උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි බන් ලංකාවෙ ගොඩබිම ඉන්නෙ සර්පයින් වර්ග මතක විදිහට 120ක් වගේ ගානක්. ඒකෙනුත් මචන් වැඩි හරියක් ඉන්නේ අහින්සක අය.

    මිනිසෙකුට මරනය සිද්දකරන්න පුලුවන් සර්පයින් ඉන්නෙ හය දෙනයි ඒ,

    උග්‍ර විශ කාන්ඩයේ
    කාන්ඩයේ නයා, තිත්පොලග, වැලිපොලග (විශ තත්වය විවිදාත්මකයි), මුදු කරවලා, තෙල් කරවලා සහ තුරිත විශ කාන්ඩයේ පොලොන් තෙලිස්සා / කුනකටුවා කියන සර්පයින්.

    මෙත නිනුත් මේ වෙද්දි ලන්කාවෙ ඉන්න වැලි පොලොන් විශේසයෙ විශ මට්ටම ගැන ආයෙ පරික්ශාවක් සිද්දවෙනවා හේතුව මේ විශේසයේ විශ පරිනාමයකට ලක්වෙලා තියනවා කියන උපකල්පනය.

    අනිත් විශේසම අපි තේරුම් ගන්නම ඕනෙම දේ තමා මචං සර්පයින්ට විශ පිහිටන්නේ අවශය ආහර ලබාගන්න මිසක් මිනිස්සුන්ව මර මර යන්න නෙමෙයි. අපෙන් කරදරයක් නැත්නම් ගොඩක් වෙලාවට සර්පයො අපිට පහර දීමක් කරන්නේ නෑ. මොකද සර්පයෙකුට විශ කෝශවල තියෙන විශ නිකුත් කලායින් පස්සෙ ආයෙ හැදෙන්න කාලයක් යනවා.
    ඒක නිසා විශ සහිත සර්පයෙක් උනත් සමහර විට විශ රහිත සපා කෑමක් කරන්න පුලුවන් ඒකට අපි කියනවා ඩ්‍රයි බයිට් කියලා.

    සර්පයෙක් දැක්කගමන් මෝඩ විදිහට ඌව මරලා දාන්න යන්න එපා. ගොඩක් වෙලාවට නිර්විශ අහින්සකයෙක් වෙන්න පුලුවන්. හොදම දේ සර්පයොගැන පොඩි අවබෝදයක් හරි ලබාගන්න මම උඩින් කියපු සර්ප විශේස හය විතරක් හරි මතක තියාගන්න.

    තව පොඩ්ඩෙන් අමතකවෙනවා සර්පයොකියන්නේ ලන්කාවෙ නීතියෙන් ආරක්ශිත සතුන් කොට්ටාශයක් උග්‍ර විශ සර්පයින් ඇරුනම අනිත් හැම සර්පයෙක්ම නීතියෙන් කෙලින්ම ආරක්ශිතයි, උග්‍ර විශ සර්පනුත් සමහර නීතිවලින් වක්‍රා කාරව ආරක්ශාවෙනවා.
    ඒ කියන්නේ අනවසරයෙන් සර්පයෙකු හෝ කොටසක් ලබතබා ගැනීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය, විකිනීම, හින්සා කිරීම හෝ මරනයට පත්කිරීම දඩයක්, සිරදඩුවමක් හෝ දඩයක් හා සිරදඩුවමක් යන දෙකම ලැබිය හැකි වරදක්

    උග්‍ර විස සහිත තිත් පොලගා

    පිස්සුද බන් ඔය ඉන්නෙ මද විශ / තුරිත විශ - කුනකටුවා මෙයා වයිද්‍ය විද්‍යාත්මකව වැදගත් සතෙක්. මෙයා කරන ද්ශ්ටන සහ මෙයා වග කියන්න ඕනෙ මරන ප්‍ර්මානය වැඩි වීම තමයි ඊට හේතුව.

