උමා ඔය නිසා රටට අහිමි වන දිය ඇලි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උමා ඔය නිසා රටට අහිමි වන දිය ඇලි

උමා ඔය නිසා ගංගා වල ජල මූලාශ සිඳි බිඳී යමින් පවතිනවා.මේ නිසා රාවනා ඇල්ල ,දියලුම ඇල්ල, දුංහිඳ සහ බඹරකන්ද ඇල්ල මේ වෙනකොට වෙලීලා යෑමේ අවධානමක පවතිනවා.මේවා දැන්ම ගිහින් බලන්න .තව අවුරුද්දකින් ඕවා ඉතිරි වෙන එකක් නෑ
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කොහොමත් මේ යන විදිහට ගියොත් රටම ඉතුරු වෙන එකක් නෑ..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බඹරකන්දෙත් ජලය අඩුවෙයි

    ( ආර්.කෝගුලන් )
    බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ ජල මට්ටම  අඩුවී තිබෙන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද පහත වැටී තිබේ.
    පසුගිය අවුරුද්දක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයට හරි ආකාරව වර්ෂාවක් නොලැබීම නිසා මෙලෙසින් දිය ඇල්ලේ ජල මට්ටම පහත වැටී ඇතැයි ගම්වාසිහු කියති.
    ජල මට්ටම මෙලෙසින් පහත වැටීම නිසා සංචාරකයින්ගේ පැමිනීමේ පහත වැටීමක් තිබෙන බැව් වෙළෙන්දෝ පෙන්වා දෙති. දිය ඇල්ලට පැමිණෙන සංචාරකයින් මත රැඳී තිබෙන තමන්ගේ එදිනෙදා වෙළෙඳාම් කටයුතු පහත වැටීම නිසා තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුහු පවසති.
    හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ල අඩි 790ක් පමණ වෙයි.