මේක මචං පරණ ලිපියක්..
අහම්බෙන් දැකලා මම කියෙව්වේ.
උඹලගේ දේශපාලන දැනුමට මොනවා හරි රෙද්දක් එකතු වේවි කියලා හිතලා මේ දාන්නේ..
බුද්ධියෙන් කියවල්ලා.
(මගේ පාර්ක් එකේ ගේට්ටුව වැහුවා. ටිපර් වලට ඉඩ නෑ)
අහම්බෙන් දැකලා මම කියෙව්වේ.
උඹලගේ දේශපාලන දැනුමට මොනවා හරි රෙද්දක් එකතු වේවි කියලා හිතලා මේ දාන්නේ..
බුද්ධියෙන් කියවල්ලා.
(මගේ පාර්ක් එකේ ගේට්ටුව වැහුවා. ටිපර් වලට ඉඩ නෑ)
2010 ජනාධිපතිවරණය පැවැති අවසන් වූ රාජපක්ෂ ජනවාරියේ 27, 28, 29 දවස් කෙසේ වී ද?
ජනාධිපතිවරණය පැවැති 26දා රුයෙහි ආරක්ෂාව පතා සියලු විපක්ෂ නායක කණ්ඩායම කොළඹ සිනමන් ගාර්ඩන්ස් හෝටලයේ නවාතැන් ගෙන තිබුණි. එම තත්වය වාර්තා කිරීමට පැමිණි ජනමාධ්‍යවේදී පිරිසක් ද හෝටලයේ ආලින්දයේ රුස්ව සිටියහ. රාත්‍රී 11 වන විට හමුදා සන්නද්ධ රථ කිහිපයක් හෝටලය ඉදිරිපිට පේලි ගස්වන ලදී. ඒ අතරම යුද හමුදා පිරිස් මාර්ග බාධක ඉදි කිරීමට අවශ්‍ය යකඩ වැටවල් ද ගෙනැවිත් තිබුණි.
එම රාත්‍රියෙහිම විපක්ෂ ජනාධිපති අපේක්ෂක ජෙනරල් පොන්සේකා සේවය කල සිංහ රෙජ්මේන්තුව නිරායුධ කිරිමට නියෝග දි තිබුණි. එමෙන්ම ඔහුට පක්ෂපාතී යැයි සැළකුණූ හමුදා නිලධාරින්ගේ නිවෙස් ඉදිරිපිව විශේෂ යුද හමුදා මුර සංචාරයන් ආරම්භ කරවන ලදී.
මෙම යුද හමුදා ක්‍රියාන්විතය සඳහා කැඳවා තිබුනේ ගෝඨාභය රාජපක්ෂ සේවය කල ගජබා රෙජ්මේන්තුවේ තෝරාගත් භට පිරිස් ය. ක්‍රියාන්විතය බාරව සිටියේ ජෙනරල් පොන්සේකාගේ විරුද්ධවාදියකු ලෙස නම් දරා සිටි මේජර් ජෙනරල් සුමිත් මානවඩු ය. දින කිහිපයකට පසුව පොන්සේකා බලහත්කාරයෙන් අත් අඩංඟුවට ගැනීමට ජනාධිපති රාජපක්ෂ එවූයේ ද මෙම මානවඩුමය.
සිනමන් ගාර්ඩන්ස් හෝටලය ඉදිරිපිට මේජ්ර් ජෙනරල් සුමිත් මානවඩු කඳවුරු බැන්දේ ය. සරත් පොන්සේකාගේ ආරක්ෂකයින් පොළවේ ගසා මරා දමන බවට තර්ජනය කළ ඔහු පිටතට ගිය ජනමාධ්‍යවේදීන්ට ජයාරූප නොගන්නා ලෙස තර්ජනය කළේ ය.
ජනාධිපතිවරනයේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව විපක්ෂ අපේක්ෂක පොන්සේකා පරාජය වෙමින් පැවැති තත්වය යටතේ මෙම හමුදා ක්‍රියාන්විතය එළි පිටම මර්දනකාරී වන්නට පටන් ගත්තේ ය. උදෑසන අට වනවිට හොටලයට ඇතුලුවීම සහ පිටවීම සංචාරකයිනට සහ හෝටල් සේවකයිනට සීමා කරන ලදී. හෝටලයේ නතර වි සිටි විදේශිකයින් පවා මහත් සේ තැති ගැනුණි.