    නිසි වෙලාවට නිසි ප්‍ර්තිකාර නොලැබුනොත් පුද්ගලයා මියයන්න පුලුවන් කෙලින්ම සර්පවිශෙන් නෙමෙයි මෙයා ද්ශ්ටන නිසා මරනය සිද්දවෙන්නේ පද්දති අකර්මන්‍ය වීමෙන් .
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    උඹල උඹලාගේ ගෙවල් වලට එන විසකුරු කියල හිතන සර්පයෝ සේරම මරනවද? නැත්තන් විසකුරු වුනා නොවුන කියල පවු කියල යන්න අරිනවද දැක්කේ නෑ වගේ? එහෙමත් නැත්තන් විසකුරු එකාද නැද්ද කියල බලන්න ෆොටෝ එකක් ගහල fb එකේ අර සර්ප ගෘප් එකේ දාල ඒකෙ වැටෙන කමෙන්ට් එක්ක බලල මරනවද? එතකන ඉතින් සතා හිටියොත් හොඳයි. කොහොමද උඹල ඒ වගේ වෙලාවක ගන්න ක්‍රියාමාර්ගේ?
    ගෙදරට ආවොත් පන්නලා දානවා, සතා අදාල නෑ.
    මේ දැන් ගෙවල් ළඟ ගෙදරක සර්පයෙක් ඉන්නවා කියල ගියා බලන්න. උදැල්ලක් දුන්න මරන්න කියල. මක් කරන්නද ඉතින් මැරුවා. පෙනුමෙන් නම් විසකුරු එකෙක්. කළු බෝල තියෙනවා ඇඟපුරා. ක්‍රීම් පාටයි ඌ. මොකෙක්ද දන්නෙත් නෑ. අකමැතිම දේ තමයි සත්තු මරණ එක. 😢 මොනවද බොලා ඒ වෙලාවට කරන්නේ?
    අනුන්ගෙ පව් වලට කර ගහන්න එපා බං. මම අඩුම ගානෙ මදුරුවෙක්වත් මරන් නෑ, ඒත් අසල්වේශී ගොං තකතීරු ඇන්ටි කෙනෙක් හින්දා මටත් අහක යන මරාලෙකට කර ගහන්න වුණා. මේ හෝන්තුව රදනකයෙක්ට මෝටීන් ගහලා තව උදැල්ලකිනුත් ගහලා ඒකව සම්බෝල කරලා, ඒත් සතා මැරිලා නෑ ඒකා පන අදිනවා, බලාගෙනම ඉන්න බැරි තැන මරලා දැම්මා.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මරන්නේ නෑ බං ලොවෙත්. දවසක් කරවලයෙක් මගේ ඇද උඩ හිටිය ඇලවෙලා ෆිල්ම් එකක් බලන ගමන්. උවත් අල්ලලා ගිහින් දැම්ම. පෙරේදා නයා ආව මොකුත් කරේ නෑ. යන්නේ කොහෙටද කියල බලන් හිටිය.

    තමන් ඉන්න පැත්තේ සුලබ සර්ප වර්ග ගැන දැනගෙන හිටියනම් හොදයි බං. නුවර නම් ගොඩක් ඉන්නේ කරවලයෝ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මට තියන අවුල බන් ඔකුන් දැක්කම ඇඟ නලියනවා.කැ*ම අප්පිරියාවක් දැනෙන්නෙ.අනික වෙල ලඟ ඉඩමක ඉන්න නිසා අනන්තවත් සර්පයො.දවසක් වයිෆරේට පෑගෙන්න ගියා කුනකට්ටෙක්.අහුවෙන්නෙ මොකාද අත අරින්නෙ නෑ.මරලා පුච්චනවා.ඔය ආදරේ,පව් කියන ඒවා කාපු දවසට නෑ බන්.අනික හැමවෙලේම වත්ත ලොකුයි මම් සුද්ද කරලා තියාගනිල්ලා.සර්පයෙක් නිකමට ඇදුනත් පේන විදිහට.නැති නම් ඔවුන් හැංගිලා ඉන්නෙ හිතන්නෙ නැති අස්සවල්වල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,663
    113
    ඔව් මිනිස්සු ඉන්න සීමාවට ආවොත්, අවම වේදනාවකින්

