උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුලින්ම කියන්න ඕනේ "විස ඝෝර සර්පයා... දැක නෑර මෝඩයා" කියලා.... මරනවද අල්ලලා කැලේට ගිහින් දානවද කියන එක අවස්ථාව අනුව වෙනස් වෙනවා... ලඟදි ලේ මාපිලෙක් හිටියා වහලේ අස්සේ. මරන්න අල්ලන්න මොකුත්ම කරන්න බෑ පොර හිටපු විදිහට...... ඊටත් රෑ....... පැය බාගයක් විතර සෝදිසියෙන් ඉන්නකොට ඌ ඔලුව එලියට දාල බිත්තියේ හිටපු හූනෙක් අල්ලගත්තා..... එහෙම්මම ඇදලා බිමට දාලා දුන්න සොට් එක.... කෑම කන සතෙකුට කවදාවත් ගහල නෑ...... ඒ වුනාට තමන්ගේම ගේ ඇතුලේ බයෙන් සැකෙන් ඉන්න බෑනේ වහලේ සර්පයෙක් ඉන්නවා කියල මතක් වෙද්දී.

    මාපිලුන් වර්ග පහක් අප රටේ ජීවත් වෙනවා. උන් සුළු විෂ සහිත සර්පයන්. ලේ මාපිලා, රෑන් මාපිලා, පඳුරු මාපිලා, නිදි මාපිලා, සහ කහ මාපිලා ඒ අතර සිටිනවා. ලංකාව හැරුණු විට නේපාලය, ඉන්දියාව යන රටවලත් මේ සර්පයා ජීවත් වෙනවා. අප රටේ පහතරට තෙත් කලාපයේ මෙන්ම අතරමැදි හා වියළි කලාපයේත් මාපිලා ජීවත් වෙනවා.

    ලේ මාපිලාට ඒ නම ලැබී ඇත්තේ සිරුර තැඹිලි හා රත් පැහැති නිසා යි. නාග මාපිලා නමින් ද මෙම විශේෂය හඳුන්වනවා. සිහින් දිගටි ශරීරයකින් යුක්ත යි. පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් පිහිටා තිබෙනවා. නිශාචර රුක්වාසී සර්පයෙක්. දහවලට ගස්බෙන හා පඳුරු අතර සැඟ වී සිට රාත්‍රියේ දී තමයි ක්‍රියාශීලි වන්නේ.

    දෂ්ට කළ ස්ථානය සුළු වශයෙන් ඉදිමුණත් දරුණු හානියක් සිදු වන්නේ නැහැ. වැරදි අවබෝධය නිසා මේ සර්පයා බහුල ව මරා දමන බව වාර්තා වෙනවා. ලේ මාපිලුන් හත් දෙනෙකු රාත්‍රියට වහලේ එල්ලී නිදාගෙන සිටින පුද්ගලයන්ගේ කකුලේ ඇඟිල්ලෙන් ලේ උරාබොන බවට විශ්වාසයක් අතීතයේ මෙරට ගැමියන් අතර පැතිරී තිබුණා. එය සම්පූර්ණයෙන් ම මිත්‍යා මතයක්. ලංකාවේ ලේ උරාබොන කිසිම සර්පයෙක් නැහැ.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Issara maruwa dan maranne nah bn..mokektawath hiri hara karanne nah..Poosonta witharai gadolakin kelinne dakkoth..gedara garden eke vegetables fruits okkoma wesa waduro kanawa eth mukuth karanne nah ;)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගැරඩි එනවා පෙනුමට දෙකක් ඉන්නවා කහපාට එකා සහ නයා වගේ කලුපාට පුල්ලි තියෙන කෙනෙක් ඉතින් ගොඩක් උන් උවත් මරනවා නයා කියල. නයි හාමිලා දෙපාරක් තුන්පාරක් ඇවිල්ල තියෙනවා ඔක්කොම වගේ කරදරයක් නොකර හිටියම යන්න ගියා, ඊට පස්සේ දැක්කෙම නැ ඕකුන් ගෙවල් වලට පැන පැන හපන්නේ නැ සත්තු හොයන් එන්නේ. එළියේ කුණුගොඩවල් ලි ගොඩවල් එනම් මනම් තියන්නේ නැත්තන් උන් එන්නේ නැ වත්ත පිරිසිදු කරන්න දොරවල් හැඟෙන තැන් නැති උනාම මොකුත් නෑ, උන් එන්නේ ගෙම්බෝ වගේ සත්තු පස්සෙන්, උන්ට ඉන්න බැරි කරන්න ඕනේ. සර්ප ගෘප් එකේ ඉන්න එකේ සර්පයෝ ගැන ඉගෙන ගන්න පුළුවන්. දිග ZLON බටයක් අරන් එක පැත්තක endcap කරලා අනික් පැත්ත සර්පයා ලගින් තිබ්බම උ ඒකට රින්ගගන්නවා ඊටපස්සේ බටේ කෙලින් කරාම උට උඩ අතට බඩගාන්න බෑ ලිස්සනවා. ඊටපස්සේ බැටේ වහල කැලේට ගින් දාන්න ඕනේ. තව බටේට වයර් එකක් දාල මන්දකින් වගේ හිර කරගන්න ක්‍රමයකුත් තියෙනවා, ඔක්කොම යුටුබ් එකේ ඇති.

