මේ ජීවිතයේ මා ඇසූ උත්තරීතරම ධර්ම දේශනාව, ~ පින් ඇත්තෝ අසත්වා !
නිර්වාණය කරා යන ගමනෙහි, පෘථග්ජන සත්වයා ඇසිය යුතුම, ධර්ම දේශනාවක්. සමස්ත බුද්ධ වචනයම, නිවන් මාර්ගයේ පදනම දෙපැයෙන්.
~ මේ දේශනාව ඔබව නිවන් මාර්ගය වෙත යොමු කරණවා සත්තයි ~
උක්ත ධර්ම දේශනාවේ, විශේෂ කරුණු මා සටහන් කර ගත්ත ආකාරය.
දුක්ඛ සමුදය - දුකට හේතුව
චතුරාර්ය සත්‍ය තියෙන්නේ එකටම - එකක් දැක්කොත් සේරම දකිනවා - දුක,සමුදය,නිරෝධය,ප්‍රතිපදාව.
පතිසම්බිදාමාර්ග්‍ය ඇසුරින් විස්තර කිරීමක්.
එකක් විතරක් දකිනවා කියන්නේ - අවිද්‍යාව.
උදයවිය දැක්කා කියන්නෙම අනුත්පාධය ( නූපන් බව ) දකිනවා බව.
සමුදය දැකීම - නිරෝධය - පටිපදාව මේ තුනම එකට වෙන්නේ.
විපරිණාමය - ජාති ජරා ව්‍යාධි මරණ වන බව.
වය ධම්මා සංඛාර - වය + ධම්ම = සංඛාරා ( වය වැය හෙවත් ඉපදීමම බිඳීම ( උදයවය ) සංඛාරයක් වන බව
ව්‍ය නම් ධර්මතාවය ම, සංකාරයක් වන බව .
සංඛාරයම වය ධම්ම වන බව.
https://pitaka.lk/books/chaththalisakara-vipassana/3-25.html
විපරිණාමයම විපරිණාමය කියාදැකීම තමයි විද්‍යාව ධර්මය ( ඇතිවෙලා නැතිවෙන දෙයක කෝ දෙයක්, ඒක තමයි නිරුද්ධ බව )
පුටුවෙන් නිවනට -
ඵලයේ හේතුඵලවාදය -> අවිද්‍යාව -> නොදන්නාකම. ( බුදුවරයකු පෙන්නන්නේ මෙන්න මේ නොදන්නාකම )
අපට සිතෙන ඇහෙන දැනෙන මේ සියල්ලක් කවදාවත් හේතුවක් වෙන්න බෑ, ඵලයක් සැකසෙන්න.
නානත්ත කාය නානත්ත සංඥා - සත්වයා නම් කයින් ද, සිතින් ද විෂම ය. ( එසේ නම් පංචස්කන්ධයට ගෝචර වන ලෝකය සත්ත්වයාගෙන් සත්ත්වයාට විෂමය - එකම මල ; ඔබ දකින මල සහ මා දකින මල විෂමය - නමුත් එක්තරා පරාසයකට ඔබ මම දකින මල එකම මලක් යැයි ලෝක සම්මුතියෙහි පිහිටයි )
දිට්ඨ සුත මුත විඤ්ඤාත -> ඵලය -> මොනවා හරි -> අනුසය -> අවිද්‍යාව -> ලෝකය ( පංචස්කන්ධය ) -> මම.
“යං ලෝකේ ප්රිය රූපං, සාත රූපං – එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවීසමානා නිවිස්සති” –
ලෝකයේ යම් ප්රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද, මේ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන්නේ තෘෂ්ණාව උපදින තැන, පවතින තැන දැකලා, ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා, තෘෂ්ණාව උපදින්න තියෙන හේතුව නිරෝධ කලොත්, තෘෂ්ණාව නමැති ඵලය නිරෝධ උනාම, “තංහක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති” කියන යථාර්තයට එනවා.
