උලකින් ඇන ගැනීම!

hpalpola

Well-known member
  • අත්ත දිට්ඨිය භයානක ප්‍රතිඵල ලැබෙන දිට්ඨියකි. හිතන්න, ඔබේ අතේ උලක් තබා ගෙන වරින් වර ඔබටම ඒ උලෙන් ඇන ගන්නා ආකාරය. උල විසින සම තුවාල කරන අවස්ථාවලදී සතුටක් දැනෙන්නේ නැත. දැනෙන්නේ දුකකි. අත්ත දිට්ඨියෙන් ද මේ හා සමාන ප්‍රතිඵල ඇති කරයි. එය මෙසේ පැහැදිලි කරමි.

    ඔබගේ අසල්වැසියා විසින් ඔබට නැති නමුත් ඔබත් කැමැති යම් දෙයක් හිමි කර ගත්තා යැයි සිතන්න. අත්ත දිට්ඨිය ඇත්නම් ඔබට එවිට ඊර්ෂ්‍යාව දැනෙනු ඇත. ඊර්ෂ්‍යාව දැනෙන්නේ “අනේ මට බැරි වුනාට මේ මනුස්සයා මේක ගත්තනෙ. කොහොමද මට මේක ගන්න බැරි වුනේ? අයියෝ මන් කොහොමද මේකක් ගන්නෙ. මටත් මේක ඕනා. මට නැත්නම් එයාටත් නැති වෙන්න ඕනා” වැනි හැඟීමක් සමග ය. මෙයට හේතු වන්නේ අත්ත දිට්ඨියේ දී ආත්මය නැත්නම් ‘මගේ’ යන්නට මුල් තැන ලැබෙන නිසාවෙනි. දැන්, මේ හැඟීම හිතේ ඇති වෙන ඇති වෙන වාරයක් පාසා හිත පිච්චෙයි. වේදනාවක් දැනෙයි. මේ හැඟීම ඇතිවෙන්නේත් තමුන්ගේ හිතේ ය. වේදනාව දැනෙන්නේත් පිච්චෙන්නේත් තමුන්ගේ හිතේම ය. ඒ හැඟීම නැත්නම් ඊර්ෂ්‍යාව වනාහි උලක් මෙනි. එය ඇති වන වාරයක් පාසා ඒ උලෙන් ඇන ගැනීම සිදු වෙයි. එවිට වේදනාව දැනේ.

    ඔබ විසින් දැනට ගෙවා ඇති ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ඔබටත් මෙවැනි උල් ඇනීමක් සිදුව නැත් ද? නැත්නම් ඔබ වාසනාවන්ත ය. මන්දයත් එක් වේදනාවකින් ඔබ මිදී ඇති නිසාවෙනි. ඊර්ෂ්‍යාව කල් පවතින විට මනෝව්‍යාධියක් බවට පත් වෙයි. සමහරු අසල්වැසියාට පමණක් නොව තමුන්ගේ සමීපතමයින්ට පවා ඊර්ෂ්‍යා කරති. එවැනි පුද්ගලයකු සමග ජීවත් වන්නට සිදු වුනොත් අපේ ජීවිතයට ද ඇති වන්නේ දුකකි. එවැන්නෝ සමග ජීවත් වන්නට වීම නිසා මානසික රෝග හදා ගත් ඇත්තවුන් ද යම් යම් අවස්ථාවලදී හමු වේ.

