ඔච්චර කල් ටවුමෙ නානගෙ කඩෙන් ෆ්‍රෙෂ් බඩු කෑලි කපල ගත්තෙ
පෙරේද උගෙ ෆාම් එකට සීල් තිබ්බ
දැන් පැකට්
මේව කට්ට එක්ක කපන්න හොද පිහියක් කියපන්කො
චිකන් එපාවෙනව කපන්ඩ ගියාම.
එක එකා එක එක විදිහට කපනවා. හැබැයි ලේසිම වැඩේ naturally උගෙ කටු එකට සම්බන්ධ වෙන joint වලින් කපපන්. එක්කො හම ගහල අරන්, නැත්තම් හම ගලවල හිටපන්.
ඊට පස්සෙ මුලින්ම කකුල් දෙක සම්බන්ධ වෙන ඉකිල්ල වගේ තැන් දෙකෙන් කපලා දණිස්සෙන් කපපන්. එතකොට කකුල් කෑලි 4 යි.
තටු දෙක කිහිල්ලෙන් වගේ කපපන්. එ් දෙක දෙකක්.
ඊළඟට කපන විදිහ ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. මම නම් breast එක කපලා වෙන් කරලා එ්ක දෙකට පළලා, ලොකුයි නම් 6 ක් හෝ පොඩියි නම් 4 ක් වෙන්න හරහට කපනවා.
ඊට පස්සෙ ඉතිරි වෙන්නෙ ලොකු ප්‍රයෝජනයක් නැති පිට කෑල්ලනෙ. එ්ක ඉතින් දෙකට පළලා තව හරහට වගේ කැපුවාම හරි. බෙල්ල තියෙනවා නම් එ්කත් ගනින්. Giblet, heart කෑලිත් වෙනම එනවා නම් ගත්තම හරි.
මේ ක්‍රමයට සාමාන්‍යයෙන් කිලෝ 1.5+ වගේ කුකුලෙක්ගෙන් කෑලි 14 - 18 ක් ගන්න පුළුවන් හොඳ size එකේ. ඕකෙ කන්න හොඳ කෑලි ටික ඉතින් breast එකයි, කකුල් දෙකයි තමයි.
මම නම් ගත්තත් ගන්නෙම එක්කො breast එක විතරක්, නැත්තම් full leg දෙකක්. එහෙම වුණාම වාත නෑ. අනිත් කෑලිවල කොහොමත් කන්ඩ කියල දෙයක් නෑ. නමට full කුකුළා එච්චරයි.