ලෝකය කුමන ආකාරයට අත්වින්ද ද එය පලයක්.
හේතුව අවිද්‍යාව, එයට හේතුව, නොදන්නාකම.
සංකත - හේතු නිසා ඇතිවූ ප්‍රත්‍යයන්.
අප ලෝකයේ අත්විඳින සියලු දේ පංචස්කන්ධයට ගෝචර වන සියලු දේ, පංච උපාදානස්කන්ධයම -> ඵල
ඵලය - සියල්ල ( සබ්බ )
ශුන්‍යතා ධර්මය
ඵලය කියන්නේ ම ලෝකය නම් - ඵලයම ලෝකය නම්, ලෝකයේ නිරුද්ධ වීම අවස්ථාවේ අංශුමාත්‍රයක කිසිදු අදහසක් තිබෙන්න බෑ.
නිවන යනු ශුන්‍යතාවය නොව මොනවත් තියෙන්න බෑ කියන එකත් තිබෙන්න බෑ කියලා තේරුම් යාම. පලයක්ම තිබෙන්න බෑ කියන එක තේරුම් යාම.
ලෝකය කියන සමස්තයම ඵලයක් නම්, හේතුව ලෝකයෙන් අල්ලන්න බෑ.
නොදැනෙන බව - අවිද්‍යාව කර්මය තණ්හාව නිබ්බත ලක්ෂණය
උඩ රූපය - අප ලෝකය අත්විඳින ආකාරය, ඵල යේ හේතුවාදය.
බුදුරජාණන් වහන්සේ කිව්වේ පුලුවන්නම් හේතුවේ සිට ඵලයට එන්න කියලා.
නොදන්නාකම හොයලා දැනගන්නවා - විද්‍යාව සාක්ෂාත් වෙනවා - නිරුද්ධ බව සාක්ෂාත් වීම.
එදාට තේරෙනවා, පලය නම් පැනවෙන්න හේතුව නොදන්නකම, හැබැයි දැනගත්තම තේරෙනවා පලයම පැවතෙන්න බැරි බව.
සාමාන්‍ය මනසක් ප්‍රශ්නයක් දැක්කම උත්තර හොයනවා, නමුත් දවසක ඔහුට වැටහේවි ප්‍රශ්නයට උත්තර හෙවීමමයි ප්‍රශ්නය කියා, එවිට ඔහු ප්‍රශ්නය දිහා බලාවි. එවිට ප්‍රශ්නයම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව යනවා. හැබැයි ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවන ප්‍රශ්නයකුත් වෙන්න බෑ ආයේ. මැද අහුවෙන නිසා.
මැද ලෙහුවම සේරම හරි. මැද ම අනිච්ච බව ( පැවතිය නොහැකි බව )
මේ සේරටම හේතුව ලෝකය මට්ටමින් හේතුවකින් ඵලයක් අල්ලන්න යාම. ලෝකයම දෝසයි නම් ....
ඇහැට පේන දේ ප්‍රියයි අප්‍රියයි කියා පෘථග්ජනයා සිතනවා.
නමුත් ඇහැට පේන්නේ ප්‍රිය හෝ අප්‍රියජනක දේවල් නෙමෙයි, රූප.
රූපය ප්‍රිය හෝ අප්‍රිය ජනක ලෙස බෙදන්නේ මම.
ඇහැම දෝසයි ලෙස දැකීමෙන්, සමස්ත සියලු ලෝක දෝසයි කියලා දකිනවා. ලෝක ස්වභාවය නිරුද්ධ වේ.
දුකයි සැපයි කියා දෙකක් තිබීම යනුවෙන් තේරීම යනු, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දුකෙහි එක ස්වභාවයක්.
->
මෙම දුක බිහිවෙන්නේ හිත තුළ මොනවා හරි දෙයක් තිබේ යැයි දැනීමෙන්, අවිද්‍යාවෙන්.
