උබල බලාපු FILMS!!!

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
හින්දි එකක් තියෙනවා kahaani කියල
මන් normally හින්දි බලන් නෑ....හැබැයි ඒක පට්ට අන්තිමේදී තරු විසික් වෙයි උබට :baffled::cool:

love ekakda ban <3
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    love ekakda ban <3

    නෑ බං පට්ට thriller එකක්


    මෙය විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක්වීමත් ඊට එක හේතුවක්. 2012 වසරේ පළමු කාර්තුව තුළ තිරගත වුණු බොලිවුඩ් චිත්‍රපට අතුරින් තවත් එක් අති සාර්ථක නිමැවුමක් විදිහටත් මේක හඳුන්වල දෙන්න පුළුවන්. IMDb දර්ශකයේ 8.5/10 ක් වගේ ඉහළ අගයක් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය දැනට ලබා ඇති මුළු ආදායම පමණක් කෝටි 75 ක් පමණ වෙනවා. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතයට පණ පොවමින් රංගනයෙන් දායක වන විද්‍යා බාලන්ගේ ඉහළ මට්ටමේ රංගනයත් මෙකී දැවැන්ත ජන ආකර්ශණයට ලොකු හේතුවක් වුණ බවත් නොකියාම බැහැ.

    එහෙම නම් ඔන්න වෙනද වගේම අදත් චිත්‍රපටයේ එන කතාව මොකක්ද කියලත් කෙටියෙන් හරි දැන ගම්මු.

    විද්‍යා බච්චි (විද්‍යා බාලන්) හදිසියේම ලන්ඩන්වල ඉඳන් කල්කටාවට එන්නේ තමන්ගේ නැතිවුණ සැමියා හොයාගෙනයි. ඇය එතකොටත් ගැබිණියක්. මේ ගමනේ දි ඇය මුලින්ම එන්නේ පොලීසියටයි. ඒ තමන්ගේ නැති වුණ සැමියා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න. එහිදී ඇයට රානා (පරම්බ්‍රතා චැටර්ජි) නම් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. එතැන් පටන් රානා විද්‍යා සමඟින් එකතුව ඇගේ නැතිවුණ සැමියා සොයා යාමේ ගමන අරඹනවා. ඒත් ඒ කටයුත්ත ඔවුන් හිතූ තරම් පහසුවන්නේ නැහැ. මේ අතරතුර එක් නොසිතූ විරූ අවස්ථාවක දී සැබවින්ම රානා කවුද යන්නත් විද්‍යාට හෙළිදරව් වෙනවා. ඒත් මේ කතාවේ අවසානය නම් එය නෙවෙයි. ඔන්න එතන ඉඳන් තමයි ඔයාලට හිතාගන්න බැරි විදිහේ අවසානයක් කරා මේ කතාව තල්ලු වෙන්න පටන් ගන්නේ. එහෙම නම් ඒ අවසානය මොකක්ද කියල ඔයාලටම දැන ගන්න තියල මං මේ විස්තරේට තිත තියන්නම්.

    ඒ වගේම තව දෙයක් කියනවා නම් ඒ තමයි මට මේ චිත්‍රපටය බැලුවහම මතක් වුණේ හිච්කොක්ගේ කුතුහලාත්මක සිනමාවයි. අවසානය ගැන පූර්ව නිගමනයක් දෙන්න බැරි හිච්කොක්ගේ සිනමා කෘතිවල අඩංගු වුණු ඒ ගතිය ඒ විදිහටම මං මේ චිත්‍රපටයෙදිත් බොහොම අපූරුවට දැක්ක. කොහොම වුණත් ඒක මගේ පෞද්ගලික අදහසක් විතරයි. දැනටමත් මේ චිත්‍රපටය බලපු අයත් ඇතිනේ ඒ අයත් තම තමන්ගේ අදහස් කමෙන්‍ටුවක් හරහා කියල යන්න.

    එහෙම නම් අවසාන වශයෙන් මේ චිත්‍රපටයට සබ් දාන්න අදහසක් ඔළුවේ තියාගෙන ඉඳිද්දි ඒ ගැනම මතක කරල මේ වැඩේ කරන්න කියල මාව පොළඹවපු විකියා සහෝටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නම්. ඔබ සැමට ජය……..

    baiskopelk.com​
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හින්දි එකක් තියෙනවා kahaani කියල
    මන් normally හින්දි බලන් නෑ....හැබැයි ඒක පට්ට අන්තිමේදී තරු විසික් වෙයි උබට :baffled::cool:

    බඩින් හිටපු ගැනී පැනලා යනවා වෙඩි තියලා හම්බවෙන්න ගිය ළමයෙකුත් නැ ගැනී මුල ඉදන්ම මේ අහිංසක කොල්ලාට් කරන්නේ බොරුව :P


    informs.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සොහොන;19473923 said:
    බඩින් හිටපු ගැනී පැනලා යනවා වෙඩි තියලා හම්බවෙන්න ගිය ළමයෙකුත් නැ ගැනී මුල ඉදන්ම මේ අහිංසක කොල්ලාට් කරන්නේ බොරුව :P


    informs.jpg

    ගැනු ඔහොම්මමයි :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Where Eagles Dare (1968)


    WhereEaglesDare_US1a.jpg



    මේකත් මරු. මේකේ දෙවෙනි ලෝක යුද්දේ කලේ එංගලන්තේ සෙට් එකක් ඇමරිකන් කාරයෙක් එක්ක යනවා රහස් ගේමකට. උන් යන්නේ ජර්මනියේ කැලයක් මැද කන්දක් උඩ තියන නාසි මාලිගාවක හිරකරන් ඉන්න එකෙක් බේරන් එන්න. එත් ඇත්ත ගේම එක නෙවේ. යන කණ්ඩායමේ නායකයා විතරයි දන්නේ ඇත්ත සීන් එක. ඇත්ත ගේම තමයි ජර්මනියට ඔත්තු සපයන ඔත්තු කාරයෝ කව්ද කියල හොයා ගන්න. පට්ට ගේමක් තියෙන්නේ. බැලුවට පාඩුවක් නැ..