හෝටලය ඉදිරිපිට මහා මාර්ගය වසා දමා ඒ අසළ වූ අනෙක් මාවත් ද හමුදා පාලනයට ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහතා ජය ගත් බව ප්‍රකාශ කිරීමත් සමඟම වාගේ ජෙනරල් පොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් මේජර් ජෙනරල් සුමිත් මානවඩු විසින් අත් අඩංඟුවට ගන්නා ලදුව බසයක නංවා එහි වහළළෙහි සවිකර තිබූ අත්වාරු පොල්ලට මංචු දමා ගෙන යනු ආණ්ඩුවේ රූපවාහිනියෙන් විකාශනය කරන ලදී. මේ සඳහා හෝටලය ඉදිරිපිට ආණ්ඩුවේ රූපවාහිනී කණ්ඩායමක් ස්ථාන ගත කර තිබුණි.
මෙම සමස්ත ක්රියාවලියේම අරමුණ වූයේ විපාක්ෂික ආධාරකරුවන් දරුණූ ලෙස බිය ගැන්වීමයි. දැන් රාජපක්ෂ මහතාට තමා විසින් එදා පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයාට පමුණුවන ලද ගැහැට අමතක වි කඳුලු සලමින් ලිපි ලියන්නට පටන් ගෙන තිබේ.
කටු අත්තක් දෙන්නද?
වැඩි දිනක් නොයා ජෙනරල් පොන්සේකාට හිතවත් බවට සැක කරන ලද යුද හමුදා නිලධාරින් අඩුම වශයෙන් 22දෙනෙකු අත් අඩංඟුවට ගන්නා ලද අතර ඒ කිසිවකුට නඩු පැවරිමක් සිදු නොවුණි. ජනවාරි 30 දින උසස් හමුදා නිලධාරීන් 12 දෙනෙකු විශ්‍රාම ගන්වන ලදී, අත් අඩංඟුවට ගත් සමහරෙක් වසරකට ආසන්න කාලයක් අත් අඩංඟුවේ තබා ගන්නා ලද්දේ කිසිදු සාධාරන හේතුවකින් තොරව ය. නිදහස් කිරීමෙන් පසු ඉන් බොහෝ දෙනෙකු ද යුද හමුදාවෙන් ඉවත් කරන ලද්දේ දේශපාලන පළිගැනීම් ලෙස ය.
ඒ තමයි රාජපක්ෂ යහ පාලනය.
බොරු චෝදනා මත ජනාධිපතිවරණයෙන් දෙසතියක් ගිය තැන පරාජිත ජනාධිපති අපේක්ෂක පොන්සේකා නීති විරෝධී ලෙස අත් අඩංඟුවට ගන්නා ලදුව රාජපක්ෂවාදී දේශපාලනඥයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තනි සාක්ෂිය උඩ දෙවසරක සිර දඩුවමකට යටත් කෙරුණි. පොන්ස්ටන් ප්‍රනාන්දුගේ සාක්ෂිය තහවුරු කැරෙන ව්‍යාජ සාක්ෂියක් දීම ප්‍රතික්ෂේප කළ ජනමාධ්‍යවේදී රුවන් වීරකෝන් චෝදනා නොමැතිව මාස තුනක් අත් අඩංඟුවේ තබා ගැනුනි.
2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම ලංකා ඊ නිව්ස් ඇතුලු විපක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වූ ජනමාධ්‍ය වෙත විවිධ තර්ජන ගර්ජන මුදා හරින ලදී. ජාතික රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණ සමයෙහි ස්වාධීනව කටයුතු කළ යුතු බවට උද්ඝෝෂණයක් ගෙන ගිය එහි ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන් පස් දෙනෙකුගේ සේවය තහනම් කරන ලදී. අනතුරුව වෙබ් අඩවි ගණනාවක්ම තහනම් කෙරුණි.
150ක් ඉක්මවා වාර්තා වූ පශ්චාත් ජනාධිපතිවරණ ප්රචන්ඩ ක්‍රියා වැළැක්වීමට රාජපක්ෂ කිසිදු පියවරක් නොගත් අතර පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසිරුවා හැර විපක්ෂයට එරෙහි මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා ඉහළ නංවන ලදී.
මේ වනාහී රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයෙන් ජය දිනා දියත් කළ මර්දනකාරී පාලනයේ මූලාරම්භය විය. දැන් පරාජය වූ තමාට ජනමාධ්‍ය මගින් අවලාද නගන්නේ යැයි රාජපක්ෂ මහතා හඬ වැටෙයි. ඔහුගේ පාලන කාලයෙහි තරම් තුච්ච ජඩ මාධ්‍ය කලාවක් මෙරට තිබී නැත...
