උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අකමැත්තෙන් මරලා තියෙනවා. කරන්නම දෙයක් නැති කමට. ඒත් නිතරම ඒක මතක් වෙනවා. ඒ සර්පයාගේ මූණ, මැරෙද්දි මන් දිහා බලාගෙන හිටපු විදිහ. මන් හිතන්නේ විස නැති අහිංසක සතෙක් වෙන්න ඇති. මට බය තියෙන්නේ මම මැරෙන වෙලාවටත් මම ඒ කරපු පව මතක් වෙයිද කියලා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    අකමැත්තෙන් මරලා තියෙනවා. කරන්නම දෙයක් නැති කමට. ඒත් නිතරම ඒක මතක් වෙනවා. ඒ සර්පයාගේ මූණ, මැරෙද්දි මන් දිහා බලාගෙන හිටපු විදිහ. මන් හිතන්නේ විස නැති අහිංසක සතෙක් වෙන්න ඇති. මට බය තියෙන්නේ මම මැරෙන වෙලාවටත් මම ඒ කරපු පව මතක් වෙයිද කියලා

    :yes::yes::yes:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මදුරුවෝ විතරයි මරන්නේ, වෙන කිසිම සතෙක් මරන්නේ නැත එකත් වැරදි තමයි.
    සර්පයෝ දැක්කොත් අල්ලලා ගිහින් කැලේකට අත අරිනවා. මියෝ උනත් එච්චරයි.


    මමත් එහෙම තමයි. මදුරුවොත් නොමරා ඉන්න ඕනි කියලා හිතා ගන්නවා. ඒත් මදුරුවෙක් දැකපු ගමන් ඒක අමතක වෙනවා. අනෙක් සත්තු නම් මරන්න හිත හදාගන්න අමාරුයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    වෙන මොනවා කරන්නද බන්. මේ අපි ඉන්න ටවුන් වල අල්ලලා ගිහින් දාන්න කැලෑ නෑ.
    😭

    https://www.facebook.com/groups/1691732991063409/?ref=share

    මේකේ post එකක් දාලා අහපන් මොකාද කියලා.. විසකුරු එකෙක් නම් අල්ලන්න දන්නේ නැත්තම් ළඟ පාත කැලයක් නැත්තම් එකේම අහලා බලන්න අල්ලන්න කවුරුහරි ඉන්නවද කියලා.. විස එකෙක් නෙමෙයි නම් shape එකේ කෝටුවකින් ලඟට කරලා තට්ටුවක් දාන්න.. මාරුවෙයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    උඹල උඹලාගේ ගෙවල් වලට එන විසකුරු කියල හිතන සර්පයෝ සේරම මරනවද? නැත්තන් විසකුරු වුනා නොවුන කියල පවු කියල යන්න අරිනවද දැක්කේ නෑ වගේ? එහෙමත් නැත්තන් විසකුරු එකාද නැද්ද කියල බලන්න ෆොටෝ එකක් ගහල fb එකේ අර සර්ප ගෘප් එකේ දාල ඒකෙ වැටෙන කමෙන්ට් එක්ක බලල මරනවද? එතකන ඉතින් සතා හිටියොත් හොඳයි. කොහොමද උඹල ඒ වගේ වෙලාවක ගන්න ක්‍රියාමාර්ගේ?

    මේ දැන් ගෙවල් ළඟ ගෙදරක සර්පයෙක් ඉන්නවා කියල ගියා බලන්න. උදැල්ලක් දුන්න මරන්න කියල. මක් කරන්නද ඉතින් මැරුවා. පෙනුමෙන් නම් විසකුරු එකෙක්. කළු බෝල තියෙනවා ඇඟපුරා. ක්‍රීම් පාටයි ඌ. මොකෙක්ද දන්නෙත් නෑ. අකමැතිම දේ තමයි සත්තු මරණ එක. 😢 මොනවද බොලා ඒ වෙලාවට කරන්නේ?
    ආයේ එකෙන්ම මරන්න පුලුවන්නම් නම් මරනවා ඌ විසකුරු එකෙක් නම්..:lol:
    ෆේස්බුක් එකේ සර්ප ගෲප් එක කරන්නේ මල් පොන්න හුත්තිගේ පුතාලා ටිකක්.. :angry:
    උන් මාව බ්ලෝක් කරානේ කමෙන්ට් එකක් දැම්මා කියලා ඒකේන් අනිත් අයට මරන්න අනුබල දෙනවා කියලා..:angry:
    සර්පයෝ පව්ලු , මරන්න එපාලු , නලවන්නලු, දස්ට කරන්න එන්නේ නෑලු එහෙම.. අසරන සත්තුලු කැරි ටෝක් දෙන්නේ..:baffled:
    යකෝ උන්ගේ පවුලේ එකෙක්ට දශ්ට කරලා මැරුනත් ගන්න ඕනී සර්පයාගේ පැත්තලු මාර ලොජික් උන්ගේ..:lol:
    කාලකන්නි ගෲප් එකක් බන් රිපෝට් කරන්න ඕනී දු‍ටු තැන.:lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    https://www.facebook.com/groups/1691732991063409/?ref=share