    (ඔව් ඔව් අන්තිම කෑල්ල දැම්මෙ හිත හදාගන්න තමා)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    මෙහෙමයි බන් ලංකාවෙ ගොඩබිම ඉන්නෙ සර්පයින් වර්ග මතක විදිහට 120ක් වගේ ගානක්. ඒකෙනුත් මචන් වැඩි හරියක් ඉන්නේ අහින්සක අය.

    මිනිසෙකුට මරනය සිද්දකරන්න පුලුවන් සර්පයින් ඉන්නෙ හය දෙනයි ඒ,

    උග්‍ර විශ කාන්ඩයේ
    කාන්ඩයේ නයා, තිත්පොලග, වැලිපොලග (විශ තත්වය විවිදාත්මකයි), මුදු කරවලා, තෙල් කරවලා සහ තුරිත විශ කාන්ඩයේ පොලොන් තෙලිස්සා / කුනකටුවා කියන සර්පයින්.

    මෙත නිනුත් මේ වෙද්දි ලන්කාවෙ ඉන්න වැලි පොලොන් විශේසයෙ විශ මට්ටම ගැන ආයෙ පරික්ශාවක් සිද්දවෙනවා හේතුව මේ විශේසයේ විශ පරිනාමයකට ලක්වෙලා තියනවා කියන උපකල්පනය.

    අනිත් විශේසම අපි තේරුම් ගන්නම ඕනෙම දේ තමා මචං සර්පයින්ට විශ පිහිටන්නේ අවශය ආහර ලබාගන්න මිසක් මිනිස්සුන්ව මර මර යන්න නෙමෙයි. අපෙන් කරදරයක් නැත්නම් ගොඩක් වෙලාවට සර්පයො අපිට පහර දීමක් කරන්නේ නෑ. මොකද සර්පයෙකුට විශ කෝශවල තියෙන විශ නිකුත් කලායින් පස්සෙ ආයෙ හැදෙන්න කාලයක් යනවා.
    ඒක නිසා විශ සහිත සර්පයෙක් උනත් සමහර විට විශ රහිත සපා කෑමක් කරන්න පුලුවන් ඒකට අපි කියනවා ඩ්‍රයි බයිට් කියලා.

    සර්පයෙක් දැක්කගමන් මෝඩ විදිහට ඌව මරලා දාන්න යන්න එපා. ගොඩක් වෙලාවට නිර්විශ අහින්සකයෙක් වෙන්න පුලුවන්. හොදම දේ සර්පයොගැන පොඩි අවබෝදයක් හරි ලබාගන්න මම උඩින් කියපු සර්ප විශේස හය විතරක් හරි මතක තියාගන්න.

    තව පොඩ්ඩෙන් අමතකවෙනවා සර්පයොකියන්නේ ලන්කාවෙ නීතියෙන් ආරක්ශිත සතුන් කොට්ටාශයක් උග්‍ර විශ සර්පයින් ඇරුනම අනිත් හැම සර්පයෙක්ම නීතියෙන් කෙලින්ම ආරක්ශිතයි, උග්‍ර විශ සර්පනුත් සමහර නීතිවලින් වක්‍රා කාරව ආරක්ශාවෙනවා.
    ඒ කියන්නේ අනවසරයෙන් සර්පයෙකු හෝ කොටසක් ලබතබා ගැනීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය, විකිනීම, හින්සා කිරීම හෝ මරනයට පත්කිරීම දඩයක්, සිරදඩුවමක් හෝ දඩයක් හා සිරදඩුවමක් යන දෙකම ලැබිය හැකි වරදක්

    පිස්සුද බන් ඔය ඉන්නෙ මද විශ / තුරිත විශ - කුනකටුවා මෙයා වයිද්‍ය විද්‍යාත්මකව වැදගත් සතෙක්. මෙයා කරන ද්ශ්ටන සහ මෙයා වග කියන්න ඕනෙ මරන ප්‍ර්මානය වැඩි වීම තමයි ඊට හේතුව.

