උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,088
    113
    34
    Kalutara
    උඹල උඹලාගේ ගෙවල් වලට එන විසකුරු කියල හිතන සර්පයෝ සේරම මරනවද? නැත්තන් විසකුරු වුනා නොවුන කියල පවු කියල යන්න අරිනවද දැක්කේ නෑ වගේ? එහෙමත් නැත්තන් විසකුරු එකාද නැද්ද කියල බලන්න ෆොටෝ එකක් ගහල fb එකේ අර සර්ප ගෘප් එකේ දාල ඒකෙ වැටෙන කමෙන්ට් එක්ක බලල මරනවද? එතකන ඉතින් සතා හිටියොත් හොඳයි. කොහොමද උඹල ඒ වගේ වෙලාවක ගන්න ක්‍රියාමාර්ගේ?

    මේ දැන් ගෙවල් ළඟ ගෙදරක සර්පයෙක් ඉන්නවා කියල ගියා බලන්න. උදැල්ලක් දුන්න මරන්න කියල. මක් කරන්නද ඉතින් මැරුවා. පෙනුමෙන් නම් විසකුරු එකෙක්. කළු බෝල තියෙනවා ඇඟපුරා. ක්‍රීම් පාටයි ඌ. මොකෙක්ද දන්නෙත් නෑ. අකමැතිම දේ තමයි සත්තු මරණ එක. 😢 මොනවද බොලා ඒ වෙලාවට කරන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    බෝතලේකට අල්ලන්න තමා මුලින් බලන්නෙ එහෙම බැරි නන් පොහොර උරේකට වගේ. හැබැයි නයා පොළග ගැරඩිය වෙන් කරල අදුරගන්න බැරි නන් පැත්ත පලාතෙ යන්න එපා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    ඉස්සර නම් මරුවා මචන් අක්කගේ පොඩි උන් ඉන්න නිසා කයි කියලා බයට. දැන් නම් කරන්නේ නෑ. කොහොම හරි ගේමක් දීලා එළවලා දාලා ගේ වටේට බුමිතෙල් දානවා. එතකොට එන්නේ නෑ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මදුරුවෝ විතරයි මරන්නේ, වෙන කිසිම සතෙක් මරන්නේ නැත එකත් වැරදි තමයි.
    සර්පයෝ දැක්කොත් අල්ලලා ගිහින් කැලේකට අත අරිනවා. මියෝ උනත් එච්චරයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,088
    113
    34
    Kalutara
    Ena sarapyek Pana pitin arinne naha

    Yes, Mosquito & snakes
    පවු කියල හිතෙන්නේ නැද්ද? උනුත් ජීවත් වෙන්න එපැයි.
    බෝතලේකට අල්ලන්න තමා මුලින් බලන්නෙ එහෙම බැරි නන් පොහොර උරේකට වගේ. හැබැයි නයා පොළග ගැරඩිය වෙන් කරල අදුරගන්න බැරි නන් පැත්ත පලාතෙ යන්න එපා
    අවුරුද්දකට විතර කලින් පොඩි පැටියෙක්ව මැරුවා ගෙදර මිදුලේ හිටපු. බෙල්ලට ගැහුවේ අලවන්ගුවෙන්. ඌ කෑගහනවා බන්. ඇහෙන්නේ නැති වුනාට ඌ කෑ ගහනවා තේරෙනවා. අපෝ එපා වුනා එකෙන්ම. අපිටත් එහෙම වුනොත්. :'( එදා හිතාගත්ත අපරාදේ බෝතලේකට දාගන්න තිබ්බ නම් කියල. අද එකා අඩි දෙකක් විතර දිග එකෙක්. මහතයි. ඒත් බෝතලේ සීන් එක අමතක වුනා. අනික අනුන්ගේ ගෙදරක. අනුන්ගේ පවු මගේ පිටින් ගියා. 😢
    හැම එකාම මරන්නේ නෑ.
    හැබැයි කුනකටුවා, තෙල් කරවලා, මුදු කරවලා, වැලි පොලඟා අනිවා මරනවා.
    කොහොමෙයි බන් ඉතින් ඕකුන් අඳුරන්නේ. ඕකනේ කරන්න බැරි.
    ඉස්සර නම් මරුවා මචන් අක්කගේ පොඩි උන් ඉන්න නිසා කයි කියලා බයට. දැන් නම් කරන්නේ නෑ. කොහොම හරි ගේමක් දීලා එළවලා දාලා ගේ වටේට බුමිතෙල් දානවා. එතකොට එන්නේ නෑ.
    මම බේරගන්න හැදුවත් පියා මරනවනේ. ඒකනේ වැඩේ,
    එකෙක් මරලා තියනවා
    පොලගෙක්. මරණ නැහැ කියලා හිතුවට බය හිතුනම නිකන්ම මරනවා.
    මට නම් එහෙම බයක් හිතෙන්නේ නෑ බන්. පුළුවන් නම් ඇති කරනවා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මමත් Group එක බලල ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්පයෝ ගැන. ඉගෙන ගන්නව තාමත්. විෂකුරු සර්පයෝ 5 යි ඉන්නෙ.

    නයා
    තිත් පොළඟා
    වැලි පොළඟා
    මුදු කරවැලා
    තෙල් කරවැලා

    කරවැල්ලු කියල්ල ගොඩක් වෙලාවට රදනකයො මරනවා එක වගේ

    උන් ටිකවත් අඳුරගන්න ඉගෙන ගන්න අපෙ ගෙදරට ආවොත් නම් ගොඩක් වෙලාවට අපෙ තාත්ත උන්වා අල්ලලා ගිහින් දානවා කැලේකට. නයි , පොලොන්ගු නෙමේ අනෙක් එවුන්.
    නයි පොලොන්ගු එක ප්‍රදේශයක ලොකු කාලයක් ඉන්නෙ නෑ කියලයි හිතන්නෙ මන්
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    සමහර අය නයි අල්ලලා ගිහින් වෙල් වලට දානවා .
    උන් ඊටපස්සේ මාළු අල්ලන්න පලා කඩන්න එතනට යන මිනිස්සුන්ව කනවා .
    මීයොත් කුඩු වලින් අල්ලලා මරන්නේ නැතුව වෙලටම ගිහින් අතාරිනවා .
    නයි ඒ මීයනව කාල හොදට ලොකු වෙනවා .
    මම නම් අපිට කරදරයක් කරන්න පුළුවන් සතෙක් ආවොත් අනිවාර්යෙන්ම මරනවා .
    සත්ව කරුණාව දැක්වුව වගේ නෙවෙයි ඔව්න් කෑවොත් .
    අපි දන්න එකෙක්ව සර්පයෙක් කලා hospital ගෙනිච්ච .
    ඌට හොද උනත් සර්ප විස නිසා මිහිහගේ දත් ගොඩක් හැලුන .
    මාරම දුකක් වින්දේ කිව්වා .
    ඒකනිසා මමනම් සත්තු හුරතල් කරන්නේ නැහැ .
    දැක්ක තැන මරනවා .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒



    අල්ලන්න ගිහිං කාගත්තොත් ඉල්ලං උකාගත්තා වගේ තමයි. ගෙවල් අස්සේ වතු අස්සේ සර්පයෝ ඉන්නවනං ආයේ බල බල ඉන්න එපා දවසක උන් බලයි. එදාට කමෙන්ට් එක මතකරන් මැරියල්ලා
     
    • Wow
    Reactions: Heshan Daminda