උඹේ වීරයා රැම්බෝ නෙවෙයි.
" උඹේ වීරයා රැම්බෝ නෙවෙයි. උඹේ වීරය කැලේ ඇතුලේ ඉඳන් රම්බොට වෙඩි තියල
දුවන කෙසඟ මිනිහා. ඌ තමයි අපේ එකා. අපි පතන්න ඕන උගේ ජයග්‍රහණය. ඇත්තටම
ඔය යුද්දේ දිනුවෙත් උන්. "
රැම්බෝ චිත්‍රපට මොන තරම් සිනමාත්මක උනත්, ලස්සන උනත් (විශේෂයෙන්ම පළමු
චිත්‍රපටය ) අපි ඉතාම කුඩා කාලෙ ඒව බලන හැම මොහොතකම අපේ තාත්ත දීපු
precautionary advice එක තමයි ඔය. චිත්‍රපට නරඹන්න උනන්දු කලත් මගේ
හිතේ රැම්බෝ ගැන වීරත්වයක් ඇති නොවෙන්න බොහෝ දේ තාත්ත කළා. ඇමෙරිකාව වියට්නාමයට කලේ ඉතාම පහත් පෙලේ බලු වැඩක් බවත්, අපි වගේ අහිංසක මිනිස්සු ලක්ෂ ගානක් මැරුණු බවත්, රුසියාව වියට්නාමයට උදව් කල බවත් , එහෙත් ඒ
යුද්දේ දිනපු එකේ ගෞරවය ඒ මිනිස්සුන්ටම අයිති වෙන්න ඕන බවත් තාත්ත මට
කියල දුන්න. ඇමෙරිකාවට නැට්ට පුකේ ගහගෙන දුවන්න සිදු වෙච්ච බවත් රැම්බෝ
වගේ බොරු චිත්‍රපට සිය ගානක් හදන්න උනේ ඒ ලැජ්ජාව වහ ගන්න බවත් තව දුරටත්
ඔහු කිව්වා.
ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහනක් තිබෙන
බවත්, තමන්ගේ පිටපත අරගෙන එතනට යන කෙනෙක්ට යම් එකඟතාවයක් ඇතිව කටයුතු කිරීමෙන් චිත්‍රපටියට අවශ්‍ය යුධ දර්ශන සහ උපකරණ ඉතා අඩු මිලට ලබා
ගැනීමට හැකි බවත් , මේ හරහා ආරක්ෂක දෙපාර්තමේන්තුවට චිත්‍රපටයේ තිර පිටපත
වෙනස් කල හැකි බවත් මම පසු කාලයක දැන ගත්තා. රැම්බෝ කියන්නේ මේ ආකාරයට
හදපු චිත්රපටියක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඇමෙරිකානු යුධ
මෙහෙයුම් සාධාරණීකරණය කිරීමේ තුච්ච චිත්‍රපට පෙළක දිදුලන තාරකාවක් ඒක.
පසු අවධියක මෙවැනි චිත්‍රපටි සෑදුනේ අරාබිකරයේ ප්‍රශ්න සම්බන්ධව.
වියට්නාම් යුද්ධයේ ඇමෙරිකානු දාමරික දේශපාලන වුවමනාව නියෝජනය නොවන
චිත්‍රපටිත් තිබෙන බව පස්සේ කාලෙක මම දැක්කා. ස්ටැන්ලි කුබ්රික් අධ්‍යක්ෂණය කරපු full metal jacket කියන්නෙ එහෙම එකක්.
ඒ වගේම යුද්දේ ජයග්‍රහණය වියට්නාමයේ ගැමියන්ට මෙන්ම ඇමෙරිකානු වැසියන්ටත් අයිති විය යුතු බවත් මම පසුව තේරුම් ගත්තා.
චිත්‍රපටියේ පෙන්වන රැම්බෝ නෙවෙයි සැබෑ ඇමෙරිකානු වීරය, මේ යුද්දෙට යන එක
ප්‍රතික්ෂේප කරල හිරේ ගිහිපු මොහොමඩ් අලි (ක්ලැශියස් ක්ලෙ) බවත් තාත්තා
විශ්වාස කළා. " මම වගේ අහිංසක මිනිස්සු මරන්න මට බැහැ" කියන මොහොමඩ් අලි
ගෙ වචන තාත්තා නැවත නැවත කියනව මට මතකයි. ඒ වගේම ඇමෙරිකානු හමුදා කරපු
සාහසික කම් විස්තරාත්මකව පිංතූර සහිතව තිබුණු, රුසියාවෙන් මෙහාට එවපු Life සඟරා තාත්ත මට නිතර බලන්න දුන්නා. මිනිස්සුන්ට වධ දීපු හැටි, agent orange ගහපු හැටි, කවන් ඩක් හිමියන් ඇඟට ගිනි තියාගෙන මැරුණු හැටි මේ සඟරා වල තිබුනා. මට මේ දැනුමට නිරාවරණය වෙන්න සිදු උනේ මගේ වයසේ අනිත් අය woody woodpecker , හා හරි හාවා වගේ කාටූන් බලපු කාලේ. මේක තරමක කම්පනයක් උනා. ඒක නරකට හිටියද කියලත් හිතෙනවා.
කොහොම වෙතත් වියට්නාම් යුද්ධය ආශ්රිත සිදු වීම් මාලාව මට දරාගන්න බැරි
තරම් ලොකුයි. ඒ මිනිස්සුන්ගේ සටන්කාමීත්වය අධිෂ්ඨානය, උපායශීලීත්වය,
කැපවීම ඒ වගේම ලාඕසයේ සහ කාම්බෝජයේ මිනිස්සු තුල තමුන්ගේ අසල්වැසියන් කෙරේ තිබුණු සහෝදර කම සහ ජීව ගුණය ....
මේ ඔක්කොම මට larger than life දේවල්...