    මේකේ post එකක් දාලා අහපන් මොකාද කියලා.. විසකුරු එකෙක් නම් අල්ලන්න දන්නේ නැත්තම් ළඟ පාත කැලයක් නැත්තම් එකේම අහලා බලන්න අල්ලන්න කවුරුහරි ඉන්නවද කියලා.. විස එකෙක් නෙමෙයි නම් shape එකේ කෝටුවකින් ලඟට කරලා තට්ටුවක් දාන්න.. මාරුවෙයි

    ඕවල අහ අහ ඉන්න වෙලාවක් නෑ බන් කරන දෙයක් සර්පයා මිසින් වෙන්න කලින් කරගන්න ඕනෙනේ. ඇඳක් කොට්ටයක් අස්සට එහෙම රිංග ගත්තොත් විස එකෙක්නම් .අනික තට්ටු දාපුවම උන් රිංගන්නෙත් ගෙදරම අස්සකට මිසක් පිටට යන්නෙ නෑ. එහෙම ගියත් ආපහු ඒද කියන බයේ ඉන්න වෙනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මෙන්න මේ වගේ එකෙක්ද කොහෙද හිටියේ

    r5ttjrK.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තේකක් දීල බිස්කට් එකක් දීල ටිකක් වෙලා කතාකරකර ඉන්නවා බං...

    ප.ලි
    නෑ මචං මරන්නෙ නෑ. කොයි පැත්තටද යන්නෙ කියල බලනවා. කරුවක් තියන දේබලකින් හිරකරලා කෝටුවකින් අල්ලපු කැලෑ ඉඩමට විසිකරල දානවා (ඒකෙ ගෙයක් නෑ). හැබැයි ඉතින් වටේ පිටේ අනිත් උන්ට දැනෙන්නෙ නැතිව.. පොලු උස්සං දුවං එන්නෙ අනිත් ගෙවල් දෙකේ උන් සර්පයෙක් කීවොත්....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    උග්‍ර විස සහිත තිත් පොලගා
    පොස්ට් එකේ තිබ්බේ කුණකටුවා, තෙලිස්සා කියලා. හැබැයි දැන් ආපු එකාගේ නම් හරියට රවුම් වෙච්ච ලොකු කළු ලප බන් තිබ්බේ.

    මේ ජාතියේ එකක් ගන්න ඕන
    aiQzI2m.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මම ක්ලාස් එකක් කලා පොඩි එකෙක්ට ගිය මාසේ.ක්ලාස් කරන අස්සසේ සර්පයෙක් ආවා ඒ පැත්තට.පොඩි එකා දැකලා කිව්වම ගෙදර අය ආවා.ගෙදර අය සර්පයෝ අල්ලන මනුස්සයෙක් ඉන්නවා කියලා.එයාට එන්න කියලා සර්පයා අල්ලන වැඩේ පටන ගත්තා කට්ටිය කෑගහලා දගලල සර්පයා බටයක් අස්සට රිංගුවා...සර්පය බටෙන් ඔලුව එලියට දානකොටම අර මනුස්සයා ඔලුවෙන් ඇල්ලුවා.කිය්න්න සංතෝසයි මිත්‍රවරුනි සර්පයා ලිස්සලා ගියා,පෙනේ පිපුවා දශ්ටා කලා.කෙලියා හුටා නයෙක්නනේ ඉතිං 🤣🤣🤣 පස්සේ ඉතිං බුවා ලැජ්ජාවටද මන්දා එහෙමම සර්පයා අල්ලා ගෝනියට දැම්මා..ගෙදර මිනිස්සු ඉතිං අරූව හොස්පිටල් ඇඩ්මිට් කලා.පස්සේ පොඩි එකා කිව්වා 20 000ක් විතර ඉවරයි කියලා...දන්නේ නැත්තං අල්ලන වැඩ කරන්න යන්න එපා... පොලගා නන් කිට්ටූ වෙන්න එපා.පන්න පන්න කොටන්නේ...මරන්න යන්නත් එපා
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පොස්ට් එකේ තිබ්බේ කුණකටුවා, තෙලිස්සා කියලා. හැබැයි දැන් ආපු එකාගේ නම් හරියට රවුම් වෙච්ච ලොකු කළු ලප බන් තිබ්බේ.

