උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!
වැව් බැඳි රටේ එකමුතුකම හා සාමූහිකත්වය පිළිබඳ ව සඳහන් කරන විට කයිය එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. කයිය යන්නෙන් සමූහය යන්න අදහස් වේ.
අලි රංචුව ගැන සදහන් කරන විට තුන්දෙනා කයිය හත්දෙනා කයිය යනුවෙන් වහරන්නේ ද එනිසා ය. “උක්කුවාගේ බලු කයිය” යන යෙදුමින් අදහස් වන්නේ ද උක්කුරාලගේ බලු රංචුව ගැනය.
ඒ අනුව කයිය යන්න සමූහය යන අරුත් දනවන බව පැහැදිලිව පෙනේ. ප්‍රධාන වශයෙන් කයි වර්ග දෙකක් වේ. පිරිමි කයිය හා ගැහැනු කයිය ඒ කයි වර්ග දෙකයි. පිරිමි කයිය සඳහා පිරිමින් පමණක් සහභාගි වන අතර ගැහැනු කයිය නියෝජනය වන්නේ කාන්තාවන් ගෙනි.
වල් කෙටීම, නියර බැඳීම, සී සෑම වැනි කාර්යයන් සඳහා පිරිමි කයිය යොදාගන්නා අතර කුරහන් කැපීම වැනි අවස්ථාවලදී ගෑනුන් යොදවා ගනී. ගොයම් කැපීම වැනි කාර්යයන් සඳහා මේ දෙපිරිස ම සහභාගිවෙති.
කයිය සංවිධානය කිරීමේදී පිළිගත් චාරිත්‍ර ද අනුගමනය කිරීමක් සිදුවේ. කයිය කියනවා යනුවෙන් හඳුන්වන මේ චාරිත්‍රයේ දී හමුවී කතාබස් කර නියමිත දිනයේදී කයිය සඳහා පැමිණෙන ලෙස ඇරියුම් කිරීම එක් ක්රමයකි. අනෙක් ක්‍රමය වන්නේ කයියට බුලත් දීමයි.
නුවර කලාවියේ පැවැති ක්‍රමය වන්නේ කයිය සඳහා එක බුලත් කොළයක් දී ඇරියුම් කිරීමයි. කයියට බුලත්දීම නමින් හඳුන්වන මේ කයි කීමේදී කයිය දිනයේදී සපයන ආහාරවල ද සුවිශේෂත්වයක් දක්නට ලැබේ. කයි කීමේදී ද ඒ ක්‍රියාව සඳහා දක්ෂම පිරිස් තෝරාගෙන ආරාධනා කරති.
පිදුරු සෙවිලි කිරීම හා දඬු වැට බැඳීම වැනි කටයුතු වලදී ඒ කාර්යයන්වලට නම් දැරූ පුද්ගලයන් ම හඳුනාගෙන ඇරියුම් කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. ගොයම් කැපීම කුරහන් කැපීම වැනි කාර්යයන් සඳහා කයිකාරයන් තෝරා ගන්නා විට ඊර්ෂ්‍යාකාරයන් හට කයියට ඇරියුම් නොකිරීමට ද වගබලා ගනිති. බෝගයේ වපසරිය හා ඵලබරවීම පිළිබඳ ව ඇස්වහ වදින නිසා එබඳු අය වගාවට ඇතුල් කර නොගැනීම මෙහිදී විශේෂයෙන් සලකනු ලැබේ.
කයිබත
බුලත් දී කැඳවනු ලබන කයියේදී උදේ හීල සුදු බත් හා එළවුළු වෑංජනයක් පොල් සම්බලක් වැනි දේකින් යුක්ත වෙයි. දිවා ආහාරය සඳහා කැවුම් කෙසෙල්ගෙඩි සමඟ ඉඹුල් කිරිබත් දෙනු ලැබේ. රාත්‍රි ආහාරය සුවිශේෂ ආහාරයකි. සුදු බත් රතු බත් මෙන්ම මස් හෝ මාළු ද, අල, කරවල, පරිප්පු වැනි ඒ යුගයේ සුවිශේෂ ආහාරවලින් ද කයිබත සකස්වෙයි.