    නිසි වෙලාවට නිසි ප්‍ර්තිකාර නොලැබුනොත් පුද්ගලයා මියයන්න පුලුවන් කෙලින්ම සර්පවිශෙන් නෙමෙයි මෙයා ද්ශ්ටන නිසා මරනය සිද්දවෙන්නේ පද්දති අකර්මන්‍ය වීමෙන් .
    අඩො තෑන්ක්ස් කමෙන්ට් එකට. නොදන්නා දෙයක් දැනගත්තා. 😍

    ගොඩක් උන්ට කැලේක සර්පයෙක් ඉන්න එකයි නාගරික ප්‍රදේශයක වත්තක සර්පයෙක් ඉන්න එකයි තේරුන්ගන්න බෑ.
    ත්‍රෙඩ් එක දාපු එකත් ඒකයි මේ ඇඹරෙන්නේ. :lol:
    මම හිටියෙත් සර්ප විමානෙක. අපේ වත්ත විතරයි අදටත් ඒ පැත්තටම ගස්කොලන් එක්ක තියෙන එකම වත්ත. සර්පයෝ කොච්චර සුලබද කියනවනං මම පොඩිකාලේ නොදන්නාකමට වත්තේ අහුවෙන සර්ප පැටව් බෝතල්වල දාලා හදලත් තියෙනවා🐍🐍

    අත්දැකීම් ටිකක් කියන්නම්කෝ.

    මං පොඩිම කාලේ වත්ත සුද්දකරකර ඉන්නකොට තාත්තට ගැහුවා තෙල් කරවලෙක් . අම්මෝ කියලා කෑගහුනා ඇහුනා. ගිහිං බලනකොට තාත්තා කකුල අල්ලගෙන සර්පයෙක් කෑවා හොයලා බලන්න කිව්වා. මට ඒ වෙනකොට අවුරුදු හයක් හතක් ඇති. කොහොම හරි රිටකින් ඇන ඇන හොයල දුන්නා සර්පයාව තවාන් දාපු පැල තිබුන පැකට් අස්සක ඉඳලා. තාත්තා ඌව මරලා බෑග් එකක දාගෙන ආයුර්වේදෙට දිව්වා. ඒ කාලේ ටැක්සියක්වත් නැති කාලේ මගදී බස් එකක් නවත්තගෙන ගිහිල්ලා තියෙන්නේ. මට තේරුමකුත් නෑ මොකද වුනේ කියල. පස්සේ බෙහෙත්කරන් හැන්දෑවෙලා ගෙදර ආවා. දොස්තරලා සර්පයා තෙල් කරවෙලෙක් /මඟමරුවා කියලා අඳුනගෙන. තාත්තා එනකොට ආයුර්වේදේ දොස්තරලා කියලා මහත්තයෝ මේකා කාලා බේරුනා කියන්නේ මහත්තයා ගලේ ගැහුවත් මැරෙන්නේ නං නෑ කියලා.💪💪

    එදා තාත්තා මළානන් අපි මහපාරේ.

