උඹට ළමයි 5ක් හදන්න පුලවන් නම් මෙන්න chance eka.

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
උඹට ළමයි 5ක් හදන්න පුලවන් නම් මෙන්න chance eka.

සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.

parawahera.png


ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්‍ෂා කරති.
සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති.
සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ආනයනය කර පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.
 
Last edited: