උඹලත් නමට විතරක් බෞද්ධයොද?

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Thanks machan. Math potha ganda one. Download karanawata wada eka hoday anika wayasaka kenekta unath etakota balanda denda puluwan :yes:

    REP++
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තථාගතයන් වහන්සේ ශාක්‍ය රට සිලාවතී නම් ස්ථානයෙහි වැඩවෙසෙනසමයෙහි උන්වහන්සේට නුදුරු තැනක, මැනවින් මහණදම් පුරන තරුණ භික්ෂු පිරිසක් වූහ. මාරයා ඒ භික්ෂුන් මුළා කරවන්නට සිතා මහලූ බමුණු තවුසකුගේ වේශයෙන් ඔවුන් වෙත ගොස් මෙසේ කීය. “භවත්නි, යුෂ්මත්හු තරුණයෝ ය. කළු කෙස් ඇත්තෝ ය. තවම ප්‍රථම වයසෙහි සිටින්නෝ ය. කාම ක්‍රීඩාවෙහි යෙදි නැත්තෝ ය. යුෂ්මත්හු මානුෂික කාමයන් වළඳත්වා, සාන්දෘෂ්ටික වූ කාම සුව හැර කාලික සුඛයකට (කලක් ගත වී ලබන සුවයකට) සිත් යොමු නොකෙරෙත්වා! එකල්හි ඔහුට භික්ෂුහූ මෙසේ කීය.

    “න ඛො මයං බ්‍රාහ්මණ, සන්දිට්ඨීකං හිත්වා කාලිකං අනුධාවාම. කාලිකඤ්ච ඛො මයං බ්‍රාහ්මණ, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම, කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහුපායාස ආදීනවො ඵත්ථ භීය්‍යො. සන්දිට්ඨීකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි.”

    (මාර සංයුත්ත)

    තේරුම:-

    “බ්‍රාහ්මණය, අපි ඇස් ඉදිරියේ ඇති දෙය හැර කල් ගත වී ලබන දෙයකට සිත නො යවමු. බ්‍රාහ්මණය, අපි කල් ගත වී ලබන දෙය හැර ඇස ඉදිරියේ ඇති දෙයකට සිත යොමු කරමුය, බ්‍රාහ්මණය, කාමයෝ කාලිකයෝ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙසීම අත්තෝ ය. එහි ආදීනව බොහෝය යි වදාළහ. මේ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, ඕපනයිකය, විඥයන් විසින් ස්වසන්තානයෙහි වෙන වෙනම උපදවා දත යුතුය.”

    මාරයා ඒ භික්ෂුන්ට ඉදිරිපිට ඇති සැප හැර මතු භවයකදී ලැබෙන දෙයක් ගැන නො සිතන්නය යි අනුශාසනය කළේ, භික්ෂුන් මතු දෙව්ලොව ඉපිද දෙව්සැප විදිණු පිණිස මහණ දම් පුරතියි සිතා ය. භික්ෂුන් මේ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය යි කීයේ බුදුරදුන් දෙසු දහම හා ඔවුන් පුරන ශ්‍රමණධර්මය ගැනය. භික්ෂුහු ඒ කාරණ බුදුරදුන්ට ද සැලකළෝ ය. ඔවුන්ගේ ප්‍රකාශනය බුදුරජහු ද පිළිගත් සේක. මේ කරුණ අනුව පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක්හි අකාලික ගුණය ඇති බව පිළිගත යුතු ය.
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    පස් පවෙන් වැලකීම තමයි පලමුවෙන් කල යුතු දේ. ඒක පිලිනොපැද බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?
     

    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    බෞද්ධයො == FOOLS and BUDDHA == INDIAN CONMAN
    CHRISTIANS = FOOLS and JESUS = ARABIC CONMAN

    MUSLIMS = FOOLS and Allah = Arabic Biggest CONMAN and the creator of CoronaVirus vaccine (Respect)

    UNIVERSE HAS BEEN CREATED WITH EMPTY ENERGY. IT'S THE EMPTINESS CREATED US ALL NOT
    DESDEMONA GODS.


    Humans are
    powered by 1 trillion worth Neurons and there no such a thing as SOUL. It's a VM run inside your brain. There is no afterlife

    Regards,
    Mangala ge Gal Kolla.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සියලු ලෝක සියලු සත්වයෝ ධර්මාවබෝදය තම දිවිය හා සමානව සලකන යුගයක් උදා වේවා. ඉන් එපිට වෙනත් ගැලවීමක් නැත. අවබෝදයි. ප්‍රත්‍යක්ෂයි.


    1416004-buddha-quotes-wallpaper-1920x1080-hd-1080p.jpg


    🙏🙏🙏
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    බෞද්ධයො == FOOLS and BUDDHA == INDIAN CONMAN
    CHRISTIANS = FOOLS and JESUS = ARABIC CONMAN

    MUSLIMS = FOOLS and Allah = Arabic Biggest CONMAN and the creator of CoronaVirus vaccine (Respect)

    UNIVERSE HAS BEEN CREATED WITH EMPTY ENERGY. IT'S THE EMPTINESS CREATED US ALL NOT
    DESDEMONA GODS.


    Humans are
    powered by 1 trillion worth Neurons and there no such a thing as SOUL. It's a VM run inside your brain. There is no afterlife

    Regards,
    Mangala ge Gal Kolla.

    මෙච්චර සිරා වැදගත් thread එකටත් මේ ගල් මූසලයා රිංගලා ..මේවා උඹට අදාල නැත්නම් කට වහන් පලයන් .
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මෙච්චර සිරා වැදගත් thread එකටත් මේ ගල් මූසලයා රිංගලා ..මේවා උඹට අදාල නැත්නම් කට වහන් පලයන් .

    ow ban.//maha sakkiliyek gala..