උබලා_වගේ_දරුවන්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    උබලා_වගේ_දරුවන්

    attachment.php



    උබලා වගේ දරුවන් රත්නපුරට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම බරක්. නුඹලාටත් නුඹලා වගේ සක්කිලි වැඩ කරන අනිත් උන්ටයි සාප වේවා. එයයි මගේ පැතුම.

    From : Narmada Taj Ranz
    මේ සිදුවීම මේ ගිනි ගන්නා දහවලේ මගේ පපුව එක මොහොතකට නතර කරන්නට සමත් විය..

    වැඩක යෙදෙමින් සිටි මගේ කනට එක්වරම ඇසුනේ, කිසියම් වයස්ගත පිරිමි පුද්ගලයකුගේ සිහින් කටහඬකි. මම ඒ ඔස්සේ අවධානය යොමු නොකල ද, කෙමෙක් කෙමෙන් ඒ හඬ මට සමීපව ඇසෙන්නට පටන් ගත්තේ ය. කරමින් සිටි වැඩය නවතා මම පාර අයිනට ගොස් බැලූ විට මට දකින්නට ලැබුනේ වයස අවුරුදු අසූවක පමණ වූ වයස්ගත පිරිමි අයෙකි. ඔහුගේ එක් අතට ඉදලක් තිබූ අතර, එක් අතක ටියුලිප් වර්ගයේ ඉටිබෑගයකි.

    ඔහු හැකි උපරිම වෙර යොදා මෙසේ කෑ ගසමින් මහ මග ගමන් කරයි.

    "..වැසිකිලි සෝදනවා.. නාන කාමර සෝදනවා.. දෙන ගාණක් ගන්නවා නෝනා .. කීයක් හරි දෙන්න මහත්තයා.. මට බඩගිනී දෙයියනේ ..."

    වෙලාව දහවල් දොලහ පසුවී තිබෙන මේ ගිනි අව්වේ ඒ පුද්ගලයා මා පසුකර එසේ කියමින් මාවතේ ඉදිරියට ගමන් කලේ ය.

    "..ඒක එයාගෙ කරුමෙ.. මම මොනව කරන්නද. !"

    ඒ දෙස බලා සිටි මම, දිගු සුසුමක් හෙලා එසේ සිතමින් යලිත් මම සිටි තැනට පැමිණියෙමි. ඒ පුද්ගලයා පටු මාවතේ අවසාන ගෙදර දක්වා එසේ කෑගසමින් යන්නට ඇත.

    නමුත් මට ඔහු අමතක කිරීම පහසු නොවීය. ඒ නිල්පැහැති කමිසය දහදියෙන් පෙඟී තිබුනි. වැසිකිලි නාන කාමර සේදීම කෙසේ වෙතත්, ඔහු ඉදිරියට පියවරක් පාසා තැබුවේ මහත් අපහසුවෙනි. වයස්ගත වෙවුලන අතකින් ඉදල අල්ලාගෙන සිටි ඒ තැනැත්තාගේ දෙනෙත් කඳුලින් පිරී තිබිණි.

    මද වේලාවක් එසේ ගෙවී ගියේ ය. මම අපහසුවෙන් සිත එක්තැන් කරගනිමින් කරමින් සිටි කාර්‍යය නැවත ඇරඹුවෙමි.

    තව ස්වල්ප වේලාවකින් මාර්ගයේ එහා කොනේ සිට පැමිණෙන ඔහුගේ කටහඬ මට යලිත් ඇසෙන්නට විය..

    "..වැසිකිලි සෝදනවා.. නාන කාමර සෝදනවා... මහත්තයො දෙන ගාණක් ගන්නවා.. "

    ආදී වශයෙනි. මගේ සීයාගේ වයසට ආසන්න මේ පුද්ගලයා ගැන මට මහත් අනුකම්පාවක් ඇතිවිය. මම, තවත් බලා නොසිට, පර්ස් එකේ තිබූ මුදල් නෝට්ටු දෙකක් ගෙන ඔහු එන මග සිටගෙන හිඳ ඔහුව වැලැක්වූයෙමි.

    "..සීයෙ.. මේ සල්ලි ගන්න.."

    ඔහු පුදුමයෙන් දෙනෙත් විසල් කොටගෙන මගේ දෙස බැලීය.

    "..වැඩක් කරන්නෙ නැතුව සල්ලි ගන්න බෑ නෝනා.."
    මම මහත් පුදුමයට පත් වූයෙමි.