    නිකමට හිතන්න. නිකරුනේ වේදනාවට පත් වන්නේ ඇයි? හැකි උපරිමයෙන් අත්ත දිට්ඨියෙන් ඈත් වීමට උත්සාහ කරන්න. එවිට ඊර්ෂ්‍යාව වැනි උල්වලින් තමුන්ට ම ඇන ගැනීම ද නතර වනු ඇත.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    නිකමට හිතන්න. නිකරුනේ වේදනාවට පත් වන්නේ ඇයි? හැකි උපරිමයෙන් අත්ත දිට්ඨියෙන් ඈත් වීමට උත්සාහ කරන්න. එවිට ඊර්ෂ්‍යාව වැනි උල්වලින් තමුන්ට ම ඇන ගැනීම ද නතර වනු ඇත.
    TFS
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    අත්ත දිට්ඨිය භයානක ප්‍රතිඵල ලැබෙන දිට්ඨියකි. හිතන්න, ඔබේ අතේ උලක් තබා ගෙන වරින් වර ඔබටම ඒ උලෙන් ඇන ගන්නා ආකාරය. උල විසින සම තුවාල කරන අවස්ථාවලදී සතුටක් දැනෙන්නේ නැත. දැනෙන්නේ දුකකි. අත්ත දිට්ඨියෙන් ද මේ හා සමාන ප්‍රතිඵල ඇති කරයි. එය මෙසේ පැහැදිලි කරමි.

    ඔබගේ අසල්වැසියා විසින් ඔබට නැති නමුත් ඔබත් කැමැති යම් දෙයක් හිමි කර ගත්තා යැයි සිතන්න. අත්ත දිට්ඨිය ඇත්නම් ඔබට එවිට ඊර්ෂ්‍යාව දැනෙනු ඇත. ඊර්ෂ්‍යාව දැනෙන්නේ “අනේ මට බැරි වුනාට මේ මනුස්සයා මේක ගත්තනෙ. කොහොමද මට මේක ගන්න බැරි වුනේ? අයියෝ මන් කොහොමද මේකක් ගන්නෙ. මටත් මේක ඕනා. මට නැත්නම් එයාටත් නැති වෙන්න ඕනා” වැනි හැඟීමක් සමග ය. මෙයට හේතු වන්නේ අත්ත දිට්ඨියේ දී ආත්මය නැත්නම් ‘මගේ’ යන්නට මුල් තැන ලැබෙන නිසාවෙනි. දැන්, මේ හැඟීම හිතේ ඇති වෙන ඇති වෙන වාරයක් පාසා හිත පිච්චෙයි. වේදනාවක් දැනෙයි. මේ හැඟීම ඇතිවෙන්නේත් තමුන්ගේ හිතේ ය. වේදනාව දැනෙන්නේත් පිච්චෙන්නේත් තමුන්ගේ හිතේම ය. ඒ හැඟීම නැත්නම් ඊර්ෂ්‍යාව වනාහි උලක් මෙනි. එය ඇති වන වාරයක් පාසා ඒ උලෙන් ඇන ගැනීම සිදු වෙයි. එවිට වේදනාව දැනේ.

    ඔබ විසින් දැනට ගෙවා ඇති ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ඔබටත් මෙවැනි උල් ඇනීමක් සිදුව නැත් ද? නැත්නම් ඔබ වාසනාවන්ත ය. මන්දයත් එක් වේදනාවකින් ඔබ මිදී ඇති නිසාවෙනි. ඊර්ෂ්‍යාව කල් පවතින විට මනෝව්‍යාධියක් බවට පත් වෙයි. සමහරු අසල්වැසියාට පමණක් නොව තමුන්ගේ සමීපතමයින්ට පවා ඊර්ෂ්‍යා කරති. එවැනි පුද්ගලයකු සමග ජීවත් වන්නට සිදු වුනොත් අපේ ජීවිතයට ද ඇති වන්නේ දුකකි. එවැන්නෝ සමග ජීවත් වන්නට වීම නිසා මානසික රෝග හදා ගත් ඇත්තවුන් ද යම් යම් අවස්ථාවලදී හමු වේ.

    නිකමට හිතන්න. නිකරුනේ වේදනාවට පත් වන්නේ ඇයි? හැකි උපරිමයෙන් අත්ත දිට්ඨියෙන් ඈත් වීමට උත්සාහ කරන්න. එවිට ඊර්ෂ්‍යාව වැනි උල්වලින් තමුන්ට ම ඇන ගැනීම ද නතර වනු ඇත.
    සිරි ලන්කාවෙ බෞද්ද එකෙන් උපරිම තියෙන කාල වල රජ දඩුවම් තිබ්බා ලු "උල තියනවා" කියලා.