දුක්කෝ පතිට්ඨිතෝ ලෝකෝ - පවතින ලෝකයම දුකයි
සදාතනික සැපය ඇති ස්වර්ගයම දුකක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ - ලෝක ස්වභාවය, පැනවෙන්න බැරි දෙයක් සැපයි කියල ගන්න එකම දෝෂයි. නොපවතින තැනක ස්වර්ගය වේශයෙන් හෝ සදාතනික සැපයක් පැමිණේ නම් එය කෙතරම් තුච්ඡ ද ?
ලෙසයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ...
පැනවෙන්න බැරි තැනක පැනවීමක් සැපක් ලෙස දැකීමම දුකක්.
මේ ලෝකයේ පරම සැපයේ, තියෙන දුක නම් - ඒ සැපය එන්නෙත් පැනවෙන්න බැරි තැනකින්.
පැනවෙන්න බැරි තැනකින් දුකක් එනවා යනු කොහොමත් දුකක්,
පැනවෙන්න බැරි තැනකින් සැපක් එනවා යනු ඊට වඩා දුකක්.
මේ යථාර්ථය තමයි, සම්මා සම්බුදුවරයෙකු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා උත්තරීතර බුද්ධත්වය සාක්ෂාත් කරගෙන, අවබෝධකර, ලෝක සත්ත්වයාට දේශනා කළේ, සත්‍යාවබෝධය කළේ.
පටිච්චසමුප්පාදය මෙනෙහි කරන විට, අවසානයේ මෙය එන්නේ මෙයකින්, යමකින් කියා අවසානයේ ඵලයක් හමු වුවහොත්, එය පටිච්චසමුප්පාදය නොවේ, ලෝක ධර්මතාවක් -> අවිද්‍යාවක්. පටිච්චසමුප්පාදය මෙනෙහි කරන විටම, ලෝකයේ නිරුද්ධභාවය ( ලෝකය කියා යමක් දෙයක් නොමැති බව ) ගෝචර විය යුතුයි.
උදාහරණයක් විදිහට, පටිච්චසමුප්පාදයෙන් මලක පැවතීම පිළිබඳව මෙනෙහි කරන විට, අවසානයේ මලක් තිබෙන්නම, හට ගන්නම විදියක් නෑ කියා මෙනෙහි වීම විද්‍යාවයි. සත්‍යාවබෝධයයි.
හිතන්න මෙම සංකේතය පිළිබඳව අදහසක් නැති කෙනෙකුගෙන් මේ කුමක්දැයි විමසනවා කියා.
කෙනෙක් කියාවි මෙය u අක්ෂරය පෙරළීමක් කියා.
කෙනෙක් කියාවි මෙය 3 ඉලක්කම වෙනස් කිරීමක් කියා.
කෙනෙක් කියාවි මෙය කුඩයක කොක්කක් කියා.
කෙනෙක් කියාවි මෙය මාළු බාන පිත්තක කොක්කා කියා.
කෙනෙක් කියාවි මෙය ෆයිල් කටුවක් කියා.
කෙනෙක් කියාවි මෙය තොණ්ඩුවක් කියා.
එක එක පුද්ගලයා එක එක අදහස් ලබාදේවි.
නමුත් සිතන්න, ඔබ ට යමෙකු කිවහොත්, මේ සංකේතයෙහි සැබෑ නම ග්‍රීක "ඊටා" කියා.... ( ලෝක සම්මුතිය )
එතකොට ඔබ අර කලින් කලින් දැරූ " උපකල්පන " සියල්ල බිඳවැටෙනවා.
එහෙනම් මේක "ඊටා" කියා ඔබ පිළිගන්නවා,
අතීතයේ ද වර්තමානයේද අනාගතයේද
මෙය "ඊටා" වූවා වෙනවා කියා ඔබ පිළිගන්නවා.
මේ තමා, සංස්කාර, අප චිත්තයේ කිඳා බැසගෙන ඇති අනුසය, සංකල්ප මගින් අපට "පෙනෙන" දේ "බැලෙනවා" යන බුදු දහමේ එන සංකල්පයට උදාහරණය.