    මේ ජාතියේ එකක් ගන්න ඕන
    aiQzI2m.png

    Meter 3, 4ka ewa nadda :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් උන්ට කැලේක සර්පයෙක් ඉන්න එකයි නාගරික ප්‍රදේශයක වත්තක සර්පයෙක් ඉන්න එකයි තේරුන්ගන්න බෑ.
    ත්‍රෙඩ් එක දාපු එකත් ඒකයි මේ ඇඹරෙන්නේ. :lol:
    මම හිටියෙත් සර්ප විමානෙක. අපේ වත්ත විතරයි අදටත් ඒ පැත්තටම ගස්කොලන් එක්ක තියෙන එකම වත්ත. සර්පයෝ කොච්චර සුලබද කියනවනං මම පොඩිකාලේ නොදන්නාකමට වත්තේ අහුවෙන සර්ප පැටව් බෝතල්වල දාලා හදලත් තියෙනවා🐍🐍

    අත්දැකීම් ටිකක් කියන්නම්කෝ.

    මං පොඩිම කාලේ වත්ත සුද්දකරකර ඉන්නකොට තාත්තට ගැහුවා තෙල් කරවලෙක් . අම්මෝ කියලා කෑගහුනා ඇහුනා. ගිහිං බලනකොට තාත්තා කකුල අල්ලගෙන සර්පයෙක් කෑවා හොයලා බලන්න කිව්වා. මට ඒ වෙනකොට අවුරුදු හයක් හතක් ඇති. කොහොම හරි රිටකින් ඇන ඇන හොයල දුන්නා සර්පයාව තවාන් දාපු පැල තිබුන පැකට් අස්සක ඉඳලා. තාත්තා ඌව මරලා බෑග් එකක දාගෙන ආයුර්වේදෙට දිව්වා. ඒ කාලේ ටැක්සියක්වත් නැති කාලේ මගදී බස් එකක් නවත්තගෙන ගිහිල්ලා තියෙන්නේ. මට තේරුමකුත් නෑ මොකද වුනේ කියල. පස්සේ බෙහෙත්කරන් හැන්දෑවෙලා ගෙදර ආවා. දොස්තරලා සර්පයා තෙල් කරවෙලෙක් /මඟමරුවා කියලා අඳුනගෙන. තාත්තා එනකොට ආයුර්වේදේ දොස්තරලා කියලා මහත්තයෝ මේකා කාලා බේරුනා කියන්නේ මහත්තයා ගලේ ගැහුවත් මැරෙන්නේ නං නෑ කියලා.💪💪

    එදා තාත්තා මළානන් අපි මහපාරේ.


    තවපාරක් තාත්තා උදේ හතරට විතර කළුවරේම එළියේ සිමෙන්ති ටැංකියෙන් මූන හෝදනකොට ටැංකිය එහාපැත්තෙ සතෙක් පිඹිනවා වගේ සද්දයක් ඇහිලා පස්සේ තාත්ත කෝකටත් කියලා ටැංකිය උඩට නැගලා අලවන්ගුවෙන් ඒ පැත්තට කොටලා. පස්සේ බල්ලා පැනලා හපලා විකාරයක් වෙලා. කළුවර නිසා වැඩි විස්තරයක් දන්නේ නෑ. උදේ වෙනකොට බල්ලා පැත්තගහලා පන ඇද ඇද ඉන්නවා. ඒ ළඟම මිදුලේ මැරිලා හිටියා අඩි දෙකහමාරක තුනක විතර හෙන මහත පොළගෙක්. බඩ පැත්තට අලවන්ගුපාරකුත් වැදිලා තිබුනා.☹
    බල්ලා වෙට් ලඟට ගෙනිච්චත් බේරගන්න බැරිවුනා, නහයෙන් කටින් ලේ දාලා කක්ක, චූ එක්කත් ලේ ගිහිල්ලා හෙන දුකක් විඳලා තාත්තගේ අතේ මැරුණේ. කොච්චර අප්සෙට්ද කියනවනං අපි පන්සලට දානෙකුත් දුන්නා බල්ලා වෙනුවෙන්. අවුරුදු ගානක් පිංකමුත් කළා සතා වෙනුවෙන්.

    කැලේ ඉන්න සර්පයෝ මරන්න එපා ඒත් නාගරික පරිසරයේ මොන සර්පයෝද. කෑවොත් බබා හුකුං නෑ .
    කාපු දවසක තේරෙයි. ඇල්ලුවත් උඹලා කැලෑවල් හොයං යන්නේ නෑ නේ, ළඟම තියෙන පාලු වත්තටකටනේ දාන්නේ. පස්සේ ඒ අවටම පොඩි එකෙක්ට ෂොට් එක දුන්නම සනීපයි.
    කොහොමත් ඔය සර්පයෝ අල්ලන එකෙක්ටවත් රිස්ක් එකක් ගන්න දෙන්න එපා කාගේ වුනත් දරුවෙක්නේ . ඌට උගේ ජිවිතේ වැදගත් නැති වුනාට උගේ දෙමාපියොන්ට වටිනවා.

    ගැරඬි නං දැක්ක ගමන් අඳුනනවානේ උන් මරන්න යන්න එපා. කොහොමත් උන් මරන්නනං හොඳට දුවන්න පුළුවන් එකෙක් වෙන්න ඕන :lol: