@emoji diaries අදහසක් දක්වන්න දොස්තර මහත්තය.
කියලා තේරුමක් නැ බං මිනිස්සුන්ට. තමන් නොදන්න රස්සාවක් ගැන හිත හිත කියන ගොං ආතල් හිනා වෙවි බලන් ඉන්නවා මිසක්. අද දවසට නුල් නම් කියක්ද?
අහපු නිසා සරලව කිව්වොත්
මිනිස්සු නිකං ඉස්පිරිතාලේ එනවාද?
ඔව්. සැහෙන්න එනවා. බොහොමයකට බෙහෙතක් ඕනාත් නැ.
මෙකෙන් රටට කේස් ද?
ඔව්. කිසිම ෆිල්ටර් කිරිමක් නොකර නොමිලයේ දෙයක් කරගන්න පුලුවන් නිසා අනවශය කන්ජෙෂන් එකක් ඇති වෙලා තියනවා. මෙකෙන් අවශ්‍යම අයට ප්‍රතිකාර කරන්නත් කරදරයක්. අනවශය ලෙස පැනඩොල් පෙත්තත් වියදමක්. කොලිටි ට්‍රිට්මන්ට් වලටත් බාධාවක්.
උබලා නිකං බලපන් ලංකාවේ ඕනාම ස්පෙෂලිස්ට් කෙනෙක් උනත් දැන් හිතුන ගමන් චැනල් කරන්න පුලුවන්. ඕනා එකාද එපා එකාද කමක් නැ එනවා. ස්ලොට් නැති වෙන්නේ අවශ්‍යම කෙනාට වෙන්න පුලුවන්. දැනට ඒකට ප්‍රතිකර්මයක් ලෙස ස්පෙෂලිස්ට් කෙනෙක් ප්‍රයිවට් චැනල් කරත්, පලමුව මගේ සගයෙක් බලලා තීරණය අනුව අවසානේ මම බලන එක. මේක දැනටම වෙනවා. සල්ලි කියක් දුන්නත් ක්‍රවුඩ් මැනේජ්මන්ට් එක පට්ට කේස් වෙලා තියෙන්නෙ.
මුලික අවස්ථාවෙම ෆැමිලි GP මාර්ගයෙන් පෙරලා අවශ්‍ය අය එනවානම් රටේ කාට උනත් පොදුවේ හොදයි.
මම හිතන්නැ මෙකියන එක ක්‍රියාත්මක වෙයි කියලා.
නමුත් අපි දැනටමත් පරක්කුයි.
නිකං දෙන සෞඛ්‍යයක් මේ කරන නම් විදිහට පවත්වාගෙන යන්න බැ. මිනිස්සු හැදෙන්නෙත් නැ.
ඉස්සරහට මේ වගේ තීරණ නොකර සංස්ථාව පවත්වාගෙන නම් යන්න බැ. කොයි වෙලාවේ හරි හොදම එකෙන් බිඳෙනවා.