කවදාවත් දකින්න බැරි උන දෙයක්
මේ මොහොතේ ඇත්ත, පවතිනවා කළ සැණින්
එය තිබුණා, තිබෙනවා, තිබෙන්න පවතිනවා යනුවෙන් සිත සැකසෙනවා.
මේ තමා මෝහය, අවිද්‍යාව, සංස්කාර ලෝකය. උපාදානය හෙවත් අල්ලා ගැනීම, පංච උපාදානස්කන්ධය.
මෙම ධර්මතාවය සියල්ලටම පොදුයි,
බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයට ද මෙය පොදුයි,
එම නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි. නිත්ථරණත්ථාය නො ගහණත්ථාය෴..
මහණෙනී, මම ධර්මය ඔරුවකට උපමා කොට දේශනා කරන්නෙමි. ධර්මය එතරවීම පිණිස මිස කරතබාගෙන යාම පිණිස නොවේ෴.
කියා...
Hologram -
සංස්කාර ලෝකයද ඉහත ආකාරයේ Hologram එකක් වැනිය. සැබෑවටම නැති දෙයක් විද්‍යාමාන වීමෙන්, ලෝක සත්ත්වයා මුළාවට පත්වෙයි.
යන යන තැන බන්ධනය වෙන්න පුළුවන් පුනර්භවය පිණිස පවතින එය සකසන තණ්හාවක් පවතී -> සංස්කාර කෙරෙහි උපාදානය. බන්ධනය බැඳෙන්න තැනක් ඕනි, එය තමයි ලෝකය.
බුදුරජාණන් වහන්සේලා පෙන්නනුයේ *තැනක්* තිබේ "බැඳෙන්න" එපා කියා නොවේ.
නමුත් එසේ, බැඳෙන තැන දුක දැක නොබැඳී ඉන්න නම් එය බැඳෙන ස්ථානයෙහි දෝෂයක් දැක විය යුතුය. එනම් බැඳෙන්න තැනක් තිබිය යුතුය.
එහෙයින්, බැඳෙන්න තැනක් තිබේ නම් ... නොබැඳී ඉන්නේ කෙසේද ?
නොමැති ඉන්නවනම්, එසේ ඉන්නේ කෙසේද ?
තැනක් තිබේනම්, අනිවාර්යයෙන් බැඳී හෝ නොබැඳී සිටිය යුතුයි.
බැඳෙන්න නොබැඳෙන්න හෝ "තැනක්" තිබේ යැයි සිතීමම මෝඩකම, මෝහය, අවිද්‍යාව. "තැනම" නොපැනවිය හැකි "තැනක" පනවා තිබීමමයි අවිද්‍යාව. නොදන්නාකම. මෝහය.
බැඳෙන්න, ඇලෙන්න, පෙළෙන්න "තැනක්" "දෙයක්" "පුද්ගලයෙක්" "මමෙක්" නැහැ කියලා අවබෝධ වීමමයි, ප්‍රත්‍යක්ෂ වීමමයි - ධර්මාවබෝධය, නිවන.
බැඳෙන්න නොබැඳෙන්න තැනක් ගැනීමමයි - අවිද්‍යාව.
එහි බැඳීම තමයි - තණ්හාව.
අවිද්‍යාව විද්‍යාව වූ දවසක, තැනම පැවතෙන්න බෑ කියලා දැක්කොත්, මෙම බැඳීම හෝ නොබැඳීම යන තණ්හාව පිහිටන්න බෑ.
තණ්හාව නැති තැන උපාදානය නෑ
උපාදානය නැති තැන භවය නෑ
භවය නැති තැන ජාතිය නෑ
ඒ තමයි උතුම් නිර්වාණය !
කාය, වේදනා, චිත්ත, ධම්ම අනුපස්සනා එකට වැඩිය යුතුයි.
