව්ව
දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නුඹෙ අම්මා කිරට ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ළමයින් නේ
අම්මා කොයිදෝ ඉතිනේ
නිම්මාවක් නැත උන්නේ
නුඹට පුතේ කවුරු තැලූ
ගම්මැදිවල ළමයි තැලූ
ඇයි ළමුනේ පුතුට තැලූ
අපිට තැලූ අපිත් තැලූ
දැතේ වළලුත් නැතිදෝ
දෙපයේ ගිගිරිත් නැතිදෝ
අම්මා දැන් එයි හණිකෝ
නාඬන් සුරතල් මැණිකෝ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
පුතේ නාඬ නිදියම්මා
අත්තක පිපි මලක් ලෙසේ
මුද්දක බැඳි ගලක් ලෙසේ
සන්තක මගෙ පුතුගේ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹෙ අම්මත් ඉතා කළුයි
නුඹ නළවන මාත් කළුයි
නුඹ විතරක් තලඑළලුයි
වැනේලු කළු වැනේලූ
ගම් මැද්දට පෙනේලූ
කළූට බඩගිනීලූ
කළු අලකොළ ලිපේලූ
අඹර කුරක්කන් කළුවේ
ගල යට පිටි කොයි කළුවේ
රොටී දෙකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
උඩින් අන්න අහස පෙනෙයි
අවට මිදුලෙ අව්ව පෙනෙයි
රෑට පුතේ වලා පෙනෙයි
නාඬා නිදියන්න පුතේ
අතට වළලු කොහෙන් දුවේ
පයට ගිගිරි කොහෙන් දුවේ
ඉණට හවඩි කොහෙන් දුවේ
දැනට නිදාගනින් දුවේ
ලොවේ ළමයි බෙර ගසතී
කළ හැළි කට බෙර ගසතී
දඞු බෙර ගසමින් නටතී
මගේ පුතා එහෙම නැතී
ලොවේ ළමයි වැලි කෙළිතා
වැලි මැන මැන දබර වෙතා
මගේ පුතා එහෙම නැතා
නාඞා නැළවියන් පුතා
කන්දක් ගිනි ඇවිල්ලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නළවන්නේ
නින්දක් නිදියා පන්නේ
කළූ මෙතන පිලේ වැනෙයි
කළු අල කොළ වෙලේ වැනෙයි
කළූට බත් ලිපේ ඉදෙයි
වෙල් අල කොළ දුමේ තියෙයි
ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබැලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී
නුඹෙ අම්මා කොතන ගියා
මානෙල් මල් විලට ගියා
එතන විලේ පොකුණේ යා
කැකුළු මලක් පිපුණේ යා
කපුටු කාක් කාක් කාක්
ගොරක ඩේන් ඩේන් ඩේන්
අමුතු බාන් බාන් බාන්
කපුටගෙ කටේ රන් මස්සයි
කපුටිගෙ කටේ වැල මදුලයි
කොට කොතලෙන් දිය බීලා පෑළ දොරින් උසී
කොරවක්කා, කොවාක් කොවාක්
කුරුටු පුවක් පුවාක් පුවාක්
දොරකඩ වැලෙ බුලාත් බුලාත්
බට පඳුරේ පුවාක් පුවාක්
පහළ වෙලේ කොකෙක්කො කෙක්
මට කිරි හැඳි දෙකක් දෙකක්
පුංචි පුතා නැළවෙන්නේ
ටිකිරි සිනා පෙන්වන්නේ
කිරි දත් ටික බබළන්නේ
පුංචි සිනා මතුවන්නේ
අත්තම්මේ නුඹේ පුතා
වත්තක පොල් කලටි කකා
කව්දෑ බොල කියන එකා
උඩහ ගෙදර අගිටි පුතා
ඔන්න පුතේ ගුරු එනවා
තුට්ටු දෙකේ රා බොනවා
කොක්කන පයි ගෙන එනවා
අඞන ළමයි අල්ලනවා
කන්දේ හිමයේ උන් බක මූණා
අත්ත දෙකොන ඉඳ හා හූ ගානා
අප්පා බොල ඌ වස බක මූණා
ඔක්කොම ඇරගෙන යයි බක මූණා
උඩ නියරින් වැටී ගෙනේ
මිටි නියරින් වැටී ගෙනේ
කලවිටි බොල් පොලා ගෙනේ
එයි අම්මා විගසකිනේ
අතට වළලු ගෙනත් දෙමී
පයට ගිගිරි ගෙනත්දෙමී
ඉණට හවඩි ගෙනත් දෙමී
නුඹට දෙවියො පිහිට දෙමී
ලොවේ පුතුන් බොහොම ඇතා
වඩා නැළෙව්වත් අඞතා
මගේ පුතා එහෙම නැතා
නාඞා නැළවියන් පුතා
ඔන්න බබෝ හොරු එනවා
අඞන ළමයි අල්ලනවා
කරේ තියාගෙන යනවා
