මං 2009 දි මස් මාලු කන එක නැවැත්තුවෙ. මූ කියන හැටියට නම් මගෙ ඇටයි හමයි විතරයි මෙලහට ඉතුරු වෙන්න ඕනෙ. ඒත් දැන් අවු. 11ක් තිස්සෙ ගානට ඇඟ, බර මේන්ටේන් කරන් ඉන්නවා. ඇත්ත, මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන, amino acids කීපයක් vegitarians ලට ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඒවා නැති එක ඔය කියන තරම් ලොකු ඌනතාවයකුත් නෙමෙයි කන බොන ටික හරියට බැලන්ස් කරගන්නවා නම්. Vegan bodybuilders ලත් ඉන්නෙ බන්, Torre Washington, Nimai Delgado වගේ. බ්‍රොයිලර් කුකුල්ලුන්ට දෙන ඇන්ටි බයොටික්, විටමින්, ගම්බෝර තොගෙයි, මාලුන්ගෙ ඇඟේ පැක් වෙලා එන microplastic, බැරලෝහ ගැනයි වෙනම කතා කරමු.