සතිපට්ඨානය කියන්නේ ඉහත අංග හතරෙහිම සිත පිහිටුවීම.
වඩන්නා සිටින ඵලය අනුව ප්‍රමුඛ වන සතිපට්ඨානය වෙනස්.
එකක් වඩද්දී අනෙක් සියල්ලම වැඩෙනවා.
"පරතෝඝෝෂය" නැතුව බෑ මේක කරන්න, නිවන් ලබන්න ~ ( වෙනත් කෙනෙක්ගෙන් අසන ලද හෝ වෙනත් කෙනෙකුන් විසින් දේශනා කරන ලද දේශනාව පරතෝඝෝෂය යි. )
සද්දානුසාරි
ධම්මානුසාරී
ලෙස සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කරන පුද්ගලයා දෙආකාරයි
ක්ෂණයයි පවතින්නේ මාර්ගක්ෂණය
සතිපට්ඨානය යි මාර්ග පලයට මග.
ආදි බ්‍රහ්මචරියාව -> බ්‍රහ්මචරියාව.
------------------------------------------------------------
https://docs.google.com/document/d/1h288NnLuQoJjUOdycFdPpuZpl4aYxdCNDZ3ttYx8WWc/edit?usp=drivesdk
ඉහත ධර්ම දේශනාවේ transcription එකක්. ( අක්ෂර භාෂා පෙළගැස්වීම අපිළිවෙල බව සලකන්න.
@Blair Solari @nipund අතිපූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේ නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි.
නිර්වාණය කරා යන ගමනෙහි, පෘථග්ජන සත්වයා ඇසිය යුතුම, ධර්ම දේශනාවක්. සමස්ත බුද්ධ වචනයම, නිවන් මාර්ගයේ පදනම දෙපැයෙන්.
~ මේ දේශනාව ඔබව නිවන් මාර්ගය වෙත යොමු කරණවා සත්තයි ~
උක්ත ධර්ම දේශනාවේ, විශේෂ කරුණු මා සටහන් කර ගත්ත ආකාරය.
දුක්ඛ සමුදය - දුකට හේතුව
චතුරාර්ය සත්‍ය තියෙන්නේ එකටම - එකක් දැක්කොත් සේරම දකිනවා - දුක,සමුදය,නිරෝධය,ප්‍රතිපදාව.
පතිසම්බිදාමාර්ග්‍ය ඇසුරින් විස්තර කිරීමක්.
එකක් විතරක් දකිනවා කියන්නේ - අවිද්‍යාව.
උදයවිය දැක්කා කියන්නෙම අනුත්පාධය ( නූපන් බව ) දකිනවා බව.
සමුදය දැකීම - නිරෝධය - පටිපදාව මේ තුනම එකට වෙන්නේ.
විපරිණාමය - ජාති ජරා ව්‍යාධි මරණ වන බව.
වය ධම්මා සංඛාර - වය + ධම්ම = සංඛාරා ( වය වැය හෙවත් ඉපදීමම බිඳීම ( උදයවය ) සංඛාරයක් වන බව
ව්‍ය නම් ධර්මතාවය ම, සංකාරයක් වන බව .
සංඛාරයම වය ධම්ම වන බව.
