හානේ විස්තරත් හොයලා.
මම කැම්පස් ඉන්න කාලෙ මට එළියෙ ෂෝයි කෙල්ලෙක් හිටියා. (අහලා බලහන් එ්කත්) උඹලට මැජික් අැති, හැබැයි මම 100% ක් එයාට අවංකව අාදරෙන් හිටියෙ. අනිත් උන් වගේ ගමේ එකක් තියාගෙන කැම්පස් එකේ තව කොකු ගැහුවෙ නෑ. කෙල්ලෙක් ඉන්නවා කියන එක හැංගුවෙත් නෑ. බොරු මවාගෙන දකින දකින එකී පස්සෙ යන උන් මැද්දෙ මාව වෙනස් විදිහට පේන්න අැති තමයි.
එයා එක්ක සම්බන්ධය තියෙනකල් මම වෙන කෙල්ලෙක්ට පැණි මැසේජ් එකක්වත් දාලා නෑ. එ්කත් අහලා බලහන්. උඹලට එ්ක නෝංජල්කම කියලා හිතෙන්න අැති. මම නම් එ්කට කියන්නෙ අවංක කම කියලා. නැවැත්තුවාට පස්සෙත් එයාට කිසිම හිත් වේදනාවක්වත් දීලා, නරක වචනයක්වත් කියලා නැහැ. තාමත් සුහදව කතා කරලා ඉන්නවා. මනුස්සකම කියන්නෙ එ්කට. හිටපු කෙනාට බනින එක trend එකක් කාලෙ මම ඉන්න හැටි මැජික් අැති තමයි.
මම කරන කියන හැම දේම පටන් ගත්තෙ එ්ක නැවතුණාට පස්සෙ. ලව් එකක් තියාගෙන මම ජීවිතේට බලු වැඩක් කරලා නැහැ. නැවතුණාට පස්සෙ මොනවා කරාම මොකද ඉතින්?