ආහාරයෙන් පසුව දෙන අතුරු පස ලෙස පොල්කිරිවලට කෙසෙල්ගෙඩි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පානයක් සපයනු ලැබේ. ඇතැම් විට “කිරිපැණි” සාදා සංග්‍රහ කරති. කිරි පැණි යනු කිරිත් පැණිත් නොව හාල්පිටි, පොල්කිරි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පල්පයක් වැනි ආහාරයකි. කයිබතට කිරි පැණි සෑදීම එවකට පැවැති විශේෂ සංග්‍රහයකි. සාමාන්‍ය කයියකදී නම් විශේෂ කයිබත සකස් කරන්නේ දිවා ආහාරය සඳහායි.
මෙහිදී ඇතැම් විට රාත්‍රී කයිබතක් සපයන්නේ නැත. ප්‍රධාන කයියකදී උදේ සහ දිවා ආහාරවලට මස් මාලු සපයන්නේ නැත්තේ කයිකාරයන්ගේ ආරක්ෂාව සඳහා බව කියති. එසේ වූ විට කැත්තෙන් දෑකැත්තෙන් හෝ පන්නන් කැත්තෙන් (කුරක්කන් කැපීමට භාවිතා කරන්නේ පන් කැත්තයි) අනතුරු සිදුවන බව ගමේ ඇත්තන් පවසති.
කයිය සහ කයිවාරුව
කයිය සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සෝයුරු සෝයුරියන් හා පිය පුත්වරු මෙන්ම බාප්පලා පුතාලා අම්මලා දුවලා එකම කයියට යොදා නොගනිති. කයියේදී කයිවාරුව වෙහෙස නිවා ගැනීමට වැදගත්වී. මෙහිදී කයිවාරුකාරයන් විසින් කියනු ලබන හාස්‍ය උපදවන කතා අතර අසභ්‍ය කතා ද කෙරේ. හොරගමන් බිමන් වැනි ඕපාදූප මේ කයිවාරු වලදී බොහෝ විට භාවිතා වෙයි. මෙනිසාම කයි කීමේදී තෝරා බේරාගන ශ්‍රමිකයන් නම් කිරීමට කයි හිමියා ප්‍රවේශම් වෙයි.
කයියට කවි කීම
ගොයම් කැපීම කුරහන් කැපීම වැනි අවස්ථා වලදී කයියේ එන අය කවි කියමින් කාර්යයේ නිරත වෙති. ගොයම් කවි කුරහන් කවි ආදිය බිහිවීමට තිඹිරි ගෙය වී ඇත්තේ ද මෙවැනි කයි බව ද සිතිය හැකි ය. ඒකරාශී වී වැඩකිරීමේ ප්‍රීතිය කරන කාර්යයේදී මහන්සිය අවම කරගැනීම හා එකිනෙකාගේ කුසලතා දැක්වීම ද මේ තුළින් සිදුවී ඇති බව පෙනේ.
කයියට ඇඹුල
කයිය ගැන කියන විට බොහෝ අයට ඇඹුල මතක් වෙයි. කයියට ඇඹුල අරන් යාම ප්‍රසිද්ධ කරුණක් වී ඇතත් නුවර කලාවියේ කොටු ගම්මානවල ඇඹුල වෙනුවට ඒ සඳහා යොදාගන ඇත්තේ ‘කයිබත’ යන වැහැරුමයි. එනිසාම ඇඹුල මෙහිදී කයිබත වී ඇති බව පෙනේ.
නුවර කලාවියේ ජීවන පැවැත්මේදී සාමූහිකත්වය සහජීවනය සහ සහයෝගය පවත්වා ගෙන යාමට ඉවහල් වූ කයිය අප අතරින් ඈත්වී ඒ වෙනුවට මුදල ඉස්මතුවීම දුක්බර තත්ත්වයකි. එහෙත් මේ දෑ අගය කරන අයට ද වැල යන අතට මැසි ගැසීම විනා වෙනත් කළ යුතු දෙයක් ඉතිරි වී නැත.
--------------------------------------------------------------
----------------------------------------
----------------------
----------
කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ
Silumina 2011/03/06

අහ් සහො එහෙම කියන්න එපා වැටිච්ච මනුස්සයාට නැගිටින්න උදවු කරනවා මිසක් සහො වගෙ උගත් බුද්දිමත් ගුනවත් සිලවත් කෙනෙක්ගෙන් ඔහොම වචනයක් අහන්න වෙයි කියලා