විපරිණාමය ~
ස්ථිර පැවැත්මක් නැති ස්කන්ධයෝ ජරා, ව්‍යාධි, මරණාදියෙන් නරක අතට පෙරළෙන්නෝ ය. ශෝභන ශරීරය කුෂ්ඨාදි රෝගාවලින් විරූප වන්නේ ය. තුවාල වලින් විරූප වන්නේ ය. ශක්තිමත් ශරීරය ව්‍යාධියෙන් දුබල වන්නේ ය. තරුණ ශරීරය කලකදී දිරා, හිසකේ රැවුල් පැසී, ඇට නහර ඉල්පී, සම රැළි වැටී, කුදු ගැසී විකෘතියට පත් වන්නේ ය. ක්‍රියා කරමින් තුබූ ශරීරය මරණින් දරකඩක් බඳු වන්නේ ය. මළ සිරුර එසේ ම තිබෙන්නට හැරිය හොත් දින කීපයකින් ඉදිමෙන්නේ ය. නිල් පැහැ වන්නේ ය. නවදොරින් ඕජාව ගලන්නට වන්නේ ය. කුණු වී වැගිරෙන්නට පටන් ගන්නේ ය. ලේ මස් දිය වී ගොස් ඇට සැකිල්ලක් වන්නේ ය. කලකදී ඇට ද විසිරී යන්නේ ය. මේ රූපස්කන්ධයේ විපරිණාමය ය.https://pitaka.lk/books/chaththalisakara-vipassana/3-25.html
විපරිණාමයම විපරිණාමය කියාදැකීම තමයි විද්‍යාව ධර්මය ( ඇතිවෙලා නැතිවෙන දෙයක කෝ දෙයක්, ඒක තමයි නිරුද්ධ බව )
පුටුවෙන් නිවනට -
ඵලයේ හේතුඵලවාදය -> අවිද්‍යාව -> නොදන්නාකම. ( බුදුවරයකු පෙන්නන්නේ මෙන්න මේ නොදන්නාකම )
අපට සිතෙන ඇහෙන දැනෙන මේ සියල්ලක් කවදාවත් හේතුවක් වෙන්න බෑ, ඵලයක් සැකසෙන්න.
නානත්ත කාය නානත්ත සංඥා - සත්වයා නම් කයින් ද, සිතින් ද විෂම ය. ( එසේ නම් පංචස්කන්ධයට ගෝචර වන ලෝකය සත්ත්වයාගෙන් සත්ත්වයාට විෂමය - එකම මල ; ඔබ දකින මල සහ මා දකින මල විෂමය - නමුත් එක්තරා පරාසයකට ඔබ මම දකින මල එකම මලක් යැයි ලෝක සම්මුතියෙහි පිහිටයි )
දිට්ඨ සුත මුත විඤ්ඤාත -> ඵලය -> මොනවා හරි -> අනුසය -> අවිද්‍යාව -> ලෝකය ( පංචස්කන්ධය ) -> මම.
“යං ලෝකේ ප්රිය රූපං, සාත රූපං – එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ත නිවීසමානා නිවිස්සති” –
ලෝකයේ යම් ප්රිය ස්වභාවයක් ඇද්ද, මධුර ස්වභාවයක් ඇද්ද, මේ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන්නේ තෘෂ්ණාව උපදින තැන, පවතින තැන දැකලා, ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා, තෘෂ්ණාව උපදින්න තියෙන හේතුව නිරෝධ කලොත්, තෘෂ්ණාව නමැති ඵලය නිරෝධ උනාම, “තංහක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති” කියන යථාර්තයට එනවා.
ලෝකය කුමන ආකාරයට අත්වින්ද ද එය පලයක්.
හේතුව අවිද්‍යාව, එයට හේතුව, නොදන්නාකම.
සංකත - හේතු නිසා ඇතිවූ ප්‍රත්‍යයන්.
අප ලෝකයේ අත්විඳින සියලු දේ පංචස්කන්ධයට ගෝචර වන සියලු දේ, පංච උපාදානස්කන්ධයම -> ඵල
ඵලය - සියල්ල ( සබ්බ )
ශුන්‍යතා ධර්මය
ඵලය කියන්නේ ම ලෝකය නම් - ඵලයම ලෝකය නම්, ලෝකයේ නිරුද්ධ වීම අවස්ථාවේ අංශුමාත්‍රයක කිසිදු අදහසක් තිබෙන්න බෑ.නිවන යනු ශුන්‍යතාවය නොව මොනවත් තියෙන්න බෑ කියන එකත් තිබෙන්න බෑ කියලා තේරුම් යාම. පලයක්ම තිබෙන්න බෑ කියන එක තේරුම් යාම.

Last edited: