ගොඩක් උන්ට කැලේක සර්පයෙක් ඉන්න එකයි නාගරික ප්රදේශයක වත්තක සර්පයෙක් ඉන්න එකයි තේරුන්ගන්න බෑ.
ත්රෙඩ් එක දාපු එකත් ඒකයි මේ ඇඹරෙන්නේ.

මම හිටියෙත් සර්ප විමානෙක. අපේ වත්ත විතරයි අදටත් ඒ පැත්තටම ගස්කොලන් එක්ක තියෙන එකම වත්ත. සර්පයෝ කොච්චර සුලබද කියනවනං මම පොඩිකාලේ නොදන්නාකමට වත්තේ අහුවෙන සර්ප පැටව් බෝතල්වල දාලා හදලත් තියෙනවා

අත්දැකීම් ටිකක් කියන්නම්කෝ.
මං පොඩිම කාලේ වත්ත සුද්දකරකර ඉන්නකොට තාත්තට ගැහුවා තෙල් කරවලෙක් . අම්මෝ කියලා කෑගහුනා ඇහුනා. ගිහිං බලනකොට තාත්තා කකුල අල්ලගෙන සර්පයෙක් කෑවා හොයලා බලන්න කිව්වා. මට ඒ වෙනකොට අවුරුදු හයක් හතක් ඇති. කොහොම හරි රිටකින් ඇන ඇන හොයල දුන්නා සර්පයාව තවාන් දාපු පැල තිබුන පැකට් අස්සක ඉඳලා. තාත්තා ඌව මරලා බෑග් එකක දාගෙන ආයුර්වේදෙට දිව්වා. ඒ කාලේ ටැක්සියක්වත් නැති කාලේ මගදී බස් එකක් නවත්තගෙන ගිහිල්ලා තියෙන්නේ. මට තේරුමකුත් නෑ මොකද වුනේ කියල. පස්සේ බෙහෙත්කරන් හැන්දෑවෙලා ගෙදර ආවා. දොස්තරලා සර්පයා තෙල් කරවෙලෙක් /මඟමරුවා කියලා අඳුනගෙන. තාත්තා එනකොට ආයුර්වේදේ දොස්තරලා කියලා මහත්තයෝ මේකා කාලා බේරුනා කියන්නේ මහත්තයා ගලේ ගැහුවත් මැරෙන්නේ නං නෑ කියලා.

එදා තාත්තා මළානන් අපි මහපාරේ.
තවපාරක් තාත්තා උදේ හතරට විතර කළුවරේම එළියේ සිමෙන්ති ටැංකියෙන් මූන හෝදනකොට ටැංකිය එහාපැත්තෙ සතෙක් පිඹිනවා වගේ සද්දයක් ඇහිලා පස්සේ තාත්ත කෝකටත් කියලා ටැංකිය උඩට නැගලා අලවන්ගුවෙන් ඒ පැත්තට කොටලා. පස්සේ බල්ලා පැනලා හපලා විකාරයක් වෙලා. කළුවර නිසා වැඩි විස්තරයක් දන්නේ නෑ. උදේ වෙනකොට බල්ලා පැත්තගහලා පන ඇද ඇද ඉන්නවා. ඒ ළඟම මිදුලේ මැරිලා හිටියා අඩි දෙකහමාරක තුනක විතර හෙන මහත පොළගෙක්. බඩ පැත්තට අලවන්ගුපාරකුත් වැදිලා තිබුනා.☹
බල්ලා වෙට් ලඟට ගෙනිච්චත් බේරගන්න බැරිවුනා, නහයෙන් කටින් ලේ දාලා කක්ක, චූ එක්කත් ලේ ගිහිල්ලා හෙන දුකක් විඳලා තාත්තගේ අතේ මැරුණේ. කොච්චර අප්සෙට්ද කියනවනං අපි පන්සලට දානෙකුත් දුන්නා බල්ලා වෙනුවෙන්. අවුරුදු ගානක් පිංකමුත් කළා සතා වෙනුවෙන්.
කැලේ ඉන්න සර්පයෝ මරන්න එපා ඒත් නාගරික පරිසරයේ මොන සර්පයෝද. කෑවොත් බබා හුකුං නෑ .
කාපු දවසක තේරෙයි. ඇල්ලුවත් උඹලා කැලෑවල් හොයං යන්නේ නෑ නේ, ළඟම තියෙන පාලු වත්තටකටනේ දාන්නේ. පස්සේ ඒ අවටම පොඩි එකෙක්ට ෂොට් එක දුන්නම සනීපයි.
කොහොමත් ඔය සර්පයෝ අල්ලන එකෙක්ටවත් රිස්ක් එකක් ගන්න දෙන්න එපා කාගේ වුනත් දරුවෙක්නේ . ඌට උගේ ජිවිතේ වැදගත් නැති වුනාට උගේ දෙමාපියොන්ට වටිනවා.
ගැරඬි නං දැක්ක ගමන් අඳුනනවානේ උන් මරන්න යන්න එපා. කොහොමත් උන් මරන්නනං හොඳට දුවන්න පුළුවන් එකෙක් වෙන්න ඕන