උන් විකුණා රා බොනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබු දැකලා දුවන්නියා
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
එතන මලක් පිපුනායේ
එමල කඩා එන්න ගියේ
නුඹේ අම්මා කොතැන ගියේ
පතන කැලේ දරට ගියේ
දර අරගෙන එන්ට ගියේ
ඒ එනකල් නුඹ දොයියේ
උඩ නියරෙන් වැටී ගෙනේ
මිටි නියරෙන් වැටී ගෙනේ
කලවිටි බොල් පොලා ගෙනේ
එයි අම්මා විගසකිනේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නාඬා නැළවෙන්න පුතා
බුදු සරණයි නුඹට පුතා
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
මාගේ රත්තරන් පුතා
දෙවි පිහිටයි නුඹට පුතා
නුඹෙ අම්මා කිරට ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
මෙසේ මියුරු තෙපලම්මා
පුතේ නාඬා නිදියම්මා
නුඹෙ අම්මත් කළුම කළුයි
නුඹෙ තාත්තත් කළුම කළුයි
නුඹ නලවන මමත් කළුයි
නුඹ විතරක් සුදුම සුදුයි
අතට වළලු කොහෙන් පුතේ
පයට ගිගිරි කොහෙන් පුතේ
ඉණට හවඩි කොහෙන් පුතේ
දැනට නිදා ගනින් පුතේ
මුනිසිරිපා සිඹිමින්නේ
සමනොළ ගිර පෙදෙසින්නේ
මද සුළගයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මල මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ
නිදහස් හිරු දෙවි එනවා
දෑ බැති මල්පි බිදෙනවා
සිරිලක් මව හිනහෙනවා
මගේ පුතා නැළැවෙනවා
කැප්පෙටිපොළ සෙනෙවිසුරූ
කර රුපුසෙන් මං දැදුරු
අභිරුවිකුම් පෑ අයුරූ
නුඹට පුතේ වෙයි මියුරූ
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නුඹෙ අම්මා කිරට ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
බාලොලි ලොලි බාලොලියේ
බාල පුංචි ළමයින් නේ
අම්මා කොයිදෝ ඉතිනේ
නිම්මාවක් නැත උන්නේ
නුඹට පුතේ කවුරු තැලූ
ගම්මැදිවල ළමයි තැලූ
ඇයි ළමුනේ පුතුට තැලූ
අපිට තැලූ අපිත් තැලූ
දැතේ වළලුත් නැතිදෝ
දෙපයේ ගිගිරිත් නැතිදෝ
අම්මා දැන් එයි හණිකෝ
නාඬන් සුරතල් මැණිකෝ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
පුතේ නාඬ නිදියම්මා
අත්තක පිපි මලක් ලෙසේ
මුද්දක බැඳි ගලක් ලෙසේ
සන්තක මගෙ පුතුගේ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹෙ අම්මත් ඉතා කළුයි
නුඹ නළවන මාත් කළුයි
නුඹ විතරක් තලඑළලුයි
වැනේලු කළු වැනේලූ
ගම් මැද්දට පෙනේලූ
කළූට බඩගිනීලූ
කළු අලකොළ ලිපේලූ
අඹර කුරක්කන් කළුවේ
ගල යට පිටි කොයි කළුවේ
රොටී දෙකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
උඩින් අන්න අහස පෙනෙයි
අවට මිදුලෙ අව්ව පෙනෙයි
රෑට පුතේ වලා පෙනෙයි
නාඬා නිදියන්න පුතේ
අතට වළලු කොහෙන් දුවේ
පයට ගිගිරි කොහෙන් දුවේ
ඉණට හවඩි කොහෙන් දුවේ
දැනට නිදාගනින් දුවේ
ලොවේ ළමයි බෙර ගසතී
කළ හැළි කට බෙර ගසතී
දඞු බෙර ගසමින් නටතී
මගේ පුතා එහෙම නැතී
ලොවේ ළමයි වැලි කෙළිතා
වැලි මැන මැන දබර වෙතා
මගේ පුතා එහෙම නැතා
නාඞා නැළවියන් පුතා
කන්දක් ගිනි ඇවිල්ලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නළවන්නේ
නින්දක් නිදියා පන්නේ
කළූ මෙතන පිලේ වැනෙයි
