ඔහොම තැනක මම හිටිය මීට ටික කාලෙකට කලින්.. ඔහොම තමයි බන් තනියෙන් ගේමක් ගහද්දි මාරම අමාරුයි අපේ ඔලුවෙන් ගැලවෙන්න.. තවත් මම වැටෙන වෙලාවල් තියනවා ඕනි තරම්.. හැමෝම මිනිස්සුනේ බන්.. අපිටත් ඉරිසියා හිතෙනවා තරහ හිතෙනවා අපි ගැන අඩුවෙන් හිතනවා.. කව්රුවත් උබව ගොඩ දාන්න එන්නේ නෑ.. කාටවත් එහෙම වෙලාවකුත් නෑ..
පහු ගිය අවරුදු ටිකේ උබට මොනවහරි වෙන්න ඇති.. ගොඩ යන්න බැරි වෙන්න ඇති. එකම තැන ඉන්න ඇති.. අනිත් උන් උබට වඩා උඩට යන්න ඇති.. මොකක් උනත්, උබට e කිසි දෙයක් දැන් වෙනස් කරන්න පුලුවන්ද? බෑනේ.. එක මුලින් තේරුම් ගනින්.. පහු ගිය කාලේ උබ මොන තරම් වැටිලා හිටියත් මොකෙක් උනත් e මොකුත් ආයේ වෙනස් වෙන්නේ නෑ කොච්චර හිතුවත්.. හැබැයි තව අවරුදු 5කින් උබ ඉන්න තැන decide වෙනවා අද කරන දේවල් අනුව.. අමාරුයි තමයි.. හැබැයි කොහොමහරි වැඩ කරපන්. නිකන් ඉන්න එපා පොඩ්ඩක් වත්. මෙතන ඉදන් හැමදේම පටන් ගන්නවා කියල හිතල වැඩ කරපන්.. අද තමයි ජිවිතේ පලවෙනි දවස කියල හිතන් වැඩ කරපන්. කලින් හිටියේ මම නෙවෙයි කියල හිතන් වැඩ කරපන්. අපිට එක තැන ඉන්න බෑ.. එක්කෝ අපි උඩට යනවා.. එක්කෝ අපි පල්ලට වැටෙනවා.. උබ තීරණය කරපන් loser කෙනෙක් වගේ මැරිලා යනවද, එහෙම නැත්නම් ගේමක් ගහනවද කියල.. ඊළඟ විනාඩියේ ඉදන් හැමදේම තියෙන්නේ උබේ control එකේ.. e හැමදේම වෙනස් කරන්න පුළුවන්..
අනික උබ කිසිම දෙකට පරක්කු නෑ.. හිතපන් උබ එක්ක හිටපු එකෙක් වාහනයක් ගේනවා කියල.. ඌ ගේන්නේ ලෝකේ අන්තිම වාහනේ ද.. උබ කවදාහරි වාහනයක් ගෙනාවම e වාහනේ අඩු කුලේ වෙනවද? අනික බන් කව්ද කොහෙද ලියල තියෙන්නේ අහවල් වයසේදී මේ වැඩේ කලේ නැත්නම් උබෙන් වැඩක් නෑ කියල.. අර KFC හදපු බුවා නාකි වෙලා වෙලා එක හදල මොකද දැන් ඌ loser කෙනෙක්ද? "අපෝ වැඩක් නෑ ඌ නාකි පොරක් නේ" කියලද මිනිස්සු කියන්නේ.. ? මිනිස්සු කරන්නේ තමන්ට ඕනි දේවල් තමන්ට ඕනි කාලෙට තමන්ට පුළුවන් කාලෙට.. හැමෝගෙම කතාව වෙනස්. උබේ කතාව උබ හදාගනින්. උබ උබේ අම්ම තාත්ත වත් යාලුවෝ වත් නෙවෙයි. උබ කියන්නේ උබ.. උබේ තියෙන්නේ උබෙම unique story එකක්.. එක උබට ඕනි විදියට ලියපන්. පිටින් බලන් ඉන්න උන්ට ඕනි විදියට නෙවෙයි.. මැරෙනකන් උබ පරක්කු නෑ.. මැරුනොත් ඉතින් උබ පරාදයි බන්.. මැරෙන්න කලින් ගේමක් ගහපන්.. එච්චරයි.