    තවපාරක් තාත්තා උදේ හතරට විතර කළුවරේම එළියේ සිමෙන්ති ටැංකියෙන් මූන හෝදනකොට ටැංකිය එහාපැත්තෙ සතෙක් පිඹිනවා වගේ සද්දයක් ඇහිලා පස්සේ තාත්ත කෝකටත් කියලා ටැංකිය උඩට නැගලා අලවන්ගුවෙන් ඒ පැත්තට කොටලා. පස්සේ බල්ලා පැනලා හපලා විකාරයක් වෙලා. කළුවර නිසා වැඩි විස්තරයක් දන්නේ නෑ. උදේ වෙනකොට බල්ලා පැත්තගහලා පන ඇද ඇද ඉන්නවා. ඒ ළඟම මිදුලේ මැරිලා හිටියා අඩි දෙකහමාරක තුනක විතර හෙන මහත පොළගෙක්. බඩ පැත්තට අලවන්ගුපාරකුත් වැදිලා තිබුනා.☹
    බල්ලා වෙට් ලඟට ගෙනිච්චත් බේරගන්න බැරිවුනා, නහයෙන් කටින් ලේ දාලා කක්ක, චූ එක්කත් ලේ ගිහිල්ලා හෙන දුකක් විඳලා තාත්තගේ අතේ මැරුණේ. කොච්චර අප්සෙට්ද කියනවනං අපි පන්සලට දානෙකුත් දුන්නා බල්ලා වෙනුවෙන්. අවුරුදු ගානක් පිංකමුත් කළා සතා වෙනුවෙන්.

    කැලේ ඉන්න සර්පයෝ මරන්න එපා ඒත් නාගරික පරිසරයේ මොන සර්පයෝද. කෑවොත් බබා හුකුං නෑ .
    කාපු දවසක තේරෙයි. ඇල්ලුවත් උඹලා කැලෑවල් හොයං යන්නේ නෑ නේ, ළඟම තියෙන පාලු වත්තටකටනේ දාන්නේ. පස්සේ ඒ අවටම පොඩි එකෙක්ට ෂොට් එක දුන්නම සනීපයි.
    කොහොමත් ඔය සර්පයෝ අල්ලන එකෙක්ටවත් රිස්ක් එකක් ගන්න දෙන්න එපා කාගේ වුනත් දරුවෙක්නේ . ඌට උගේ ජිවිතේ වැදගත් නැති වුනාට උගේ දෙමාපියොන්ට වටිනවා.

    ගැරඬි නං දැක්ක ගමන් අඳුනනවානේ උන් මරන්න යන්න එපා. කොහොමත් උන් මරන්නනං හොඳට දුවන්න පුළුවන් එකෙක් වෙන්න ඕන :lol:
    ඔය කියන්නේ ලංකාවේ ගෙදරද ඒරොප්පේ ගෙදරද? 🙄
     
    • Like
    Reactions: JohnSnow

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගෙදර බල්ලෙක් ඉන්නවා එක නිසා බල්ලට කරදරයක් කියල හිතුනොත් ඕනෙම දෙයක් කරනවා. :yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මුලින්ම කියන්න ඕනේ "විස ඝෝර සර්පයා... දැක නෑර මෝඩයා" කියලා.... මරනවද අල්ලලා කැලේට ගිහින් දානවද කියන එක අවස්ථාව අනුව වෙනස් වෙනවා... ලඟදි ලේ මාපිලෙක් හිටියා වහලේ අස්සේ. මරන්න අල්ලන්න මොකුත්ම කරන්න බෑ පොර හිටපු විදිහට...... ඊටත් රෑ....... පැය බාගයක් විතර සෝදිසියෙන් ඉන්නකොට ඌ ඔලුව එලියට දාල බිත්තියේ හිටපු හූනෙක් අල්ලගත්තා..... එහෙම්මම ඇදලා බිමට දාලා දුන්න සොට් එක.... කෑම කන සතෙකුට කවදාවත් ගහල නෑ...... ඒ වුනාට තමන්ගේම ගේ ඇතුලේ බයෙන් සැකෙන් ඉන්න බෑනේ වහලේ සර්පයෙක් ඉන්නවා කියල මතක් වෙද්දී.
     
    • Like
    Reactions: charitha2011

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    බදර් ඕකට තියෙන අත්දුටු විසදුම තමයි මිදුලේ පෝච්චියක මහකුම්බා පැලයක් හිටව ගන්න . එතකොට සර්පයෝ එන්නේ නෑ .
     
    • Haha
    Reactions: charitha2011