කළු අල කොළ වෙලේ වැනෙයි
කළූට බත් ලිපේ ඉදෙයි
වෙල් අල කොළ දුමේ තියෙයි
ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබැලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී
නුඹෙ අම්මා කොතන ගියා
මානෙල් මල් විලට ගියා
එතන විලේ පොකුණේ යා
කැකුළු මලක් පිපුණේ යා
කපුටු කාක් කාක් කාක්
ගොරක ඩේන් ඩේන් ඩේන්
අමුතු බාන් බාන් බාන්
කපුටගෙ කටේ රන් මස්සයි
කපුටිගෙ කටේ වැල මදුලයි
කොට කොතලෙන් දිය බීලා පෑළ දොරින් උසී
කොරවක්කා, කොවාක් කොවාක්
කුරුටු පුවක් පුවාක් පුවාක්
දොරකඩ වැලෙ බුලාත් බුලාත්
බට පඳුරේ පුවාක් පුවාක්
පහළ වෙලේ කොකෙක්කො කෙක්
මට කිරි හැඳි දෙකක් දෙකක්
පුංචි පුතා නැළවෙන්නේ
ටිකිරි සිනා පෙන්වන්නේ
කිරි දත් ටික බබළන්නේ
පුංචි සිනා මතුවන්නේ
අත්තම්මේ නුඹේ පුතා
වත්තක පොල් කලටි කකා
කව්දෑ බොල කියන එකා
උඩහ ගෙදර අගිටි පුතා
ඔන්න පුතේ ගුරු එනවා
තුට්ටු දෙකේ රා බොනවා
කොක්කන පයි ගෙන එනවා
අඞන ළමයි අල්ලනවා
කන්දේ හිමයේ උන් බක මූණා
අත්ත දෙකොන ඉඳ හා හූ ගානා
අප්පා බොල ඌ වස බක මූණා
ඔක්කොම ඇරගෙන යයි බක මූණා
උඩ නියරින් වැටී ගෙනේ
මිටි නියරින් වැටී ගෙනේ
කලවිටි බොල් පොලා ගෙනේ
එයි අම්මා විගසකිනේ
අතට වළලු ගෙනත් දෙමී
පයට ගිගිරි ගෙනත්දෙමී
ඉණට හවඩි ගෙනත් දෙමී
නුඹට දෙවියො පිහිට දෙමී
ලොවේ පුතුන් බොහොම ඇතා
වඩා නැළෙව්වත් අඞතා
මගේ පුතා එහෙම නැතා
නාඞා නැළවියන් පුතා
ඔන්න බබෝ හොරු එනවා
අඞන ළමයි අල්ලනවා
කරේ තියාගෙන යනවා
උන් විකුණා රා බොනවා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබු දැකලා දුවන්නියා
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
එතන මලක් පිපුනායේ
එමල කඩා එන්න ගියේ
නුඹේ අම්මා කොතැන ගියේ
පතන කැලේ දරට ගියේ
දර අරගෙන එන්ට ගියේ
ඒ එනකල් නුඹ දොයියේ
උඩ නියරෙන් වැටී ගෙනේ
මිටි නියරෙන් වැටී ගෙනේ
කලවිටි බොල් පොලා ගෙනේ
එයි අම්මා විගසකිනේ
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නාඬා නැළවෙන්න පුතා
බුදු සරණයි නුඹට පුතා
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
මාගේ රත්තරන් පුතා
දෙවි පිහිටයි නුඹට පුතා
නුඹෙ අම්මා කිරට ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
මෙසේ මියුරු තෙපලම්මා
පුතේ නාඬා නිදියම්මා
නුඹෙ අම්මත් කළුම කළුයි
නුඹෙ තාත්තත් කළුම කළුයි
නුඹ නලවන මමත් කළුයි
නුඹ විතරක් සුදුම සුදුයි
අතට වළලු කොහෙන් පුතේ
පයට ගිගිරි කොහෙන් පුතේ
ඉණට හවඩි කොහෙන් පුතේ
දැනට නිදා ගනින් පුතේ
මුනිසිරිපා සිඹිමින්නේ
සමනොළ ගිර පෙදෙසින්නේ
මද සුළගයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මල මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ
නිදහස් හිරු දෙවි එනවා
දෑ බැති මල්පි බිදෙනවා
සිරිලක් මව හිනහෙනවා
මගේ පුතා නැළැවෙනවා
කැප්පෙටිපොළ සෙනෙවිසුරූ
කර රුපුසෙන් මං දැදුරු
අභිරුවිකුම් පෑ අයුරූ
නුඹට පුතේ වෙයි මියුරූ
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
