උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    25 September 2020
    අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය.
    ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.
    ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.
    ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.
    උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.
    එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.
    ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.
    මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.
    පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.
    ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.
    අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.
    මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.
    එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.
    බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.
    පැණිබීම සම්බන්ධයෙන් ඇති අපූරු කතාවක් මෙහිදී සිහිපත් වේ.
    දිනක් පැණිබීම නිෂ්පාදකයකුගේ ගෙදරට ඔහුගේ හිතවතෙකු පැමිණියේය. තම හිතවතාට ඔහු නිෂ්පාදනය කරන පැණි බීම වීදුරුවක් පිළිගැන්වීය.
    එහෙත් නිෂ්පාදකයා එය පානය නොකළ බැවින් හිතවතා ඒ පිළිබඳ විමසීමක් කළේය. එවිට පැණි බීම නිෂ්පාදකයා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.
    "පිස්සුද මගේ බල්ලාටවත් දෙනවාද ඔය ජරාව...."
    අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.
    උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .
    එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?
    Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ.
    ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.
    Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.
    'පාරිභෝගිකයා මෝඩයෙකි'
    ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු.
    කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)
    අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.
    මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය.
    ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි.
    මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය.
    අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි.
    Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.
    අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.
    පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.
    අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.
    අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.
    උපුටා ගන්නා ලදි
    Image may contain: food



    55
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    වැඩක් නෑ හිච්චි ඕවා කතා කරලා
    උම්බලකඩ කෑල්ලක් ගෙනත් හීනියට කපලා ගන්න බැරි තරමට ලංකාවේ පොෂ් පීපල්ස් නේ ඉන්නෙ
    Good thread bro
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,232
    113
    Msg proof karala da thiyenne
    Moko ekeka katiiya wiwida Dewal kiyanawa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,536
    113
    ඒ බ්‍රෑන්ඩ් ඵකේ නමයි අැඩ් ඵක දාපන්කෝ මේකේ හොයලා..අැයි ඒවා හංගන්නෙ..

    මේක නේද?

     
    • Like
    Reactions: D_Mad

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    MSG වලින් සෞඛ්‍යට බලපෑමක් ඇති වන බව මෙතෙක් සොයාගෙන නැත.MSG යනු ජපානයේ සොයා ගනිමකි . ලොව වැඩිම මධ්‍යන්‍ය ආයු කාලයක් ඇති බව සැලකෙන ජපානයේද MSG බහුලව භාවිතා වෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Msg proof karala da thiyenne
    Moko ekeka katiiya wiwida Dewal kiyanawa
    knorr sup keteth MSG thiyenawa
    MSG වලින් සෞඛ්‍යට බලපෑමක් ඇති වන බව මෙතෙක් සොයාගෙන නැත.MSG යනු ජපානයේ සොයා ගනිමකි . ලොව වැඩිම මධ්‍යන්‍ය ආයු කාලයක් ඇති බව සැලකෙන ජපානයේද MSG බහුලව භාවිතා වෙයි.
    MSG නම් අපිට වඩා කන රටවල් ඕනි තරම්.... බට් ම්ම් නම් කන්නෙ නෑ 😁
    Prashnya MSG nowenna puluwan
    Mehemane un MSG kiyala Dana dewal nisa wenna one.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සර් මොනවා හරි කොරාවී බං , සර් ගේ මල්ලි බබා ඇන්කර් එකටත් ගිහිං සද්දයක් දාලා අවා ලඟදි හොඳ බඩු විතරක් විකුනන්න කියලා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    msg කතාව අතහැරියත් කල් තබාගන්න දාන රසායනික ද්‍රව්‍ය ගොඩක් කල් කෑවම කොහොමත් පිළිකා හැදෙන්න පුළුවන් .හැම තිස්සෙම ස්වාභාවික දේ තමයි කන්න බොන්න ඕනේ.
    ඉස්කෝලවල පැණිබීම විකුණන්නේ අඩු මුදලට . ඒ මොකද පැණි බීම කාරයෝ කරන්නේ ඉදිරි ආයෝජනයක්. ඉස්සර මිනිස්සු ක්ෂණික කෑම,පැකට්,බෝතල් කරපු කෑම සෑහෙන්න අඩුවෙන් කෑවේ .හැබැයි දැන් ඒවමයි කන්නේ .ඉතින් බඩවැලේ ,ආහාර මාර්ගයේ පිළිකා හැදෙනවා වැඩියි.
    අනික් එක ෆ්‍රයිඩ් රයිස් කොත්තු වලට පහේ ජාති නෙමේනේ දාන්නේ .එක එක බෝතල් වල තියෙන කෘතීම රසකාරක . ඕවා මාසයක් ,අවුරුද්දක් කාපු පළියට ලෙඩ හැදෙන්නේ නෑ හැබැයි අවුරුදු ගාණක් එක දිගට කෑවම බඩු ශුවර් .
     
    • Like
    Reactions: PHBhagya and neo7x