    දෙරණ මත තුඹසයා – තුඹස තුළ නාගයා – විස ඝෝර සර්පයා – දැක නහරු මෝඩයා
    මහ පොලොවේ ඇති තුඹස කියන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හටගන්න අපේ පංචස්‌කන්ධය නැත්නම් ශරීරය. ඒ ශරීරයේ ඉන්න නාගයා තමයි තන්හාව. විෂඝෝර සර්පයෙකු බදු තන්හාව අත් නොහරින්නා මෝඩයෙකි.

    උඩ මාපිලෙක් මරල නිදාගත්තා කිව නිසා
    නාග මාපිලා, ලේ මාපිලා, කබර මාපිලා, මහ මාපිලා
    සුළු විෂැතිය. ඩුවනෝයි ග්‍රන්ථියක් සහ ඔපිස්තොග්ලයිපස් වර්ගයේ දළ පිහිටයි. පැය හෝ දින කිහිපයක් පැවතිය හැකි ඉදිමුම සහ සුළු වේදනාව.
    https://www.snakesofsrilanka.lk/boigaforsteni.html

    ඔය සයිට් එකෙන් බලන්න සර්පයෝ 5යි උග්‍ර
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බදර් ඕකට තියෙන අත්දුටු විසදුම තමයි මිදුලේ පෝච්චියක මහකුම්බා පැලයක් හිටව ගන්න . එතකොට සර්පයෝ එන්නේ නෑ .
    විස්තර කියපන් තව
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    අපේ ගෙදරට එනවා හැපින්නක් තනි දුබුරු පාට පට්ට දිගයි මහතයි 'ප" යන්න ඔලුවේ ලස්සනට තියෙනවා..

    cobra-sri-lanka-600w-485271829.jpg

    මෙන්න මේ විදිහමයි.. මීට වඩා ලොකුයි පට්ට දිගයි :baffled:

    ඌ හැමදාම එකම වෙලාවට යන්නේ.. හවස 3 ත් 5 ත් අතර
    ඌ දශ්ට කරොත් නම් එතනම මැරෙනවා සුවර්..:sorry:
    කාලකණ්නි සත්තු ජාතියක් බන් උන්ව මතක් වෙනකොට රෑට නින්ද යන්නෙත් නෑ හරියට:dull:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපේ ගෙදරට එනවා හැපින්නක් තනි දුබුරු පාට පට්ට දිගයි මහතයි 'ප" යන්න ඔලුවේ ලස්සනට තියෙනවා..

    View attachment 98979

    මෙන්න මේ විදිහමයි.. මීට වඩා ලොකුයි පට්ට දිගයි :baffled:

    ඌ හැමදාම එකම වෙලාවට යන්නේ.. හවස 3 ත් 5 ත් අතර
    ඌ දශ්ට කරොත් නම් එතනම මැරෙනවා සුවර්..:sorry:
    කාලකණ්නි සත්තු ජාතියක් බන් උන්ව මතක් වෙනකොට රෑට නින්ද යන්නෙත් නෑ හරියට:dull:
    ඉතින් සතෙක් වුණත් ගෑනියෙක් හින්දද උඹ මුකුත් නොකර ඉන්නේ? :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ගැරඬියා, අහුරුකුක්කා, ඇහැටුල්ලා වගේ එවුන් ඇර වෙන ඕනෑම වර්ගයක සර්පයෙක් ආවොත් ඉතිං මරණ ඳඩුවම තමයි මම දෙන්නේ.
     
