"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+





    ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත... එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු.. අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..


    මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් ‍"තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත...


    අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි.. ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා....


    අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය...


    අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....


    මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් ‍අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.


    මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි....


    ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?


    ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?


    "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න"

    jbasnayaka Blog
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකනම් ඇත්තම කතාවක්..
    මම යාළුවෝ ගොඩකගේ ෆොටෝස්, ෆයිල්ස් (නරක ඒවා නෙමෙයි) අරගෙන දීලා තියෙනවා නොමිලේ හම්බවෙන රිකවරි සොෆ්ට්වෙයාර් වලින්
    නංගිලාට කියන්නේ මලාට ඔයාලගේ ඇඳුම් නැති ෆොටෝ, වීඩියෝ ගන්න දෙන්න එපා එයා ඔයාට සහ ඔයා එයාට කොච්චර ආදරේ උනත්,
    එයා ඔයාට ආදරේ නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ,
    ඒ වගේ අයගෙන් ඉක්මනටම අයින් වෙන්න


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13032114
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0

    ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?

    ithin mata paanda?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්ත කතාව
    අබුද්දස්ස කාලේ
    ඕවා දැන් සීමා දාල නවත්තන්න බෑ :no:
    +4 ;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mmm...meh gana Katha karana eke hodai eth meh deval navaththana eke saahena amaru vadak...apita hoda nam ubata paan da kiyala ahana lokayak ne meke..A/L clz yana set eke meh subject eke too much gihin innava...apita rata hadanna baha But apita api gana and ape vate inne sulu pirisak gana avadanen idala meh de paalanaya kara ganna puluvan vei... :) Try karala balamu..kisima deyak try karanne nathuva hari yanne naha :)
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ලෙසටම කියලා තියනවා
    11.gif