    බොරුවට තුවාල සැදුනා සේ අත් පය ගැටගසාගෙන, බොරු අපස්මාර රෝගීන් සේ කට කොනින් සබන් පෙණ බේරාගෙන වැටෙන, බොරුවට කාගේ හෝ දරුවෙක් කුලියට ගෙන ඒ දරුවාට කිරි පිටි දෙන්න යැයි මුදල් එකතු කරන, බොරු සහතික සකසා රෝග වාර්තා පෙන්වා මුදල් ගරන කපටි වංචාකාරී මිනිසුන් සිටින මේ ලෝකයේ, මේ අසරණ පුද්ගලයා, අසරණ කම ගැන සලකා නිකන් දෙන මුදල ප්‍රතික්ෂේප කරයි. පුදුමයකි.

    "... කමක් නෑ..සීය මේක ගන්නකො..."
    මම යලිත් ඔහුට කීවෙමි.

    "..එහෙනම් නෝනගෙ කැමැත්තෙන් දුන්නෙ ඕං.. මම ඉල්ලල නෙමේ.." ඔහු අසරණ ස්වරයෙන් එසේ කියා, දෝතින්ම ඒ මුදල් බාරගත්තේ ය. මට ඔහු ගැන මහත් කණගාටුවක් ඇතිවිය.

    "...සීය මේ පලාතෙද..?"

    "..නෑ පුතේ. මගේ ගම රත්නපුරේ.. "
    ඔහු හතිලන්නට විය.

    "..මෙහෙම උන්නට මම හොඳ රස්සාවක් කල මනුස්සයෙක් .. මගෙ ළමයි ඔක්කොම ලොකු ලොකු තැන්වල.. පොඩි පුතාගෙ ගෙදර උන්නෙ අන්තිමටම.. අසනීපවලට බෙහෙත් ගන්න කියල මාව ජාතික රෝහලට ගෙනල්ල දැම්ම.. ඉන්පස්සේ මාව ගෙනියන්න එක දරුවෙක්වත් ආවෙ නෑ."

    අසනීපය මදක් සුව වූ පසු ඔහු ජාතික රෝහලෙන් පිටවන්නට ඇත. ජාතික රෝහල යනු පුණ්‍යායතනයක් නො වේ. ඉන්පසු සීයා මහමගට වැටෙන්නට ඇත.

    මට නැවතත් ඔහු ගැන මහත් දුකක් ඇතිවිය. මේ, දරුවන් කිහිපදෙනෙකු ගේ පියෙකි. තමන්ගේ වැඩ තමන්ට කරගත හැකි මට්ටමේ සෞඛ්‍ය තත්වයක් ඇති අයෙකි. ඔහු මහ මග තැන් තැන්වල අව් වැසිවලින් තෙමි තෙමී රස්තියාදු වන විය, ඔහුගේ දරුවෝ සැපපහසු ජීවිත ගෙවමින්, කැමති දෑ කමින් බොමින්, රසවත් ලෙස ජීවිතය විඳිනු ඇත.

    මගේ අම්මා, තාත්තා වෙනුවෙන් මට මේ ලෝකය තුල කල නොහැකි කැපකිරීමක් නැත. නමුත් මේ ලෝකයේ පියා මැරූ අජාසත්ත දරුවෝ වැනි අය තවමත් සිටින බවට මේ පියා සාක්ෂියකි.

    ඔහු සෑහෙන්න දුරක් ගිය පසු මම ඔහුගේ අනන්‍යතාව සැඟවෙන පරිදි මේ ඡායාරූපය ගත්තෙමි. මට ඔබට කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි.

    ලෝකයේ සියලු මිනිස්සුන්ගේ සියලුම ප්‍රශ්න විසඳන්නට ඔබටත් - මටත් නොහැකි බව සැබෑ ය. අපි ද අපේ ජීවිත ක්‍රීඩාව කරගෙන යන්නේ අපහසුතා රැසක් මධ්‍යයේ ය.

    අනෙක් අතට ඒ මිනිසුන් එසේ විඳවන්නේ අතීත ජීවිත වල තම තමා රැස් කරන ලද කර්ම ඵලයන් ය.

    නමුත්, පිහිටක්, සරණක් අත්‍යවශ්‍ය යැයි පෙනෙන මනුෂ්‍යයෙක් දුටුවොත්, ඔහුට උපකාර කරන්නට දෙවරක් සිතන්නට එපා.. මිනිසුන්ට පිහිට විය හැක්කේ මිනිසුන්ටම ය.!

    උපුටා ගැනීම අවසන්..
     

    Attachments

    • 20663750_10214473975309626_3305026672607708244_n.jpg
      20663750_10214473975309626_3305026672607708244_n.jpg
      89.5 KB · Views: 114

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළමයින්ට ඕනෙවට වඩා කරුණාව පෙන්නුවම ඕක තමා වෙන්නෙ. තමන් ඉන්න මහගෙදර කවදාවත් ලියල දෙන්න හොඳ නෑ, ළමයින්ට ගෙවල් හදාගෙන පලයල්ලා කියන්න ඕනේ ඉන්න බැරි නං.