    • Wow
    Reactions: shadow134

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    ඉතින් සතෙක් වුණත් ගෑනියෙක් හින්දද උඹ මුකුත් නොකර ඉන්නේ? :lol:
    යකෝ ඌව බය කරන්න බයයි යකෝ... :baffled:
    ඌ ඇවිත් පේර ගහෙන් නැගලා ඊට පස්සේ අබ අත්තකට මාරු වෙලා ඒක දිගේ තැබිලි ගහට ගිහින් බිත්තියකින් බැහැලා යනවා..:eek:
    මගේ කරුමෙට ඕකා මගේ ඇගට එහෙම පැන්නොත් වසලා හමාරයි.:confused:
    තොපි නම් කියයි..:growl:
    ගැනූ තමා බයානකම ඕයී:lol:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    යකෝ ඌව බය කරන්න බයයි යකෝ... :baffled:
    ඌ ඇවිත් පේර ගහෙන් නැගලා ඊට පස්සේ අබ අත්තකට මාරු වෙලා ඒක දිගේ තැබිලි ගහට ගිහින් බිත්තියකින් බැහැලා යනවා..:eek:
    මගේ කරුමෙට ඕකා මගේ ඇගට එහෙම පැන්නොත් වසලා හමාරයි.:confused:
    තොපි නම් කියයි..:growl:
    ගැනූ තමා බයානකම ඕයී:lol:
    උඹ භය කරන්න යන්න එපා කොහොමත්. :lol: කෙනෙක්ව ගෙන්නලා අල්ලලා කොහෙට හරි ගිහින් දාපන්.
    උඹ අහලා නැද්ද කතාවක් තියෙනවා "වෙන පිරීමි පස්සේ යන ගෑනියෙකු‍යි, නිතර සර්පයෝ එන ගෙදරයි ඉන්න එකාගේ මරණය කොයිවෙලා වෙයිද කියලා දන්නෑ" කියලා.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    උඹ භය කරන්න යන්න එපා කොහොමත්. :lol: කෙනෙක්ව ගෙන්නලා අල්ලලා කොහෙට හරි ගිහින් දාපන්.
    උඹ අහලා නැද්ද කතාවක් තියෙනවා "වෙන පිරීමි පස්සේ යන ගෑනියෙකු‍යි, නිතර සර්පයෝ එන ගෙදරයි ඉන්න එකාගේ මරණය කොයිවෙලා වෙයිද කියලා දන්නෑ" කියලා.
    :lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගැරඩි එනවා පෙනුමට දෙකක් ඉන්නවා කහපාට එකා සහ නයා වගේ කලුපාට පුල්ලි තියෙන කෙනෙක් ඉතින් ගොඩක් උන් උවත් මරනවා නයා කියල. නයි හාමිලා දෙපාරක් තුන්පාරක් ඇවිල්ල තියෙනවා ඔක්කොම වගේ කරදරයක් නොකර හිටියම යන්න ගියා, ඊට පස්සේ දැක්කෙම නැ ඕකුන් ගෙවල් වලට පැන පැන හපන්නේ නැ සත්තු හොයන් එන්නේ. එළියේ කුණුගොඩවල් ලි ගොඩවල් එනම් මනම් තියන්නේ නැත්තන් උන් එන්නේ නැ වත්ත පිරිසිදු කරන්න දොරවල් හැඟෙන තැන් නැති උනාම මොකුත් නෑ, උන් එන්නේ ගෙම්බෝ වගේ සත්තු පස්සෙන්, උන්ට ඉන්න බැරි කරන්න ඕනේ. සර්ප ගෘප් එකේ ඉන්න එකේ සර්පයෝ ගැන ඉගෙන ගන්න පුළුවන්. දිග ZLON බටයක් අරන් එක පැත්තක endcap කරලා අනික් පැත්ත සර්පයා ලගින් තිබ්බම උ ඒකට රින්ගගන්නවා ඊටපස්සේ බටේ කෙලින් කරාම උට උඩ අතට බඩගාන්න බෑ ලිස්සනවා. ඊටපස්සේ බැටේ වහල කැලේට ගින් දාන්න ඕනේ. තව බටේට වයර් එකක් දාල මන්දකින් වගේ හිර කරගන්න ක්‍රමයකුත් තියෙනවා, ඔක්කොම යුටුබ් එකේ ඇති.

    දෙරණ මත තුඹසයා – තුඹස තුළ නාගයා – විස ඝෝර සර්පයා – දැක නහරු මෝඩයා
    මහ පොලොවේ ඇති තුඹස කියන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හටගන්න අපේ පංචස්‌කන්ධය නැත්නම් ශරීරය. ඒ ශරීරයේ ඉන්න නාගයා තමයි තන්හාව. විෂඝෝර සර්පයෙකු බදු තන්හාව අත් නොහරින්නා මෝඩයෙකි.

    උඩ මාපිලෙක් මරල නිදාගත්තා කිව නිසා
    නාග මාපිලා, ලේ මාපිලා, කබර මාපිලා, මහ මාපිලා
    සුළු විෂැතිය. ඩුවනෝයි ග්‍රන්ථියක් සහ ඔපිස්තොග්ලයිපස් වර්ගයේ දළ පිහිටයි. පැය හෝ දින කිහිපයක් පැවතිය හැකි ඉදිමුම සහ සුළු වේදනාව.
    https://www.snakesofsrilanka.lk/boigaforsteni.html

    ඔය සයිට් එකෙන් බලන්න සර්පයෝ 5යි උග්‍ර

    උඹ කියන එක හරි වෙන්න ඇති... ඒ වුනාට ගෙදර අයියගේ පොඩි උන් දෙන්න ඉන්නවා...... සර්පයින්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න බැහැනේ.... අනික අපේ පැත්තේ කැලෑ ඇත්තෙත් නෑ. එහා වත්තේ ගෙයක් හදන්න අරන් දැන් ගොඩ කාලයක් වැඩ නවත්තල. කලේ වැවිල අම්බානට. මම හිතන්නේ එහෙන් එන්න ඇති. කෑවොත් මේ දවස් වල මේ පැත්තේ ඩොක්ටර්ස්ලත් නෑ.... හොස්පිටල් වල කොරෝන ලෙඩ්ඩු. මූ හිටපු විදිහට අල්ලන්න පුළුවන්කමක් තිබ්බෙම නෑ..... ඉතින් අකමැත්තෙන් උනත් මරන්න වුනා.